(නිමල කොඩිතුවක්කු)
දවස ගානේ පන්සල් වැසි යන තත්වයට අද රට පත්ව ඇති බවත් විහාරස්ථාන වසා දමන වැඩපිලිවෙළට අමතරව පුරාවස්තු විනාශ කිරීමේ වැඩපිළිවෙළකුත් ඉතාම සීඝ‍්‍රයෙන් රටපුරා සිදුවීගෙන යන බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කොළඹදි පැවසිය.
එමෙන්ම කුඩා දරුවකුට පවා පාරට බහින්න බැරි තත්වයකට අද රට පත්ව ඇති බැවින් මෙම තත්වයට විරුද්ධව මහා සංඝ රත්නය හා එක්ව ප‍්‍රබල හඬක් නැඟිමට කාළය එළැඹි බවත් මහින්ද රාජපක්ෂ මහතා සදහන් කළේය.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මේ බව සදහන්කලේ නාරාහේන්පිට අභයාරාමයේ අභිනවයෙන් ඉදිකළ ධාතු මන්දිරය සහ සත්බුදු මැදුර විවාත කිරිමේ උත්සවයේ ප‍්‍රධාන ආරාධිත අමුත්තා ලෙස එක්වෙමිනි.
මෙම අවස්ථාවට සමගාමීව කපිල වස්තුපුර ධාතූන් වහන්සේලා, හුණුපිටිය ගංගාරාමයේ සිට වැඩම කරවන කේෂ ධාතූන් වහන්සේලා සහ සර්වඥ දාතූන් වහන්සේලා ප‍්‍රධර්ශනයක්ද සිදුකෙරිණි.
එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙසේද කිවේය.
‘අද වනවිට මෙම විහාරස්ථානය අංග සම්පූර්ණ විහාරස්ථානයක් බවට පත්ව තිබෙනවා. මේ අභයාරාමය එක් අවස්තාවකදී විහාරස්ථානයක් වශයෙන් තිබුණත් පසුව සටන් භූමියක් විදියට මේ විහාරස්ථානය පත්වෙලා තිබුණා. අපිට තැනක් නැතිවෙන කොට මෙය අපිට නිවහනක් බවටත් පත් වුණා. අපිට මෙම ස්ථානය ලබාදිම නිසා මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමිට අධිකරණයට පවා යන්නත් වුණා.
මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් සටන් කලේ සමාජය වෙනස් කරන්නයි. දවස ගානේ පන්සල් වැසි යන තත්වයට අද රට පත්වෙලා තියෙනවා. පන්සල් වැසී යන තත්වයට පත්වෙද්දි මේ පන්සල් නැවත ගොඩනැගෙන තත්වයට පත්විම පිළිබඳ අපි සතුටට පත්වෙනවා.
එක පැත්තකින් අද කොළම නගරය දිහා බැලූවොත් එහි ඇතිවෙලා තියෙන තත්වය දැකගන්න පුලූවන්. අනික් පැත්තෙන් ගත්තොත් මුලූ රට පුරාම ඇතිවෙලා තියෙන ව්‍යාකූල තත්වය දැකගන්න පුලූවන්.
විහාරස්ථාන වසා දමනවාට අමතරව පුරාවස්තු විනාශකිරීමේ වැඩපිළිවෙළ ඉතාම සීඝ‍්‍රයෙන් කෙරිගෙන යන බව අද රහසක් නෙමෙයි.
