IMG-LOGO

2025 මැයි මස 01 වන බ්‍රහස්පතින්දා


‘අපෙන් පළිගන්න ජනපතිත් රවටා 19 සම්මත කර ගත්තා’

විපක්ෂ නායකවරයා සිසුන් කිහිපදෙනකුට පොත් ප්‍රදානය කළ අයුරු

 

(බණ්ඩාරගම - බිමල් ශ්‍යාමන් ජයසිංහ)
මගෙන් හා මගේ පවුලේ අයගෙන් විතරක් පළිගැනීම ඉස්සරහට දාගෙන හදිස්සියේ 19 වැනි සංශෝධනය ගෙන ආ බවත් අවසානයේදී ජනාධිපතිවරයා රවට්ටා 19 වන සංශෝධනය සම්මත කර ගත් බවත් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.


බණ්ඩාරගම ප්‍රාදේශීය සභාවේ වර්ෂ පූර්ණය නිමිත්තෙන් අලුබෝමුල්ල එස්. මහින්ද මහ විදුහලේ පැවති සිසු උදාන අධ්‍යාපන හා වෙළෙඳ ප්‍රදර්ශන සැණකෙළියට සහභාගි වූ අවස්ථාවේ විපක්ෂ නායකවරයා මේ බව පැවසීය.


පාසල් දරු දැරියන් 500 දෙනකුට පාසල් පොත් සහ පාසල් උපකරණ බෙදාදීමද මෙහිදී සිදුවිය.


විපක්ෂ නායකවරයා මෙසේද කීය.


පසු පෙළ මන්ත්‍රීවරු බොහොම සංවිධානාත්මකව මේ අයවැයෙන් තුනෙන් එකක් පරාජයට පත් කළා. එක පැත්තකින් තමන්ගේ මන්ත්‍රීවරුන්වත් ගෙන්වා ගන්න බැරි ආණ්ඩුවක් තමයි මේ ආණ්ඩුව. මම දන්නේ නැහැ කොයි විදියට වුණාද කියලා. ආණ්ඩුවට පළමු ප්‍රහාරය එල්ල වුණා. මේක විපක්ෂයේ ලොකු ජයග්‍රහණයක්.


දැන් පළාත් සභා අවුරුදු කීයකට පස්සට දාවිද කියන්න මම දන්නේ නැහැ. ඡන්ද බලය ඉල්ලා අපි අධිකරණයට ගිසා. අධිකරණය අපිට ඡන්ද බලය දුන්නේ නැහැ. අධිකරණය වුණත් ක්‍රියාත්මක වෙන්නේ පාර්ලිමේන්තුව හදන නීති අනුවයි. පාර්ලිමේන්තුව වැරදි නීතියක් හැදුවොත් ඒ නීතියට අධිකරණය යටත්.


පහේ ශිෂ්‍යත්වය නැති කරන්න දැන් කතාවක් ඇතිවෙලා. මගේ නම් මේ පිළිබඳ අදහස් දෙකක් තියෙනවා. පහේ ශිෂ්‍යත්වය නැති කරනවා නම් ගමේ දක්ෂ දරුවන්ට රාජකීය, ආනන්ද, නාලන්ද, විශාඛා හා අනුලා වැනි රටේ ප්‍රධාන විද්‍යාලවලට එන්න වැඩපිළවෙළක් තියෙන්න ඕන.


මේ විනාශය නැති කළොත් ගමේ දරුවන්ට රටේ හොඳම පාසල්වලට යන්න අවස්ථාව නැති වෙන නිසා වෙනත් ක්‍රමයක් හදනවනම් පහේ ශිෂ්‍යත්ව විභාගය අවලංගු කරන්න ඕන කියන එක තමයි මගේ විශ්වාසය. මම හිතනවා ජනාධිපතිවරයාත් එය අනුමත කරාවි කියලා.

විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා බස්නාහිර පළාත් සභා මන්ත්‍රී ලලිත් එල්ලාවල මහතා සමග සාකච්ඡා කරමින්.

 

 


දැන් ගමේ පාසල හොඳම පාසල කියනවා. හොඳම පාසලේ ගොඩනැගිලි නෑ. ගුරුවරු නෑ. ක්‍රීඩා පිට්ටනි නැහැ. අඩුම තරමේ සෙල්ලම් කරන්න වොලිබෝලයක්වත් නැහැ. ශිෂ්‍යත්ව විභාගය නැති වුණොත් අපේ ගමේ දක්ෂ දරුවන්ට ගමේ පාසලටම යන්න වෙනවා. එක පන්තියකට එක කණ්ඩායමකට පමණක් ප්‍රධාන පාසල්වලට යාම සීමා වේවි. ඒ සීමාවට ඉඩ දෙන්න පුළුවන්කමක් නැහැ.
ගමේ දරුවා ගමේ පාසලට දාලා රාජකීය කාටද දෙන්න හදන්නේ. එක පන්තියකට ද මේක පිළිබඳව අපට ප්‍රශ්නයක් තියනවා.


