IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


අපේ රට තෙල් මාෆියාවකට යටවෙලා

(නාලක සංජීව දහනායක)

පෙට්‍රල් ටික බෙදාගත නොහැකි ආණ්ඩුවක් බලය බෙදීම වැනි විශාල කාර්යයක් සිදුකරන්නේ කෙසේදැයි තමන්ට නොතේරෙන්නේ යැයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා ඊයේ (6) පැවසීය.

බත්තරමුල්ල, නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු කාර්යාලයේදී ඊයේ (6) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත‍්‍රීවරයා මේ බව සඳහන් කළේය.

එහිදී මන්ත‍්‍රීවරයා මෙසේද පැවසීය.

ඉන්ධන හිඟය නිසා ජන ජීවිතය අඩාල වෙලා. මිනිස්සු සියලූම වැඩ නතර කර ඉන්ධන ලබාගැනීමට පිරවුම්හල් ඉදිරිපිට රස්තියාදු වෙනවා. සාමාන්‍යයෙන් අපේ රටේ වසරකට ඉන්ධන මෙට්ටි‍්‍රක් ටොන් විසිපන්දහසක් පමණ පරිහරණය කරනවා. ඒ නිසා යම් අර්බුදයක් ඇතිවුණොත් එයට මුහුණ දීමට රජය සූදානම්ව සිටිය යුතුයි.

2015 ජනවාරි 15 වැනිදායින් පසුව මේ රටේ සෑම ක්‍ෂේත‍්‍රයකම ප‍්‍රශ්න ඇති වුණා. ඒ ප‍්‍රශ්න විසඳනවා වෙනුවට රජය වෙන වෙන දේවල් කරනවා. අපේ රජය යුද්ධයකට මුහුණ දෙමින් රටත් සංවර්ධනය කළා. මේ වගේ ඉන්ධන අර්බුද ඇතිවෙන්න ඉඩ දුන්නේ නැහැ. ඒ යුගයේදී බාල ඉන්ධන බෙදාහැරීමෙන් රථවාහන ආපදාවන්ට ලක්වුණා. ඒ වගකීම භාරගෙන රජය ඒ වාහන සඳහා වන්දි ලබා දුන්නා.

මේ වනවිට බාල ඉන්ධන නැවක් රටට පැමිණ එය ත‍්‍රිකුණාමල වරායේ නැංගුරම්ලා තිබෙනවා. එය ඉන්දියන් සමාගමකට අයත් එකක්. බාල ඉන්ධන නැවක් නැවත හරවා යැවීම ඉතාම සාධාරණයි. නමුත් තෙල් මාෆියාවකට අප රට නතුව සිටින නිසා ඒ බාල තෙල් නැව ළඟ දණගැසීමට සිදුවෙනවා.

විෂයභාර අමාත්‍යවරයා තමන්ගේ අමාත්‍යාංශය පැත්ත පළාතක යන්නේ නැහැ. එතුමා නිතරම හොයන්නේ ක‍්‍රිකට් ගැනයි. ඒ නිසා ඔහුට මේ අර්බුද අදාළ නැහැ. මේ බාල ඉන්ධන මගඩියේ සියලූම තොරතුරු අපට ලැබෙමින් පවතිනවා. ඒ සියලූම තොරතුරු අපි ඉදිරියේදී හෙළි කරනවා.

ත‍්‍රිකුණාමල වරායේ ඉන්ධන ටැංකි හා හම්බන්තොට වරායේ ඉන්ධන ටැංකි විකිණීම නිසා රටට ප‍්‍රමාණවත් තරම් ඉන්ධන ගබඩා කිරීමට සුදුසු ටැංකි අපේ රටේ නැහැ. පසුගිය කාලයේදී තෙල් සංස්ථාවේ සේවකයන් අරගල කළේ මේවා රැකගැනීමට මිස ඔවුන්ගේ පෞද්ගලික ඉල්ලීම් දිනාගැනීමට නෙමෙයි. රජය එදා ඔවුන්ගේ හඬට ඇහුම්කන් දුන්නා නම් අද මෙවැනි අර්බුද ඇතිවෙන්නේ නැහැ.

මේ ආණ්ඩුව රටේ සියලූම දේපළ ටික තමන්ට කැමති කැමති විදියට විකුණා දමනවා. ඒවාට එරෙහිව කතාකරන පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් ඇතුළු සියලූම දෙනා අත්අඩංගුවට ගන්නවා. මත්තල ගුවන්තොටුපළ විකිණීමට එරෙහිව උද්ඝෝෂණය කළ ප‍්‍රසන්න රණවීර මන්ත‍්‍රීතුමා ඇතුළු කීප දෙනෙක් අදටත් බන්ධනාගාරගතව සිටිනවා.

මේ වගේ අසාර්ථක ආණ්ඩුවක් මීට පෙර රටේ තිබිල නැහැ. ආණ්ඩුවේ නායකයන්ට කියන දේවල් බීරි අලින්ට වීණා ගයනවා වගේ නිෂ්ඵල වැඩක්. ජනාධිපතිතුමා දකුණට සිග්නල් දානවිට අගමැතිතුමා වාහනය වමට හරවනවා. කැබිනට් ඇමැතිවරු තමන්ට හිතෙන හිතෙන විදියට ජියර් මාරු කරනවා. මේවාගේ කාලෙක ප‍්‍රභාකරන් ජීවත්ව සිටියා නම් කොහොමට තියේවිද? එහෙම නම් රටට දෙයියන්ගේම පිහිටයි.

