(අංජුල මහික වීරරත්න)
අනුර දිසානායක යාපනයට පැමිණ කළ තර්ජනකාරී ප්‍රකාශය සම්බන්ධයෙන් උතුරේ ජනතාවගෙන් වහාම සමාව ගත යුතුව ඇතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා යාපනයේ ජන රැළියේදී අද (7) පැවසීය.
දකුණේ මතයට හවුල් නොවුන හොත් උතුරේ ජනතාව වෙනසට විරුද්ධ වූවන් ලෙස දකුණේ ජනතාව විසින් සිතනු ඇතැයි අනුර දිසානායක යාපනයට පැමිණ කියා තිබෙන බව කී ජනාධිපතිවරයා එය යාපනයට මෙන්ම උතුරට ද කළ තර්ජනයක් බව සඳහන් කළේය. සිංහල ජනතාවගේ නම පාවිච්චි කරමින් උතුරට තර්ජනය කිරීම ගැන අනුර කුමාර දකුණෙන් ද සමාව ගත යුතු බව කී ජනාධිපතිවරයා අනුරගේ එම එම ප්‍රකාශය තමා දැඩි ලෙස හෙලා දකින බව සඳහන් කළේය.
අනුර මෙම ජනපතිවරණයෙන් ජයග්‍රහණය නොකරන බව කී ජනාධිපතිවරයා තර්ජන කිරීම් ගැන උතුරේ මෙන්ම දකුණේ ජනතාවගෙන් සමාව ගැනීමෙන් අනතුරුව විපක්ෂයේ වාඩි වෙන්නැයි ඉල්ලා සිටින බවද කීය.
"අපේ සැලැස්ම ඉදිරිපත් කර ඔබේ වටිනා ඡන්දය ඉල්ලන්න අප පැමිණ තිබෙනවා. අනුර දිසානායකත් ඇවිත් ඔබේ ඡන්දය ඉල්ලුවා.එයා මෙහේ ඇවිත් කිව්වේ මොකක්ද?
"දකුනේ වෙනසක් සඳහා ජනතාව පෙළ ගැසී සිටියදී ඊට එරෙහි වුවහොත් කුමන මනෝභාවයක් දකුණේ ජනතාවට ඇතිවේදැයි සිතන්නැයි අනුර කිව්වා.ඒ වෙනසට විරුද්ධ වුවන් ලෙස යාපනය හඳුන්වනවාට ඔබ කැමතිදැයි අනුර දිසානායක ප්‍රශ්න කළා. මා ඔබට නැවත සහතික කරන්නම්, අප ජයග්‍රහණය කරනවා.හැබැයි ජයග්‍රහණයේ පංගු කරුවන් බවට ඔබ පත්වෙන්න ඕන.ඊට එරෙහි වූවන් වන්න එපා" යැයි අනුර දිසානායක කිව්වා.
ඒ කියන්නේ අනුර දිසානායක ජනතාවට තර්ජනය කරනවා. මට ඡන්දය දුන්නේ නැත්නම් බලාගන්නම් කියනවා.ඒ තර්ජනය මා හෙලා දකිනවා.
අප 2010 ජනාධිපතිවරණයට මෙහේ ආවා. අප එහිදී ෆොන්සේකාට ඡන්දෙ දෙන්න කියා මෙහි ජනතාවට කිව්වා.මෙහේ ජනතාව ෆොන්සේකා ඡන්දය දුන්නා. දකුණේ අය මහින්දට දුන්නා.මහින්ද දිනුවා.නමුත් ඔවුන් මෙහෙ අයට ගැහුවාද? මුකුත් සිදු වුණේ නැහැ. අන්තිමට ඩග්ලස් දේවානන්දා ඇමතිවරයෙකුත් වුණා .
2015 සිදුවුණේ මොකක්ද? අපි ඔක්කොම මෛත්‍රීපාල සිරිසේනට ඡන්දෙ දෙන්න කියා කිව්වා.දකුණේ ජනතාව මහින්ද රාජපක්ෂට ඡන්ද දුන්නා.ඒ අවස්ථාවේ අප දිනුවා. මුකුත් වුනේ නැහැ. 2019 දී උනේ මොකක්ද?
