(මුදිතා දයානන්ද)
ඇත්තට මුහුණ දෙන්න බය ආණ්ඩුව කල්තැබීමේ විවාද ගෙන එමින් පළාත් සභා මැතිවරණය කල්දමන්න සුදානම් වෙනවා යැයි රත්නපුර දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු ජානක වක්කුඹුර මහතා අද (29) පැවසීය.
වක්කුඹුර මහතා මෙසේ පැවසූයේ පිටකෝට්ටේ සිරිකොතදි පැවති මාධ්‍ය සාකච්ඡාවකදීය.
මෙහිදි තවදුරටත් අදහස් දැක්වූ ඔහු මෙසේද පැවසීය.
මේ රටේ තිබෙන ඇත්ත ප‍්‍රශ්න වෙනුවට වෙනත් ප‍්‍රශ්න ආණ්ඩුව විසින්ම ඇති කරලා ජනතා අවධානය වෙන පැත්තකට යොමු කරන්න හදනවා. ජනාධිපති කොමිෂන් සභාවකින් හෙළිදරව් කරගත්ත හොරකමක් තිබෙනවා. පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරු 118ක් බැඳුම්කර මුදල් ගත්තා කියලා කතාවක් ගෙනාවා. ඒ නාම ලේඛනය අද දෙනවා, හෙට දෙනවා කිය කියා පස්සට දැම්මා. ඒවා පැත්තක තියලා මඩගැසිමේ ව්‍යාපායක් ආරම්භ කරලා.
අද විසුරුවා හැර තිබෙන පළාත් සභාවල පවතින්නේ ඒකාධිපති පාලනයක්. අනෙක් පළාත් සභාවලටත් ඒකයි කරන්න හදන්නේ. මහජන නියෝජිතයන් ඉවත් කරලා ආණ්ඩුකාරවරයා යටතේ පාලනය ගෙනියනවා. ඇත්තට මුහුණ දිලා මැතිවරණය පවත්වන්න. ආණ්ඩුව දන්නවා පළාත් සභා කිසිසේත් දිනන්න බැහැ කියලා. ඒ නිසයි මේ ඡන්ද කල්දාන්නේ.
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
‘ආණ්ඩුව ඇත්තට මුහුණ දෙන්න බයයි‘