IMG-LOGO

2025 මැයි මස 02 වන සිකුරාදා


ආණ්ඩු පක්ෂ මන්ත්‍රීන්ට එන මාස දහ අටේදී වැඩ පෙන්වන්න පුළුවන්

(අංජුල මහික වීරරත්න සහ ජේ.ඒ.එල්. ජයසිංහ) 

ජාතික රජයේ ඉදිරි මාස 18 තුළ ශීඝ්‍ර සංවර්ධන වැඩ සටහනක් ක්‍රියාත්මක කිරීම සඳහා ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන්ට පුළුල් අවස්ථාව ලැබෙන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මහනුවර දී පැවැසීය. 

අධ්‍යාපනික සෞඛ්‍ය මෙන්ම ආර්ථික අංශවලින් රජය සහන දුන්නේ රටට වැඩිපුරම බර පැටවුණු ණය ගෙවන යුගයේදී බව කී අග්‍රාමාත්‍යවරයා දැන් ආර්ථිකය යහපත් අතට ගැනීමට හැකිවී තිබෙන බැවින් ඉදිරියේදී ජනතාවගේ ඇඟට දැනෙන සංවර්ධනයක් ගමට ගෙන එන්නේ යැයි ද ප්‍රකාශ කළේය. 

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ බව කීවේ වතු කම්කරු ජනතාව සඳහා ඉඩම් අයිතිය දීම වෙනුවෙන් ක්‍රියාත්මක හරිත භූමි වැඩ සටහනේදීය. 

මහනුවර හන්තාන වතු යායේදී උත්සවය පැවැත්විණි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද කීවේය. 

අද හරිත භූමි වැඩසටහනේ පළමු අදියර ආරම්භ කළා. වතුකරයේ ජනතාවට භූමියේ අයිතිය දීම එහි අරමුණයි. තව සති දෙකකින් හෝ තුනකින් හෝ දෙවැනි අදියර ආරම්භ කරනවා. ඒ වැඩසටහන නම් ගම්මානවල ජනතාවට කෘෂි කාර්මික කටයුතු කිරීම සඳහා ඉඩම් දීමයි.

වතුකරයේ ජනතාව කොතරම් සේවය කළ ද ඉඩමක අයිතිය තිබුණේ නැහැ. ගම්මානවල ජිවත්වන සිංහල මුස්ලිම් දෙමළ ජනතාවටත් අතීතයේ තේ වගාව නිසා ඉඩම් අයිතිය අහිමි වුණා. ලක්ෂ්මන් කිරිඇල්ල ඇමැතිතුමා ආරම්භ කළ මේ වැඩසටහන යටතේ ඒ ඉඩම් අයිතිය ලැබෙනවා. 

තේ වගාවට ප්‍රයෝජනවත් නොවන වතු ජනතාව   පදිංචි කිරීම සඳහා දෙනවා. 

ඒ සමගම තවත් වැඩ සටහන් කීපයක් ක්‍රියාත්මකයි. වතුකරයේ නිවාස ඉදිකිරීම පමණක් නොව එහි ජනතාව සමූහයක් ලෙස ගොඩ නැංවීම දිගම්බරන් මහතාගේ අමාත්‍යාංශය මගින් වෙනවා. ඒ තුළින් වතුකරයේ නව ජනවාස ගොඩනැගෙනවා. ප්‍රදේශයේ ජනවාස ඉදිකිරීමේ වැඩසටහන බාරගෙන තිබෙන්නේ රාජ්‍ය අමාත්‍ය ලකී ජයවර්ධන මහතායි. 

දයා ගමගේ ඇමැතිතුමා කුරුඳු වගා කිරීමේ ව්‍යාපෘතිය සඳහා මේ වනවිට ආධාර උපකාර කරනවා. ඒ නිසා ගම් වැසියන්ට ලැබෙන ඉඩම්වල කුරුඳු වගා කිරීමට ද හැකියි. 

මේ ප්‍රදේශවල කෝකෝවා වගා කිරීමේ වැඩසටහන ද ලක්ෂ්මන් කිරිඇල්ල ඇමැතිතුමා මාර්ගයෙන් අප ආරම්භ කළා. 

මෙරට චොක්ලට් නිෂ්පාදනය සඳහා අවශ්‍ය කෝකෝවා පිටරටින් ගෙන්වීමට සිදුව තිබෙනවා. ඒ නිසා කොකෝවා නිෂ්පාදනය කරන වැඩසටහන ක්‍රියාත්මක කිරීමෙන් ගැමි ආර්ථිකය ශක්තිමක් කළ හැකියි. චොකලට් නිෂ්පාදන සමාගම් කොකෝවා මිලදී ගැනීමට කැමැත්ත පළ කරනවා.

