(*** අංජුල මහික වීරරත්න)
සමගි ජනබලවේගයට පහරදීමේ ආණ්ඩුවේ කොන්ත්‍රාත්තුව මේ වන විට බෝඩ් ලැල්ලක් බවට පමණක් පවත්ව ඇති එජාප කල්ලිය විසින් භාරගෙන ඇතැයි ද, මන්ත්‍රීවරුන් පිරිසක් එක්සත් ජාතික පක්ෂය සමග එක්වීමට සාකච්ඡා පවත්වමින් සිටින බවට පුවතක් ප්‍රචාරය කෙරෙන්නේ එහි ප්‍රතිඵලයක් ලෙස යැයි ද සමගි ජනබලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා පවසයි.
සමගි ජනබලවේගයේ පිරිසක් එහෙට යනවාද, එහේ පිරිසක් සමගි ජනබලවේගය වෙතට එනවා ද යන්න ඉතා නුදුරේදීම දැක ගත හැකි වන අතර, එතෙක් මානසික වින්දනයක් උදෙසා ඔවුන් කරන මේ ව්‍යාජ රඟදැක්වීම කෙරෙහි අනුකම්පා කරන බව ද මද්දුම බණ්ඩාර මහතා කියයි.
විශේෂ නිවේදනයක් නිකුත් කරමින් රංජිත් මද්දුමබණ්ඩාර මහතා මෙසේ ද සඳහන් කරයි.
ආණ්ඩුව ජන සතුරා මෙන්ම, පොදු සතුරා බව ද අප හඳුනාගෙන ඇත. ඒ නිසා මේ ජනතා විරෝධී ආණ්ඩුව කොන්දේසි විරහිතව පරාජය කළ යුතුය.
මෙවන් තත්ත්වයක් තුළ ආණ්ඩුවට අභියෝගයක් වී ඇති සමගි ජනබලවේගයට පහරදීමේ ආණ්ඩුවේ කොන්ත්‍රාත්තුව මේ වන විට බෝඩ් ලෑල්ලක් බවට පමණක් පත්ව ඇති එජාප කල්ලිය විසින් භාරගෙන ඇති බව පෙනෙන්නට තිබේ.
එහි දිගුවක් ලෙස සමගි ජනබලවේගයට එරෙහිව දැවැන්ත අවලාද ප්‍රහාරයක් සංවිධානාත්මකව ආරම්භ කොට ඇති බව පෙනේ. මන්ත්‍රීවරුන් පිරිසක් එක්සත් ජාතික පක්ෂය සමග එක්වීමට සාකච්ඡා පවත්වමින් තිබෙන බවට සහමුලින්ම අසත්‍ය, පදනම් විරහිත පුවත් කිහිපයක් සමාජ ජාල තුළත්, ඇතැම් මාධ්‍ය තුළත් පළවී ඇත්තේ එහි ප්‍රතිඵලයක් ලෙසය.
අවම තරමේ ප්‍රවෘත්තියක අන්තර්ගත විය යුතු මූලිකම මූලධර්ම පවා නොසලකා හරිමින් මේ ව්‍යාජ පුවත් පළකොට ඇති අතර, එම ප්‍රවෘත්ති සමගි ජනබලවේගයේ අපි දැඩිව ප්‍රතික්ෂේප කරමු.
ආණ්ඩුවට එරෙහි සටනට පණ පොවනවා වෙනුවට තමන් පත්ව ඇති බංකොළොත් බවෙහි නිරුවත වසා ගන්නට ආණ්ඩුව හා ඩීල් දමමින් කටයුතු කරන මේ පිරිස සමගි ජනබලවේගයට ව්‍යාජ සහ බංකොළොත් පුවත් තුළින් පහර දෙමින් සිටී.
එජාපය නියෝජනය කළ මන්ත්‍රීවරුන් 80ක් සමගි ජනබලවේගය සමග එක්ව සිටින අතර, පාක්ෂිකයන්ගෙන් 99%ක් සිටින්නේ සමගි ජනබලවේගය සමගය.
ශ්‍රේෂ්ඨ ඉතිහාසයක් සහ අද්විතීය නායකයන් පිරිසක් සිටි එක්සත් ජාතික පක්ෂය අද වන විට මේ තරම් බංකොළොත් ව්‍යාජ පුවත්වලින් යැපෙන මට්ටමට පහළට ඇදවැටීම සංවේගයට කරුණකි.
