
(චන්ද්‍රසිරි ගුණසේකර)
ජාතික ජනබලවේගයේ අපි ඉතාමත් සැලසුම් සහගතවයි මේ ගමන ආවේ. ගිය ජනාධිපතිවරණේ ඡන්ද ප්‍රතිඵල දිහා බැලුවොත් කවුරුවත් විශ්වාස කරන්නෙ නැහැ. මේ ජනාධිපතිවරණ ඡන්දෙ දී අපි දිනයි කියලා. අපි සැලසුම් සහගතව පියවරෙන් පියවර ඇවිල්ලා මේ ජනාධිපතිවරණ ඡන්දෙ දී ජයග්‍රහණය කරන බලවේගය බවට අද ජාතික ජනබලවේගය පත්වෙලා තිබෙනවා. ඒක හාස්කමක් නෙමේද. ඒක විශාල පරිවර්තනයක්. අන්න ඒ වගේම අපි ඔබට සහතිකවෙනවා. මේ හැම අතින්ම කඩා වැටිල තිබෙන රටත්, පියවරෙන් පියවර ජාතික ජනබලවේගය මේ රට සමෘද්ධිමත් රටක් බවට පරිවර්තනය කරනවා යැයි ජාතික ජනබලවේගයේ නායක ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
ඇල්පිටිය මහජන ක්‍රීඩාංගණයේ දී පැවැති ජාතික ජනබලවේගයේ ජනහමුව අමතමින් ජාතික ජනබලවේගයේ නායක ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා මෙසේද කීය,
මීට කලින් අනෙක් පක්ෂවල අය කිය කිය සිටියේ අපට දිනන්න බැහැ. හැබැයි දැන් දිනන්න බෑ කියන කතාව නැහැ. දැන් රනිල් වික්‍රමසිංහ කියන්නේ මොකද්ද ජාතික ජනබලවේගය දිනුවොත් ගෑස් නැතිවෙනවලු. ඔක්කොම ඉවරයිලු. තව අය කියනවා. ඒ ගොල්ලොත් ඉවරලු. ඒකෙ නම් පොඩි ඇත්තකුත් තිබෙනවා. සමාජය හමුවේ මේ වගේ භීතියක් හදන්න ඒගොල්ල පටන් අරගෙන තිබෙනවා. මේ අසාර්ථක වෙන නායකයෝ, පරාජය වෙන නායකයෝ හැමදාමත් සමාජයට බියක් හදනවා. ඔයාලට මතකද මහින්ද රාජපක්ෂ පැරදුණාම අපේ රටේ ඉන්න ඉහළ හමුදා නිලධාරීන් විදුලි පුටුවේ වාඩි කරයි කියල කිව්වා. ආයේ කිව්වා ගෝඨාභය රාජපක්ෂ පැරදුනොත් ජාතිය අනතුරේ කිව්වා.ඇත්තටම දිනල තමයි ජාතිය අනතුරේ දැම්මේ. කිව්වේ මොකද්ද එයා පැරදුනොත් රට අනතුරේ. ජාතිය අනතුරේ. ඒ කියන්නේ අනාගතය ගැන බයක් හදනවා.
දැන් රනිල් වික්‍රමසිංහගේ සම්පූර්ණ ක්‍රියාමාර්ගය වෙලා තිබෙන්නේ අනාගතය ගැන බියක් හදන එකයි. සජිත් ප්‍රේමමදාසත් එහෙමයි. එයයි එයාගේ සහචර කණ්ඩායමයි දැන් පරාජය පිළිඅරගෙන ඉවරයි. දැන් ඒගොල්ල අපිට එල්ල කරන චෝදනාව තමයි අනාගතයේ බයයි. මතක තියාගන්න ඔය හැමදෙනාටම වඩා මේ රට පිළිබඳවත්,මේ රටේ ජනතාව පිළිබඳවත් ජාතික ජන බලවේගයේ අපිට වගකීමක් තිබෙනවා. ඒ ගොල්ලෝ වගකීම් විරහිතව කටයුතු කිරීමේ ප්‍රතිවිපාක තමයි අද අපි මුහුණ දී තිබෙන්නේ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොන සැලසුමක්ද, අනුන්ගේ අරගලයකට රිංග ගෙන ඒක අයිති කරගෙන ඒ ගැම්ම උඹලට හරව ගත්ත.
හැම රැස්වීමටම එකම කට්ටිය අදිනවා. අපිටනම් ඔය කිසිම සැලසුමක් පෙනෙන්නේ නැහැ. මහින්දගේ වහල්ලු දැන් අපි ජෙවිපි කියනවා. එයාලට මහින්ද නැති නිසා ජේවීපී එකේ එල්ලුනා. ඊළඟට රට බංකොලොත් කරන කණ්ඩායම හොයනවා.