ඒ එක්කම අද සමාජය මත්ද්‍රව්‍ය වලින් පිරි ඉතිරි යන යුගයක් බවට පත්වෙලා තියෙනවා. ලංකාව හෙරොයින් මධ්‍යස්ථානයක් බවට පත්වෙලාදෝයි සැකයක් මතුවෙමින් පවතිනවා. රටතුළ මේ තත්වය ඇතිවීම පිළිබඳ අද සමහර ඇමතිවරුන් සිවිල් සමාජයට දොස් පවරනවා.‘

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔව් ඉතින් පන්සලේ ඉන්නේ සුදුසු කට්ටිය නෙවෙයිනේ......... එකයි ඒ වගේම ඔබ තුමා ඉතින් පන්සල්වලටත් කරන්න ඕන වින්නැහිය කරලනේ තියෙන්නේ
පුදුම වැඩේ කියන්නේ. කටුගේ රජ කෙනෙක්ගේ කඩුව හෙව්වේ... සදහටම රජ වෙන්න තමන්ගේ කාලේ, ඒවත් පුරාවස්තු නේද මාලිගාව ඉදිරිපිට රජපැටව් කාර් රේස් පද්ද ඔයාට.... අමතකද? පන්සල් වැසීගෙන යන තත්වය එනකම් පන්සල් ඇතුලේ දේශපාලනය කෙරුවේ කවුරුද? බුදුහාමුදුරුවන්ගේ නම විකුණමින් චීවරයට අගෞරව කරමින්, ඒවා නවත්වන්න පොලිසියෙන් ගියාම .... රාළහාමිගේ බෙල්ල මිරිකලා මරන්න තරම්, පන්සලට ගිය කල... නායක හාමුදුරුවරු මේ කතා කිව්වද? නමුත් රාජපක්ෂලා අධිකරණයට කැඳෙව්වා නම් පොලු අරගෙන මේ කට්ටිය පෝලිමේ, ඔයාට දුක පන්සල් වැහුනොත් පස්සෙන් ඇවිත් කෑගහන්න කවුරුත් නැතිනිසා ඉස්සර ගමයි, පන්සලයි... දැන් මහින්දයි පන්සලයි ... කෙරුවේ නම් ලොකු විනාශයක්..
ජාතියයි ආගමයි ගැන කතා කරමින් රටේ මිනිස්සු කුපිත කරවන මෙවැනි අය ඉන්නේ කරුමෙටයි.. මේ උතුම් රටේ. අද සමහර පන්සල්වලට ප්‍රභූ මිනිස්සු විතරක් වද්දගන්න දුප්පතුන්ට තහනම් (මාලිගා වගෙයි) පන්සල් වැසී යෑම මේ අවුරුදු තුනට වෙන්න එහෙමට ලොකු ප්‍රශ්නයක් වෙලා නෑ. මහා සිංහලයින්ට අමතක සමහර පන්සල් තියනවා මසකට දාන වේල් හත, අටක්වත් නොලැබෙන.. හැබැයි ඒක අදක, ඊයෙක සිට වෙන දෙයක් නොව සිංහලයා වෙනුවෙන් මොර දෙන සෑම නායකයෙක්ම ආවා ගිය දා සිට සිදුවන්නක්..
අනේ පින්සිද්දවෙයි... ඔබතුමා පන්සල්ගානේ යන්නැතුව ඉන්නවද?
ඔයා හරියට කරානම් මෙහෙම වෙන්නේ නැහැනේ.
ඔබතුමා හරියට කරානම් මෙහෙම වෙන්නේ නැහැනේ. තව දුරටත් ජනතාව මෝඩයෝ කරන්න ඔබට බැහැ, ඔබ දැන් සම්පුර්නයෙන්ම අවුට්. කරුනාකර ගෝඨභයට අවථාව දීලා ඔබ පැත්තකටම වෙන්න.
පන්සල් වැහෙන තත්වෙට, සැබෑ බෞද්ධයින්ට පන්සල එපා වෙන තත්වෙට, පන්සල් තුලට දේශපාලනය රිංගවා මේ රටේ ඉතාම නින්දිත දේශපානලන සංස්කෘතියක් ඇතිකළේ කවුද කියන එක රටේ බුද්ධිමත් ජනතාව දන්නවා. වැඩිය සද්ද නොකලාට, ඊළඟ වතාවෙත් ඒ අය බුද්ධිමත් තීන්දුවක් දේවි ඒ ගැන සැකයක් නැහැ.
