IMG-LOGO

2025 මැයි මස 02 වන සිකුරාදා


අමාත්‍ය මණ්ඩල සංශෝධනය පුස්සක් වේවි

(නාලක සංජීව දහනායක)

එක්සත් ජාතික පක්‍ෂය හා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය අතර ඇති වී තිබෙන අවුල්සහගත තත්ත්වය නිසා කැබිනට් මණ්ඩල සංශෝධනයේදී විද්‍යාත්මකව විෂයන් වෙන් කිරීමට හැකියාවක් නැතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා ඊයේ (9) පැවැසීය.

එබැවින් ඉදිරියේදී සිදුකිරීමට නියමිත අමාත්‍ය මණ්ඩල සංශෝධනය පුස්සක් වනු ඇතැයි ද මහාචාර්යවරයා කීය.
බත්තරමුල්ල, නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු කාර්යාලයේදී ඊයේ (9) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.

මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා මෙසේද පැවැසීය.

විශ්වාසභංග යෝජනාවේදී අගමැතිවරයාට විරුද්ධව ඡන්දය දුන් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ අමාත්‍යවරුන් දහසය දෙනා එම තනතුරුවලින් ඉවත් කරන ලෙසට එක්සත් ජාතික පක්‍ෂය විසින් ජනාධිපතිවරයාට දැනුම් දී තිබෙනවා. නමුත් ජනාධිපතිවරයා විසින් එම ඉල්ලීම ප්‍රතික්‍ෂේප කර තිබෙනවා. එනිසා එම අමාත්‍යවරුන් දහසය දෙනා අගමැතිවරයා සමඟ තවමත් එකම කැබිනට් මණ්ඩලයේ කටයුතු කරනවා. මේක මහ පුදුම සහගත තත්ත්වයක්. 

එමෙන්ම ජනාධිපතිවරයා විවේචනය කළ එක්සත් ජාතික පක්‍ෂයේ අමාත්‍යවරුන් ද එම තනතුරුවලින් ඉවත් කළ යුතු බවට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය විසින් ඉල්ලා තිබෙනවා. රජයේ පොදු අරමුණු ක්‍රියාත්මක කිරීම කැබිනට් මණ්ඩලයේ වගකීමක්. ඔවුන් කිසිවිටකත් කැබිනට් මණ්ඩලයේ තීන්දු තීරණ විවේචනය නොකළ යුතුයි. කැබිනට් මණ්ඩලයේ එලෙස සුහදතාවක් ඇතිවීමටනම් ඔවුනොවුන් අතරේ අන්‍යෝන්‍ය වශයෙන් ලෙංගතුකමක් තිබිය යුතුයි.

නමුත් ආණ්ඩුව නියෝජනය කරන ප්‍රධාන දේශපාලන පක්‍ෂ දෙක මේ ආකාරයට කා කොටා ගැනීම තුළ ආණ්ඩුවට සාර්ථක ගමනක් යන්න බැහැ. ජනතාවට සේවයක් සිදුකිරීම වෙනුවට මේ කැබිනට් මණ්ඩලය තුළ මහා සංග්‍රාම සිදුවෙනවා. මේ දිනවල නැවතත් කැබිනට් මණ්ඩල සංශෝධනයක් පිළිබඳව කතාබහක් ඇති වී තිබෙනවා. මේ අර්බුද මැද විද්‍යාත්මක ආකාරයෙන් විෂයන් සංශෝධනය කරන්න බැහැ. මොනවා හෝ ගැටගහගෙන මේ විදියටම ඉස්සරහට යාවි.

විශ්වාසභංග යෝජනාවේදී ක්‍රියා කළ යුතු ආකාරය සම්බන්ධයෙන් මහින්ද අමරවීර මහතාගේ නිවයේ පසුගියදා සාකච්ඡාවේදී විශ්වාසභංගයට පක්‍ෂව ඡන්දය දීමට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය තීරණය කර තිබුණා. ඒ තීරණය නිමල් සිරිපාල ද සිල්වා අමාත්‍යවරයා විසින් එක්සත් ජාතික පක්‍ෂයට දැනුම් දුන්නා. විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී දේශපාලන පක්‍ෂ නියෝජිතයන් තම පක්‍ෂයේ මතය අනුව කටයුතු කළා. ඒ දේශපාලන පක්‍ෂවලට විනයක් තිබුණා. නමුත් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය තුළ එහෙම විනයක් තිබුණේ නැහැ.

පක්‍ෂය විසින් ගත් තීන්දුව සම්බන්ධයෙන් අමාත්‍යවරුන් පිල් බෙදුණා. ඔවුන්ගේ ඒ වෙනස්වීම නිසා විශ්වාසභංග විවාදයේදී අපිත් සමඟ එක්ව ඡන්දය ප්‍රකාශ කිරීමට සූදානමින් සිටි එක්සත් ජාතික පක්‍ෂයේ අමාත්‍යවරුන් ද තමන්ගේ තීරණය වෙනස් කර ගත්තා.

