IMG-LOGO

2025 මැයි මස 01 වන බ්‍රහස්පතින්දා


“අපි ජාතික ආරක්ෂාවට මුල් තැන දෙනවා“

(කැලණිය - ලාල් එස්. කුමාර සහ වැල්ලම්පිටිය - ශාන්ත සෙනෙවිරත්න)

“අපේ ආණ්ඩුව කාලේ ගොවියාට පොහොර සහනාධාර ලබාදීලා අස්වැන්න වැඩි කළා. අපේ කාලයේ වී අස්වැන්න කොහොම තිබුණ ද කිව්වොත් මේ ආණ්ඩුව ඇවිල්ලා මත්තල ගුවන්තොටුපළෙත් වීවලින් පිරෙව්වා. එහෙම තිබුණ මේ රටට අද පිටරටට අතපාන්න වෙලා. ඒ තත්ත්වය ඇති කළ මේ ආණ්ඩුවේ අපේක්ෂකයකුට කෘෂිකර්මය ගැන කතා කරන්න බැහැ.” යැයි විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පෙරේදා (19) පැවැසීය.

කිරිබත්ගොඩ නගරයේදී පෙරේදා (19) පැවැති ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ රැලියේදී විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කළේය. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ කැලණිය සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණවීර මහතා විසින් මෙම රැලිය සංවිධානය කර තිබිණි.

විපක්ෂ නායකවරයා මෙසේ ද පැවැසීය.

“මේ ආණ්ඩුවේ අපේක්ෂකයාට දැන් කෘෂිකර්මය මතක් වෙලා. අපි පොහොර සහනාධාරය කෘෂිකාර්මික කටයුතුවලට දෙනවා කිව්වහමයි එයාටත් මතක් වෙලා තිබෙන්නේ.

මේ අපේක්ෂකයා හිටපු ආණ්ඩුව කෘෂිකර්මය විනාශ කරලා දැම්මා. රට තුළ කුඹුරු වගා කිරීම නතර කෙරෙව්වා. මේ ආණ්ඩුව ආපු දවසේ ඉඳලා අක්කර ලක්ෂයක් මුඩු කෙරෙව්වා.

අපේ කාලයේ ගොවියාට පොහොර සහනාධාර දීලා කෘෂිකාර්මික කටයුතු නගාසිටෙව්වා. අපේ කාලයේ වී අස්වැන්න කොහොම තිබුණා ද කිව්වොත් මේ ආණ්ඩුව ඇවිල්ලා මත්තල ගුවන්තොටුපළෙත් වී අස්වැන්න පිරෙව්වා. එහෙම තිබ්බ රටට පිටරටට අතපාන්න වෙලා. එවැනි තත්ත්වයක් ඇති කරපු මේ ආණ්ඩුවේ අපේක්ෂකයකුට කෘෂිකර්මය ගැන කතා කරන්න බැහැ.

මේ අවුරුදු හතරේ කරපු වැඩ මේ රටේ ජනතාව දන්නවා. විරැකියාවෙන් පෙළෙනවා. උපාධිධාරීන්ට රැකියා නැහැ. අපේ ආණ්ඩුව කාලේ උපාධිධාරීන් 55000කට රැකියා දුන්නා. මේ ආණ්ඩුව අද හෙංචයියලාට රක්ෂා දෙනවා. මැතිවරණ නීති අමු අමුවේ උල්ලංඝනය කරනවා. මේ ආණ්ඩුව අද තැපෑලෙන් පත්වීම් ලබාදෙනවා. අපේ ගමටත් ඈත පළාත්වලින් එවලා තිබෙනවා. ඒ අයට ඉන්න තැනක් නැහැ. බෝඩිම් සොය සොයා ඇවිදිනවා. දේශපාලනඥයන් පස්සේ යන්නේ නැතිව රක්ෂා ලබාදීම අපේ වගකීම වශයෙන් අපි සලකනවා.
අද මම කැලණිය පාලම පැනලා මේ පැත්තට එනකොට පැල්පත් පෙනුණා. එහා පැත්තේ පැල්පත් නැති කරපු අපි මෙහා පැත්තේ (කැලණියේ) පැල්පත් නැති කිරීමේ වැඩපිළිවෙළත් අප ක්‍රියාත්මක කරනවා.