යාපනයේ අය සජිත්ට දුන්නා. සිංහල මිනිස්සු ගෝඨාභයට දුන්නා.නමුත් ගෝඨාභය හමුදාව අරගෙන මෙහාට ආවේ නැහැ.හැම වෙලාවෙම ඒ ප්‍රතිඵලය අප පිළිඅරගෙන තිබෙනවා. ඒ තත්ත්වය යටතේ අනුර දිසානායක ඇවිත් තර්ජනය කරන්නේ කොහොමද?
අනුර දිසානායක ඔබ බය කරන්න හදනවා. උතුරේ මෙන්ම දකුණේ මිනිස්සු බය කරන්න හදනවා.ජනතා විනමුක්ති පෙරමුණේ "ස්ටයිල්" එක එයයි. ඒ කාලේ චිට් කෑල්ලක් ලබා දී ජනතාව බය කළා.නැවත ඒ යුගයට යන්න උත්සාහ කරනවා.
වහාම උතුරේ ජනතාවගෙන්, යාපනයේ ජනතාවගෙන් සමාව ඉල්ලන ලෙස මගේ මිත්‍ර අනුර දිසානායකට මම කියනවා. සිංහල මිනිස්සුන්ගේ නම භාවිතා කර බය කරපු නිසා සිංහල ජනතාවගෙන්ද සමාව ඉල්ලන්නැයි අනුරට මා කියනවා.අනුරට දිනන්න බැහැ.සමාව ඉල්ලා ඊට පස්සෙ ගිහින් විපක්ෂයේ වාඩි වෙන්නැයි මා කියනවා.මේ අනුව තවත් ඔහුට යාපනයට එන්න බැරිවේවි.
මෙහෙම ජනතාවට තර්ජන දාන්න එපා. අප මේ සැරේ බය වෙන්නෙත් නෑ. තර්ජන වලට ඉඩ දෙන්නෙත් නැහැ.සජිත් ගැන කතා කර වැඩක් නැහැ.සජිත් විපක්ෂ නායක ලෙස වැඩේ කළා නම් අනුර නැගලා එන්නේ නැහැ.ඔවුන්ට ඡන්දය දී ඡන්දය නාස්ති කරන්න එපා.අප කළ යුත්තේ මේ රට දියුණු කළ ඉදිරියට යාමයි ,යනුවෙන්ද ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසීය.
COMMENTS
ඒ ඔක්කොටම ඉස්සෙලා ගෙවගන්න බැරි තරම් රටේ ණය ගොඩ ගහලා බංකොලොත් වීමට පාර කපපු රනිල් මුළු රටේම මිනිසුන්ගේ සමාව ගත යුතුයි
රනිල් මෙතන එක සත්‍ය ප්‍රකාශයක් කරලා තියෙනවා. 2010, 2015, 2019 යන තුන් වාරයේදිම පත්වුනු රජයන් එකක්වත් උතුරේ ජනතාවට විරුද්ධ වුනේ නෑ කියලා ඔවුන් කැමැති අපේක්‍ෂකයාට ඡන්දය දුන්නාට. විශේෂයෙන් 2010 දී මහින්ද සහ 2019 ගෝඨාභය ගැනත් කියලා තියෙන්නේ ඔවුන් ජනාධිපතිවරණයන් දිනුවාට ඔවුන් උතුරෙන් පැරදුණු නිසා. හරි එහෙනම් රනිල් කියන විදිහට අනුරවත්, සජිත්වත් හරියන්නේ නෑ. හැබැයි අපි රනිල්ට දෙන්නෙත් නෑ යූඑන්පී හොරු මදිවට පොහොට්ටුවේ හිටපු අන්තිම ආනාදියන්ගෙන් 90%ක් එකතු කරගත්තු නිසා. එතකොට එහෙනම් ඉතුරුවෙන්නේ එක්කෝ නාමල්, නැත්නම් දිලිත් වගේ කෙනෙක්. කොහොමත් නාමල්ගේ තාත්තාවත් බාප්පාවත් උතුරට කරදර කරේ නෑ.. කියලා රනිල්ම කියන නිසා අපි එහෙනම් නාමල්ට දෙනවා...
යාපනේ පුස්තකාලේ ගිණි තියලා තමුන්ට තවත් ඔහොම ගිහිල්ලා කථා කරන්න පුළුවන් වුණු එක ගැන සතුටු වෙනවා. වටේ ඉන්න ගාඩ් එක නැත්නම් එන්න වෙන්නේ කාගේ හරි කරේ...