 මීට අමතරව වෙනත් භෝග වගා කිරීමට ද අවස්ථාව තිබෙනවා. කෝපි වගා කිරීමටත් හැකියි. අතීතයේ සිට මහනුවර භෝග වගා කිරීම වෙනුවෙන් ප්‍රසිද්ධිය උසුලනවා. 

අතීතයේ කන්ද උඩරට ආරක්ෂා වූයේ මාර්ග නොතිබූ නිසයි. දැන් මාර්ගවලින් මහනුවර විශාල දියුණුවක් ලබනවා. 
ඊට අමතරව අප දැන් මධ්‍යම අධිවේගී මාර්ගය ඉදිකරමින් සිටිනවා. එය නුවරට පිවිසීම සඳහා වේගවත් දොරටුවක් වශයෙන් හැඳින්විය හැකියි. වසර පහක් ගත වීමට පෙර මධ්‍යම අධිවේගී මාර්ගයේ වැඩ අවසන් කරනවා. 

බාන්ස් සහ ඩෝසන් යන සුදු ඒජන්තවරුන්ට මහනුවර කොළඹ මාර්ගය ඉදි කිරීමට වසර 10 ක් ගත වුණා. මධ්‍යම අධිවේගී මාර්ගය ඉදි කළ පසුව කොළඹ මහනුවර එකතු වෙනවා. එමෙන්ම කොළඹ මහනුවර එකතු කරන විශාල නාගරික තීරුව ද ඇති වෙනවා. 

මධ්‍යම අධිවේගී මාර්ගය පිළිබඳව අප තීරණය කළේ 2002 වසරේදීයි. අප එදා මධ්‍යම අධිවේගී මාර්ගය ඉදි කිරීම පිළිබඳව සැලැස්මක් හැදුවා. ආණ්ඩුව මාරු වීමත් සමග පාරත් නැතිවුණා. 

කෙසේ හෝ නැවත මාර්ගය ඉදිකර ගැනීමට අපට හැකියාව ලැබුණා. මධ්‍යම අධිවේගී මාර්ගය ඉදිකිරීම පසෙක තබා වෙනත් මාර්ග ඉදි කර තිබූ ආකාරය අප දුටුවා. රටේ ප්‍රධාන නගර දෙක අතර යාමට පැය පහක කාලයක් ගත වුණා. මේ නිසා ජනතාව විශාල දුකක් වින්දා. නව මාර්ගය ඉදි කිරීම නිසා ජනතාවට විශාල සහනයක් සැලසෙනවා. 
ඉන් පසුව මහනුවර විශේෂ දියුණුවට ලක්වීමට නියමිතයි. මහනුවර තවත් තේ කෞතුකාගාරය පිහිටු වීමට නියමිතයි. බෝගම්බර සංස්කෘතික මධ්‍යස්ථානය ලෙස දියුණුවට පත් වෙනවා. තවත් හෝටල කීපයක් ඉදි කෙරෙනවා. ජල නළ යෝජනා ක්‍රමය දීමටත් අප ක්‍රියා කරනවා. 

කෙටි කාලීන සංවර්ධනය තුළින් ජනතාවගේ අතට මුදල් දීමටත්, මුදල් පරිහරණය වැඩි කිරීමටත් ආර්ථික දියුණුව වැඩි කිරීමටත් වැඩසටහන් ක්‍රියාත්මකයි. 

දැන් ආර්ථිකයේ ස්ථාවර බව ඇතිකර තිබෙන නිසා මීට වඩා ශීඝ්‍ර කෙටි කාලීන සංවර්ධනය ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් සමඟ එක්ව ඉදිරියට ගෙන යනවා. 

ජනාධිපතිතුමා ග්‍රාම ශක්ති වැඩසටහන ආරම්භ කළා. අධ්‍යාපන ඇමැතිතුමා ළඟම පාසල හොඳම පාසල වැඩසටහන ආරම්භ කර තිබෙනවා. දිගම්බරන් ඇමැතිතුමා වතුකරයේ ජනාවාස පිහිටුවන වැඩසටහන ආරම්භ කළා. ස්වාමිනාදන් ඇමැතිතුමා යටතේ උතුරේ නිවාස 50,000 ඉදිකිරීමේ වැඩසටහන ක්‍රියාත්මකයි. 

සජිත් ප්‍රේමදාස ඇමැතිතුමා යටතේ  නිවාස ණය දීමටත්, මධ්‍යම පාන්තිකයන්ට නිවාස ඉදිකර ගැනීම සඳහා මිලියන පහට වැඩි නොවන ණය දෙන වැඩ සටහනක් ක්‍රියාත්මක කරනවා. 

