IMG-LOGO

2025 සැප්තැම්බර් මස 10 වන බදාදා


අපරාධ රැල්ල වැඩිවෙලා - උලපනේ සුමංගල හිමි


 
(විනීතා එම් ගමගේ)
 
මෙරට බන්ධනාගාර කුඩු ජාවාරම්කරුවන් හා අපරාධකාරයින් සැළසුම් සකසන ආරක්ෂිත බංකර බවට පත්ව ඇතැයි දූෂණ විරෝධී පෙරමුණේ සභාපති උලපනේ සුමංගල හිමියෝ පැවැසූහ.
 
ඉක්මණින් මේ තත්ත්වය පාලනය නොකළහොත් පාතාලය නීතිය අතට ගන්නා දවස වැඩි ඈතක නොවේ යැයි ද උන්වහන්සේ කීහ. 
 
දිගින් දිගටම පැන නැගුණු අපරාධ රැල්ල තවදුරටත් වැඩිවෙමින් පවතිතැයි ද සුමංගල හිමියෝ කීහ. 
 
උලපනේ සුමංගල හිමියෝ මේ අදහස්  පළ කළේ රාජගිරිය වැලිකඩවත්ත පිහිටි දූෂණ විරෝධී පෙරමුණේ කාර්යාලයේ දී අද (11)  පැවැති   මාධ්‍ය හමුවක් අමතමිනි. 
 
එහි දී තවදුරටත් අදහස් දැක්වූ උන් වහන්සේ මෙසේ ද පැවැසූහ.
 
‘‘ දේශපාලඥයන් සිවිල් ක්‍රියාධරයින් ඇතුළු පිරිස්වල කථාබහට ලක්වූ විශේෂ අධිකරණ පිහිටුවා දූෂීතයන්ට වංචාකරුවන්ට එරෙහිව නීතිය කි‍්‍රයාත්මක කරන්න පනතක් ගෙනාවා. බරපතල සිද්ධීන් පිළිබඳ  නඩු අහන්න මේ අධිකරණ පිහිටුවන්න තිරණය කළේ. 
 
එයින් එක අධිකරණයක් පමණක් පිහිටුවන්න සූදානම් වුවත් එහි ක‍්‍රියාකාරිත්වය පවා මන්දගාමියි. අධිකරණ ඇමතිනිය කිව්වා වහලෙ ලීවල ප‍්‍රශ්න තියෙනවා කියලා. මේක හාස්‍යයට කරුණක්. 
 
දිගින් දිගටම වැඩිවුණ අපරාධ රැල්ල තව දුරටත් වැඩිවෙමින් පවතිනවා. නමුත් ඉතා සුළු සිද්ධීන්ට ඉක්මණින් කි‍්‍රයාත්මක වුණත් බරපතල සිද්ධීන් ගැන නීතිය ක‍්‍රියාත්මක කිරීම ඉතාම මන්දගාමියි. ගෙවුණු වසර තුන හමාරෙදි පහුගිය ආණ්ඩුවේ සිදුවුණ වංචා දූෂණ ගැන කිසිවෙකුට දඬුවම් දිම සිදුවුනේ නැහැ. 
 
දැන් හදන්නේ හිලව් කරගන්නයි. උදයංග ගෙනාවොත් අර්ජුන් ගේන්නම් වගේ කතා නිතර ඇහෙනවා. මෙයින් පහුගිය ආණ්ඩුව කාලෙ සිදුවුණ වංචා දූෂණ අලාභය ගෙවන්න වුණේ ඍජු හා වක‍්‍ර අන්දමින් ජනතාවටයි.‘‘



අදහස් (2)

අපරාධ රැල්ල වැඩිවෙලා - උලපනේ සුමංගල හිමි

lusena Wednesday, 11 July 2018 06:07 PM

මෙයට එකම විසඳුම මරණීය දණ්ඩනයට ලක්වූ සියලුම කුඩු ජාවාරම්කරුවන්ට කිසිම බාහිර හෝ අභ්‍යන්තර පුද්ගලයින් හමුවීමට ඉඩ ලබා නොදීමයි.

:       0       1

dhamneth Thursday, 12 July 2018 11:16 AM

එහෙමයි අපේ හාමුදුරුවනේ , දැන් හාමුදුරුවරුත් රාජකාරියේ යෙදී සිටින පොලිස් නිලධාරීන් මරන්න පටන් අරන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 640 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17658 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 729 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site