අප්‍රමාණ දූෂණ චෝදනා ද, ආණ්ඩුව සමග යටිකූට්ටු ‘‘ඩීල්’’ මගින් ද, කුමන්ත්‍රණ සහ ජනතා විරෝධී පිළිවෙතකින් ද සමන්විත කූප්‍රකට චරිත දෙක තුනක කල්ලියක් විසින් කොටුකර ගත් පිලක් සිය එදිනෙදා පැවැත්ම උදෙසා පටු බල දේශපාලනය උදෙසා කුමන්ත්‍රණ කරමින් සිටී.
සමගි ජනබලවේගයේ පිරිසක් එහෙට යනවාද එහේ පිරිසක් සමගි ජනබලවේගය වෙතට එනවා ද යන්න ඉතා නුදුරේදීම දැකගත හැකි වන අතර, එතෙක් මානසික වින්දනයක් උදෙසා ඔවුන් කරන මේ ව්‍යාජ රඟදැක්වීම කෙරෙහි අපි අනුකම්පා කරමු.
කෙසේ වෙතත් අතේ ඇඟිලි ගානක තරම් හෝ පාර්ලිමේන්තු නියෝජනයක් ලබාගැනීමට අපහසු තරම් අගාධයකට වැටී සිටින මේ කල්ලිය නගන අඳෝනාවට අපි නැවත අනුකම්පා කරමු.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එජාපයේ මේ වනවිට කල්ලි නැත... සිටි කල්ලිය පක්ෂයෙන් පිටව ගොස් ඇත. පක්ෂයේ තිබූ කොඩිවිනය කපා අවසානයි. පක්ෂයේ සිටි භූතයින්, ප්‍රේතයින්, කුම්භාණ්ඩයින් සියල්ල වෙන තැනක් සොයා ගෙන ඇත. මේ වනවිට පක්ෂ හොඳින් පිරිසිදුව සහ ආරක්ෂා කර සුබ දිසාවකට ගමන් කමින් සිටි. පක්ෂය ඉදිරියේදී ක්‍රියාත්මක වන්නේ විනයක් ඇතිව බව කිව යුතුවේ. පක්ෂයෙන් පිටව ගොස් කොපමණ දෝෂාරෝපණය කළත් දැන් ප්‍රශ්නයක් නොමැත. පක්ෂය තුළ සිට පක්ෂයට නිගා කිරීමට කිසිවකුට ඉඩක් නොමැත. සුදුස්සන්ට සුදුසු තැන නියම වෙලාවට ලැබෙනු ඇත. පසුගිය සමයේ සිදුවුයේ නුසුදුස්සන් සුදුස්සන් මෙන් පෙනී සිට පාක්ෂිකයා රවටා පක්ෂය බලයෙන් පැහැර ගැනීමට උත්සාහ කිරීමයි. මාධ්‍ය සකච්ඡා තබමින් පවසන්නේත් සිරිකොත බලහත් කාරයෙන් අල්ලා ගන්නේ කෙසේද කියායි. සිරිකොත මන්දිරයට ගල් ගැසූ, නායකයින් ප්‍රසිද්ධියේ විවේචනය කළ සහ නායකයින්ගේ මුහුණමට දැන් නායකත්වයෙන් යන්න කියූ පුද්ගලයින්ට යලිත් සිරිකොතට පැමිණිය නොහැක. එක්සත් ජාතික පක්ෂය ආරක්ෂා කරන අලුත් කණ්ඩායමක් සමග විනයක් ඇතිව පක්ෂය ඉදිරියට ගමන් කරනු ඇත. විරිදු කියන්නන්හට පක්ෂය තුළ ඉඩක් කොහෙත්ම නැත.
පක්ෂයේ සිටි භූතයින්, ප්‍රේතයින්, කුම්භාණ්ඩයින් වෙන තැනක් සොයා ගෙන ඇත්ද? නැතිනමි පාක්ෂිකයින් වෙන තැනක් සොයා ගනිද? මැතිවරණයේදි පාක්ෂිකයින් තින්දු කරයි