පාරවල් දිගට හැම හන්දියෙම පොඩි කඩවල කාර්‍යයාල. රැස්වීම්, උත්සව, සාද. ඔය තරම් සල්ලි කොහෙන්ද? කවුද සල්ලි දෙන්නේ. පිටිපස්සෙන් ඉන්නෙ කවුද?
ආරම්භයේ පටන්ම ජාතික ජනබලවේගය ගැන උනන්දුවක් දැක්වූවා. විවිධ වෘත්තිකයින් එක්වී සිටින ජාතික ජනබලවේගය ගැන අපිට විස්වාස යි.මාළිමාවට ජයෙන් ජයම වේවා .
"හාස්කමක්" ආගම සංස්කෘතිය පිළිනොගන්නා ඔයාලා හාස්කම ගැනකථාකරන්නේ කොහොමද..? ඔයාලා මේ රටට කරපු විනාසය අමතක නැහැ. මගේ රටට ජාතියට සම්බුද්ධ සාශනයට වින කරපු අයට , ඒ පරපුරේ අයට ජනාධිපති වෙන්න මොනතරම් අතීතය නොදන්නා තරුණයින් රැවටුවාට මේ උතුම් රට ආරක්ෂා කරන සම්‍යක්දෘෂ්ඨික දෙවියෝ නිරතුරුවම අවදානයෙන් ඉන්නේ.
ඒක ඉතින් අපි හොඳටම දන්නවා .ගොඩක් උද්ගෝෂණ කරවලා ,රට වට්ටලා ,ටොම් පච ,ඩීල් දාලා ගොඩක් වැඩ කරලා . හොඳටම සැලසුම් කරලා තමයි මේ ගමන ආවේ
මොකද්ද ඔයාලාගේ සැලසුම්? ඔයාලාට කිසිම සැලසුමක් නෑ.., බොරුවයි, වංචාවයි. ප්‍රෝඩාවයි ඇරෙන්න. ඔයාලා කලේ කළ දුටුකළ වල ඉහ ගැනීමක් මිසක් සැලසුමක් නෙවෙයි. රටේ ආර්ථික ප්‍රශ්ණය නිසා ඇති වූ ජනතා විරෝධය ඔයාලා වාසියට ගත්තා. එහෙම නැතුව ඔයාලා වැඩ කාරයෝ නෙවෙයි. ඔයාලා හරියට ප්‍රාදේශීය සභාවක් කර ගන්න බැරි වුණු අය...
ගවයින් කිහිප දෙනෙකු කුලප්පු වුණාද? ජයග්‍රහණය වැළැක්විය නොහැක. ජයවේවා..!
දේශපාලන දැනුවත් නැති මෝඩයන් රැවටුණාට අපි ඒ ගැන හොඳින් දන්නවා. පසුගිය ජනාධිපතිවරණයෙන් පැරදුණු වෙලාවෙම කවදාවත් මිනිසුන්ගෙන් සාධාරණ විදිහකට ඡන්දයක් දිනන්න බැරි බව දැනගෙන එදා ඉඳන් උද්ඝෝෂණ වැඩ වර්ජනයක් බොරු අවලාද ආදිය කළා කොරෝනා කාලේ උපරිම ප්‍රයෝජනයට අරගෙන රට වහන්න කියලා පිටරටවල් ගානේ ගිහින් ලංකාවට සල්ලි එවන්න එපා කියලා රටේ ආර්ථික අර්බුදයක් ඇතිකළා. ඊට පස්සේ මිනිසුන්ගේ ඔලුවලට පාලකයින් ගැන වෛර ඇතිවන විදියේ ප්‍රචාර ගෙනිහිල්ලා මිනිස්සුන්ව ගෙවල් ගිනි තියන්න මිනිස්සු මරන්න උසිගැන්නුවා.. ඊට පස්සේ වෙනත් දේශපාලන පක්ෂියා නිහඬ කරලා තමන්ගේ කැම්පේන් එක අරගෙන ගියා...
# මාලිමාවට චන්ද කෝටියක් # ජාතික ජනබලවේගයට ජයවේවා...!!! අනුර කුමාර දිසානායක සහෝදරයා ජනාධිපති...!!!
2019 ජනාධිපතිවරණයෙන්ම අනුර කුමාර සියයට තුනයි දශම එකයි හයක් ගන්නත් මෙවර මැතිවරණයේ ජයග්‍රහණය කරන්නත් (වැරැදිලාවත්) අනුර කුමාර හෝ ජවිපෙ රටට කරපු එක හොඳ දෙයක් පුළුවන් නම් කියන්නකෝ...!
