IMG-LOGO

2025 සැප්තැම්බර් මස 04 වන බ්‍රහස්පතින්දා


අවුරුදු පහකට කලින් මිනිස්සු බයවුණේ කොටියට දැන් මදුරුවට

(වලස්ගල - නිමල් ලන්දගේ)

2015 මුළු අවුරුද්දේම ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 58000 යි. මේ අවුරුද්දේ මැයි මාසේ වෙනකොට විතරක් ඩෙංගු රෝගීන් 70000 යි. ඒ කාලේ කොළඹ මිනිස්සු සතුටින් හිටියා, වරාය නගරය ගැන හිතලා නෙළුම් පොකුණ බලලා ලස්සන අලුතින් ඉදිවන මංමාවත් බලලා. අධිවේගී මාර්ග බලලා. ඒ විදිහට සතුටින් හිටිය කොළඹ මිනිස්සු දැන් සතුටුවෙන්නේ කුණු ලොරිය එනව දකිනකොට.

කාටහරි ඇඟිල්ල දික්කරනව නොවෙයි. මේක බරපතළ ව්‍යසනකාරී තත්ත්වයක්. මේ ඩිංග විසඳගන්න බැරිනම් අපි රටක් විදියට ඉස්සරහට යන්නේ කොහොමද? ඉදිරි මාස දෙක තුළ මේ තත්ත්වය වළක්වාගන්න බැරි වුණත් රටේ විශාල ආර්ථීක අවපාතයක් ඇතිවෙනවා. ආර්ථිකය කඩන් වැටෙනවා. යැයි, මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පේරුම මහතා පැවැසීය. ඔහු මෙසේ පැවසුවේ දික්වැල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ඉකුත් සිකුරාදා පැවැති උත්සව සභාවක් අමතමිනි.

ඩලස් අලහප්පෙරුම හා පාර්ලිමේන්තු මන්ත්‍රී කාංචන විජේසේකර මහත්වරුන්ගේ 2016 වසරේ විමධ්‍යගත ප්‍රතිපාදන යටතේ දික්වැල්ල ප්‍රදේශයේ දහම් පාසල් 38 ක් සඳහා තණකොළ කපන යන්ත්‍රද, ග්‍රාම සංවර්ධන සමිති 12 ක් හා ධීවර සමිති 02 ක් සඳහා ප්ලාස්ටික් පුටු ලබාදීම වෙනුවෙන් මෙම උත්සවය පැවැත්විණි.
එහිදී ඩලස් අලහප්පෙරුම මහතා මෙසේද කීවේය.

වෛද්‍යවරු ඇවිල්ලා රූපවාහිනී නාළිකාවල කියනවා මේ ඩෙංගු වසංගතයට ප්‍රධාන හේතුව තමයි මේ කුණු ඉවත් කරපු නැති එක කියලා. කොළඹට ගියාම බලන්න කුණු කඳු ගොඩ ගැහිලා. පිරිසුදුවට තිබුණු රටට මොකද්ද මේ වුණේ. රාජපක්ෂ ණය නිසා කුණු අයිති කරන්න බැරිකමක් තිබෙන්න විදියක් නෑනේ. මේක බරපතළ තත්ත්වයක්. අවුරුදු පහකට ඉස්සෙල්ලා මිනිස්සු බයවෙලා හිටියා කොටියාට. දැන් බයවෙලා ඉන්නේ මදුරුවාට. පසුගිය අවුරුදු 25 ම හිටපු සෞඛ්‍ය ඇමැතිවරු දැන් ඉන්නේ මේ ආණ්ඩුවේ. දැන් මොකද වෙලා තියෙන්නේ. ඩෙංගු වැළඳිලා රෝහල්වලට ඇතුළු කළ අයගේ තොරතුරු දෙන්න එපා කියලා මාධ්‍යවේදීන්ට වාරණයක් දාලා තියෙනවා.

දැන් හාමුදුරුවනේ, අපේ රටේ මැතිවරණ සිතියම හකුලලා. අවුරුදු 02 යි, මාසයයි, දවස් 02 ක් වෙනවා ප්‍රාදේශීය සභා, නගර සභා අත්හිටුවලා. අක්‍රියවෙලා. දැන් මොකක්ද වෙලා තියෙන්නේ. මොකක්ද ප්‍රතිපලය. වාසියක් තියෙනවාද. මැතිවරණය තියල දිනන්නේ මොන පක්ෂෙද, මොන පාටද කියන එක නෙවෙයි ප්‍රශ්නය. පළාත් පාලනයක් තියෙන්න ඕන. දැන් ප්‍රාදේශීය සභාවක් නෑ. ප්‍රදේශීය සභාව නම් ඝාතනය කරලා දැන් සභාව නෑ. ආයතනයක් තියෙන්නේ. මුළු රටම ඒ නිසා අකර්මණ්‍ය වෙලා තියෙනවා.

