(සිටිනාමළුව-අනීෂා මානගේ, තංගල්ල-ආරියදාස කොඩිතුවක්කු, රන්න-චන්ද්‍රසේන ගමගේ)
උද්ඝෝෂණය කිරීමට තිබෙන අයිතිය මෙන්ම ජනතාවගේ ඡන්ද අයිතියද ආණ්ඩුව උදුරාගෙන ඇතැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පෙරේදා (21) තංගල්ලේදී පැවැසීය.
හිටපු ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ බන්ධනාගාරගතව සිටින පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු පිරිසකගේ සුවදුක් බැලීමට පෙරේදා තංගල්ල බන්ධනාගාරයට ගිය අවස්ථාවේදීය.
හිටපු ජනාධිපතිවරයා මෙසේද කීවේය.
රිමාන්ඞ් සිර භාරයේ ඉන්න කොඩිකාර මහත්තයා, නීතිඥතුමා, අජිත් ඇතුළු සියලු දෙනාම බැලුවා. අලුත් බන්ධනාගාරයක් හදලත් තාම වැස්සට තෙමෙන අබලන් වෙච්ච හිරගෙදර මේ අය තියාගෙන ඉන්නවා. මේක විවෘත කරලා තාම මේ අය යවලා නැහැ. අසාධාරණයි. මෙච්චර එකක් තියාගෙන මොකටද මේ අය යවන්නේ නැතුව ඉන්නේ කියන එක මට තේරෙන්නේ නැහැ. වහාම මුලින්ම කරන්න තියෙන්නේ මේ හිරගෙදර මාරු කරන එක. මොකද එක පැත්තකින් මේක මහ වදයක් ඒ ඇතුළේ ඉන්න අයට.
හම්බන්තොට සිද්ධිය සම්බන්ධයෙන් ආණ්ඩුවේ හැසිරීමට අපි මුහුණ දෙනවා. අපි මීට ඉස්සරවෙලා ඊට වඩා උදවියගේ ඒවට මුහුණ දුන්නනේ. හැබැයි කවදාවත් ප්‍රේමදාස මහත්තයා ජේ.ආර්. ජයවර්ධන මහත්තයා මන්ත්‍රීවරු හිරේ දැම්මේ නැහැ. මම පාද යාත්‍රා, ජනඝෝෂා, මිනිස් දම්වැල්, උද්ඝෝෂණ කීයක් කළාද? වාසුදේව නානායක්කාර කොච්චර කළාද? ඉතින් අපි ඒවා සංවිධානය කරලා එළියට බැහැලා, රාජ්‍ය දේපළ විකුණනවට විරුද්ධව කථා කළා. ඒවට ඉඩ දීලා තිබුණ මන්ත්‍රීවරුන්ට.
නමුත් අද ඒ අයිතියත් උදුරගෙන. ඡන්ද අයිතිය උදුරගෙන. ඡන්දයක් නැහැ. ජනතාවගේ ඡන්ද බලය උදුරගෙන තියෙනවා. උද්ඝෝෂණය කරන්න තියෙන අයිතිය. මෙතන ගල් ගැහුවේ කව්ද කියන එක හොඳටම පැහැදිලි නේ. තට්ටු දෙකේ ගෙදරක ඉඳලා කරපු වැඬේ ඔක්කොම දැකල තියෙනවා. ඒවායේ වීඩියෝ දර්ශන අරන් නේ ඉන්නේ. සම්පූර්ණයෙන් මේක දේශපාලන වුවමනාවට කරපු අනවශ්‍ය වැඩපිළිවෙළක් යැයිද හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අදත් එහෙමයි. එදත් එහෙමයි. එන්න ඉස්සල්ලා එක විදියක්, පස්සේ තව විදියක්. මේ කවුරුවත් එන්නේ රටට හෝ මිනිසුන්ට ආදරයට නොවේ. ජාතියට හෝ ආගමට ආදරයට නොවේ. සේවයක් කරන්න නොවේ. තමන්ගේ මඩිය තර කර ගන්න විතරයි.
ඒකට ඔබතුමාගේ කලේ රතු පස්වල වතුර ඉල්ලු අයට වෙඩි තිබ්බා,විනිසුරුතුමිය නෙරපා දැමූ උද්ඝෝෂණවලට වෙඩි තබා උද්ඝෝෂකයින් ඝාතනය කරපු, මාධ්‍ය ආයතනවලට බෝම්බ ගහපු, මාධ්‍යෙව්දීන් ඝාතනය කරපු, මාධ්‍යෙව්දීන්ගෙ අතපය කඩපු සුදුවෑන් සංස්කෘතියක් තිබුනේ. ඒකට ඔබතුමාගේ කාලේ උද්ඝෝෂණ අයිතිය දොරේ ගලා ගියා
ඔයා නිකම් බබා වෙන්න එපා. ඔය කරපු හරිය අමතක නැහැ. අපට වනාතෙ සුනිල් කතා කලොත් කියාවි අද ඔයාගේ පවුලම එළියේ ඉන්නේ රනිල් නිසා බව කියන්න ඕනෑද? ඔය කෑගහන අයට පුලුවන්ද කියන්න හොරු අල්ලපියව් කියලා? බැහැ ඔතන ඉන්නේ කම්බ හොරු සහා රැහේ නායකයා විතරයි.
එදා වගේ නොවී අද ප්‍රජාතන්ත්‍රවාදී විදියට රට කරනවා
අතීතය ටිකක් අමතක වෙලා.
ඔබතුමාගේ කාලේට වැඩිය නිදහසක් දැන් තියනවා නේද ?????
මහින්ද හොඳ ඉන්ද්‍රජාලිකයෙක්. වේදිකාව මත සිට අහිංසක ප්‍රේක්ෂකයින්ට විජ්ජා පෙන්නලාම ලැජ්ජාව නැති කර ගත් පුද්ගලයාට තමාගේ බඩ ගෝස්තරය වෙනුවෙන් වේදිකාව මතදී මිනිස්සු හිනස්සන කතා කියනවා හැර වෙන කෙරෙන්න දෙයක් නැහැ.