IMG-LOGO

2025 සැප්තැම්බර් මස 08 වන සඳුදා


අද ආණ්ඩුව බෙලහීන වෙලා

(නිමල කොඩිතුවක්කු)
 
ආණ්ඩුව බලයට පත්වෙද්දී රට ඉදිරියට ගෙනයා හැකි ශක්තිමත් අයෝමය නායකයකු සහිත පාලනයක් රටට ලැබී ඇති බවට ජනතාව විශ්වාස කළත් තීන්දු ගැනීමට නොහැකි බෙලහීන ආණ්ඩුවක් බවට අද වනවිට ආණ්ඩුව පත්ව ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ඉමිතියාස් බාකිර් මාකාර් මහතා පැවසීය.
 
ආණ්ඩුවේ ක්‍රියාකලාපය හේතුවෙන්  රට දිනෙන් දින සෑම අතින්ම පරිහානියට පත්වෙමින් තිබෙන බවද  මන්ත්‍රීවරයා සඳහන් කළේය.
 
කොළඹ මාක්ස් ප්‍රනාන්දු මාවතේ පිහිටි විපක්ෂනායක කාර්යාලයේ අද(3) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එක්වෙමින් ඔහු මේ බව පැවසීය.
 
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉමිතියාස් බාකීර් මාකාර් මහතා මෙසේද කීය.
 
      “මේ ජනාධිපතිතුමා ඇතුළු රජය බලයට පත්වන විට  ජනතාව තුළ බලාපොරොත්තු රාශියක් තිබුණා. තීරණ ගන්න පුළුවන් ශක්තිමත් අයෝමය නායකයෙක් රටට ලැබුණා කිව්වා. මේ රජය බලයට පත්වෙච්ච පාස්කු ප්‍රහාරය ගැනම තීන්දු ගන්න බැරි වෙච්ච බෙලහීන ආණ්ඩුවක් බවට අද වනවිට  පත්වෙලා තියෙනවා. කාදිනල් තුමන් ඇතුළු කතෝලික සභාවෙන් මේ රජයට විශාල චෝදනාවක් එල්ල වෙලා තියෙනවා.
භූමදානයට අවසර ලබාදීම ගැනත් දැන් විශාල ගැටලු ඇති වෙලා තියෙනවා. එක එක ආගම් වල තියෙන ආගමික විශ්වාස වලට අපි ගරු කළ යුතුයි.
  
අවුරුද්දක් පුරා මුස්ලිම් මලමිනි ආදාහනය කිරීමෙන් විශාල අසහනයක් මුස්ලිම් ජනතාවට තිබුනා. ලෝක සෞඛ්‍ය සංවිධානය පවා භූමදානයට අවසර ලබාදී තිබුණා. එම නිර්දේශ පිළිනොගත් එකම රට ලංකාව විතරයි.
භූමදානයට අවසර ලබා දෙමින් මුලින් මේ රජය ගැසට් නිවේදනයක් නිකුත් කළා. කාගෙදෝ බලපෑමකට එය අහෝසි කළා. මුස්ලිම් ජනතාවට මේ මානසික පීඩනය ලබාදීලා අවුරුද්දක්  ගියාට පස්සේ දැන් තීරණය කරනවා භූමදානයට අවසර ලබා දෙන්න ඕනේ කියලා.
 
අයෝමය  නායකත්වයක් රටට පත්වූ බව කිව්වට තීන්දු ගන්න හැකියාවක් නැහැ. ගහන ගැසට් එක සුමානයෙන් වෙනස් කරනවා. පාකිස්ථාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් එනකොට භූමදානයට අවසර දෙනවා කිව්වා.  ඊට පස්සේ ඒ තීන්දුව තියාගෙන අදිනවා. දැන් මලසිරුරු ඒ දිවයිනට ගෙනියනවා මේ දිවයිනට ගෙනියනවා කියලා කල් මරමින් ඉන්නවා.’’
 
 
 



අදහස් (1)

අද ආණ්ඩුව බෙලහීන වෙලා

Raveendra Wednesday, 03 March 2021 11:19 AM

අතීසාරය වැළඳුණු රෝගීන් අනිකාගේ බෙලහීනතාවය ගැන කතාකිරීම අරුමයකි.

:       1       14

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 508 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17125 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 687 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site