IMG-LOGO

2025 මැයි මස 03 වන සෙනසුරාදා


‘ආණ්ඩුව ඇහැට පේනවාට වඩා ඇඟට දැනෙන දෙයක් කළා‘

(නිමල කොඩිතුවක්කු)

වත්මන් යහපාලන ජාතික ආණ්ඩුව මේ වසර දෙකක කාලයේ ඇහැට පේන සංවර්ධනයට  වඩා ඇඟට දැනෙන සංවර්ධනයක් සිදු කළ බව  එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම් මහතා අද(8) පැවසීය.

අවුරුදු  20ක දිගු නින්දකින් පසු  අවදිවී සිටින  ඒකාබද්ධ විපක්ෂය අද හිම වලහගේ ප‍්‍රතිපත්තිය අනුගමනය කරමින් සිටින බවත් මහලේකම්වරයා සදහන් කළේය.

පිටකෝට්ටේ පිහිටි සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හුමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව පැවසීය.

‘‘පහුගිය දිනවල ඒකාබද්ධ විපක්ෂයෙන් එක්සත් ජාතික පක්ෂයට විවේචන අවලාද නගලා තිබුණා. එක්සත් ජාතික පක්ෂය ධනවාදී පක්ෂයක් බවත්, එක්සත් ජාතික පක්ෂය ජනතා ප‍්‍රසාදය  සදහා වැඩ කරන්නේ නැති බවත් ඒ වගේම අපේ පක්ෂය පෞද්ගලීකරණය  සදහා දැඩි පියවර ගනිමින් සිටින බවටත්  විවිධ අවලාද චෝදනා අපිට නගලා තිබුණා. අපි ඒ අයට කියනවා වීදුරු ගෙවල් වල ඉදන් ගල් ගහන එක භයානක දෙයක් කියලා‘‘ යැයි ද ඔහු කීය.



අදහස් (14)

‘ආණ්ඩුව ඇහැට පේනවාට වඩා ඇඟට දැනෙන දෙයක් කළා‘

Raveendra Friday, 08 December 2017 11:32 AM

හරියට හරි කතාව සියයට 200ක් නිවැරදිය. ඇඟට නොව මුළු ලංකාවටම දැනෙන්නම මහා බැංකුවට දුන්නා හතරගාතේ වැටෙන්නම...

:       20       402

mohan Friday, 08 December 2017 02:36 PM

හාල් 130, පොල් 100 නියමෙට දැනෙනවා.

:       0       217

sandun mudalige Friday, 08 December 2017 03:21 PM

නියමයි වෙනස, සනිපයි.. අපි කරගත්ත මෝඩ වැඩක්.. මොනවා වුණත් මහින්ද වැඩක් කළා රටට.., දැන් හොරු විතරයි. ඊළඟ ඡන්දයට එන්නකෝ...

:       1       430

tilak Friday, 08 December 2017 03:37 PM

සෙන්ට්‍රල් බෑංක් එකට දැනෙන දෙයක් කළා. එ්ක ගැන සතුටුයි.

:       0       293

Bamunuarachchi Friday, 08 December 2017 04:39 PM

ඇහැට පෙනෙන සංවර්ධනයක්න ඔබලා නම් කර ගත්තා.

:       0       0

MP Saturday, 09 December 2017 05:12 AM

ඇඟට දැනෙනවා තමයි. බඩු මිල වැඩිවුණාම අඩුවෙන් කන්න හෝ නොකා ඉන්න වෙනවා. ලෙඩ වුණාම බෙහෙත් ගන්න නැතිවුණාම දැනෙනවා... අධික මිල හේතු කොට ගෙන ඒ දැනෙන එකම දෙයක්වත් හොඳ දෙයක් නොවේ. හොඳට වෙලා තියෙන්නේ ඔහෙලාටම විතරයි. අපි ඉදිරියට තියෙන හැම ඡන්දයකදීම ඒ වෙනුවෙන් ඔහෙලාට හොඳට සලකන්නම බලාගෙන ඉන්නවා.

:       0       247

සුමතිපාල Saturday, 09 December 2017 07:17 AM

මේ කතා කියන දේශපාලකයින්ට පිස්සුද? එහෙම නැත්නම් ඒ අය ජනතාවට පිස්සු කියලා හිතාගෙන ඉන්නවද දන්නේ නැහැ. කතා කරන දෙයක වටිනාකමක් තියෙන විදියට කතා කරන්න කියල විතරයි අපිට කියන්න තියෙන්නේ... බොරු විහිළු කතා කියන්නේ නැතිව.

