(නිමල කොඩිතුවක්කු)
ආණ්ඩුවට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණ ඉදිරිපත් කරන බව විශ්වාසභංග යෝජනාවට කොන්දේසි විරහිතව සහය පළ කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඩිලාන් පෙරේරා මහතා කොළඹදී පැවසීය.
ජනතා විමුක්ති පෙරමුණ මෙම විශ්වාසභංග යෝජනාව මොන පරමාර්ථයෙන් ඉදිරිපත් කළද එය ආණ්ඩුවට විරුද්ධව ඉදිරිපත් කිරීම නිසා එයට පක්ෂව ඡන්දය දිය යුතු බවද මන්ත‍්‍රීවරයා මහතා කියා සිටියේය.
පුංචි බොරැල්ලේ පිහිටි පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල මහතාගේ නිවසේ පැවැති මාධ්‍ය හමුවකට එක් වෙමින් මන්ත‍්‍රීවරයා මේ බව පැවසීය.
රිෂාද් බදියුදින් ඇමැතිතුමාට විරුද්ධව ගෙන එන විශ්වාසභංග යෝජනාවේදී ජනතා විමුක්ති පෙරමුණේ හැසිරීම බලා තීන්දු ගැනීම අවශ්‍ය නොවන බවත් සඳහන් කළ මන්ත‍්‍රීවරයා ජනතා විමුක්ති පෙරමුණේ හැසිරිම අනුව තීන්දුව ජනතාව විසින් ගනු ඇති බවද සඳහන් කළේය.
එමෙන්ම පාස්කු ඉරිදා ප‍්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ අරමුණ රිෂාද් බදියුදින් ඇතුළු පිරිස් ශුද්ධ පවිත‍්‍ර කිරීම බවද ඔහු සඳහන් කළේය.
මේ හේතුවෙන් මෙම ඊනියා තේරීම් කාරක සභාව වර්ජනය කරන ලෙසට විපක්ෂනායක, ජනාධිපති සහ ඒකාබද්ධ විපක්ෂයේ සියලුම නායකයින්ගෙන් තමන් ඉල්ලීමක් කරන බවද ඩිලාන් පෙරේරා මහතා වැඩිදුරටත් පැවසීය.
2025 ඔක්තෝබර් මස 08
1476
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1323
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
474
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ආණ්ඩුවට එරෙහි විශ්වාසභංගයට සහය දෙන්නැයි කියයි
මම Friday, 24 May 2019 09:40 AM
රටට සත පහක වැඩක් නැහැ.