මේ දවස්වල බොරු ප්‍රචාර යවනවා. ෆේස්බුක්, කටකතා, බොරු කියනවා. ඒවට රැවැටුණු යුගය ඉවරයි. 2015 දී රැවැටුණා. දෙපාරක් රැවැටෙන්නේ නැහැ. අපි දැම්මේ නිකන් මිනිහෙක් නොවේ. අපේ නායකයෝ එක්ක කතා කරලා හොඳට හිතලා බලලා වැඩ කරන්න පුළුවන් කෙනෙක් දැම්මේ. මේ වෙලාවට රටට අවශ්‍ය වැඩ කරන මිනිහෙක්. නිදි මරාගෙන යාල කැලේ අලි කොටි දිහා බලාගෙන ඉන්න මිනිහෙක් නොවෙයි.

අපි වැඩ කරන්න පුළුවන් ගෝඨාභය රාජපක්ෂ දාලා තිබෙනවා. 16 වැනිදා උදේ පාන්දර ගිහිල්ලා අර ඈත පෙනෙන පොහොට්ටුව මතක තබාගෙන ගිහිල්ලා ඡන්දය පාවිච්චි කරලා පොහොට්ටුව දිනවන්න කටයුතු කරමු.” යැයි මහින්ද රාජපක්ෂ මහතා වැඩිදුරටත් පැවැසීය.

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා මෙසේ පැවැසීය.
“අද රටේ ජනතාව ඉල්ලා සිටින්නේ අපට ආරක්ෂිත රටක් ලබාදෙන්න, රට ආරක්ෂා කරදෙන්න. එදා ත්‍රිවිධ හමුදාව පොලිසිය සිවිල් ආරක්ෂක රණවිරුවන් දිනාගත් රට නැවතත් බෝම්බ පුපුරණ තත්ත්වයකට පත් වුණා. අපේ රජයක් යටතේ ජාතික ආරක්ෂාවට ප්‍රමුඛත්වය දෙනවා. නැවතත් මේ රට සෛවරී සුරක්ෂිත රටක් කරන බවට මම පොරොන්දු වෙනවා.

අපි එදා අණ දුන්නේ ආර්ථිකයෙන් ඉහළ සංවර්ධිත රටක්. අද සෑම ක්ෂේත්‍රයක් වාගේම පරිහානියට පත්වෙලා. අපි මේ රට සංවර්ධනය කිරීමට නිසැකවම ප්‍රතිපත්ති මාලාවක් ඉදිරිපත් කරනාව. ලෝකයේ තිබෙන ආර්ථිකයත් සමග ඉදිරියට යන විශේෂයෙන්ම ආසියාවේ දැනුම මුල් කරගත්තු ආර්ථිකයක් ඔස්සේ රට සංවර්ධනය කිරීමට ආර්ථික සැලැස්මක් අපි ඉදිරිපත් කර තිබෙනවා. මේ ආර්ථික සැලැස්ම ක්‍රියාත්මක කිරීම සඳහා අපි විශේෂයෙන් මේ රටේ මිනිස් සම්පත කෙරෙහි විශ්වාසය තබනවා.

අද තරුණ තරුණියන් අතරමං වෙලා තිබෙනවා. උසස් පෙළ සමත් වෙලා විශ්වවිද්‍යාලවලට ඇතුළත් වෙන්න පුළුවන්කමක් නැතිව අතරමං වෙලා.

ඒ වගේම උසස් පෙළ අසමත් වූ සෑම ක්ෂේත්‍රයකම විශාල තරුණ පිරිසක් අතරමං වෙලා සිටිනවා. අපේ රජයක් යටතේ අධ්‍යාපනය වෙනුවෙන් විශාල ආයෝජනයක් කරනවා. ඒ අනුව උසස් පෙළ සමත් විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබන්නට සුදුසු සියලු අයට විශ්වවිද්‍යාලවලට ඇතුළත් වීමේ වරම ලබාදෙනවා.

ඒ වගේම තාක්ෂණ විද්‍යාල, කාර්මික විද්‍යාල, වෘත්තිය විද්‍යාල ඇති කර ඔවුන්ට හොඳ වේතනයක් ලබන්නට හැකි රැකියා ලබා දෙනවා. ගම්පහ දිස්ත්‍රික්කය රැකියා කේන්ද්‍රස්ථානයක් බවට අපේ රජයක් යටතේ පත් කරනවා.

කැලණිය විශ්වවිද්‍යාලයේ ධාරිතාව වැඩි කරනවා. ඒ හා සම්බන්ධ උපාධි ආයතන, වෘත්තීය පුහුණු හා තාක්ෂණ මධ්‍යස්ථාන ඇති කරනවා.

