IMG-LOGO

2025 මැයි මස 02 වන සිකුරාදා


අතුරුදන් වුවන් පිළිබඳ පනත සම්මත කිරිම රටට සිදුකරන දුෂ්ට ක්‍රියාවක්

(නාලක සංජීව දහනායක)

අතුරුදන්වූවන් පිළිබඳ ජාතඨන්තර ප‍්‍රඥප්තිය සම්මතවීම යන අප රටට සිදුකරනු ලබන දුෂ්ට ක‍්‍රියාවක් බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යනාංශයේ මහාචාර්ය මැදගොඩ අභයතිස්ස හිමියෝ ඊයේ (19) පැවැසුහ.

එබැවින් මෙම පනත පාර්ලිමේන්තු න්‍යාය පත‍්‍රයෙන් ඉවයත් කරගත යුතු යැයිද උන්වහන්සේ පැවැසූහ.

රාජගිරිය, නාවල පාරේ ජපිහිටි ජාතික සංවිධාන පොදු මධ්‍යස්ථානයේදී, මහජන රාජ්‍ය භාෂාව විසින් ඊයේ (19) පැවැත්වූ මාධ්‍ය හමුවේදී උන්වහන්සේ මේ බව සඳහන් කළහ.

එහිදී මහාචාර්ය මැදගොඩ අභයතිස්ස හිමියෝ මෙසේද පැවැසූහ.

රාජ්‍ය නොවන සංවිධානයල බලකිරීම මත අතුරුදහන්වූවන්ගේ කාර්යාලය පිහිටුවීමේ පනත හා අතුරුදහන්වීමේ වැළැක්වීමේ ජාත්‍යන්තර ප‍්‍රඥප්තියට අප රටට ඉදිරිපත් කර තිබෙනවා. මේවා නිකම්ම නිකම් හුදකලා පනත් නොවෙයි. අතුරු දන්වූවන්ගේ කාර්යාලය පිහිටුවීමේ පනත සම්මත කරගත්තේ අප රටේ සාක්ෂි ආඥාපතන පවා උල්ලංඝණය වන අකාරයෙනුයි.

දැන් රණවිරුවන්ට දඬුවම් දීම සඳහා අතුරුදන්වූවන් වැළැක්වීමේ ජාත්‍යන්තර පනත සම්මත කරගැනීමට උත්සාහ ගන්නවා. මෙම පනත සම්මත කරගැනීම අපරටට කරනු ලබන දුෂ්ට ක‍්‍රියාවක්.

අපේ රටේ විදේශ අමාත්‍යවරයා ජිනීවා නුවරදී රණවිරුවන් පාවාදුන්නා. එදා ජිනීවා නුවරදී මානව හිමිකම් කාර්යාලයට වූ පොරොන්දු අද ඉටු කරනවා.

මේ වනවිටත් රටට අහිතකර පනත් රාශියක් වක‍්‍රාකාරයෙන් සම්මත කරගෙන තිබෙනවා.  ඒ නිසා මෙම පනතත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකර කල්දැමීම යනු අනාතයේදී වක‍්‍රාකාරයෙන් සම්මත කර ගැනීමක් විය හැකියි. ඒ නිසා මෙම පනත සම්පූර්ණයෙන්ම න්‍යාය පත‍්‍රයෙන් ඉවත්කළයුතුයි.

අප රෝම ප‍්‍රඥප්තියට අත්සන් කරනැහැ. නමුත් මෙම පනතට අත්සන් කළොත් ඒ කරුණ වලංගුවන්නේ නැහැ. අතුරුදන්වූවන් සම්බන්ධයෙන් සාක්ෂි දීමේදී ඒ සාක්ෂිකරුවන්ගේ අනන්‍යතාව වසර 25 ක් 30 ක් යනතුරුත් එළිදරව් වන්නේ නැහැ. ඒ නිසා ව්‍යාජ සාක්ෂි පවා දිය හැකියි.

තම රටේ උන්නතිය ජයග‍්‍රහණය වෙනුවෙන් ජීවිත පරිත්‍යාගයෙන් ක‍්‍රියාකළ විරෝධාර රණවිරාවන්ට අප යුතුකම් ඉටුකළයුතුයි. ඒ නිසා මෙම පනත සම්මතවිම වැළැක්විය යුතුයැයි ද උන්වහන්සේ පැවැසූහ.

