IMG-LOGO

2025 සැප්තැම්බර් මස 10 වන බදාදා


“අපි සියලු ජාතීන්ට සාධාරණය ඉටු කරනවා“

(මීගමුව - ඩබ්ලිව්. හියුබට් ප්‍රනාන්දු සහ කොච්චිකඬේ විශේෂ වාර්තාකරු)

වසර 30ක් පුරාවට පැවැති එල්.ටී.ටී.ඊ. යුද්ධයේදී මැති ඇමැතිවරුන්ගේ දරුවන් හෝ කිසිවකු මියගියේ නැතැයි පොදු ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා මීගමුවේදී පැවැසීය.

රැකියා අවස්ථා ලබාදීමේදී දේශපාලනික බලපෑම්වලින් තොරව සියලු ජාතිකයන්ට සාධාරණත්වය ඉටුවන අයුරින් සුදුසුකම් අනුව කටයුතු කරන බවත් තත්ත්වය මෙසේ තිබියදී උතුරු හා නැගෙනහිර පළාත් සඳහා නිර්දේශ කර ඇති ආකාරයට බලයට ආ විගසින් භාෂා දුෂ්කරතා අහෝසි කිරීම ජාතික ජන බලවේගයේ අරමුණ බව ද අනුර කුමාර දිසානායක මහතා කීවේය.

ඒ මහතා එසේ කීවේ ජාතික සමගිය ගොඩනැගීම පිළිබඳව ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදැක්වීම නිමිත්තෙන් මීගමුව කඩොල්උයන කියුරිච් ගාර්ඞ්න් උත්සව ශාලාවේ පවත්වන ලද ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදැක්වීමේ උත්සවයේදීය. මෙම උත්සවය අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

දිසානායක මහතා පැමිණ සිටි අයට සුභ මොහොතින් ප්‍රතිපත්ති ප්‍රකාශනය බෙදා දුන්නේය. ඒ මහතා මෙසේ ද කීය.

“අද රට අනාරක්ෂිත තත්ත්වයකට පත්වී තිබෙනවා. අපි බලයට ආ දා සිට රටේ සාමය ස්ථාපිත කරනවා.
 
අන්තවාදීන්ට රටේ කිසිදු දෙයක් සිදු කරන්න අපි ඉඩ දෙන්නේ නැහැ. අපි රට පුරා තිබෙන බැරියර් අයින් කර රටට සාමය සෞභාග්‍යය උදාකර දෙනවා.

අපි බලයට ආ විට වෛද්‍ය හා රෝහල් පහසුකම් ඇති කිරීම සහතික කරනවා. උතුරු හා නැගෙනහිර පළාත් සඳහා නිර්දේශ කර ඇති ආකාරයටම භාෂා දුෂ්කරතා අහෝසි කරන්නට කටයුතු කරනවා. ජාතික සමගිය හා සංහිඳියාව ස්ථාපිත කරනවා. සියලුම ජාතිකයන්ට අයත් පුරවැසියන් හට සමාන පුරවැසි අයිතියක් ඇති බව අපි පිළිගන්නවා.

ජාතිවාදය හා ආගමික අන්තවාදය හේතු කොටගෙන සිදුව ඇති ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් සොයා බැලීමට සත්‍ය හා ප්‍රතිසංවිධාන කොමිසමේ ක්‍රියාකාරීත්වය පුළුල් කිරීමට කටයුතු යොදනවා.
 
අද දයා මාස්ටර්, කේ.පී.ලා වැනි අය නිදැල්ලේ ඉන්නවා. පොඩි පොඩි පක්ෂවල අය හිරගෙවල්වල තපිනවා. තුලනාත්මක ආගමික අධ්‍යාපනික විෂයන් මගින් සියලු ආගම්වල හරයන් හා සංස්කෘතීන් පිළිබඳ අවබෝධයක් ඇති කිරීම අපගේ අදහසයි.

අපි බලයට ආ විට මේ රටේ උද්ගතව තිබූ එල්.ටී.ටී.ඊ. ක්‍රියාකාරීන්ගේ වර්ධනයන් ඇති වීමට අපි ඉඩ තබන්නේ නැහැ. ජාතික සමගිය ගොඩනගනවා. යුද්ධයේදී මිය ගියේ අපගේ දරුවෝයි. යුද සමයේදී අහෝසි වූ ඉඩම් ඒ ඒ අයට ලබා දෙනවා.”

ජාතික ජන බලවේගයේ අශෝක පීරිස්, එහි ජාතික සංවිධායක නජා මොහොමඞ්, විජිත් රෝහණ යන මහත්වරු ද කතා කළහ.



අදහස් (1)

“අපි සියලු ජාතීන්ට සාධාරණය ඉටු කරනවා“

palitha Monday, 21 October 2019 04:55 AM

ඔක්කෝටම කලින් 2015දී බොරු කියලා කියලා ජනතාව නොමග යවලා යමපලන ආණ්ඩුව හදන්න සම්මාදම් වුණු ඔබලා ප්‍රසිද්ධියේ රටෙනුත් ජනතාවගෙනුත් සමාව ගන්න.

:       160       42

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 640 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17658 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 729 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site