ගම්පහ දිස්ත්‍රික්කය පාරම්පරික වෙදකම වෙනුවෙන් ප්‍රසිද්ධයි. විශේෂයෙන්ම වික්‍රමාරච්චි ආයුර්වේද විද්‍යායතනය අපි විශ්වවිද්‍යාලයක් බවට උසස් කළ යුතුයි. ඒ වගේම මේ දිස්ත්‍රික්කය පලතුරු වගා කරන ප්‍රදේශයක්. ඒ අනුව නව තාක්ෂණ ක්‍රමවේද හඳුන්වලා දීලා කෘෂිකර්මය දියුණු කරන්න පුළුවනි. ඒ වගේම පුරන් වූ කුඹුරු කාබනික පොහොර යොදවලා අස්වැද්දීම කරනවා.

අපේ රජයක් යටතේ ජාතික ආරක්ෂාව, ඒ වගේම ආර්ථිකය, අධ්‍යාපනය වැනි ක්ෂේත්‍රවලට ප්‍රමුඛතාව දීම හරහා සුරක්ෂිත රටක්, සෞභාග්‍යවත් රටක් ලබා දෙන්න මා පොරොන්දු වෙනවා. ඒ සඳහා තමුන්නාන්සේලාගේ යුතුකම ඉටු කරන්න. මම මගේ යුතුකම ඉටු කරලා සෞභාග්‍යවත් රටක් බිහි කරනවා.” යැයි ද ගෝඨාභය රාජපක්ෂ මහතා වැඩිදුරටත් පැවැසීය.  

පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා මෙසේ පැවැසීය.

“එදා 2005 මහින්ද රාජපක්ෂ එනකොට මේ රට තිබුණේ සෝල්හයිම් අතේ. මේ රට දෙමළ ඊළම නිර්මාණය කරලා අසරණ වෙලා තිබුණේ. බෙදලා තිබුණ රටේ ආරක්ෂාව සහතික කරලා මාතෘ භූමියට පණ දෙන්න මහින්ද රාජපක්ෂ ආණ්ඩුවට පුළුවන් වුණා.

අන්තවාදීන් සහරාන්ලා හුරතල් කරපු වීඩියෝ පටයක් දැන් පෙන්වලා තිබෙනවා. එහි හකීම් සහරාන්ලාට අතට අත දෙනවා. සාකච්ඡා පවත්වනවා. පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන සොයන්න ආණ්ඩුව පත් කරපු තේරීම් කාරක සභාවේ එක නඩුකාරයෙක් තමයි හකීම්. නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ. ඒ හකීම් දැන් සජිත් ප්‍රේමදාසගේ වේදිකාවේ. සහරාන්ගේ අවතාරය ඉන්නේ සජිත්ගේ වේදිකාවේ.

මහ බැංකුව මහ දවල් සුද්ධ කරපු කඳවුරේ සජිත්ට වම් පැත්තෙන් සුජීව සේනසිංහ ඉන්නවා. බැඳුම්කරයේ ග්‍රන්ථ කතුවරයා ෆුට් නෝට් කල්ලියේ අජිත් පී. පෙරේරා දකුණු පැත්තේ. රවී කරුණානායක පිටුපස්සේ ඉන්නවා. කබීර් හෂීම් එක් තවත් චූදිතයෙක්. ඒ ඔක්කොටම වඩා නායක රනිල් බැබලි බැබලී ඉන්නවා.
අද භේදයකින් තොරව මුළු රටම ගෝඨාභය රාජපක්ෂ ඕනෑ කියනවා. මත්ද්‍රව්‍ය මාෆියාවට, හොර ජාවාරම්කාරයින් වැනි කොටස්වලට අද ගෝඨා බය කියනවා. මහජනතාවට පාට් පෙන්වන රාජ්‍ය සේවයේ සමහරුන්ටත් ගෝඨා බය තිබෙනවා. සිංහල දෙමළ මුස්ලිම් අපි කාටවත් ගෝඨා බය නැහැ. අපේ ජනතාව ඉල්ලන්නේ ගෝඨා තමයි. රටේ විනය හදන්න පුළුවන් ගෝඨාභයටයි.

මේ 16 වැනිදා ජාතික ආරක්ෂාවට පණ දෙන්න අලුත් රටක් හදන්න පටන් ගන්න දිනයයි. ඒ සඳහා ඔබගේ ඡන්දය පොහොට්ටුවට ලබා දෙන්න.” යැයි විමල් වීරවංශ මහතා වැඩිදුරටත් පැවැසීය.

පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණවීර මහතා මෙසේ පැවැසීය.

