IMG-LOGO

2025 සැප්තැම්බර් මස 08 වන සඳුදා


ආණ්ඩුව වියත් මගින් රට හදනවා වෙනුවට කියත් මගින් පරිසරය විනාශ කරනවා

(*** නිමල කොඩිතුවක්කු සහ *** උඩුගම – රවී ලියනගේ)

‘‘ජාතික ආරක්ෂාව තහවුරු කර සුරක්ෂිත දේශයක් වෙනුවෙන් කැපවන බවට පැවසූ ‘වියත් මගින්’ රට හදනවා වෙනුවට ‘කියත් මගින්’ පරිසර විනාශය කරන බව’’ සමගි ජන බලවේගය නායක, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

‘සිංහල-බෞද්ධ ප්‍රතිපත්ති කේන්ද්‍ර කර ගෙන රටේ සියලුම ආගම් ජාතීන් ආරක්ෂා කර ගනිමින් ආණ්ඩුවේ වැඩපිළිවළ පරාජය කිරීමට කටයුතු කරතැයිද  විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කළේය.

පක්ෂයේ සංවිධාන ජාලය සහ ශාඛා සමිති ශක්තිමත් කර ගැනීමේ දීප ව්‍යාප්ත වැඩපිළිවෙළ ආරම්භ කරමින් බූස්ස ශ්‍රී සුධර්මාරාම විහාරස්ථානයේදි ආගමික වතාවත්වල නිරත වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් විපක්ෂනායකවරයා මේ බව පැවසීය.

‘‘දිනමු”‍ තේමාවෙන් ආරම්භ වූ වැඩසටහනට සමගාමීව  විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා  ගාල්ල දිස්ත්‍රික්කයේ විහාරස්ථාන සහ ආගමික ස්ථාන වෙත පැමිණ ආගමික වතාවත්වල නිරත වී ආශීර්වාද ගත්තේය.

වැඩිදුරටත් අදහස් දැක්වූ සමගි ජන බලවේගය නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙසේද කීවේය.

“සමගි ජන බලවේගය අප ගාලු දිස්ත්‍රික්කයත්, මාතර දිස්ත්‍රික්කයත් ආවරණය වන පරිදි සෑම ඡන්දපොළ මධ්‍යස්ථානයකම මෙහෙයුම් කමිටු ස්ථාපනය කළා.  සමාජ සුබ සාධන, සංවර්ධන, ආගමික-සංස්කෘතික වගේම දේශපාලනමය කටයුතු ඉදිරියට ගෙන යාම මෙහි අරමුණයි.


මෙහෙයුම් කමිටු ස්ථාපනය කිරීමෙන් පසුව බිම් මට්ටමටම අපේ යාන්ත්‍රණය ගෙන යාමේ වැඩපිළිවෙළ තමයි මේ සකස් කරගෙන යන්නේ.
සෑම සති අන්තයකම රටේ දිස්ත්‍රික්ක දෙකක් තෝරා ගෙන අප මේ වැඩසටහන ක්‍රියාත්මක කරනවා. සති කිහිපයක් තුළ රටේ දිස්ත්‍රික්ක 25 තුළම මේ වැඩසටහන ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා.

මාස දෙක-තුනක් වගේ  ඉතාම කෙටි කාලයක් තුළ විසි හත් ලක්ෂ  හැත්තෑ දහසකට වැඩි ඡන්ද ප්‍රමාණයක් ගෙන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පනස් හතරක් බිහි කරමින් රටේ ප්‍රජාතන්ත්‍රවාදී ඉතිහාසය  තුළ විප්ලවීය ජයග්‍රහණයක් ලැබීමට සමගි ජන බලවේගයට හැකි වුණා.

දිවංගත අග්‍රාමාත්‍ය  බණ්ඩාරනායක මහත්තයාටත් පළ වැනි වතාවේ ගන්න හැකි වුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීධුර  නමයක් පමණයි. ශාඛා සමිතියක්, තරුණ සමිතියක්, කාන්තා සමිතියක් නැතිව තමයි අප මේ ජයග්‍රහණය ලැබුවේ.

