IMG-LOGO

2025 සැප්තැම්බර් මස 10 වන බදාදා


‘අරලියගහ මන්දිරේ ෆයිල් කතාවම ගේම් එකක්’

(බිඟුන් මේනක ගමගේ) 


පැවැති රජයේ හිටපු ඇමැතිවරුන්ගේ සාමාන්‍ය ක්‍රියාපටිපාටියෙන් බැහැර ගනුදෙනුවල තොරතුරු ඇතුළත් රාජපක්ෂ මහතා කර ඇති ප්‍රකාශය සත්‍යයෙන් තොර යැයි එක්සත් ජාතික පක්ෂ මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා අද (22) පැවසීය.

අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රකාශය තනිකරම ගේම් එකක් යැයි ද එක්සත් ජාතික පක්ෂය නව රජය සමඟ ඩීල් දමන බවට ජනතාවට ඒත්තු ගැන්වීමේ වුවමනාවෙන් කරන ලද එකක් යැයි ද කාරියවසම් මහතා චෝදනා කළේය.

සිදුවන ඇතැම් දේවල් කුමන්ත්‍රණ යැයි එක්සත් ජාතික පක්ෂයේම අඳබාල පිරිස් ද චෝදනා කර තිබෙනු තමා දුටුවේ යැයි කී හෙතෙම සිය පහත් දේශපාලන න්‍යාය පත්‍ර ක්‍රියාවට නැගීමට එක්සත් ජාතික පක්ෂය ඉලක්ක කරගැනීම කනගාටුවට කරුණක් බව අවධාරණය කර කීය.

‘ලංකාදීප’ සඳුදා හමුව දේශපාලන සාකච්ඡාවේදී නැගූ ප්‍රශ්නයකට පිළිතුරු වශයෙන් කාරියවසම් මහතා මේ බව කීය.

එක්සත් ජාතික පක්ෂ මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා මෙසේ ද කීය. 

“ඔය ෆයිල් කතාවම ගේම් එකක්නෙ. පැහැදිලවම පේනවා මේ පටලවන්නයි හදන්නේ කියලා. යූ.එන්.පී එක ඩීල් එකක් දාන්න හදනවා කියලා පටලන්නනේ එයාලට ඕනෑ. මේ හැම දෙයක්ම එජාපයේ කුමන්ත්‍රණ යැයි අපෙත් සමහර අඳබාලයෝ කියලා තිබෙනවා මම දැක්කා. තමන්ගේ පහත් දේශපාලන න්‍යාය පත්‍ර ක්‍රියාවට නගන්න සමහරු එජාපයට චෝදනා කරනවා.” 

“ඔය වගේ දේවල් නෙවෙයි. ඇත්තටම ගත්තොත් මේ කැබිනට් මණ්ඩලයේ ඉන්න බොහෝ දෙනා සිරගත විය යුතු අයයි. අපි ඒ සිදුවීම් නීතියට බාරදුන්නා විනා මේ වගේ අතගැසීම් කළේ නෑනෙ. හොරු මංකොල්ලකාරයෝ ඔක්කොම අපේ කාලයේ බේරිලා ගියා කියලයි මටත් හිතෙන්නේ.

විවිධ ආකාරවලට ඒවා බේරාගත්තා කියලත් අපට පේනවා. පොලිස් දෙපාර්තමේන්තුව, එෆ්.සී.අයි.ඩී, අධිකරණය වෙන්න පුළුවන්. අපි කොච්චර නිදහස දී තිබුණත් ඒවා හරියාකාරව ක්‍රියාත්මක වුණාද කියලා ජනතාවගෙන් අහන්න අපි කැමැතියි. ”



අදහස් (2)

‘අරලියගහ මන්දිරේ ෆයිල් කතාවම ගේම් එකක්’

ප්‍රියන්ත Sunday, 22 December 2019 02:38 PM

එතුමා කොහොමත් ෆයිල් පෙන්නලා ඇමතිවරු බයකරගෙන ඉන්න දක්ෂයා කියලා හැමෝම දන්නවා.

:       22       14

lalithm Monday, 23 December 2019 03:32 AM

මොනවා කිව්වත් වැඩක් නැහැ. ඔය තොත්ත බබත් 2015 ජයග්‍රහණය විනාශ කල රොත්තේ මුලටම ඉන්න කෙනෙක්. ආයිමත් ඡන්දෙ ඉල්ලන්න නම් එපා. අපිට පව් ඔයාලට ඡන්දෙ දුන්නට.

:       13       37

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 629 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17609 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 725 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site