කැලණිය විශ්වවිද්‍යාලයේ සංස්කෘතික අධ්‍යනාංශයේ මහාචාර්ය ඉඳුරාගානේ ධම්මරතන හිමියෝ මෙසේ පැවැසූහ.

අතුරුදන් වූවන් පිළිබඳ ජාත්‍යන්තර පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිිපත් කරන්නේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරයාගේ තර්ජනය හා බලකිරීම මතයි. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් තනතුරට පත්වීමට තමන්ට අවශය සුදුසුකම් නිර්මාණය කරගැනීම සඳහා ඔහු අපේ රටවැනි කුඩා රටවලට බලපෑම් කරනවා. ඔහු හා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නියෝජිතයන් පිරිසක් පසුගිය කාලයේ මෙරටට පැමිණ  මෙම පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලෙසට රජයට බලපෑම් කර තිබෙන බවට මාධ්‍ය වාර්තා පළවුණා.

මෙම පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකරන බවට ජනාධිපතිවරයා මහාසංඝරත්නයට ප‍්‍රකාශකර තිබුණා. නමුත් මෙම ප‍්‍රකාශ ගැන විශ්වාසය තබන්න බැහැ. විදේශිය බලපෑම් නිසා අපේ රට ඉතාම අසරණ තත්ත්වයකට පත්ව තිබෙනවා. ඒ  නිසා මෙම පතන කොයි මොහෙත හෝ සම්මත විය හැකියි.

අතුරුදන්වූවන් පිළිබඳ ජාත්‍යන්තර පනත අතීතයට බලනොපාන බව කීම පට්ටපල් බොරුවක්. මෙම පනත එන්නේම අතීතයේ අතුරුදන් වූවන් පිළිබඳව සොයා බැලීමටයි. මෙය පාර්ලිමේන්තුවට නොගෙනන බව ප‍්‍රකාශ කරන්නේ ජනතාවගේ හිත හැදීමට හා මෙයට එරෙහිව එල්ලවන විරෝධතාවන් මැඩපැවැත්වීම සඳහායි.

ලෝකයේ කිසිම රටක් තමන්ගේ රටේ හමුදාවන්ට විරුද්ධව කටයුතු කරන්නේ නැහැ. තම රටේ ස්වාධීනත්වයට බලපෑම් කරන්නේ නැහැ. තම රටේ ස්වාධීනත්වයට බලපෑම් කරන්න්න තවත් රටකට ඉඩක් දෙන්නේ නැහැ. ඒ නිසා පාර්ලිමේන්තුවේ බලය උල්ලංගණය කරමන් රටේ ස්වාධීත්වය කෙළෙසමින් ජාත්‍යන්තර අතපෙවීම් වලට අවස්ථාව ලබාදීම සඳහා මෙම පනත ගෙනඒමෙන් වලකින ලෙසට අපි ජනාධිපතිවරයාගෙන් ඉල්ලිමක් කරනවා.

ඒ නිසා මෙම පනත පාර්ලිමේන්තු න්‍යාය පත‍්‍රයෙන් ඉවත් කරගන්නා ලෙසට අපි ඉල්ලීමක් කරනවා. මහජනතාව තමන්ගේ අවශ්‍යතාවන් ඉටුකර ගැනීම සඳහායි තම නියෝජනයෙන් වශයෙන් මන්ත‍්‍රීවරුන් පාර්ලිමේන්තුව පත්කරන්නේ. ඒ නිසා පක්ෂනායකයන්ගේ තීරණයට අනුවම නෙවෙයි තමන්ගේ හෘදය සාක්ෂිය අනුවත් කටයුතු කළ යුතුයි. මෙම පනතට අත ඔසවා ගමට එන්න හිතන්න එපා. තමන්ගේ හෘද සාක්ෂියට අනුව කටයුතු කරමින් මාතෘභූමියේ ස්වාධීනත්වයට ආරක්ෂා කිරීමට මන්ත‍්‍රීවරුන් ක‍්‍රියා කළ යුතුයි.

මෙම පනත ගෙන එන්නේම හමුදාවට දැඬුවම් කිරීම සඳහායි. වැරැුද්දක් වෙලා තිබේනම් දඩුවම් කළ යුතුයි. එහෙත් එක් පාර්ශවයක් ඉලක්ක කරගනිමින් ක‍්‍රියා වැරදියි. හැම පාර්ශවයක් ගැනම සොයා බැලිය යුතුයැයි උන්වහන්සේ පැවැසූහ.