විශේෂයෙන් මේ යුගයේ ඔබවහන්සේලා එකඟ වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. මේක මගේ මතය. මේ කසාවත සම්බන්ධයෙන්, මොකද්දෝ නොරිසුම්භාවයක් නොරිස්සුන්සහගත ප්‍රතික්‍රියාවක් අපට දිනපතා දකින්නට ලැබෙනවා. දැන් පසුගිය සති දෙක පුරාම දකින්නට ලැබුණා මොකද්ද මේ රටේ ප්‍රධාන ප්‍රශ්නය රන්ගිරි දඹුලු විහාරයේ පිං කැටේ. රජයේ අමාත්‍යවරු ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වලා කිව්වා, අවුරුදු 20 කදී මිලියන 7200 ක්. ඒ කියන්නේ බිලියන 7.2 ක් මේ විහාරස්ථානයට ලැබිලා තියෙනවා. වෙච්ච දෙයක් නෑ කියලා. පිං කැටේට බැල්ම හෙලන්නේ මොකද? හාමුදුරුවනේ අවුරුදු 20 කදී නොවෙයි, 2015 පෙබරවාරි 27 වැනිදා පැය බාගයකදී බැඳුම්කරු වංචාව මිලියන 12000 යි. ඒක අමතක කරලා එක පැත්තකින් තියලා අවුරුදු 20 කදී මිලියන 7200 ක් එකතු කළා කියන චෝදනාව තමයි රටේ ප්‍රධාන චෝදනාව බවට පත්වුණේ.

අපට පේනවා ඒක නොවෙයි උවමනාව. මේ කසාවතත් සමග උරණ වීමක් අපට පේනවා. තාම කියන්න ඉක්මන් වැඩියි ඒ ඇයි කියලා.

ඉතිහාසයේ කාටහරි ඇඟිල්ල දික් කරල වැඩක් නෑ. චෝදනා කරල වැඩක් නෑ. මම ඔබ වහන්සේලාගෙන් කාරුණික ඉල්ලීමක් කරනවා. මේ රටේ මැතිවරණයක් තියන්න කියන ඉල්ලීම මහා සංඝරත්නය විදියට කියන්න. මැතිවරණ සිතියම අකුලන්න එපා. කවුරු දිනුවත් කවුරු පැරදුණත් දෙවියන්ගේ නාමෙන් මැතිවරණයක් තියන්න කියලා.

ත්‍රෛනිකායික මහා නායක හාමුදුරුවරු ඉල්ලීමක් කළාම ඇස් ඇරුණ බොහෝ දෙනෙකුගේ ඡන්ද අයිතිය කියන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව අපට තියෙන ශුද්ධ වූ අයිතිය. ඒ අයිතිය මිනිසුන්ට ලබාදෙන්න. එදා උතුරු පළාත් සභා මැතිවරණය පවත්වන වෙලාවේ අපේ කැබිනට් එකේ හිටපු සමහර ඇමැතිවරු, මට මතක විදියට චම්පික රණවක ඇමැතිතුමා කිව්වා. මේ මැතිවරණ තියන්න එපා තිව්වොත් ටී.එන්.ඒ. එක දිනනවා. ඒත් ජනාධිපතිතුමා මැතිවරණය තිව්වා.

ජනාධිපතිතතුමා එදා කිව්වා දිනන්නේ ටී.එන්.ඒ. එකද මොකක්ද කියන එක නොවෙයි ප්‍රශ්නය. බිම් බෝම්බ වළලලදාපු භූමියකට ප්‍රජාතන්ත්‍රවාදය අරගෙන යන්න ඕන කියලා. මැතිවරණය තිව්වා. ප්‍රතිඵලය ආණ්ඩු පක්ෂයේ අපේ මන්ත්‍රිවරු දෙන්නනයි. ගමේ භාෂාවෙන් කිව්වොත් කුජීතයක් ගැහුවා. දැවැන්ත දේශපාලන පරාජයක්. හැබැයි ප්‍රජාතන්ත්‍රවාදය ජයග්‍රහණය කළා.