චම්පික රණවක ඇමැතිතුමාගේ අමාත්‍යාංශය යටතේ අඩු ආදායම්ලාභීන්ට නිවාස ඉදිකිරීම සඳහා බිලියන 20ක් වෙන් කළා. 

දොස්තර රාජිත සේනාරත්න සෞඛ්‍ය ඇමැතිවරයා යටතේ වෛද්‍ය කටයුතු සඳහා විශාල සහනයක් දීමට හැකි වූවා. අප ජනතාවට මේ සහන දුන්නේ වැඩිපුරම රටට බර පැටවුණු ණය ගෙවන යුගයේදීයි. දැන් යම් සහනයක් ආර්ථිකයේ ස්ථාවර බව ඇති වූ නිසා තවත් ජනතා සහන දීමට හැකියි. 

ගම්පෙරළිය වැඩසටහන සුළු පරිමාණ මධ්‍යම පරිමාණ ව්‍යාපාර සඳහා ණය දීම ආදී වැඩසටහන් ක්‍රියාත්මකයි. දැන් සංවර්නයට රට සූදානම්. එදා අමාරු තත්ත්වයේ සිට භාරගත් රට අද මා ඉදිරියට ගෙන යනවා. 

ඊළඟ මාස 18 තුළ මන්ත්‍රීවරුන්ට සම්පත් දෙනවා. ගමට ගොස් වැඩ කරන්න ගමේ ඉන්න. ඒ අතර පන්සල් පල්ලි දේවස්ථාන සඳහා අධාර දීමත් මා අමතක කරන්නේ නැහැ. 

එමෙන්ම විදේශ ආයෝජන ලබා ගැනීමත් විශාල දියුණුවක් ගැනීමටත් අප ආරම්භ කළා. 

අප අමාරු කාලයට මුහුණ දුන්නා. බයවී දිව්වේ නැහැ. අතහැර දැමුවේද නැහැ. ප්‍රජාතන්ත්‍රවාදය නැති කරන්න ගියේ නැහැ. ඒ වෙනුවට අප ඉදිරිපත්වී කෙටි කාලීන සංවර්ධනය ආරම්භ කළා. 

රැකියා දීම සමෘද්ධි සහනාධාර වැඩි කිරීම රජයේ රැකියා ඇබෑර්තු පිරවීම ආදිය මූලික කර ගනිමින් ඊළඟ මාස 18 වැඩ කටයුතු සර්ථකත්වයට ගෙන යනවා යයි ද රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් කීවේය. 

රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන සහ මහනුවර සංවර්ධන අමාත්‍ය, සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා. 

පසුගිය මැතිවරණයේදී අප වතුකරයේ ජන නායකයින් හමුවුණා. වතුකරයේ ලයින් සංස්කෘතිය අවසන් කරන ලෙස එහිදී ඔවුන් ඉල්ලීමක් කළා. මෙලෙස සෑම වතු කම්කරු පවුලකටම පර්චස් 7 ක් දෙන්නේ ඒ අනුවයි. 

පොදු ජන එක්සත් පෙරමුණ රජය වතුකරයේ ඉඩම් සමාගම්වලට දුන්නා. නමුත් සාමාන්‍ය ජනතාවට ඉඩම් දුන්නේ නැහැ. 

අපේ පක්ෂයේ අරමුණ ශ්‍රී ලාංකික අනන්‍යතාව බිහි කිරීමයි. සිංහල අයට මුස්ලිම් අයට දෙමළ අයට වැඩියෙන් සලකන පක්ෂ තිබෙනවා. නමුත් එක්සත් ජාතික පක්ෂය එසේ නොවෙයි. 

ඉන්දියාවේ ප්‍රභල භාෂා 25 ක් තිබෙනවා. නමුත් ඒ සියලුමදෙනා ඉන්දීය ජාතික අනන්‍යතාව රැකගෙන ඉන්නවා. අපත් ඒ තත්ත්වය ළඟා කර ගත යුතුයි. අද අප රටේ සියලුම ජාතීන්ට නිදහසේ ජීවත් විය හැකි පරිසරය නිර්මාණය කරලා. 
අප නීතියේ උත්තරීතර බව ආරක්ෂා කළා. කිසිවකුත් අද අතුරුදන් වෙන්නේ නැහැ. ශීලාචාර ආණ්ඩුව බිහි කරන්න අපට හැකි වුණෘ. එය රුපියල් ශතවලින් මනින්න බැහැ. 

