IMG-LOGO

’ආණ්ඩුව ජනතාවගේ අහිසංක ප්‍රාර්ථනා කොල්ලකනවා’

(ජයන්ත සමරකෝන්)

මුදල් නෝට්ටුව තරම් සියයට සියයක විශ්වාසයක් තිබිය යුතු ලොතරැයි පත් මුද්‍රණයේදී පවා ආණ්ඩුව මේ රටේ හඬක් නොමැති ලක්ෂ සංඛ්‍යාත ජනතාවගේ අහිංසක ප‍්‍රාර්ථනා කොල්ලකමින් සිටින බව ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්තී‍්‍ර බන්දුල ගුණවර්ධන මහතා පෙරේදා (2) පැවැසීය.

මුදල් පනතේ විධිවිධානයන්ට පටහැනිව යමින් විදේශ අමාත්‍යවරයාගේ විෂය පථයට ලොතරැයි මණ්ඩලය ගැනීම පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසීමට බලාපොරොත්තු වන බව ද ගුණවර්ධන මහතා කීය. පුංචි බොරැල්ල, වජිරාශ‍්‍රම බෞද්ධ මධ්‍යස්ථානයේ පැවැති ප‍්‍රවෘත්ති සාකච්ඡාවකදී මන්තී‍්‍රවරයා එසේ පැවැසීය.

ඒකාබද්ධ විපක්ෂයේ ආර්ථික පර්යේෂණ ඒකකය මෙම ප‍්‍රවෘත්ති සාකච්ඡාව සංවිධානය කර තිබිණි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්තී‍්‍රවරයා මෙසේ ද කීය.

”දිනුම් අංකයක් නැති, දිනයක් නැති, බාර්කෝඞ් එකක් නැති ලොතරැයි පත් රාශියක් පිළිබඳව කරන ලද කරුණු හෙළි කිරීමකින් පසුව ලොතරැයි මණ්ඩලයේ සභාපතිනිය කියා තිබෙනවා එවැනි ලොතරැයි පත් තිබේ නම් අපට දෙන්නට කියලා.

මේ පිළිබඳව ජනාධිපති, අගමැති හෝ මුදල් ඇමැති ඉල්ලීමක් කරනවා නම් මා එම ලොතරැයි පත් ඉදිරිපත් කරන්නට සූදානම්. 2016 වසරේ ලොතරැයි පත් මුද්‍රණය සම්බන්ධයෙන් විගණකාධිපති නිකුත් කර ඇති 2017.04.17 දරණ විගණන වාර්තාවෙන් මණ්ඩලයේ ප‍්‍රසම්පාදන ක‍්‍රියාවලියේ තරම පෙන්වා දී තිබෙනවා. එමගින් මණ්ඩලයේ ප‍්‍රතිරූපයට සිදුවී ඇති හානිය ලොතරැයි පත්වල ගුණාත්මකභාවයේ දෝෂ පිළිබඳව මෙතෙක් කටයුතු කර නැති මණ්ඩලය මා විසින් ඉදිරිපත් කළ ලොතරැයි පත් ලබාදෙන ලෙසට ඉල්ලනවා.

ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 148 වගන්තියට අනුව මුදල් පාලනය පිළිබඳ බලය තිබෙන්නේ පාර්ලිමේන්තුවටයි. මුල්‍ය කටයුතු සම්බන්ධයෙන් විවිධ අණපනත් එහිදී සම්පාදනය කර තිබෙනවා. 1963 අංක 11 දරන විධිවිධාන ඊට ඇතුළත් කර කි‍්‍රයා කළ යුතු ආකාරය දදැක්වෙනවා.

ඒ සියල්ල උඩු යටිකුරු කරමින් ලොතරැයි පත් මුද්‍රණය වෙනවා. 2017 විගණකාධිපති වාර්තාවට අනුව ප‍්‍රසම්පාදන කි‍්‍රයාවලියේ තරම දැක්වෙනවා. එදා එකම ලොතරැයිය රුපියල් 20ටත් 30ටත් අලෙවි කළා. 2017 පෙබරවාරිවල සිදුවූ මෙම අර්බුදය ගැන අදටත් පරීක්ෂණයක් නැහැ. මේකබරපතළ ප‍්‍රශ්නයක්. පසුව ගොවිසෙත ලොතරැයි පත් කිසිම දිනුම් ඇදීමේ දිනයක්, දිනුම් අංකයක්, බාර්කෝඞ් අංකයක් නැතිව මුද්‍රණය කර තිබෙනවා. මෙහි මණ්ඩලයෙන් මිලදී ගත් ලොතරැයි ඒජන්තගේ මුද්‍රාව පවා තබා තිබෙනවා. ලොතරැයි මුද්‍රණය සම්බන්ධයෙන් විගණකාධිපතිවරයා නිකුත් කර ඇති වාර්තාවට පූර්ණ අවධානය යොමුකර ලොතරැයි පත් පිළිබඳව ජනතාවගේ විශ්වාසය තහවුරු කරන ලෙස ඉල්ලනවා. මුදල් පනතේ විධිවිධානවලට අනුව ලොතරැයි මණ්ඩලය පාලනය කිරීමට බලයක් විදේශ ඇමැතිවරයාට නැහැ. ලොතරැයි අණපනත්වලට අනුවත් මණ්ඩලය මුදල් ඇමැතිවරයාටයි භාර වී තිබෙන්නේ. ලොතරැයි සම්බන්ධයෙන් වෙනත් ඇමැතිවරයකුට කතා කරන්නට අයිතියක් නැහැ. මුදල් අණපනත්වලට පිටින් ගිහින් නීතිය අතට අරන් විදේශ ඇමැතිවරයා කටයුතු කරනවා නම් ඒකාබද්ධ විපක්ෂය හැටියට අධිකරණයට යනවා” යැයි ද කීය. මෙහිදී මාධ්‍යවේදීන් මන්තී‍්‍රවරයාගෙන් නැඟූ ප‍්‍රශ්න හා ඒවාට දුන්පිළිතුරු මෙසේය.