බස්නාහිර පළාත් සභා මන්ත්‍රී ලලිත් එල්ලාවල, බණ්ඩාරගම ප්‍රාදේශීය සභාවේ සභාපති දේවේන්ද්‍ර පෙරේරා මහත්වරුද කතා කළහ.

උත්සවයට සහභාගි වූ පිරිසෙන් කොටසක්



අදහස් (18)

‘අපෙන් පළිගන්න ජනපතිත් රවටා 19 සම්මත කර ගත්තා’

Sanath Kandy Monday, 01 April 2019 07:11 AM

රටම රවට්ටලා 18 සම්මත කරගත්ත හැටි අමතකද? 77 ව්‍යවස්ථාවට ගෙනා සංශෝධන වලින් 17 හා 19 සංශෝධන විතරයි රට වෙනුවෙන් ගෙනා යහපත් සංශෝධන. 13 ගෙනාවේ ඉන්දියාවේ බල කිරීමට අනිත් ඔක්කොම පැවති රජයන් තමන්ගේ බලය තහවුරු කර ගන්න ගෙනාපු ඒවා.

:       542       527

Chanak Los angelesMonday, 01 April 2019 02:14 PM

මොහු හිතන් ඇති ලංකාවේ මිනිසුන් මැරිලා ඉපදිලා කියලා. හොර අගමැතිකමෙන් එළියට විසිවුනාම විපක්ෂ නායකකමත් පික් පොකට් ගහගත්තා...

:       510       481

SamanthaThursday, 18 April 2019 08:11 AM

19 යෙන් රටට මොනවද දන්නේ නැහැ ලැබිල තියෙන්නේ. මැතිවරණ කොමිසමට මැතිවරණ තියන්න බලයක් නැහැ. අවුරුදු 4ක් ගිහිල්ල බලෙන්, උසාවි ගිහින්, පාරවල් ගානේ උද්ඝෝෂණය කොට ලබාගත් ප්‍රාදේශීය සභා ඡන්දය අවුරුදු ගණනක පමාවෙන් පසු ලබා ගත්ත. අනෙක් ඡන්ද තවම හීනයක් පමණයි. අල්ලස් දුෂණ කොමිසමෙන් අල්ලපු එකම මහා පරිමාණ දුෂණයක්වත් නැහැ. ඇස් පනාපිට දෙපාරක් කල මහබැංකු හොරකම ඒගොල්ලන්ට අනුව දුෂණයක් නෙවෙයි. හාල්මැස්සන් කීපදෙනෙක් අල්ල ගත්ත. මේවා රටට විහිළු සපයන ස්ථාන වෙලා. මේ සියල්ලටම වියදම් කරලා නාස්ති කොට දමන්නේ අපි ගෙවන බදු මුදල්

:       32       373

chathuri Monday, 01 April 2019 02:51 PM

මේ කතාව කිව්වේ... පොඩිඋන් ටිකකටද? පොඩි උන් අැහුව්වේ නැත්ද අම්මට තාත්තට කියන්න? ඔයාලව රවට්ටනවා. පලි ගන්න කියලා... පව් නේද? අඩි හයක් යට අරනවා කිව්ව එක්කෙනා ලැජ්ජ නැතිව අගමැතිකම ගන්න ගියානේ. අන්න එතනයි රැවටීම, ඇමේ කාවා පුදුම අමාරුවක් තියෙන්නේ. බලයට ඇවිත් ජනතාවට සලකන්න. බලය අවශ්‍ය නැහැ. සමාජ සේවය කරන්න එක පාරක් රජ වුණා. ඒ මදිද හොරා කාපු එකානේ එ්කේ රස දන්නේ.... නේද?

:       204       320

Chanak Los angeles Tuesday, 02 April 2019 02:57 AM

ජනපති කමට ඉල්ලන්න දෙන්නම් කියා ඔහුව රවටලා පස්ස දොරෙන් අගමැති කම අරගත්තේ මොහුයි . නීතියට විරුද්ධව කටයුතු කර තිබෙනවා නම් 19 ය 20 ස්ස කියලා දෙයක් නැහැ.

:       210       222

Saman Tuesday, 02 April 2019 03:08 AM

මේක කියන්න තිබ්බේ අප්‍රේල් 1 දා

:       122       180

Susil Tuesday, 02 April 2019 03:48 AM

ඕක විතරක් නෙවෙයි, මෙහෙමත් කිව්වා..."මාකුඹුරේ ප්‍රවාහන මධ්‍යස්ථානයත් අපේ වැඩක්. මේ ආණ්ඩුව සිමෙන්ති ඇනුවා විතරයි" - මහින්ද

:       78       126

සෙනෙවි Tuesday, 02 April 2019 02:58 PM

මෙයාට අමතක වීමේ රෝග හැදිලා එක්කො අනිත් අයට හැදිලා කියලා හිතනවා

:       100       206

vipula Wednesday, 03 April 2019 04:43 AM

රටේ විධායක ජනාධිපති කෙනෙක් අවශ බව මගේ හැගීමයි. පාර්ලිමේන්තු බලයද අද වනවිට මුදලට යටත්වෙනවා. පාර්ලිමේන්තු බලය තබා ගැනීමට අපෙන් විල්පත්තුව ගිලිහෙන බව ඔබලාට තවමත් තේරෙන්නේ නැද්ද ?