ලංකා ජාතික වතු කම්කරු සංගමයේ ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවෙල් සුරේෂ් මහතා. 

අපට ලොකු චෝදනාවක් තිබුණා. 2005 වසරේ සිට එක්සත් ජාතික පක්ෂයෙන් ජනාධිපතිවරයකු බිහි වුණේ නැහැ. එලෙස වූයේ උතුරු නැගෙනහිර ප්‍රශ්නය නිසයි. 

මෛත්‍රීපාල සිරිසේන ජනපති කළ යුතු බවට රනිල් වික්‍රමසිංහ මහතා දුන් පණිවිඩය අනුව අපේ ජනතාව ඡන්දය පාවිච්චි කළා. අපට සිංහල ජනතාව සමග අත්වැල් බැඳ ගැනීමට හැක්කේ රනිල් වික්‍රමසිංහ මහතා යටතේ පමණයි. 2020 එක්සත් ජාතික පක්ෂ ජනාධිපතිවරයෙකු බිහි කිරීම සඳහා අප සූදානමින් සිටිනවා. 

කඳුරට නව ගම්මාන සහ වතු යටිතල පහසුකම් අමාත්‍ය පලනි දිගම්බරන් මහතා ද අදහස් දැක්වීය. තැපැල් සේවා සහ මුස්ලිම් ආගමික කටුතු අමාත්‍ය අබ්දුල් හලීම් නියෝජ්‍ය ආමාත්‍ය ලකී ජයවර්ධන මහත්වරුන් ද ප්‍රදේශයේ දේශපාලන නියොජිතයන් ඇතුළු විශාල පිරිසක් ද මේ අවස්ථාවට සහභාගී වූහ. 

මේ අවස්ථාවට රාජ්‍ය ව්‍යවසාය හා මහනුවර නගර සංවර්ධන අමාත්‍ය සහ සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල, කඳුරට නව ගම්මාන, යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන අමාත්‍ය පලනි දිගම්බරම්, තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය එම්.එච්.ඒ. හලීම්, කඳුරට නව ගම්මාන, යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ලකී ජයවර්ධන, පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවෙල් සුරේෂ්, යන මහත්වරුන් සමඟ පළාත් සභා නියෝජිතයෝ, රාජ්‍ය නිලධාරීහු සහ ප්‍රදේශවාසීහු සහභාගී වී සිටියහ.



අදහස් (11)

ආණ්ඩු පක්ෂ මන්ත්‍රීන්ට එන මාස දහ අටේදී වැඩ පෙන්වන්න පුළුවන්

Raveendra Tuesday, 03 July 2018 04:55 AM

මක් කිවා.... දියවන්න ඔයේ ලැග සිටින 225 ටම මේ ආරාධනයයි.... මහජන දේපොල නමැති ඵල දරන ගස් වල මාස 18න් පසු සියලුම ඵල නැතිවියන බැවින් හැකි ඉක්මනින් තමතමන්ගේ අටුකොටු මෙන්ම තමන්ගේ බඩවල් ද මහජන දෙපොල් නැති ඵලවලින් පුරෝවා ගන්නා ලෙස " පින්වත් අම්බරුවන්හට " නැවත වරක් ආරාධනා කරන්නෙමු. මෙයට හිතවත් සදාකල් බලයේ සිටීමට සැමවිටම කැමති සුත්තර පුංචා නොහොත් පිං මාමා.........

:       204       408

athula k Tuesday, 03 July 2018 08:40 AM

මෙය කුරුදු කොකෝව වවමු කියනවා, වවපු දේවල් වලට හරි මිලක් ගන්ඩ බැරිව ගොවියෝ ලතවෙනවා. ඇඹිලිපිටියේ කෙසෙල් වලට වෙලා තියනදේ. අලෙවි දෙපාර්තමේන්තුව වගේ තිබුන රාජ්‍ය ආයතන වහල පුද්ගලික වෙළෙන්දන්ට ඒකාධිකාරය හදල දුන්නේ මෙයලම තමයි.

:       0       266

Senarath Tuesday, 03 July 2018 09:15 AM

අවුරුදු 3 කටත් වඩා වැඩිකාලයක් බුදියගෙන හිටියද ? රටේ කෘෂිකර්මාන්තය සම්පුර්ණයෙන්ම කඩාවැටෙන තැනක වැඩකරලා දැන් මේ මාස 18 මොන කෙන්ගෙඩියක් කරන්නද ? මේ අවුරුදු 3 ට ඇමතිලා නම් හොදට සංවර්ධනය වූ බව මුළු රටම දන්නවා. අද හාල් විතරක් නෙමෙයි , ඉතිහාසයේ මලමු වතාවට පොල් පිටරටින් ගෙන්නලා නම් මේ රජය වාර්තාවකුත් තිබ්බ. ඒ වගේම මහ බැංකුව කොල්ල කාල ලෝක වාර්තාවකුත් තිබ්බ.