කැලණිය විශ්වවිද්‍යාලයේ වික‍්‍රමාරච්චි ආයුර්වේද අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය මාදුරුඔයේ ධම්මිස්සර හිමියෝ මෙසේ පැවැසූහ.

අතුරුදන්වූවන් පිළිබඳ ජාත්‍යන්තර සම්මුති පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීෘමත් සමග අප රට ඉතිහාසයේ දරුණුතම පාවාදීමේ අවස්ථාවකට මුහුණ දී සිටිනවා. මෙම පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකරන බව ජනාධීපතිවරයා ප‍්‍රකාශ කළා. අතුරුදන්වූවන් පිළිබඳ කාර්යාලය පිහිටුවීමේ පනතට තමන් අත්සන් නොකරන බව ජනාධිපතිවරයා මීට පෙර ප‍්‍රකාශ කළා. නමුත් පසුගිය දිනෙක එතුමා එයට අත්සන් කළා.

ඒ නිසා මෙම පනත සම්බන්ධයෙන් කියන කතා අපිට විශ්වාස නැහැ. මෙය පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකරනවානම් එය පාර්ලිමේන්තු න්‍යාය පත‍්‍රයෙන් ඉවත් කරගත යුතුයි.

අතුරුදන්වූවන් පිළිබඳ පනත පාර්ලිමේන්තුවේදී සම්මත වුණෙෘත් අප රටේ ස්වාධීනත්වය කෙළෙසනවා. ස්වාධීන රටක් වශයෙන් අප ඒ විදේශීය බලපෑම් සම්පූර්ණයෙන්ම ප‍්‍රතික්ෂේප කරනවා. කවුරුන් කෙසේ කීවත් මෙම පනත අතීතයට බල පානවා.

අතුරුදන්වූවන්ගේ කාර්යාල පනත අතීතයට බලපාන නමුත් අතුරුදන්වීම් වැළැක්වීමේ ජාත්‍යන්තර ප‍්‍රඥප්තිපනත අතීතයට බලනොපාන බවට පවසමින් පාලකයෝ ජනතාව නොමඟ යවනවා. නමුත් ව්‍යවස්ථාවේ 13 (6) වගන්තියට අනුව ඒ කතා පට්ටපල් බොරුවක්.

ඒ අනුව මෙම පනත සම්මතවීමත් සමගම අතීතයට බලපාන පරිදි නඩු ඇසීමටත් ඔනුන්ට දඬුවම් දීමටත් අපි බැඳී සිටිනවා.

රටකට එරෙහිව තවත් රටක් චෝදනා කළෙෘත් ඒ චෝදනා ප‍්‍රතික්ෂේප කිරීමේ අයිතිය චෝදනා ලත් රටට තිබෙනවා. නමුත් මෙම පනතට අත්සන් තැබීමටත් පෙරම විදේශිය රටවල් නගන චෝදනා අපි පිළිගෙන තිබෙනවා.

එමෙන්ම මෙම ප‍්‍රඥප්තිය තවමත් සිංහලෙන් මුද්‍රණය කර නැහැ. පාර්ලිමේන්තුවේ මන්ත‍්‍රීවරුන් සියල්ලන්ටම ඉංගී‍්‍රසි බැහැ. ඒ නිසා මෙහි තිබෙන කරුණු ගැන නොදැනයි මන්ත‍්‍රිවරුන් මෙය සම්මත කිරීමට අත ඔසවන්නේ. මන්ත‍්‍රීවරුන් තමනගේ අයිතිය වෙනුවෙන් පෙනීසිටිය යුතුයි. මෙම පනතේ සිංහල පිටපත් ලබා දෙන ලෙසට බලධාරීන්ට බලපෑම් කළ යුතුයැයි පැවැසූහ.

කැලණිය විශ්වවිද්‍යාලයේ වාග්විද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය කපුගොල්ලෑවේ ආනන්ද කිත්ති හිමියෝ මෙසේ පැවැසූහ.

