IMG-LOGO

2025 සැප්තැම්බර් මස 10 වන බදාදා


’’අලියට මුවා වී කුමන්ත්‍රණකරන අයත් අප හා එක්වෙන්න’’

 (නිමල කොඩිතුවක්කු)

එක්සත් ජාතික පාක්ෂිකයන්ට ගිලිහී ගිය  ජයග්‍රහණය සහ අභිමානය යළි ලබා ගැනීම විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුතු “සමගි ජන බලවේගය” බිහිකිරීමේ අරමුණ  බව  පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර මහතා පැවැසීය.

පාක්ෂිකයන් වෙනුවෙන් එකමුතුබව ඇතිව නව සංධානය හා එක්ව ඉදිරියට යාමට අලියට මුවාවී තමන්ගේ පටු වාසි වෙනුවෙන් කුමන්ත්‍රණ සිදුකරන කිහිපදෙනාට ආරාධනා කර සිටින බවද මන්ත්‍රීවරයා  සඳහන් කළේය.

කොළඹ, මාර්කස් ප්‍රනාන්දු මාවතේ විපක්ෂනායක කාර්යාලයේ  ඊයේ (13) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්  ඔහු මේ බව පැවැසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර මහතා මෙසේද කීය.

“මේ ආණ්ඩුව බලයට පත්වෙලා දින සීයකට ආසන්න වෙලා තියෙනවා. අපි දින 100 යේ ආණ්ඩුවේ කරපු වැඩයි මේ ආණ්ඩුව දින 100 න් කරපු වැඩයි උරගා බලන්න දැන් ජනතාවට අවස්ථාව උදාවෙලා තියෙනවා.

2015 ජනවාරි 08 වැනිදා අපේ ජනාධිපති අපේක්ෂකයා ජයග්‍රහණය කරලා අපි දින 100 ආණ්ඩුව එදා හැදුවා.  දින 100 ආණ්ඩුව යටතේ අපි ඉන්ධන මිල අඩු කළා. රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩි කළා, ජනතාවට සහන දුන්නා.  19 වැනි සංශෝධනය ඉදිරිපත් කර ස්වාධීන කොමිෂන් සභා ඇති කළා. ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී නිදහස තහවුරු කරන්න ඒ කෙටි කාලය තුළ අපිට හැකි වුණා.

මේ සියල්ල සිදුකළේ අපි මන්ත්‍රී ධුර 42ක් තියාගෙනයි. දැන් මේ පත්වෙලා ඉන්න ආණ්ඩුව රටේ ජනතාවට සහන දෙන්න තුනෙන් දෙකක් ඉල්ලා සිටිනවා. ජනතාවට සහන දෙන්න  අවශ්‍ය බහුතරය ලබාදෙන්න අපි කොන්දේසි විරහිතව ආණ්ඩුවට සහය දෙන්න ඉදිරිපත් වුණා. නමුත් මේ ආණ්ඩුවට කිසිදු ජනතාවාදී වැඩපිළි​වෙළක් නොමැති බවට දැන් ජනතාවට පැහැදිලිව පෙනී යනවා.

මේ ආණ්ඩුවට ඡන්ද ලක්ෂ 69ක් ලැබුණා. මේ අය හිතන් ඉන්නේ මේ ලක්ෂ 69 ම රාජපක්ෂ පස්සෙ යන බයියො පිරිසක් කියලා. හැබැයි ඒ අය දන්නේ නැහැ මෙතන ලක්ෂ 25ක් පමණ මධ්‍යස්ථ මතධාරීන් පිරිසක් ඉන්නවා කියලා. අද ඒ සියලු දෙනාම පාහේ මේ ආණ්ඩුවේ වැඩපිළිවෙළ විවේචනය කරමින් සිටිනවා. අද ඔවුන්ට මේ ආණ්ඩුව වහකදුරු ගානයි.

ගෝඨාභය රාජපක්ෂ මහතා  රටේ ජනාධිපති වුණාට මේ අර පරණ සෙට් එකම තමයි මැති ඇමතිකම්  කරගෙන ඉන්නේ. 2015ට පෙර තිබුණු පරණ තැටියම දැන් වාදනය වෙමින් තිබෙනවා.

