(දයාරත්න ඇඹෝගම)
අපිට නඩු දැම්මට අපි කාටවත් වෛර කරන්නෙත් නැහැ. ඒත් ඒවා අමතක කරන්නෙත් නැහැ. අපට බොරු චෝදනා එල්ලපු කරපු, අපිට නඩු දාපු අය ගැන ජනතාව ඉදිරියේදී තීන්දු කරනු ඇතැයි බැසිල් රාජපක්ෂ මහතා අනුරාධපුරයේ දී පැවසීය.
ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් පවත්වනු ලබන ‘පොදු ජන රළ’ සම්මන්ත්‍රණ මාලාවේ සාරම්භක උත්සවයේ දීය.
මෙම සම්මන්ත්‍රණය අනුරාධපුර යොවුන් නිකේතනයේ දී පැවැත්විණි.මෙහිදී තව දුරටත් අදහස් දැක්වු බැසිල් රාජපක්ෂ මහතා මෙසේ ද පැවසීය.
පොහොට්ටුව ලංකාවේ පළාත් පාලන කොට්ඨාස 4296 න් 3545 ජය ගැනීමට හැකිවුණා. අනුරාධපුර නැගෙනහිර කොට්ඨාශ 34 න් 33 ක් ජයගත්ත බවත් ආඩම්බරයෙන් කියනවා. එකක් පොඩි ප්‍රමාණයකින් පරාජයට පත්වුණා.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මුල්වරට රට බාර ගන්න විට අවුරුදු 20 යුද්ධයකින් රට විනාශ වෙලා තිබුණේ. සුනාමියෙන් රට විනාශ වෙලා තිබුණේ.ඒ වාගේම නොයෙක් නොයෙක් ආකාරයට විනාශ කරපු රටක් තමයි එතුමා බාර ගත්තේ.
එදා සුනාමියෙන් සහ යුද්ධයෙන් රට විනාශ වුනාට වඩා මේ අවුරැදු තුන හමාර තුලදි රට සම්පුර්ණයෙන්ම විනාශ වුනා.අපි සහතික වෙනවා මහින්ද රාජපක්ෂ මහතා එදා යුද්ධය නිම කරලා සාමය ගේනාවා වාගේම සුනාමියෙන් විනාශ වුන රට යුද්ධයෙන් විනාශ වුණ රට ප්‍රතිපත්ති වලින් විනාශ කරපු රට වඩා වේගයෙන් නැවත පොහොට්ටුවේ රජයක් යටතේ මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් යළිත් ගොඩ නගනවා කියලා පොරොන්දු වෙනවා.
උතුරැ මැද පළාතේ ජනතාව ගැන ලොකු කැක්කුමක් මහින්ද රාජපක්ෂ මහතාට තිබෙනවා.එදා කොටි ත්‍රස්තවාදින් විසින් කැබිතිගොල්ලැව ජනතාව ඝාතනය කළ අවස්ථාවේ ආරක්ෂක නිලධාරින් එපා කියද්දී කැබිතිගොල්ලෑවට පැමිණ ජනතාවගේ දුක සැප විමසා බැලුවා. එතුමා මොන වැඩක් ආරම්භ කළත් ඒ දේ කලේ අනුරාධපුරය මුල් කරගෙන. අපි එකයි මේ සම්මන්ත්‍රණ මාලාවත් අනුරාධපුරයෙන් පටන් ගත්තේ.
මෙම අවස්ථාවට උතුරුමැද හිටපු මහ ඇමැති රංජිත් සමරකෝන්,ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග, උතුරුමැද පළාත් සභාවේ හිටපු මැති ඇමැතිවරු නගර සභා සහ ප්‍රාදේශීය සභා සභාපතිවරු,මන්ත්‍රීවරු ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජනතාව තීන්දුව දුන්න නිසා තමයි රාජපක්ෂලා ගෙදර ගියේ... බොරුවට නඩු දමල උසාවි අරගෙන යන්නේ අසරණයින්ව... නැතිව මෙයාලා නෙමේ. පේන බලපු සුමනදාස කියනවා. බැසිල්ගේ මල්වානේ ඉඩම බලලා නැකැත් හදුවා කියලා උසාවියේදී මෙයා... මේ ගැන. කිසිම දෙයක් දන්නේ නැතිලු.. සිල්රෙදි බෙදපුහැටි... ජනතා මුදලින්. අපායට කැලැන්ඩර් ගහපු හැටි... මේ කිසිවක් දන්නේ නැතිලු.. නැවත බලයට එන්න දඟලන්නේ මේ සේරම කටු ගන්න වෙන්න ඇති.. බිරිඳගේ නමින්... රජයේ මුදල් තැන්පත් කරපුවා. දැන් කියනවා බිරිඳ මගේ නෙමෙයි කියලා... වැරදි වැඩ කරපු නිසානේ. දෙන්න ප්‍රතිඵල නිකුත් වෙනකොට හොරෙන් රට අතඇරලා ගියේ...
සිහිබුද්ධි තිබෙන ජනතාවට නම් තවම අමතක වෙන්නේ නැහැ, දැන් ඔය කතා අවශ්‍ය නැහැ .
නඩු නෙවෙයි සදහටම හිරගෙදර ඉන්න ඕනේ කෙනෙක්... ආර්ථික සංවර්ධන ඇමතිකමෙන් තමුන් ගහපු ගැහිලි, කරපු මහ පරිමාණයේ හොරකම්, වංචා, දූෂණ ගැන මුළු ලෝකෙම දන්නවා. කතාව නම් සුදනා වගේ... දුප්පත් මහජනතාව ගසාකාපු දූෂිත පවුල් පාලනේ...
අනේ පවු මෙයාලට මොකුත් කියන්න එපා.
මෙයලා කථාකරන්නේ සාන්තුවරු වගේ. ඒ කාලේ පවුලම රටකාගෙන ගිය විදියට ජනතාව ජනවාරි 8 වෙනිදා මෙයාලව එලවන්නේ නැතුව හිටියා නම් මේ වෙනකොට අපේ රට සම්පූර්ණයෙන්ම විනාසයි. පළාත් පාලන කොට්ටාශ 4296න් 3545ක් ජයගත්තේ ජනතාව පවතින රජයට පාඩමක් උගන්නන්න මිසක් මෙයාලා ගැන පැහැදීමකින් නොවන බව තේරුම් ගතයුතුයි.
මෙහෙමත් අපුරු දේශපාලකයෝ ලෝකේ කොහෙන්වත් ආයේ හොයා ගන්න නම් බැහැ.