පළාත් පාලන මැතිවරණය පැවැත්වීම ගැන කතා කළාට මැතිවරණය පවත්වන දිනයක් තවම නැහැ. මැතිවරණය පැවැත්වුවහොත් ජනතාවගේ හදගැස්ම ආණ්ඩුවට තේරුම් ගන්න පුළුවන් වේවි. මිනිස්සු පඩි ගන්වා විතරයි වාෂ්ප වෙලා යනවා. පොල් මිල ඇහුවම එළොව පොල් පේනවා. රට ලූනු, අමු මිරිස්, හාල්වල මිල අහස උසට නැගලා. මේක වැඩ බැරි ආණ්ඩුවක්. ඒ නිසා මේ ආණ්ඩුවට තවත් ඉස්සරහට යන්න බැරි යැයි පැවසීය.

පාර්ලිමේන්තු මන්ත‍්‍රී පියංකර ජයරත්න මහතා මෙසේ පැවසීය.

හංසයට ඡන්දය දීපු මිනිස්සු දැන් ඉන්නේ කලකිරීමෙන්. දැන් රටේ මිනිස්සුන්ට ආණ්ඩු වෙනසක් අවශ්‍ය වෙලා තිබෙනවා. ආර්ථීක ඔස්ථාර්ලා හිටියට ආණ්ඩුවට ආර්ථික කළමනාකරණ හැකියාවක් නැහැ. මේ යන විදියට ලබන වසරේ පෙබරවාරි, මාර්තු වනවිට රට එකතැනම නතර වෙනවා. ඒ නිසා ශ්‍රීල.නි.ප. මැති ඇමැතිවරුන්ට සම්මුතිවාදී ආණ්ඩුවෙන් එළියට බහින්න දැන් කාලය උදාවෙලා තිබෙනවා. ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී ජනතාව මේ ආණ්ඩුවට නිසි පාඩම් උගන්වයි. ඒකාබද්ධ විපක්‍ෂයේ අපි මහින්ද රාජපක්‍ෂ මහතාගේ නායකත්වයෙන් පොදු සන්ධානයකින් තරග වදිනවා.

චන්ද්‍රිකා මැතිණිය ශ්‍රී ල.නි.ප.ය පාවාදුන් තැනැත්තියක්. 2020 දී රනිල් වික‍්‍රමසිංහ මහතා ජනාධිපති ධුරයට පත් කිරීමට ඇය ගිවිසුම්ගතව සිටිනවා. ඒ නිසා ඇය ඒ න්‍යාය පත‍්‍රය අනුව වැඩ කරනවා. මේ ආණ්ඩුව එදාවේල ටුවර්ස් ආණ්ඩුවක්. මොකක් හෝ විකුණා දමා එදා දවසේ වියදම හොයා ගන්නවා යැයි පැවසීය.



අදහස් (7)

අපේ රට තෙල් මාෆියාවකට යටවෙලා

himal Tuesday, 07 November 2017 04:50 AM

වරායක් හැදුවා හම්බන්තොට, නැව් ගෙන්න ගන්න බැරි වුණා.මත්තල ගුවන් තො‍ටුපළක් හැදුවා ප්ලේන් එන්නේ නෑ. (මොනරු එහෙම නම් යන එනවා, වල් අලිත් ඉන්නවා පාර වල). සූරියවැව ක්‍රීඩා පිටියක් හැදුවා, මැච් ගහන්නේ නෑ. කැම්පස් එකක් නැති හම්බන්තොට කාමර 100ක නේවාසිකාගාරයක් හැදුවා, අදටත් ඒක නිකං. සම්මන්ත්‍රණ ශාලාවක් හැදුවා ඒක නිකං. ඒ හින්දා බාල පෙට්‍රල් බෙදලා වාහන නරක් කරනවට වඩා හිඟයකින් හරි බෙදන එක හොඳයි.

:       76       38

bamunuarachchiTuesday, 07 November 2017 07:56 AM

මෙය රත්තරන් වගේ වටිනවා

:       4       0

sunil Tuesday, 07 November 2017 05:14 AM

අපිට නම් නොතේරෙන්නේ පාර්ලිමේන්තු සොච්චම් පඩියෙන් සමහරු ඔය තරමේ ධනයක් වස්තුවක් උපයා ගත්තේ කොහොමද කියන එකමයි. සල්ලි ගෙදර පැටව් ගැහුවා වත්ද?

:       0       23

bamunuarachchi Tuesday, 07 November 2017 05:21 AM

ඇයි අනේ එහෙම කියන්නේ?

:       0       0

bamunuarachchi Wednesday, 08 November 2017 02:34 PM

"අපේ රට තෙල් මාෆියාවකට යටවෙලා" ඔව් රත්තරන්. කොච්චි සට්‍රයික් කලානම් මාර අමාරුවක වටෙනවානේද මගේ රත්තරන්.

:       0       0

bamunuarachchi Saturday, 11 November 2017 03:34 AM

"අපේ රට තෙල් මාෆියාවකට යටවෙලා" අපේ රට මේ ආණ්ඩුව.... අනේ අපට පව් නොදී ගියානම් හොඳයි.

:       0       0

bamunuarachchi Saturday, 11 November 2017 03:43 AM

මුහුණ දැක්කම නම් ගහන්න හිතෙනවා...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 14 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 815 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 595 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site