මේ රට දශක තුනක් තිස්සේ දරුණු ත‍්‍රස්තවාදයකට මුහුණ දුන්නා. ලෝකයේ  අනෙකුත් ත‍්‍රස්තවාදීන්ට වඩා ඉතාම බලවත් දරුණු ත‍්‍රස්තවාදයක් අප රටේ ක‍්‍රියාත්මක වුණා. ඒ දරුණු ත‍්‍රස්තවාදීන් පරාජය පත්කර මව්බිම බේරාගැනීමට රණවිරුවන්ට හැකිවුණා. ඒ රණවිරුවන් පාවාදීමේ අරමුණින් තමයි මේ පනත ගෙන එන්නේ.

මෙම පනත ගෙන එන්නේම යුද්ධය නිම කිරීමට නායකත්වය දුන් රණවිරුවන් හා දේශපාලන නායකයින්ට දඬුවම් දීමටයි. මේ කාර්යය පිටුපස රාජ්‍ය නොවන සංවිධානය සිටිනවා.

ලෝකයේ ප‍්‍රබල කිසිම රටක් මෙම පනතට අත්සන් කර නැහැ. නමුත් ලෝකයේ දුර්වල රටවල් 93 ක් මෙයට අත්සන් කර තිබෙනවා. ඒ රටවල් අතරින් රටවල් 43 ක් මෙය පාර්ලිමේන්තුවේ සම්මත කරගෙන නැහැ. ඇමරිකාව හා එංගලන්තය වැනි රටවල් මෙයට අත්සන් නොකරන්නේ තමන්ගේ හමුදාවන් පාවා දීමට නොහැකි නිසයි.

මේ සම්බන්ධයෙන් මහානායකහිමිවරුන් අවධියෙන් සිටිය යුතුයි. මෙම පනත සම්මත කර රණවිරුවන් ජාත්‍යන්තරයට පාවා නොදෙන ලෙස පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ගෙන් ඉල්ලීමක් කරන බවද උන්වහන්සේ පැවැසූහ.



අදහස් (12)

අතුරුදන් වුවන් පිළිබඳ පනත සම්මත කිරිම රටට සිදුකරන දුෂ්ට ක්‍රියාවක්

asoka Thursday, 21 September 2017 12:19 AM

තමන් දන්නා දෙයක් ගැන කතා කලානම් සළකා බලන්න තිබුණා. හැම එකක් ගැනම කකා කරන්න යාමෙන් හෑල්ලුවෙනවනේ නිරපරාදේ

:       518       711

විශාඛා තිරිමාන්න ලොස් ඇන්ජලිස් Thursday, 21 September 2017 06:40 AM

මේ හාමුදුරුවන් ලෝක පුජිත උගතෙක්. අපට මතකයි ලොස් ඇන්ජලිස් නගරයේදී ප්‍රජාතන්ත්‍රවාදය ගැන මේ හාමුදුරුවෝ ඉංග්‍රීසියෙන් කළ දේශනය. උන්වහන්සේ කර ඇති මේ ප්‍රකාශය නිවැරදියි: "ලෝකයේ ප‍්‍රබල කිසිම රටක් මෙම පනතට අත්සන් කර නැහැ. නමුත් ලෝකයේ දුර්වල රටවල් 93 ක් මෙයට අත්සන් කර තිබෙනවා. ඒ රටවල් අතරින් රටවල් 43 ක් මෙය පාර්ලිමේන්තුවේ සම්මත කරගෙන නැහැ. ඇමරිකාව හා එංගලන්තය වැනි රටවල් මෙයට අත්සන් නොකරන්නේ තමන්ගේ හමුදාවන් පාවා දීමට නොහැකි නිසයි."

:       349       291

dayaFriday, 22 September 2017 01:10 AM

රටකට ගිහින් ඉංග්‍රීසියෙන් දේශනයක් කළයි කියලා ලෝක පුජිත කෙනෙක් වෙන්න බැහැ. වෙන රටක සිටින සිංහල කොටසක්ම දැනගත්න පමණින්ම ලෝකයාම දන්නවා යයි කිමටද නොහැකියි. ලෝකපුජිත අය කිදෙනෙක් සිටිය යුතුද?

:       1       81

adithyaFriday, 22 September 2017 01:11 AM

විෂාකා ලොස් ඇන්ජලිසි ඉදලත් “ලෝක පුජිත කියන්නේ“ කවූද කියා නොදැනිම ගැන දුකයි.

:       1       87

kasunFriday, 22 September 2017 01:13 AM

විශාඛා තිරිමාන්න, ඔබගේ අදහස ගැන දුකයි. කිමට ඇත්තේ එපමණයි.