උතුරට ඇති සැබෑ තර්ජනය ඔබයි. අනුර නොකිව් දෙයක් විකෘති කරන්න එපා. අනුර සහෝදරයා කිව්වේ දකුණේ ජනතාවත් උතුරේ ජනතාවත් මේ පාර එකම කතාවකට එමු කියයි. ජාතිවාදය අවුස්සන දෙමළ හෝ සිංහල හෝ මුස්ලිම් හෝ ඕනෑම අයෙකු ප්‍රතික්ෂේප කරමු කියයි. ජාතිවාදීන් සමඟ එකතු වී ප්‍රතික්ෂේප වෙන්න එපා කියයි. ඔබ හැමදාම කලේ උතුර දකුණ කොටවපු එක . ඔබගේ වයස ගැනවත් සිතා ඔය දුෂ්ට ගති අත් අරින්න
ජවිපෙ කවදාවත් ජාතිවාදී දේශපාලනය කරේ නෑ මුළු රටම එය දන්නවා. 88/89 සමාජ මාධ්‍ය තිබ්බ නම් උනේ මොකද්ද කියලා එලි වෙන්න තිබ්බා. රටම ගිනිතිබ්බ හැටි දැන් රටම දන්නවා. ඔබට ඇත්තේ තව ටික දවසයි. වැරදි වලට දඩුවම් විදින්න ලෑස්ති වෙන්න.
මහ බැංකුව කොල්ලකාපු එකටත්, රට බංකොළොත් කරපු එකටත් මුලු රටෙන්ම සමාව ගන්න කියලා JVP එකටම කියන්න මුත්තේ...!
අනුරට උතුර, නැගෙනහිර සහ වතුකරේ ඡන්ද නෑ. දකුණේ මෝඩයෝ අත්හදා බැලීම් කළාට එහේ මිනිස්සු ඊට වඩා බුද්ධිමත්.
අපි රනිල්ට කැමති නැහැ. රනිල් දිනන්නෙත් නැහැ. හැබැයි අනුරගෙ පක්ෂේ ගොඩ දෙනෙක් දැනටමත් ජේවීපී පරණ ක්‍රමය පටන් අරගෙන . බලය ලැබෙනකල් විතරයි ජේවීපී එකේ අහිංසකම්. බලය ලැබුනොත් ඉතින් සියලු දේශපාලන විරුද්දවාදීන් ඉවරයි.
මම කැම්පස් එකේ ඉද්දි ශිෂ්‍ය සංගම් වල බලය තිබුණේ ජේවීපී එකට. විරුද්ධ අදහස් තියෙන කිසිම කෙනෙකුට හඩක් නගන්න බැහැ ගහනවා. ඒයාලට බලය ලැබුනොත් කොහොම තියෙයිද?
ලාල් කාන්ත කියන්නෙ අපි ට්‍රාන්ස්ෆෝමර් කැඩුවා ගිනි තිබ්බා ලයිට් කනු කැඩුවා , ඒවා කලේ හරි ආඩම්බරෙන් කියල. එහෙව් පක්ශයක් රටේ බලය ගත්තොත් කොහොම හිටියිද?
හොඳයි
මූ පිස්සු දොඩවනවා
අදහස් ප්‍රකාශ කිරීමක් තර්ජනයක් බවට පෙරලන ජනාධිපතිකමේ ගරුත්වය කෙලසන මේ මහල්ලා විසි එක් වනදින එලවා දමමු.
ජොලි සීයාට පිස්සු තද වෙලා...
එතකොට අර සංවර්ධන සභා ඡන්දයේදී යාපනයේ මැරයෝ දාලා ඡන්ද පෙට්ටි පුරවලා කරපු නාඞගමට, යාපනය පුස්තකාලය ගිනි තියපු එකට කවුද සමාව ගත යුත්තේ...?
අනේ මගේ කට. තොපි පාලනය කරලා රට පත් කරලා තියෙන තැනට නොපිද ඉන්න එවුන්ගෙනුත් සමාව ගනින්. රට අනුරට මේ සැරේ .