මේ විශ්වාසභංග යෝජනාව නිසා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ පදනම දෙදරා ගියා. ස්ථිර තීරණයක් ගන්න බැරිව පක්‍ෂය අයාලේ යනවා. විශ්වාසභංග විවාදයේදී අගමැතිවරයා ආරක්‍ෂා කිරීමට ක්‍රියා කළ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ අමාත්‍යවරුන්ට අවුරුදු තෑගි ලබාදීම මේ වනවිට ආරම්භ කර තිබෙනවා. දැනටමත් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය නියෝජනය කරන අමාත්‍යවරයකුට රුපියල් ලක්‍ෂ හාරසිය තිහක් පමණ වටිනා වාහනයක් මිලදී ගැනීම සඳහා පාර්ලිමේන්තුවට පරිපූරක ඇස්තමේන්තුවක් ඉදිරිපත් කර තිබෙනවා. කැබිනට් ඇමැතිවරුන්ට සුර සැප ලබාදෙන මේ ආණ්ඩුව ජනතාව වෙනුවෙන් කිසිවක්ම සිදුකරන්නේ නැහැ.  

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ නායකත්වය විසින් එක්සත් ජාතික පක්‍ෂය ආරක්‍ෂා කරනවා. එක්සත් ජාතික පක්‍ෂ නායකත්වය අර්බුදවලට ලක් වූ සෑම අවස්ථාවකදීම නායකත්වය විසින් නොයෙකුත් දේ දෙමින් අර්බුද යට ගහනවා. අර්බුද සමනය වූ වහාම දුන් පොරොන්දු අමතක කරනවා. මෙවර ඇති එකම වෙනස තීන්දු තීරණ ගැනීම සඳහා නායකත්ව මණ්ඩලයක් පත් කිරීම පමණයි.

මේ වනවිට විපක්‍ෂය ලෙස පිළිගනු ලබන දමිළ සන්ධානය අපේ රටේ සැබෑ විපක්‍ෂය ලෙස පිළිගන්න බැහැ. ඔවුන් සෑම විටම ක්‍රියා කරන්නේ රජයේ අන්තර්ගත කොටසක් ලෙසටයි. ඒ නිසා මහින්ද රාජපක්ෂ මහතා විසින් නම් කරනු ලබන පුද්ගලයකුට විපක්‍ෂ නායකත්වය ලබාදිය යුතුයි. විශ්වාසභංග යෝජනාවට විරුද්ධව තම ඡන්දය ලබාදීම සඳහා ඔවුන් අගමැතිවරයා සමඟ ලිඛිතව පොරොන්දු අත්සන් කර ගත්තා. උතුරු නැගෙනහිර පළාත්වල හමුදා කඳවුරු ඉවත් කිරීම, එම ප්‍රදේශවලට දෙමළ ජාතික දිසාපතිවරුන් පමණක් පත්කිරීම, එම ප්‍රදේශවල රැකියා අවස්ථා වෙනත් ප්‍රදේශවල පුද්ගලයන්ට ලබානොදීම ආදී පොරොන්දු එයට ඇතුළත්ව තිබෙනවා. එකම භාෂාවක් පමණක් කතාකරන පුද්ගලයන් තනතුරුවලට පත්කිරීම සංහිඳියාවට බාධාවක්.   

පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා මෙසේ පැවැසීය. 

මේ ආණ්ඩුව යටතේ මුළු රටම කැඳ හැළියක් වෙලා. නොගැළපෙන අය ගළපා ගනිමින් 2015 ජනවාරි 8 වැනිදා බිහිකර ගත් මේ යහපාලන දරුවා අංගවිකල වන බව අපි මුලින්ම කිව්වා. එදා අපි කිව් දේවල් සැබෑ වී තිබෙනවා.
විශ්වාසභංග යෝජනාව ජයග්‍රහණය කිරීම පිළිබඳව ආණ්ඩුව මේ වනවිටත් උදම් වෙනවා. ඒ ගැන ඔච්චරටම ආඩම්බර වෙන්න පුළුවන්නම් ඉදිරි පළාත් සභා මැතිවරණ පවත්වන ලෙසට අපි ආණ්ඩුවට අභියෝග කරනවා.