:       1       86

rasika Thursday, 21 September 2017 12:35 AM

එදා හරිමඟ පෙන්නුවා නම් අද පිණ්ඩපාතේ වඩින්න වෙන්නෙ නෑ

:       245       312

perakum Thursday, 21 September 2017 02:08 AM

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මේ පනතට ඒකාන්තයෙන්ම විරුද්ධ බව එදා විපක්ෂයේ ඉඳන් ප්‍රකාශ කලා දැන් එයා මේකට කැමතිද? දේශපාලකයින්ට ප්‍රතිපත්තියක් නැති හැටි...!

:       0       53

dhamneth Thursday, 21 September 2017 05:29 AM

හාමුදුරුවරුන්ට අනිවාර්යෙන්ම තිබිය යුතුයි කියා බුදුන්වහන්සේ වදාල සම්මා ධිට්ටි සම්මා සංකප්ප යන දෙකම මේ හාමුදුරුවන්ට නැහැ.

:       139       208

භද්‍රානි Thursday, 21 September 2017 06:35 AM

කුරගල අයිතිහාසික බෞද්ධ පුද බිම මුස්ලිම් අය ආක්‍රමණය කළා. හාමුදුරුවන්ට එහෙ යන්න දෙන්නේ නෑ. නමුත් ගල් ලෙන්වල බුදුපිළිම තැම්පත් කළා කියලා සිතුල්පව්වේ නායක හාමුදුරුවන් අත් අඩංගුවට ගන්න සුදානම් වෙනවා.

:       0       105

nilan Thursday, 21 September 2017 06:40 AM

ඇත්ත බුදුදහම හැදෙන පොඩි දරුවන්ට කියාදිලා යහමගට ගත්තා නම් මිට වඩා හොද නැද්ද?

:       78       92

dhanpala Thursday, 21 September 2017 06:43 AM

ආගම ගැන බෞද්ධ අපට තියෙන ගෞරවය නැති කරන්න එපා

:       110       32

de silva Thursday, 21 September 2017 09:29 AM

එතකොට අහිංසක මිනිස්සු අල්ලාගෙන ගොස් මරා හංගන එක බුදුදහමට හෝ ප්‍රජතන්ත්‍රවාදයට එකඟයිද?

:       3       135

ඔබේ අදහස් එවන්න

 

 
 

දේශපාලන

‘ලූනූ බිකටත් පොර බදින්නේ නැතිව රට හදන්න එක්වන්න‘
2025 මැයි මස 02 280 3

ලූනු බිකටත් පොර බදින්නේ නැතිව රට ගොඩ නගන ගමනට එකතු වන්නැයි වෘත්තිය සමිති ව්‍යාපාරයට ආරාධනා කරන බව ජාතික ජන බලවේගයේ නායක ජනාධිපති අනුර කුමාර දිසානායක


‘‘ආර්ථිකය ආරක්ෂා කරන්න අපි සහාය දෙනවා‘‘
2025 මැයි මස 01 1505 9

වේදිකාවල බොරුවට කෑ මොර නොදී ඇමරිකා බදුවලින් රටේ කම්කරුවාට වන බලපෑම්වලට සහනයක් ලබාදෙමින් ශ්‍රමිකයන් ඇතුළු, රටේ ආර්ථිකය ආරක්ෂා කරන්න අපේ සහාය ලබාදෙනවා



වර්තමාන ආණ්ඩුව ජනතාවට බරක් නොවන බව ඔප්පු කළා
2025 අප්‍රේල් මස 17 952 9

වර්තමාන ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය සහ මැති ඇමතිවරු රටට සහ ජනතාවට බරක් නොවී වැඩ කළ හැකි බව ඔප්පු කරමින් සිටින බවත් දූෂණය, වංචාව සහ නාස්තිය නතර කර ඇති බව සියය


පච දේශපාලනය රජ වෙලා
2025 අප්‍රේල් මස 17 1204 23

මාලිමා ආණ්ඩුව යටතේ ගොවියා රජ කරවීම කෙසේ වෙතත් පච දේශපාලනය නම් රජ වී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.


ජනපතිට ජපානයෙන් ආරාධනයක්
2025 අප්‍රේල් මස 11 7427 8

මේ වන විට ආණ්ඩුව ශක්තිමත් ජාත්‍යන්තර සබඳතා හදා ගෙන තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අක්කරපත්තුවේ ජන රැළියකදී පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 466 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 119 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1144 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site