IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


අර්බුදය ආර්ථික සභාවට පවරන්න එජාපෙට බෑ - මහින්ද සමරසිංහ

ඩයනා උදයංගනී
 
වත්මන් රජය පිහිටවූ දින සිටම මුදල් අමාත්‍යාංශයත්, මහ බැංකුවත් පැවතියේ අගමැතිවරයා ප‍්‍රධාන එක්සත් ජාතික පක්‍ෂය යටතේ බැවින් රටේ ආර්ථික අර්බුදය පිළිබඳ වගකීම ජනාධිපතිවරයා යටතේ ඇති ජාතික ආර්ථික සභාවට පවරා  නිදහස් වීමට එ.ජා.පයට නොහැකි බව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මාධ්‍ය ප‍්‍රකාශක, වරාය හා නාවුක කටයුතු අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා පැවසීය.
 
ජාතික ආර්ථික සභාව පිහිටුවා ගත වූයේ මාස 6ක් පමණ බව කී ඇමතිවරයා එතෙක් ආර්ථික කළමනාකරණය සම්බන්ධයෙන් සොයාබැලීම සිදුකළේ අග‍්‍රාමාත්‍යවරයාගේ ප‍්‍රධානත්වයෙන් යුත් ආර්ථික අනුකමිටුවක් මගින් බව ද සඳහන් කළේය.
 
අනවශ්‍ය ආනයන අඩු කර අපනයන වැඩි කළ යුතු බවත්, දේශීය කර්මාන්ත හා ව්‍යාපාරිකයින්ට අවස්ථාව දිය යුතු බවත් ජනාධිපතිවරයා පැවසුවේ ආර්ථික සභාව පත්කරන්නට වසර දෙකකට පෙර සිට බව කී ඇමතවරයා එම යෝජනා දැන් හෝ ක‍්‍රියාත්මක කිරීමට රේඛීය අමාත්‍යාංශ කටයුතු කිරීම ගැන සතුටු වන බව ද කීවේය.       
 
ඇමති මහින්ද සමරසිංහ මහතා මේ බව පැවසුවේ කොළඹ, ඩාර්ලි පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මූලස්ථානයේදී අද (4) පැවති මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු නැගූ පැනයකට පිළිතුරු දෙමිනි.
 



අදහස් (5)

අර්බුදය ආර්ථික සභාවට පවරන්න එජාපෙට බෑ - මහින්ද සමරසිංහ

Saththaya Friday, 05 October 2018 03:38 AM

මහජනතාවට ප්‍රශ්නයක් වී ඇත්තේ සන්දාන රජය කියන්නේ ආණ්ඩු දෙකක්ද යන වග . බලයට ආවේ පක්ෂ පාට නොබලා රටට සේවය කරලා , රටේ සම්පත් හොරා කාපුවට දඩුවම් කරලා , හොරාකාපුව නැවත රටට ආපසු අරගෙන රට දියුණු කරන්නය් . ආර්ථික සබාව පවර ගත්තානම් , ආර්ථිකය දියුණු කරන්න , නගා සිටුවීමට මොනවාද කලේ ? ඒවා කලේ හුදෙක් පක්ෂයට ලකුණු දා ගැනීමක් විතරය් . අනික් පක්ෂය කපා හැරීමට විතරය් . දැන් බොලේ පාස් කරන කතා කියන්න , ලැජ්ජ වෙන්න ඕන . මේ රට තවත් කෑවේ ඔය ප්‍රතිපත්තිය නිසය් . ඒක තමය් ඇත්ත . අපි දන්නා තරමට හැමෝගෙම බලාපොරොත්තුව වුනේ විනාශකාරී මහපුටුව අහෝසි කිරීමය් . තවමත් වෙන්නේ ගිය වකවානුව වගේ පවුල් බලය ගොඩ නගන යුගයක් බිහිකිරීම විතරය් .

:       142       819

upali Friday, 05 October 2018 04:57 AM

අපනයටත් බදු ගහන රටක් මේක.

:       0       6

Shan Friday, 05 October 2018 05:41 AM

දැන්වත් වහල් වැඩ කරන එක නවත්තනවා හලෝ. ලැජ්ජයි.

:       0       216

Mf Friday, 05 October 2018 07:21 PM

ඔය මොන සභාවකින්වත් වැඩක් ජනතාවට.

:       0       0

Bamunuarachchi Friday, 05 October 2018 11:00 PM

නරකද ආර්ථික අර්බුදයට හේතුව අර 62 ට දැම්මොත්. එතකොට ඔය දෙගොල්ලොම බේරිලා.

:       533       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 739 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 565 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 454 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site