ප‍්‍රශ්නය: ප‍්‍රශ්නගත ලොතරැයි පත් සොයා ගත්තේ වෙළෙඳපොළෙන් ද?

පිළිතුර: අගතියට පත් ජනතාව මේවා අපට ගෙනත් දෙන්නේ පාර්ලිමේන්තුවේදී හා ඉන් පිටතදී හඬක් නගන්නයි. මෙම ලොතරැයි පත් ජනතාව අතට යන්නට පෙර අපට ලැබුණේ. ගියා ද දන්නේ නැහැ. ලොතරැයි ප‍්‍රසම්පාදන කි‍්‍රයාවලිය පිළිබඳව විගණකාධිපති වාර්තාව මීට හොඳම සාක්ෂියක්. මුද්‍රිත දෝෂ, ගුණාත්මක භාවය, උඩුයටිකුරු වී ඇති ආකාරය, බාර්කෝඞ් රහිතව  ගිය හැටි මණ්ඩලයේ ප‍්‍රතිරූපයට වී ඇති හානිය එහි දැක්වෙනවා. අද වනතුරු මේ එකක්වත් නිවැරැදි කරන්නට මණ්ඩලය කටයුතු කර නැහැ.

ප‍්‍රශ්නය:- මේවායින් ජනතාවගේ විශ්වාසය බිඳී යනවා  නේද?

පිළිතුර:- ලොතරැයි පත් ගැන ජනතාවට උපරිම විශ්වාසයක් තිබිය යුතුයි. ලොතරැයි අලෙවිය අද පහළ වැටිලා. විකිණෙන්නේ නැහැ. ප‍්‍රශ්නය:- අධිකරණයට යන්නේ ඇයි?

පිළිතුර:- මුදල් විධිවිධාන පනතට අනුව ලොතරැයි මණ්ඩලය විදේශ ඇමැතිවරයා යටතට ගැනීම පිළිබඳව අධිකරණයේ මතය විමසීම අපේ වගකීමක්. ලොතරැයි පනතේ පැහැදිලි කරගැනීමක් අපට අවශ්‍යයි.

ප‍්‍රශ්නය: දිනුම් වාරයක්, අංකයක් නැතිව ලොතරැයි පත් නිකුත් කිරීමක් සිදුවී තිබෙනවා ද?

පිළිතුර: මේක බරපතළ සැකයට හේතුවන කරුණක්. ලංකා ඉතිහාසයේ ප‍්‍රථම වතාවට ලොතරැයි අලෙවිකරුවන් වර්ජනය කළා.

ප‍්‍රශ්නය: අදාළ නිලධාරීන්ට දඬුවම් කරලා නැහැ?

පිළිතුර: ඒකයි අපටත් තිබෙන ප‍්‍රශ්නය. ප‍්‍රසම්පාදන කි‍්‍රයාවලිය අනුගමනය කර නැහැ.



අදහස් (3)

’ආණ්ඩුව ජනතාවගේ අහිසංක ප්‍රාර්ථනා කොල්ලකනවා’

kumar (galf) Tuesday, 04 July 2017 09:40 AM

මේ කියන බක පණ්ඩිතයෝ තමා ගිය ආණ්ඩුව කාලේ මේ වැඩේ ජයටම කෙරුවේ.

:       0       0

vidya Wednesday, 05 July 2017 03:19 PM

ලඟදි ඇමෙරිකාව පැත්තේ ගිහිල්ල නැහැ වගේ. පන්සලේ බණ කියන්න හාමුදුරුවරුන්ට බාරදෙන්න....

:       28       0

දයාරත්නායක Wednesday, 05 July 2017 09:21 PM

මේ අය කියන එ්වා අපි ගණන් ගන්නේ නෑ..

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 80 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 634 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 130 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site