දෙමළ භාෂාව කතා කරන ජනතාවට තමන්ගේම සංස්කෘතික නියෝජිතයින් ලැබුණා. ඔවුන් හරියට ඒ වැඬේ කරනවද නැද්ද වෙනම ප්‍රශ්නයක්. ඒ වගේ දික්වැල්ලේ මිනිස්සුන්ටත් ඒ අයිතිය දෙන්න ඕනෑ. ඒක එජාපය උනත් කමක් නෑ. ජවිපෙ වුණත් කමක් නෑ. ශ්‍රීලනිප වුණත් කමක්නෑ. කාට හෝ ජනතාව කැමැති කෙනෙකුට බලය දෙන්න ඉඩ හරින්න.

දික්වැල්ල නගර සංවර්ධනය, බෙලිඅත්ත පාර පුළුල්කිරීම, අධිවේගී පිවිසුම් මාර්ගය, වැවුරුකන්නල පූජා නගරය, ආදාහනාගාරය ආදී ප්‍රදේශයේ සංවර්ධන යෝජනා සඳහා පෙර රජය යටතේ වෙන්වූ මුදල්වලට සිදුවුයේ කුමක්දැයි සොයා බලන ලෙසද ඩලස් අලහප්පෙරුම මහතා මහා සංඝරත්නයෙන් ඉල්ලා සිටියේය.

පාර්ලිමේන්තු මන්ත්‍රී කංචන විජේසේකර මහතා:- ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරනවනම්, ආණ්ඩුවට විරුද්ධවනම් ඉන්නේ, මොනවහරි හොයනවා. පහුගිය කාලේ අපෙන් උත්සාහ කළා ඩලස් ඇමැතිතුමාගේ බලනවා නඩුවක් දාන්න පුළුවන් තැනක් තියෙනවාද කියලා. දෙවුන්දර දේවාලයට ගිහිල්ලත් තිබුණා මම නිළමේ වෙලා හිටපු කාලේ හරි පිං පෙට්ටියෙන් හරි අරගෙන තියෙනවාද කියලා. දේවාලයේ අරමුදල් සංවර්ධනය කරලා විශාල වැඩ කොටසක් කරලා ප්‍රදේශයේ පන්සල් වලට දහම් පාසල්වලට, ආධාර ලබාදෙන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරනවා. ඒවගේම මහින්ද අමරවීර ඇමැතිතුමාට පසුගියදා කරන ලද අභියෝගයක් නැවත මතක් කරනවා. ධීවර අමාත්‍යාංශය ගැන විවාදහකට ඕනෑම චැනලයක පවත්වන්නට එන්න කියලා.

මෙම උත්සවය අවස්ථාවට දික්වැල්ල සාසනාරක්ෂක බලමණ්ඩල සභාපති පූජ්‍ය ගොඩැල්ලේවෙල රතනනානන්ද, වේළුවනාරාමාධිපති පූජ්‍ය කලුවැල්ගල ධම්මකිත්ති, යන හිමිවරුන් ඇතුළු මහා සංඝරත්නයද, පාර්ලිමේන්තු මන්ත්‍රී කංචන විජේසේකර, හිටපු රාජ්‍ය අමාත්‍ය එච්.ආර්. පියසිරි, පළාත් සභා මන්ත්‍රී සරත් ද අල්විස් හිටපු පළාත් සභා මන්ත්‍රී මදුලාල් වීරසිංහ, දික්වැල්ල ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති ක්‍රිෂාලි මුතුකුමාරණ, උප සභාපති එච්.ආර්. සංජය, දික්වැල්ල ප්‍රාදේශීය ලේකම් බී.එස්. රංජිත්, හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් වන රත්නසිරි ගම්හේවා, කිත්සරි මුතුකුමාරණ, කේ.එච්. විපුලරත්න, ඉරංග මනෝජ්, ඒ. රත්නායක. ලේකම් කාර්යාලයේ සහකාර අධ්‍යක්ෂ (සැලසුම්) මාලනී වී. පතිරණ මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් එක්වූහ.



අදහස් (0)

අවුරුදු පහකට කලින් මිනිස්සු බයවුණේ කොටියට දැන් මදුරුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 337 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16525 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 623 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site