අවුරුදු 76 ක් රටේ මිනිසුන් රවට්ටමින් රට හොරාකාපු හොරු රංචුව දැන් බයේ වෙව්ලනවා. ඔවුන්ගේ ජරාව අසූචි කමින් බොරු කොමෙන්ට්ස් දමන අමනයින්ට 21 වෙනිදා රටේ ජනතාව හොඳ පිළිතුරක් දෙනවා. මාලිමාවට ජයවේවා...!
ඔව් ඔව්.... ඉතාමත් සැලසුම් සහගත ලෙස බොරුව සමාජ ගත කිරීම, රටේ ප්‍රගමනය වෙනුවෙන් ඕනෑම රජයක් විසින් ගනු ලබන ක්‍රියාමාර්ග කඩාකප්පල් කිරීම, රනිල් වික්. සමඟ එකතු වෙමින් අරගල කරමින් ප්‍රගතිශීලී රජයන් පලවා හැරීම, ඇමරිකන් තානාපතිවරිය සමඟ හීන් නූලෙන් වැඩ කිරීම වැනි සැලසුම්නේ ඔබ සහෝදරයා ළඟ තියෙන්නේ...!
එතකොට කෝවිඩ් වසංගතය ගෙනාවේත් සැලසුම් කරලාද? පෝර ප්‍රශ්නය සහ අනෙක් වැරැදි තීන්දු ගන්නත් ගෝඨාභය එක්ක සැලසුම් කරන්න ඇති නේද? රටේ ආර්ථිකය වැටුණාම ඒකෙන් වාසියක් ගත්තා මිසක් ඔහෙලා කරපු සැලසුමක් නෑ හලෝ.
අවුරුදු 50 කට අධික කාලයක් පක්ෂය කළ කැප කිරීම් වල ප්‍රතිඵලය...
9 වැනි විධායක ජනාධිපති දිසානායක මුදියන්සේලාගේ අනුර කුමාර දිසානායක...!
මාලිමාව යම් විදියකින් මෙවර බලයට පත්වෙනවා නම් එය පොහොට්ටුවේ අවසානයට වඩා අන්ත බරපතල අවසානය දකිනවා නිසැකයි...!
මූ හැමදාම කරේ බලෙන් රට ගන්න එක
සැලසුම නම් මිනිසුන් ගේ නිදහස සහ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීවාසිකම් අහෝසි කොට වෛරය සහ ක්‍රෝධ පදනම් වූ උතුරැ කොරියාව සහ කියුබාව වැ නි අසාර්ථක, අසමත් රාජ්‍යක් ගොඩ නැගීමයි. එයට කැමති, බඩගින්නේ, බියෙන් වෙවුලමින් ඉන්න කැමැති උන් චන්ද දී මොවුන් දිනවත්වා. පසුව එන අරගලයට උදව් කරත්වා.
ඔයාලා විජේවිර ගේ කාලේ ඉදලා තමයි සැලසුම ගැහුවේ රට අගාධයට දාලා බලය ගන්න.
හෙල්මට් බලකායත් ඉන්නවනේ රටේ දියුණුවට . ඒකත් ඉතාම සැලසුම්සහගතව රටේ යහපතට ගොඩනගපු ආරක්ෂක බලකායක්නේ.
නුඹලාට කිසිම සැළසුමක් නැහැ 1971 සිටම විශ්වාස කලේ අරගලයෙන් බලය ලබාගෙන ඒකාධිපති පාලනයක් ගෙනයාමට තමයි චීනයේ මාවෝ සේතුං අරගල නොකර චීන්නු දැනුවත් කරමින් චීනය වටේ ගියා. අන්තිමට තමයි බලය ගත්තෙ. නුඹලාත් රටේ අස්සක් මුල්ලක් නෑර ජනතාව පීඩාවට පත් නොකර දැනුවත් කරමින් සැලසුම් සහගතව ඉවසීමෙන් මානව දයාවෙන් ජනතාව නොමරා (ඔහේගෙ සුනිල් මැරුනෙත් එහෙම කියලා ඔහේගෙම කතවෙන් පේනවා ) රටේ සම්පත් විනාශ නොකර (1971 තේ කම්හල් විනාශ කල නිසා සුලු තේ ඉඩම් හිමියන් පීඩාවට පත්වුනා ) කටයුතු කලා නම් අවම වශයෙන් 2000 ට පෙර රටේ පාලනය ගන්න තිබුනා
.කමෙන්ට් කරන අය ගැනත් ,ලයික් දාලා ප්‍රමෝට් කරන අය ගැනත් දුකයි . හොර නඩය හොඳටම බය වෙලා
මාලිමාවට ජය නියතයි
බොරුවේ උල්පත් අනුර...