:       0       233

MPSunday, 10 December 2017 03:13 AM

පිස්සු නෙවේ, මිනිස්සුන් මෝඩයන් කියලා හිතාගෙන හැමදාම රවට්ටන්න හදනවා. අපි රැවටෙන්නේ නැහැ. අපිත් පාඩමක් ඉගෙන ගෙන ඉන්නේ. ඒ වගේම පාඩමක් උගන්නන්න ඉන්නේ.

:       0       223

gama rala Saturday, 09 December 2017 10:20 AM

ඔය කතාව ගමේ කුලී වැඩ කරන මනුස්සයෙකුට නම් කියන්න එපා මහත්තයෝ. ඔබතුමාට විතරක් නෙවේ ඔබතුමාගේ දෙමව්පියනුත් හොඳ වචන ටිකකින් මතක් කරනවා අනිවා...

:       0       133

hemantha dharmapriya Saturday, 09 December 2017 11:44 AM

ඔව් ඉතින් ඔබතුමාගේ හැඳි මිටේ දැනුම අපි දැන ගත්තේ අද නොවෙයි. මතකද ඔබතුමා කිව්වා රටේ ඒක පුද්ගල ආදායම ඩොලර් වලින් අඩු වුණාට රුපියල් වලින් වැඩි වෙලා කියලා, මේ වගේ මැටි ඇමතියෝ හිතන් ඉන්නේ රටේ ඉන්නේ හරක් කියලයි. ලෝකේ මොන රටේ ද ඒක පුද්ගල ආදායම රුපියල් වලින් බලන්නේ?

:       0       164

sunil Saturday, 09 December 2017 02:34 PM

රාජගිරියේ හිස් ගොඩනැගිල්ලකටත් අවුරුදු ගණන් අපේ සල්ලි මිලියන් ගණන් ක්ෂණයකින් මුදාහරිමිනුත් ඇඟට දැනෙන වැඩක් කරලා තියෙනවා නේද? නියමයි.

:       0       5

Bamunuarachchi Monday, 11 December 2017 02:50 AM

ඇඟට නොදැනෙන්න කරලා ඇති ජොලිය මොකක්ද? එ්ක ඔයගොල්ලන්ගේ ලොක්කාගෙන්ම පේනවානේ.

:       0       1

nishantha Monday, 11 December 2017 03:53 AM

ඇඟට කෙසේ වෙතත් ඔයාලගේ සාක්කුවට දැනෙන්න නම් කළා.

:       0       1

jayathilaka Saturday, 16 December 2017 05:25 PM

එක්කෝ මෙයාට පිස්සුද? නැත්තන් අපිට පිස්සු කියලා හිතලා ඇති...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

දේශපාලන

‘ලූනූ බිකටත් පොර බදින්නේ නැතිව රට හදන්න එක්වන්න‘
2025 මැයි මස 02 505 3

ලූනු බිකටත් පොර බදින්නේ නැතිව රට ගොඩ නගන ගමනට එකතු වන්නැයි වෘත්තිය සමිති ව්‍යාපාරයට ආරාධනා කරන බව ජාතික ජන බලවේගයේ නායක ජනාධිපති අනුර කුමාර දිසානායක


‘‘ආර්ථිකය ආරක්ෂා කරන්න අපි සහාය දෙනවා‘‘
2025 මැයි මස 01 1657 10

වේදිකාවල බොරුවට කෑ මොර නොදී ඇමරිකා බදුවලින් රටේ කම්කරුවාට වන බලපෑම්වලට සහනයක් ලබාදෙමින් ශ්‍රමිකයන් ඇතුළු, රටේ ආර්ථිකය ආරක්ෂා කරන්න අපේ සහාය ලබාදෙනවා



වර්තමාන ආණ්ඩුව ජනතාවට බරක් නොවන බව ඔප්පු කළා
2025 අප්‍රේල් මස 17 967 9

වර්තමාන ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය සහ මැති ඇමතිවරු රටට සහ ජනතාවට බරක් නොවී වැඩ කළ හැකි බව ඔප්පු කරමින් සිටින බවත් දූෂණය, වංචාව සහ නාස්තිය නතර කර ඇති බව සියය


පච දේශපාලනය රජ වෙලා
2025 අප්‍රේල් මස 17 1206 23

මාලිමා ආණ්ඩුව යටතේ ගොවියා රජ කරවීම කෙසේ වෙතත් පච දේශපාලනය නම් රජ වී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.


ජනපතිට ජපානයෙන් ආරාධනයක්
2025 අප්‍රේල් මස 11 7429 8

මේ වන විට ආණ්ඩුව ශක්තිමත් ජාත්‍යන්තර සබඳතා හදා ගෙන තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අක්කරපත්තුවේ ජන රැළියකදී පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 563 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 150 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1172 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site