IMG-LOGO

2025 ඔක්තෝබර් මස 28 වන අඟහරුවාදා


ආණ්ඩුව වෙනස් කරන්න අවශ්‍යනම් 2020දී බලමු - දුමින්ද දිසානායක

(දයාරත්න ඇඹෝගම)

ආණ්ඩුව හෝ ජනපතිවරයා හොඳ නැත්නම් හා ආණ්ඩුව වෙනස් කිරීමට අවශ්‍යනම් නම් ඊට 2020 දී උත්සහ කරමු යැයි ද මෙම අවස්ථාවේ සියලු භේද පසෙකලා ගමට සංවර්ධනය ගේමු යැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පවසයි.

මහ ලේකම්වරයා මේ බව පැවසුවේ අද (26)අනුරාධපුර, පලාගල දී  පැවති ජන හමුවකදීය.

“සමහරු හිතන් ඉන්නවා පෙබරවාරී මාසේ 10 වැනිදා ගහන කතිරයෙන් ජනාධිපතිතුමන්ව හොල්ලන්න පුලුවන් කියලා - ජනාධිපතිතුමන්ව හොල්ලනත් බෑ, අලුත් කෙනෙක් හදන්නත් බෑ.පෙබරවාරී මාසේ 10 වැනිදා කරන්න පුළුවන් එකම එක දෙයයි. ඒ තමයි හදපු ජනාධිපතිතුමන්ගේ වැඩේ ගමට ගෙන්න ගන්න පුලුවන්.2020 වන තුරු පවතින ආණ්ඩුවේ සංවර්ධන වැඩේ ගමට ගෙන්න ගන්න පුලුවන්. ඒ ඇරෙන්න වෙන කිසිම දෙයක් මේ ඡන්දයෙන් කරන්න පුලුවන්කමක් නෑ

ඒ නිසා සියලුම එක්සත් ජාතික පාක්ෂිකයින්ටත්, අපිත් එක්ක ඉඳලා දැන් පැත්තකට වෙලා ඉන්න ජී.එල් පීරිස් මහත්තයාගේ පොහොට්ටුවේ සියලු දෙනාටත් ,ජනතා විමුක්ති පෙරමුණේ සියලු දෙනාටත් අපි ආරාධනා කරනවා අපි ගම දියුණු කරන්න, ගම ශක්තිමත් කරන්න ගම හදන මැතිවරණයේදී බලය තියෙන අපේ පැත්ත එක්ක අත්වැල්  බැඳ ගමු කියලා.

ආණ්ඩුව හොඳ නැත්නම්, ආණ්ඩුව වෙනස් කරන්න ඕන නම් 2020 දී උත්සහයක් ගමු.ජනාධිපතිතුමන් හොඳ නැත්නම් ජනාධිපතිතුමන් වෙනස් කරන්න ඕන නම් 2020 දී උත්සහයක් ගමු.මේ වෙලාවේ තියෙන්නේ පක්ෂ පාට-ජාති-ආගම්-කුළ-මල  සියලු භේද පැත්තකින් තියලා ගමට සංවර්ධනය ගේමු, . පහුගිය අවුරුදු වල අපි මේ ගම් වල පාරවල්, පෙරපාසල්, පාසල්, වැව්, රෝහල් හැදුවා, ජල- විදුලිය දුන්නා , දැන් අපි - අපිට කරන්න බැරි වෙච්ච ඉතුරු ටික කරන්න තමයි සමඟි වෙන්න, අපිත් එක්ක අත්වැල් බැඳ ගන්න කියන්නේ ඒ නිසා පාට-පක්ෂ-කුළ-මල අමතක කරලා අපි අපේ ගම හදමු.අපේ ගම අපි සංවර්ධනය කර ගමු, හැමෝම එක පෙළට- එක මිටට - හරි අතට එකතු වෙන්න කියලයි අපි ආරාධනා කරන්නේ.

ඒ නිසා ජන්දයේදී, ඡන්ද බෙදන්නේ නැතිව හැමෝම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අත ලකුණ ඉදිරියේ කතිරය ගහලා ගමේ ශක්තිය පෙන්වන්න.අපි පොහොට්ටටුවේ ඉන්න අයගෙනුත් ඉල්ලීමක් කරනවා මහින්ද රාජපක්ෂ මහත්තයාට කතිරය ගහලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඈත් වෙලා, වෙන් වෙලා ,කොන් වෙලා ඉදීමේ තේරුමක් නෑ.

මතකයි නේ මහින්ද මහත්තයා නුවර ඉඳන් කොළඹට පයින් ඇවිත් කිව්වා හෙට ආණ්ඩු ගන්නවා කියලා, ගත්තාද? පෝය දෙකයි කියලා කිව්වා.පෝය කීයක් ගියාද?ඒ නිසා මහින්ද මහත්තයාට එතුමාගේ දේවල් නැති වුණ පලියට එතුමාට තරහක් වෛරයක් තියෙනවා මෛත්‍රීපාල සිරිසේන මහත්තයා එක්ක.ඒ නිසා තමයි ශ්‍රී ලංකා කාරයින්ට කියන්නේ පොහොට්ටුවට එන්න කියලා.“යැයි ඒ මහතා ප්‍රකාශ කරයි.



අදහස් (3)

ආණ්ඩුව වෙනස් කරන්න අවශ්‍යනම් 2020දී බලමු - දුමින්ද දිසානායක

Bamunuarachchi Friday, 26 January 2018 02:20 PM

පාවිච්චි නොකර ගොඩනැගිල්ලකට කෝටි ගණනක කුලී ගෙව්ව ඔබලා ගම හදන්නේ කොහොමද? ගම හදන්න ගියත් යාළුවො පොහොසත් වේවි. එ් හින්දා අපි ගම හැදිල්ල ජවිපයට බාර දෙනවා. ඒගොල්ලෝ ගම හදන හැටි බලාගෙන ඉගෙන ගන්න.

:       0       3

Bamunuarachchi Sunday, 28 January 2018 11:53 AM

අම්මපා ඉස්කෝලේ යන කාලෙක නම් ඔය තට්ටෙට වෙරළු ඇට පාරක් දෙනවාමයි. හැබැයි දැන් දෙනවා නම් කැටපෝල් පාරම තමයි.

:       0       0

සෙනෙවි Monday, 29 January 2018 11:17 AM

ඔව් ඔව්, බලමු... බලමු.. බල බලාම ඉඳිමු. ශ්‍රිලංනිපෙ දියවෙලා එජාපයට එකතු වෙනකන්...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1527 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1348 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 486 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site