සාමාන්‍යයෙන් පාර්ලිමේන්තු සම්ප්‍රදාය අනුව පාර්ලිමේන්තුවේ වැඩිම මන්ත්‍රී ධුර සංඛ්‍යාවක් හිමි පක්‍ෂයට ආණ්ඩු පක්‍ෂය හිමිවෙනවා. දෙවැනියට වැඩිම මන්ත්‍රී ධුර සංඛ්‍යාවක් හිමි පක්‍ෂයට විපක්‍ෂය හිමි වෙනවා. නමුත් අපේ රටේ ඒ සම්ප්‍රදාය වෙනස් කරලා. වර්තමාන විපක්‍ෂ නායකතුමා ප්‍රාදේශීය සභාවක විපක්‍ෂ නායකවරයෙක් වගේ කටයුතු කරනවා. වර්තමාන විපක්‍ෂ නායකතුමා උතුරු හා නැගෙනහිර පළාත්වල ප්‍රශ්න හැර රටේ අනෙකුත් ජාතික ප්‍රශ්න ගැන කතා කරන්නේ නැහැ. ආණ්ඩුව බේරා ගැනීම සඳහා ඔහු සෑම විටකම ක්‍රියා කරනවා. 

මේ විශ්වාසභංග යෝජනාවෙන් අපි අත්කර ගත් ප්‍රයෝජන තිබෙනවා. කෙසේ වෙතත් මෙම විශ්වාසභංග යෝජනාව නිසා රජයේ 2/3 බහුතර බලය අහිමි වුණා. එමෙන්ම ආණ්ඩුව තුළ අර්බුද ඇති වුණා. දැනට ඒකාබද්ධ විපක්ෂයට මන්ත්‍රීවරුන් පනස් එක් දෙනෙක් සිටියත් ඉදිරියේදී එය මන්ත්‍රී ධුර හැත්තෑවක් දක්වා වැඩි විය හැකියි. විශ්වාසභංග යෝජනාවට ඡන්දය නොදුන් ඇමැතිවරුන්ගේ කෙඳිරියත් අපිට ඇහෙනවා. ඇතැම්විට ඉදිරි පාර්ලිමේන්තු සැසි වාරවලදී ඔවුන්ගේ මතයත් වෙනස් විය හැකියි.



අදහස් (3)

අමාත්‍ය මණ්ඩල සංශෝධනය පුස්සක් වේවි

sam Tuesday, 10 April 2018 07:08 AM

අමාත්‍ය මණ්ඩලයම පුස්සක් වෙලා තියෙද්දී සංශෝධන ගැන කුමන කතාද ??

:       0       0

Bamunuarachchi Wednesday, 11 April 2018 02:26 PM

ඉන්න ටිකමනේ එහාට මෙහාට කරන්නේ.

:       0       0

saththaya Friday, 13 April 2018 01:07 AM

මේ රටේ උගත්කම් පුස්සක් වෙලා මුදලට සහ බල තණ්හාවට. ලැජ්ජයි .

:       0       186

ඔබේ අදහස් එවන්න

 

 
 

දේශපාලන

‘ලූනූ බිකටත් පොර බදින්නේ නැතිව රට හදන්න එක්වන්න‘
2025 මැයි මස 02 296 3

ලූනු බිකටත් පොර බදින්නේ නැතිව රට ගොඩ නගන ගමනට එකතු වන්නැයි වෘත්තිය සමිති ව්‍යාපාරයට ආරාධනා කරන බව ජාතික ජන බලවේගයේ නායක ජනාධිපති අනුර කුමාර දිසානායක


‘‘ආර්ථිකය ආරක්ෂා කරන්න අපි සහාය දෙනවා‘‘
2025 මැයි මස 01 1511 9

වේදිකාවල බොරුවට කෑ මොර නොදී ඇමරිකා බදුවලින් රටේ කම්කරුවාට වන බලපෑම්වලට සහනයක් ලබාදෙමින් ශ්‍රමිකයන් ඇතුළු, රටේ ආර්ථිකය ආරක්ෂා කරන්න අපේ සහාය ලබාදෙනවා



වර්තමාන ආණ්ඩුව ජනතාවට බරක් නොවන බව ඔප්පු කළා
2025 අප්‍රේල් මස 17 952 9

වර්තමාන ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය සහ මැති ඇමතිවරු රටට සහ ජනතාවට බරක් නොවී වැඩ කළ හැකි බව ඔප්පු කරමින් සිටින බවත් දූෂණය, වංචාව සහ නාස්තිය නතර කර ඇති බව සියය


පච දේශපාලනය රජ වෙලා
2025 අප්‍රේල් මස 17 1204 23

මාලිමා ආණ්ඩුව යටතේ ගොවියා රජ කරවීම කෙසේ වෙතත් පච දේශපාලනය නම් රජ වී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.


ජනපතිට ජපානයෙන් ආරාධනයක්
2025 අප්‍රේල් මස 11 7427 8

මේ වන විට ආණ්ඩුව ශක්තිමත් ජාත්‍යන්තර සබඳතා හදා ගෙන තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අක්කරපත්තුවේ ජන රැළියකදී පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 471 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 120 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1144 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site