:       157       238

Sathyapala Friday, 05 April 2019 07:44 AM

තමුන් බල තණ්හාවට ගහපු කපටි කෛරාටික වැඩවලින් ජනතාවම රැවැට්ටුවා.. 1948න් පස්සේ මේ රටේ දූෂිතම පවුල් පාලනයක් ගෙනගිය නායකයා... නිකම් සුදනා වෙන්න හදනවා...

:       264       270

Chanak Los angelesFriday, 05 April 2019 08:11 PM

බමුණන්ට මේවා දකිනකොට හැංගෙන්න තමයි වෙන්නේ ..

:       56       59

Chanak Los angeles Saturday, 06 April 2019 05:36 AM

මෙයා බබා.. දැන් වශී බෝලය නැති නිසා කිරි බෝතලයක් අතට දෙන්න ඕනේ..

:       245       283

Chanak Los angeles Tuesday, 09 April 2019 02:01 AM

එතකොට ගෝඨාට කැලිෆෝනියාවේදී නඩු දැම්මෙත් 19 ය සම්මත කල නිසාද ?

:       0       34

Buddika Tuesday, 09 April 2019 02:27 PM

අපි මැරිලා ඉපදුණේ නැහැ. 18 වැනි සංශෝධනය කාලේ රවට්ටලා. බල තණ්හාව පරපුරට බලය දෙන්න ඔක්කොම කළේ.. පරපුරම හැත්ත බුරුත්ත පිටින්ම තනතුරුවලට දැම්මා. අදත් බලයට එන්න දඟලන්නේ බල තණ්හාවටයි. කෑදරකමටයි. නීතිය වල්බිහිවුණේ ඔහේගේ අනුදැනුම සහ උපදෙස් පිටයි. අද කතාකරන්නේ බුදු වෙන්න පෙරුම්පුරන ගාණට..

:       49       92

ananda Wednesday, 10 April 2019 09:01 AM

1948 ඉඳල මේ දෙගොල්ලන් අපේ රටේ හරක් ටික දක්කනවා... දැන්වත් තේරුම් ගනිල්ලා...

:       0       47

Kumar Friday, 12 April 2019 07:10 PM

ඔබතුමා කියන කතාව ඇත්ත තමා.

:       37       335

ananda Friday, 26 April 2019 12:10 PM

අනේ මේ අදහස් දාලා තියෙන අය ගැන දුකයි

:       0       0

gotabaya Monday, 29 April 2019 04:38 AM

බුදු අම්මෝ , විශ්‍රාමික අප්පච්චි ආයේ නම් එන්න එපෝ .

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

දේශපාලන

වර්තමාන ආණ්ඩුව ජනතාවට බරක් නොවන බව ඔප්පු කළා
2025 අප්‍රේල් මස 17 928 9

වර්තමාන ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය සහ මැති ඇමතිවරු රටට සහ ජනතාවට බරක් නොවී වැඩ කළ හැකි බව ඔප්පු කරමින් සිටින බවත් දූෂණය, වංචාව සහ නාස්තිය නතර කර ඇති බව සියය


පච දේශපාලනය රජ වෙලා
2025 අප්‍රේල් මස 17 1176 23

මාලිමා ආණ්ඩුව යටතේ ගොවියා රජ කරවීම කෙසේ වෙතත් පච දේශපාලනය නම් රජ වී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.


ජනපතිට ජපානයෙන් ආරාධනයක්
2025 අප්‍රේල් මස 11 7371 8

මේ වන විට ආණ්ඩුව ශක්තිමත් ජාත්‍යන්තර සබඳතා හදා ගෙන තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අක්කරපත්තුවේ ජන රැළියකදී පැවසීය.


පිරිසිදු පුංචි ආණ්ඩු ටිකක් හදාගන්න
2025 අප්‍රේල් මස 11 883 3

අයවැයෙන් වෙන් කළ මුදල් විනිවිදභාවයෙන් ගමේ සංවර්ධනයට යොදවන්න පිරිසිදු ප්‍රාදේශිය පාලනයක් නිර්මාණය කරගන්නා⁣ ලෙස අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය


සුබ නැකතට රට අනුරට දුන් අය විපතකට
2025 මාර්තු මස 26 2054 34

සුබ නැකැතට රට අනුරට දුන් ජනතාවට ජීවත් විමේ අරගලයක නිරත වීමට සිදුව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.


යුද්දෙට නැති කඩුව කොස් කොටන්නද
2025 මාර්තු මස 25 3761 16

රණවිරුවන්ට බ්‍රිතාන්‍ය පැනවූ තහනමින් ප්‍රවර්ධනය වන්නේ මානව හිමිකම් නොව ත්‍රස්තවාදී අභිලාෂයන් බව ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 264 0
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 76 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1103 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site