ඉදිරි සති කිහිපය තුළ සෑම දිස්ත්‍රික්කයකටම ගිහිල්ලා අපේ බිම් මට්ටමේ යාන්ත්‍රණය සකස් කර ජනතාවාදී-රටට වැඩක් කරන දැවැන්තම දේශපාලන පක්ෂය බවට පත්වීම අරමුණයි.

විසිවැනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට සම්පූර්ණයෙන්ම අපේ විරෝධය පළ කරනවා. විරෝධය පළ කිරීමට පමණක් සීමා නොවී විස්සෙන් ඔබට අප කරන්න යන දේ දහ නමය ප්ලස් නමින් ක්‍රියාත්මක කරනවා.

රටේ ජාතික ආරක්ෂාවට මුල් තැන දෙමින්  ජාතික ආරක්ෂක කවුන්සිලයක් ස්ථාපිත කර දහ නමයේ තිබූ ජනතාවාදී, ප්‍රජාතන්ත්‍රවාදී  සියලු‍ ක්‍රියාදාම ශක්තිමත් කිරීමට අප ක්‍රියා කරනවා.

යහපත් රාජ්‍ය පාලනය වෙනුවෙන් නිර්මාණය වූ ස්වාධීන කොමිසන් සභා සඳහා මානව සම්පත්, මූල්‍ය සම්පත් දී ඒවා ශක්තිමත් කිරීමට පියවර ගන්නවා.

ජනතා පරමාධිපත්‍යය සුරකින  සැබෑ දේශප්‍රේමි වැඩපිළිවෙළ මා ක්‍රියාත්මක කරනවා. ඒ වගේම පරිසරය සුරක්ෂිත කිරීමට අප දැනටමත් ක්‍රියා කර ගෙන යනවා.

රටේ ප්‍රථම හරිත ව්‍යාපාර කේන්ද්‍ර කරගත් දේශපාලන බලවේගය සමගි ජන බලවේගයයි. වියත් මගින් රට හදනවා කියා පහුගිය ජනාධිපතිවරණයේදීත්, මහ මැතිවරණයේදීත් අපට අහන්න ලැබුණා. වියත් මගින් රට හදනවා වෙනුවට කියත් මගින් ගස් ටික කැපෙනවා. පරිසරය විනාශ වෙනවා. කියත් මග නිසා රටේ වන ගහනය අඩු කරන තත්ත්වය තමයි, අද නිර්මාණ වෙලා තියෙන්නේ.

ආණ්ඩුවේ වැඩපිළිවළට එරෙහිව අපේ ගමන සද්ජාතිකත්වයෙන්  ක්‍රියාත්මක කරනවා. සිංහල-බෞද්ධ ප්‍රතිපත්ති කේන්ද්‍ර කර ගෙන රටේ සියලුම ආගම්-ජාතීන් ආරක්ෂා කර සැබෑ ඒකීයභාවය වෙනුවෙන් මා කැප වෙනවා යයිද ඔහු එහිදි පැවසීය.

ගාල්ල දිස්ත්‍රික්කයේ විහාරස්ථාන වැඳ පුදා ගෙන ආශීර්වාදගත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අනෙකුත් ආගමික ස්ථාන වෙත ගොස් ආශීර්වාද ගත්තේය.

පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතාද, ආසන සංවිධායකවරුන් පාක්ෂිකයන් ඇතුළු පිරිසද මේඅවස්ථාවට එක්ව සිටියහ.

 



අදහස් (4)

ආණ්ඩුව වියත් මගින් රට හදනවා වෙනුවට කියත් මගින් පරිසරය විනාශ කරනවා

විජේ Thursday, 24 September 2020 05:53 AM

හරියට නිකන් තාත්තගේ කාලෙ ඔබතුමා 'නිධන් මග', 'දඩයම් මග' ගියා වගේ..

:       0       1

pj Thursday, 24 September 2020 08:03 AM

දිවිතිබෙන තුරු විපක්ෂයේම සිටීමට හේතුවාසනා වේවා...!!

:       0       0

bandara Friday, 25 September 2020 09:13 AM

ඡන්දෙන් පැරදිලත් එළිසමය රකිනවා.

:       0       0

Bamunuarachchi Sunday, 27 September 2020 06:21 AM

ඔබගේ කතා වලින් ගෝඨාභයගේ සහ සජිත්ගේ වෙනස හොඳට පෙනෙනවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 555 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17349 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 707 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site