(ශාන්ත චන්ද්‍රසිරි)
අනාගත රජය තුළ දක්ෂයන්ට පමණක් තැන දෙන බවත් පෞද්ගලික හිතවත්කම මත කිසිම තනතුරක් ලබා නොදෙන බවත් එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා අද (20) කොත්මලේදී පැවැසීය.
කොත්මලේ නව නගරයේ පැවැති ජනහමුවක් අමතමින් ඒ මහතා එසේ කීය.
කොත්මලේ එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධාන සංවිධායක අශෝක හේරත් මහතා විසින් මෙම ජනහමුව සංවිධානය කර තිබූ අතර එහෙදී තව දුරටත් අදහස් දක්වමින් සජිත් ප්‍රේමදාස මහතා මෙසේද පැවැසීය.
‘‘අද රටේ ජනතාවට ලොකු ජීවන බරක් තියෙනවා. අමාරුවෙන් ජීවත් වන්නේ. දරු පවුල බෙහෝම අමාරුවෙන් නඩත්තු කරන්නේ. උද්ධමනය නිසා බඩු මිල වැඩීවීම නිසා ජීවන වියදම වර්ධනයවීම නිසා මේ රටේ පවුල් පරපුරට ජීවත්වීමේ අපහසුවක් තියෙනවා. මම ඒක දන්නවා. මම ඒක අවබෝධ කරගෙන ඉන්නවා. ඒ වෙන මොනවත් නිසා නෙවෙයි මම හිතක් පපුවක් තියෙන දේශපාලඥයෙක් නිසා.
මගේ පාලනයක් තුළ අපේ කණ්ඩායම ජනතාවට හිංසාකාරි, ජනතාවට පීඩාකාරී කිසිම බද්දක් පනවන්නේ නැහැ. මුළු බදු ක්‍රමයම සංශෝධනය කරලා මේ රටේ පොදු ජනතාවට මෙන්ම කුඩා හා මධ්‍යම පරිමාණ කර්මාන්තකරුවන් ඇතුළු හැම කණ්ඩායමකටම බදු බර පැටවීම වෙනුවට බදු සහන ලබාදීමට අපේ ආණ්ඩුව කටයුතු කරනවා.
මේ රටට අවශ්‍ය සොදුරු නායකයෙක්. හිතක් පපුවක් තියෙන නායකයෙක්. කයිවාරුවට වඩා ක්‍රියාවෙන් ජනතාවට වැඩ කරන නායකයෙක්. මම නුඹලාට කියන්න කැමැතියි ඒ සොදුරු නායකයා ඒ මානව හිතවාදී නායකත්වය සජිත් ප්‍රේමදාස ලබා දෙනවා කියලා.
අනාගත රජය තුළ අපි දක්ෂයන්ට පමණයි තැන දෙන්නේ. පෞද්ගලික හිතවත්කම මත කිසිම තනතුරක් දෙන්නේ නැහැ.
මාත් එක්ක වාද විවාද කරන අය වැඩට දක්ෂයෙක් නම්, කඩියා වගේ වැඩ කරනවනම් ඒ මනුස්සයාට මම තැන දෙනවා. මට දේශපාලනයේ කිසිම හීන මානයක් නැහැ. මම එකක් කියනවා. මගේ පවුලට හා පවුලේ ඥාතීන්ට මගේ ආණ්ඩුවේ තැනක් නැහැ‘‘ යැයි ද ඔහු පැවැසීය.



2025 දෙසැම්බර් මස 04
739
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
565
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
454
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
‘‘අනාගත රජය තුළ දක්ෂයන්ට පමණක් තැන දෙනවා‘‘
lelwala Monday, 21 October 2019 02:18 AM
පියා එහෙම කලේ නැහැ. බාස්ලාගෙන් තමයි වැඩ ගත්තේ... උගතුන් එලවලා දාලා...
Nipuna Madumal Wednesday, 23 October 2019 08:03 AM
උස නම් ආරක්ෂක මිටි නම් කම්කරු