“මහින්ද රාජපක්ෂ සමග යන අපිට වහල්ලු කියනවා. මේ රටට ආදරය කරන මේ මාතෘ භූමියට ආදරය කරන මේ රටේ ජාතික සම්පත් විකුණන්නේ නැති මහින්ද රාජපක්ෂ පස්සෙන් යන අපිට නම්බුයි. මේ රටේ ජාතික සම්පත් විකුණන් කන, මේ රට පිටරටට පාවලා දෙන, මේ රටේ ත්‍රස්ත්‍රවාදය අන්තවාදය පස්සේ යනවාට වඩා අපි මහින්ද රාජපක්ෂ සමග මේ ගමන ඉදිරියට යනවා. ඒක අපට ලොකු නම්බුවක්. අපි සියලු දෙනා එකතු වෙලා 16 වැනිදා මේ ආණ්ඩුව පෙරළන්න පෙළගැසෙමු.”

මෙම අවස්ථාවට විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ජී.එල්. පීරිස්, විමල් වීරවංශ, වාසුදේව නානායක්කාර, සිසිර ජයකොඩි මහත්වරුන් ද පළාත් සභා, ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් ඇතුළු විශාල ජනතාවක් ද එක්ව සිටියහ.

ඊට අමතරව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ගම්පහ දිස්ත්‍රික් සංවිධායක රෙහෙනසිරි වරාගොඩ මහතා ඇතුළු එම පක්ෂයේ ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රීවරු කිහිපදෙනෙක් ද ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට සහාය පළ කරමින් එම වේදිකාවට එක් වූහ.

එලෙස එක්සත් ජාතික පක්ෂයෙන් කැලණිය ප්‍රාදේශීය සභාවට තරග කළ බුද්ධික මිහිපති මහතා ද පොදු ජන පෙරමුණට එක්විය.

 



අදහස් (2)

“අපි ජාතික ආරක්ෂාවට මුල් තැන දෙනවා“

dilal Monday, 21 October 2019 10:04 AM

මේ රට ආරක්ෂාකරගත යුත්තේ දුෂිත දේශපාලකයන් ගෙනුයි. ඒ සඳහා ගෝඨාභය මහතාට ශක්තිය ලැබේවා.!

:       12       55

Kumar Monday, 21 October 2019 06:31 PM

ඔව් ඉතින් සෑම කෙනාම බලයට එන්නේ අලියා දෙන්නම් කොටිය දෙන්නම් කියල තමා. කවුරුවත් ලංකාව ආක්‍රමණය කරන්නවත් බලාගෙන ඉන්නවද දන්නෙනැ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

දේශපාලන

වර්තමාන ආණ්ඩුව ජනතාවට බරක් නොවන බව ඔප්පු කළා
2025 අප්‍රේල් මස 17 941 9

වර්තමාන ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය සහ මැති ඇමතිවරු රටට සහ ජනතාවට බරක් නොවී වැඩ කළ හැකි බව ඔප්පු කරමින් සිටින බවත් දූෂණය, වංචාව සහ නාස්තිය නතර කර ඇති බව සියය


පච දේශපාලනය රජ වෙලා
2025 අප්‍රේල් මස 17 1189 23

මාලිමා ආණ්ඩුව යටතේ ගොවියා රජ කරවීම කෙසේ වෙතත් පච දේශපාලනය නම් රජ වී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.


ජනපතිට ජපානයෙන් ආරාධනයක්
2025 අප්‍රේල් මස 11 7411 8

මේ වන විට ආණ්ඩුව ශක්තිමත් ජාත්‍යන්තර සබඳතා හදා ගෙන තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අක්කරපත්තුවේ ජන රැළියකදී පැවසීය.


පිරිසිදු පුංචි ආණ්ඩු ටිකක් හදාගන්න
2025 අප්‍රේල් මස 11 889 3

අයවැයෙන් වෙන් කළ මුදල් විනිවිදභාවයෙන් ගමේ සංවර්ධනයට යොදවන්න පිරිසිදු ප්‍රාදේශිය පාලනයක් නිර්මාණය කරගන්නා⁣ ලෙස අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය


සුබ නැකතට රට අනුරට දුන් අය විපතකට
2025 මාර්තු මස 26 2054 34

සුබ නැකැතට රට අනුරට දුන් ජනතාවට ජීවත් විමේ අරගලයක නිරත වීමට සිදුව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.


යුද්දෙට නැති කඩුව කොස් කොටන්නද
2025 මාර්තු මස 25 3761 16

රණවිරුවන්ට බ්‍රිතාන්‍ය පැනවූ තහනමින් ප්‍රවර්ධනය වන්නේ මානව හිමිකම් නොව ත්‍රස්තවාදී අභිලාෂයන් බව ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 336 0
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 87 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1112 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site