:       0       332

Bamunuarachchi Tuesday, 03 July 2018 11:32 AM

ඔව් ඔව් මහජන බැංකුව ඉතුරුයි, ලංකා බැංකුව ඉතුරුයි පුළුවන්නම් දෙන්න වැඩක්. මාස 18න් ඔක්කොම බැංකු ටිකට වැඩදෙන්න පුළුවන්.

:       0       229

kalani Tuesday, 03 July 2018 12:55 PM

ආණ්ඩු බලය ගත් දවස්වලම ක්‍රියාත්මක වුණා නම් ඉදිරි මාස 18ත් සැහැල්ලුවෙන් ගෙවා ගන්න තිබුණා.

:       0       21

Raveendra Tuesday, 03 July 2018 12:57 PM

මාසේ පෝයත් පහුවුණා... තාමත් මොලේ කචල් වගේ... සාමාන්‍යයෙන් ඒවගේ අයට මොලේ අවුල් වෙන්නේ මාසේ පෝය කිට්ටු වෙනකොටනේ...

:       0       165

BamunuarachchiTuesday, 03 July 2018 11:58 PM

මෙයාගේ උපදිනකොටම මොලේ කචල්

:       0       62

Adam Tuesday, 03 July 2018 01:14 PM

මේ අය අපේ රටම කාල ඉවරවෙලා ඉතුරු ටිකත් උලාකන්න උත්සහ කරන්නේ අපේ හැමෝගෙම වගේම රටෙත් කරුමෙට උපන් අයෙක්

:       1       43

MP Tuesday, 03 July 2018 02:11 PM

තව බැංකුවක් කොල්ල කාලාද? කාපු කෙනාව අල්ල ගන්න බැරි ඔහෙලාට මොන වැඩද පෙන්නන්න තියෙන්නේ? අමන කථා! මිනිස්සුන්ව හිඟන්නන් කරලා තව පම්පෝරි කියනවා.

:       0       154

ratna P Wednesday, 04 July 2018 12:32 AM

පහුගිය අවරුදු 3.5 කාලය තුලත් හොඳට වැඩ පෙන්නුවනේ. ඒ විදියටම පෙන්නන්න.

:       0       151

Mohan Friday, 20 July 2018 09:39 PM

අපි වැඩ දැක්කා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

දේශපාලන

‘‘ආර්ථිකය ආරක්ෂා කරන්න අපි සහාය දෙනවා‘‘
2025 මැයි මස 01 689 1

වේදිකාවල බොරුවට කෑ මොර නොදී ඇමරිකා බදුවලින් රටේ කම්කරුවාට වන බලපෑම්වලට සහනයක් ලබාදෙමින් ශ්‍රමිකයන් ඇතුළු, රටේ ආර්ථිකය ආරක්ෂා කරන්න අපේ සහාය ලබාදෙනවා



වර්තමාන ආණ්ඩුව ජනතාවට බරක් නොවන බව ඔප්පු කළා
2025 අප්‍රේල් මස 17 944 9

වර්තමාන ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය සහ මැති ඇමතිවරු රටට සහ ජනතාවට බරක් නොවී වැඩ කළ හැකි බව ඔප්පු කරමින් සිටින බවත් දූෂණය, වංචාව සහ නාස්තිය නතර කර ඇති බව සියය


පච දේශපාලනය රජ වෙලා
2025 අප්‍රේල් මස 17 1195 23

මාලිමා ආණ්ඩුව යටතේ ගොවියා රජ කරවීම කෙසේ වෙතත් පච දේශපාලනය නම් රජ වී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.


ජනපතිට ජපානයෙන් ආරාධනයක්
2025 අප්‍රේල් මස 11 7417 8

මේ වන විට ආණ්ඩුව ශක්තිමත් ජාත්‍යන්තර සබඳතා හදා ගෙන තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අක්කරපත්තුවේ ජන රැළියකදී පැවසීය.


පිරිසිදු පුංචි ආණ්ඩු ටිකක් හදාගන්න
2025 අප්‍රේල් මස 11 892 3

අයවැයෙන් වෙන් කළ මුදල් විනිවිදභාවයෙන් ගමේ සංවර්ධනයට යොදවන්න පිරිසිදු ප්‍රාදේශිය පාලනයක් නිර්මාණය කරගන්නා⁣ ලෙස අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 374 0
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 98 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1125 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site