අනික් ජාතීන් වනසන්න හදන අපේ ජාතිය ආගම රැකගන්න අපි කතාකලොත් අපේ කියා ගන්නා එවුන්ට අපි ජාතිවාදියෝ. නේද මහතා?
අද පන්සල බේරා ගැනීමට සිදුවී තිබෙන්නේ, දේශපාලනය කරන්න පන්සල ඇතුලට රිංගන දේශපාලකයින්ගෙන් හා දේශපාලකයින්ගෙන් යැපෙන පන්සල තුළ රිංගා ගෙන සිටින අයගෙන් . ආයේ අමුතුවෙන් වැහෙන්න දෙයක් නැහැ, වනසලා ඉවරයි මේ අය පන්සල?.
ඔබ තුමා පන්සල දේශපාලන වේදිකාවක් කරගෙන නේද?
ඈත ගම්මානවල ගරා වැටෙන පැරණි පන්සල් මෙන්ම මාන,පොල් අතු සෙවෙලි කළ පන්සල් දිනෙන් දින වැසි යන බව සත්‍යයකි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් බුදුදහමට ප්‍රමුඛත්වය දී ආරක්ෂා කරන බව සඳහන් වෙතත් මේ පුණ්‍ය භූමිවල වැඩ වාසය කරන භික්ෂුන් වහන්සේලාට ලැබෙන සිව්පසය, මෙන්ම පිරිවෙන් අධ්‍යාපනය ලබාගැනීමට තිබෙන පහසුකම් අවම බවද සත්‍යයකි. නාගරික සහ අර්ධ නාගරික සුඛෝපභෝගී පන්සල්වල නායක හිමි වරුන්ට හෝ දේශපාලන උපාසක මහත්වරුන්ට ඉහත කි පන්සල් ගැන කිසිදු අනුකම්පාවක් ඈති නොවේ.රෝම ඉලක්කම් සහිත පැරණි ඔරලෝසුවේ බට්ටා නතර කර තම්බා ගත් මයියොක්කා ටිකකින් බඩ රවටා ගන්නා දිලිදු භික්ෂුන් වහන්සේගේ ආධ්‍යාත්මික ජීවිතය ගරා වැටෙන අයුරු මහානායක හිමිවරුන්ගේ මහා කරුණාවට යොමු නොවේ. මානව ධර්මතා බිඳී ගිය සමාජයක අපි තැති ගත්තන් ලෙස ජිවත් වෙමු. භික්ෂු ගෞරවය යටපත් කරමින් තක්කඩි රැලක් සේ හැසිරෙන දේශපාලකයන්ගේ රැවටිලි සිනාවට උන්වහන්සේලා අපි සේම රැවටෙති. ග්‍රාමීය සංඝ සමාජයේ ශෝකාන්තය අපි කඳුළු පිරුණු දෑසින් බලා සිටින්නෙමු.
දේශපාලන වාසි තකා පන්සල් පාවිච්චි කරන එක හොඳ දෙයක් නෙවෙයි කියන එක සියලුම බෞද්ධ ජනතාව පිළිගන්නවා. දැන් ප්‍රශ්නය තියෙන්නේ මේ හේතු නිසා සීලය ආරක්ෂා කරන ඇත්තන්ගේ හිඟකමයි. ඒ කියන්නේ ධර්මය පිරිහිලා. ඒක තමා ලබාගත් ප්‍රතිඵලය. මේ හැම දේටම වැඩිය ලොකුයි බලය..
මා හොඳින් දන්නා ස්වාමීන් වහන්සේ නමක් විහාරස්ථානයක් සොයමින් සිටී.... දැනට භික්ෂූන් වහන්සේ නමක් වුවමනා විහාරස්ථානයක් සොයාදිය හැකි නම් ඉහත විද්‍යුත් ලිපිනයට පණිවිඩයක් යොමු කරන්න.!