IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


අතට සහ බුලත් කොළයට ඡන්දය දී රට රැකගන්න - ජනපති

(තිලකරත්න දිසානායක)
 
පෙබරවාරි 10 වෙනිදායින් පසුව පුළුල් ජාතික ව්‍යාපාරයක් අරඹන බව පැවසු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතට සහ බුලත් කොළයට හැර වෙනත් පක්ෂවලට ඡන්දය දීමෙන් මහබැංකු බැඳුම්කරය සහ බරපතල වංචා විමර්ශණය යටපත් වෙන බවත් දුෂිතයින් ශක්තිමත් වීම සිදුවන බවත් අද (26) ගම්පහ නගරයේ පැවති ජන හමුවකදී පැවසීය. 
 
මෙවර පළාත් පාලන මැතිවරණයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉදිරිපත්ව සිටින අපේක්ෂකයින්ගේ ජයග්‍රහණය පතා පැවති මෙම ජන හමුවිදී ජනාධිපතිවරයා මෙසේද කීය.
 
  " අතට සහ බුලත් කොළයට දෙන ඡන්දය රට රැකගැනීමට දෙන ඡන්දයක්.ලබන මස 10 වැනි දින පැවැත්වෙන ඡන්දයෙන් පසුව පුළුල් ජාතික ව්‍යාපාරයක් අරඹනවා.දුෂණයට සහ වංචාවට විරුද්ධව රටේ උගතුන් බුද්ධිමතුන් ආගමික නායකයින් සියලු දෙනාම ඒකරාශි කරලා පක්ෂ භේදයෙන් තොරව පුළුල් ජාතික ව්‍යාපාරයකට ලබන 10 වෙනිදායින් පසුව ඒකරාශී වෙන බව මගේ ආදරණීය ජනතාවට ප්‍රකාශ කරනවා. 
 
    මේ දින කිහිපය තුල එන දේශපාලන පණිවිඩ ගැන සත්‍ය තේරුම් ගෙන හොද රටක හොද ගමණක් යාමට පිරිසිදු දේශපාලන ව්‍යාපාරයක් ඇතිකළ යුතුයි. විනය ගරුක කාර්යක්ෂම දේශපාලන මගක් ගොඩනගාගත යුතුයි. වංචා දුෂණ වලට විරුද්ධව සටන් කළ යුතුයි. මම ඔබට පැහැදිළිව එක දෙයක් කියනව. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට හැර  අත ලකුණට හැර බුලත් කොළයට හැර වෙනත් ඒවට ඡන්දය දෙනවයි කියන්නෙ මහ බැංකු වාර්තාවත් ඉවරයි. ඒක යට යනව. දුෂිතයින් ශක්තිමත් වෙනව. බරපතල වංචා විමර්ශණ වාර්තාවත් ඉවරයි. ඒ සියල්ලම යට යනව. ඒවා විනාශ වෙනව. ඒවාට නඩු දැමීම නතර වෙනව. ඒ සියල්ල නිවැරදි පැත්තට ගෙන යන්න නම් පක්ෂ භේදයෙන් තොරව මේ හොරුන් සියලු දෙනාටම දඩුවම් දිය යුතුයි. ‘‘



අදහස් (3)

අතට සහ බුලත් කොළයට ඡන්දය දී රට රැකගන්න - ජනපති

siri Saturday, 27 January 2018 10:37 AM

ලොක්කෝ, ඔය බයිලා පොලොන්නරුට කියන්න. ගම්පහට නම් කියන්න ඕනේ නැහැ. වෛරයෙන් පටන් අරගත්තාම ඕකේ ඵල විපාකයත් පසුපස එනවා.

:       0       41

SL Saturday, 27 January 2018 02:02 PM

එතකොට අර රාජගිරියේ පිනට අරගෙන වහල තියෙන කෘෂිකර්ම බිල්ඩිමත් හිරේ අරිනවද? දැන් යන විදිහට සමාගම් ගොඩනැගිලි කාර් ගිරේ යයි අයිතිකාරයෝ නැතුව.

:       0       34

Chandra Sunday, 04 February 2018 01:56 PM

අනේ පව්, බලයට එන්න පොරොන්දු වුනේ රට යකාට යන්න,.. දූෂිතයින් සමග ආයේ ඡන්ද දිනන්නයි. ඒ නිසා හැමෝම අතට සහ බුලත් කොළයට ඡන්දය දෙන්න අමතක කරන්න එපා..

:       0       280

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 24 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 822 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site