ජනාධිපතිතුමා මාලිමා කාරයො කියන්නෙ මෙතෙක් කාලයක් පක්ෂ දෙකක මිනිස්සු නැත්නම් පවුල් කීපයක් රටේ සංවර්ධන කටයුතු කිසිවක් කලේම නැහැ කියලා නේද. ඒ නිසා මැතිවරණ ප්‍රචාරක කටයුතු කරන වෙලාවෙ ජනතාවට කියන්න 1948 නිදහස ලැබුනාම ඩී ඇස් සේනානායක මැතිතුමා ගල් ඔය ව්‍යාපාරය කර ඒ ප්‍රදේශයේ සංවර්ධනය කලා ඒකාලෙ සමජවාදීන් මැලේරියාව හදල මිනිස්සු මරණ බබවක් කිව්වා. ඉන් පස්සෙ සිරිමාවෝ මැතිණිය ආහාරයෙන් ස්වයංපෝෂිත කරන්න උත්සාහ කලා ජෝන් කොතලාවල මැතිතුමා ලංකාවෙ ජලවිදුලිය නිෂ්පාදනය ආරම්භ කලා ඩඩ්ලි සේනානායක මැතිතුමා උඩවලව ව්‍යාපාරය කලා සිරිමාවෝ මැතිණිය ආහාර නිපදවීම කරන්න උත්සාහ කරද්දී ජෙපිහැත්ත රටේ විනාශ කටයුතු කලා ඉන් පස්සෙ ජේආර් මහවැලි සංවර්ධන කටයුතු කලා විදුලි බලාගාර බොහොමයක් ඇතිකලා 1977 වනවිට ලංකාවෙ විශ්ව විද්‍යාල තිබුනෙ දෙකතුනක් පමණයි. ඒවා බොහොමයක් ඇතිකර මහපොළ ශිෂ්‍යත්ව ආධාර ඇතිකලා රටේ දුරකථන පහසුකම් ඇතිකලා ඔහොම තියෙද්දි ජෙප්පො 88-89 කාලයේ මිනිස්සු මරල ජාතික සම්පත් විනාශ කරලා කරන්න ඇත්තෙ සංවර්ධනය වෙන්න ඇති මෙහෙම සංවර්ධන කටයුතු කරද්දී අවුරුදු 76 ක් රට කෑවා කියන්නෙ කොහොමද කියලා රැස්වීම් වවලදී අහන්න බැරි ඇයි
තමුන් කියපු කරපු දේවල් දිහා බැලුවම හරිනම් ඉන්ඩ ඕන හිරේ.
අනේ මුත්තේ....., බැංකු හොරෝ......, එහෙනං ඉස්සෙල්ලම මහබැංකුව කඩන්න අනුබල දීම සහ ඒ හොරැන් ආරක්ෂා කිරීම වෙනුවෙන් මුලු රටෙන්ම සමාව අරං ඉන්න...! විලිලැජ්ජ නැතිකම ජනාධිපතිකමටත් වඩා ලොකුයි...!
බටලන්දේ සාන්ත හිමි.....!
රනිල් සහ ඔවුන්ගේ පක්‍ෂ දේශපාලන ඓතිහාසික ප්‍රවේශය - සාමාන්‍ය ජනතාව අතර බෙදීම සහ වාර්ගික ආතතිය ඇති කිරීම, එවිට දූෂිත දේශපාලකයන්ට තමන්ට අවශ්‍ය දේ ලබා ගත හැකිය. සිවිල් යුද්ධය තියෙද්දී රනිල් ඇතුළු පාර්ශ්වයන් කළේ මේක තමයි, මොනතරම් ලැජ්ජාවක්ද? මේ දේශපාලකයෝ යහපත් වෙන්න උත්සාහ කරන්න ඕන, වයසට ගිහිල්ලා තවම හොඳ වටිනාකම් ඇති ජීවිතයක් ගත කරන්න බැරි එකේ තේරුම මොකක්ද?
රනිල් මහතාගේ තිබෙන එකම ප්‍රශ්නය ඔහු සිංහලයෙක් විදිහට හිතන්නේ නැති කමයි. මෙයාට තරහ යන්නේ දෙමළ මිනිස්සුන්ට මොනවා හරි කිව්වා නම් තමයි. 2001-2004 කොටිත් එක්ක නටපු නාඩගම් අපිට තවම මතකයි...