ගෝඨාභය රාජපක්ෂ  මහතා දිවුරුම් දෙන්න තනි වාහනේ ආවට රාජපක්ෂ මහතා  ඉන්දියාවට ගියේ විශාල පිරිසක් පිරිවරාගෙනයි. අද ඥාති පරම්පරාව විතරක් නෙමෙයි  විහිළුකාරයො, කිරිහාමිලා, අප්පුහාමිලා  සියලු දෙනාම පිරිවරාගෙන තමයි රට යන්නේ. මේ ආණ්ඩුවට  විදේශ රටවලින් ඇවිල්ලත් මිනිස්සු ඡන්දය දුන්නලු. මේ අයටත් අද මුහුණ දෙන්න බැරි විදියටයි මේ ආණ්ඩුව වැඩකරගෙන යන්නේ.

සජිත් ප්‍රේමදාස මහතා විපක්ෂනායකයා විදියට  මේ සංධානයට නායකත්වය ලබාදෙනවා. කෘත්‍යාධිකාරි  මණ්ඩලයෙන් මේකට අනුමැතිය ලැබුණහම  බොහෝම සද්භාවයෙන්  අපේ නායකකාරකාදීන් මේ වැඩේට උදව් කරාවි කියලා  අපිත් හිතුවා. නමුත් සද්භාවයෙන් නෙමෙයි ඒ කටයුත්ත මේ අය කරන්නේ කියලා දැන් අපිට පැහැදිලි වී තිබෙනවා.

දැන් මේ අය අපේ අලුත් සංධානයට දුස්රා පන්දු  දානවා. අලියා ලකුණට  මුවාවෙලා මේ අය තමන්ගේ න්‍යායපත්‍රය යළි ක්‍රියාත්මක කරන්න උත්සාහ කරනවා. අපි සියලු දෙනාම එක්සත් ජාතික පාක්ෂිකයන්.  ඒත් අපිට මේ අලියට මුවාවෙලා කරන මේ කුමන්ත්‍රණයට හසුවෙන්න බැහැ.

ඔය අලියා ඉදිද්දීම තමයි සරත් ෆොන්සේකා, මෛත්‍රීපාල සිරිසේන  සහ සජිත් ප්‍රේමදාස යන මහත්වරුන් ජනාධිපතිවරණයට හංසයාගෙන් ඉල්ලුවේ.  දැන් අලියා ගැන කිඹුල් කඳුළු හෙලන අය එදා  කිඹුල් කඳුළු හෙලුවේ නැහැ.

අපි මේ පුළුල් සංධානය හදන්නේ එක්සත් ජාතික පාක්ෂිකයන්ට  ජයග්‍රහණය සහ අභිමානය  ලබාගන්නයි. අපි අලියගෙන් වසර ගණනාවක් ඉල්ලුවා. හැබැයි  අපිට ජයග්‍රාහී වැඩපිළිවෙළ සකස් කරගන්න බැරුව ගියා.  පාක්ෂිකයන් තුළ අලියට  තියෙන ආදරය දඩමීමා කරගෙන  සමහරු උත්සාහ  කරනවනම් තමන්ගේ පෞද්ගලික න්‍යායපත්‍ර ඉටු කරගන්න ඒකට අවස්ථාව දෙන්න බැහැ.

එක්සත් ජාතික පක්ෂය කියන්නේ රනිල් වික්‍රමසිංහ මහත්තයවත්, අකිල විරාජ් කාරියවසම්වත්, මේ පාර්ලිමේන්තුව නියෝජනය කරන අපි කීප දෙනාවත් නෙමෙයි.  සිරිකොතේ යතුර, ව්‍යවස්ථාපිත බලය තියෙන්න පුළුවන්, අලියා තියෙන්න පුළුවන් නමුත් පාක්ෂිකයන් රැකගැනීමේ වැඩපිළිවෙළක් අවශ්‍යයි.

අපි මේ හදන  පුළුල් සංධානය ජනගත කළහම මේ ආණ්ඩුවට විරුද්ධ සියලු දෙනා  ඒකරාශී කරන්න අපි බලාපොරොත්තු වෙනවා. 113 ඉලක්කයට  අවශ්‍ය වැඩපිළිවෙළ අපි ක්‍රියාත්මක කරනවා.යැයිද ඔහු එහිදී පැවැසීය.



අදහස් (0)

’’අලියට මුවා වී කුමන්ත්‍රණකරන අයත් අප හා එක්වෙන්න’’

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 622 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17598 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 725 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site