IMG-LOGO

2025 මැයි මස 03 වන සෙනසුරාදා


අාණ්ඩුව දැන් ඒකාධිපති ගමනකට ලෑස්ති වෙනවා

(මීරිගම විශේෂ පුෂ්පකුමාර මල්ලවආරච්චි)

මහනුවර ගැටුමට මුවාවී තමන්ගේ ඒකාධිපති ගමන තහවුරු කරගන්නට ආණ්ඩුව කැසකවමින් සිටින බවත් සමාජ ජාලා වෙබ් අඩවි තහනම් කිරීම එහි එක් පියවරක් බවත් ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා ඉකුත් දා ප්‍රකාශ කළේය. වැඩිකලක් යන්නට මත්තෙන් රටේ අනෙකුත් මාධ්‍යවලටත් වාරණ පැනවෙනු ඇති බවත් ලබ්බට තැබූ අතම පුහුලටත් තැබෙනු ඇති බව කවුරුත් මතක තබා ගත යුතු බවත් ප්‍රසන්න රණතුංග මහතා ප්‍රකාශ කළේය. 

මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේ ගම්පහ දිස්ත්‍රික්කයේ තරුණ ව්‍යවසායකයන් පිරිසක් උඩුගම්පොළ දී ඉකුත් (12) හමු වූ අවස්ථාවේදීය. 

ප්‍රසන්න රණතුංග මහතා එහිදී වැඩිදුරටත් මෙසේද පැවසීය. 

වර්තමානයේ රට පාලනය කරන්නේ ආණ්ඩුවක් නෙමේ පාණ්ඩුවක් කියලා අපි අවුරුදු තුනක් තිස්සේ කිව්ව කාරණය දැන් ඔප්පු වෙලා තියෙනවා. පහුගිය දවස්වල මහනුවර ඇති වුණු කලබලකාරී වාතාවරණය පාලනය කිරීමට නොහැකි වීම තුළින් එම කාරණය මුළු ලෝකයට පැහැදිලි වුණා.

රට, ජාතිය පාවා දී හෝ බලය රැක ගැනීමේ පරම චේතනාවෙන් කටයුතු කරන මේ ආණ්ඩුවට රට පාලනය කිරීමේ කිසිදු හැකියාවක් නැහැ. පහුගිය අවුරුදු තුන පුරාම රට පුරා ඇති වුණු අර්බුදවලට විසඳුම් දීමේ දී ආණ්ඩුව දක්වපු අසාර්ථක ප්‍රතිචාර තුළින් ඒ බව පැහැදිලි වෙලා ඉවරයි. 

මහනුවර කලබලකාරී වාතාවරණයට එරෙහිව මුල් අවස්ථාවෙදිම ප්‍රතිචාර දක්වන්න ආණ්ඩුව කටයුතු කළා නම් මේ තරම් ලොකු විනාශයක් සිද්ධ වන්නේ නැහැ. සිද්ධිය දුරදිග යනකම් ජනාධිපති සහ අගමැති නිදාගෙන හිටියා. ඒ දෙන්නා නින්දෙන් නැගිටලා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නකොට සිදුවිය යුතු විනාශය වෙලා ඉවරයි. 

ආණ්ඩුව මුල ඉඳන්ම කල්පනා කළේ මේ අර්බුදය විසඳනවාට වඩා අර්බුදයේ වගකීම ඒකාබද්ධ විපක්ෂයේ කරට දාන්නේ කොහොමද කියලයි. ඒ බව කැබිනට් ප්‍රකාශක යැයි කියාගනිමින් තුට්ටු දෙකේ දේශපාලනයක නිරත වන රාජිතගේ කතාවෙන් ඔප්පු වුණා. 

රාජිත රට හමුවේ බොරු කියපු පළමු අවස්ථාව මේක නෙමෙයි. ආණ්ඩුවේ නිල ප්‍රකාශකයෙක් විදියට ඇවිත් රාජිත මේ කියන අමූලික බොරු ආණ්ඩුවේ නිල මතය ද කියන එක ආණ්ඩුව දැන් රට හමුවේ ප්‍රකාශ කළ යුතුයි. එහෙම නොවේ නම් රාජිත කියන බොරුකාරයා ඇමැති මණ්ඩලයෙන් එළවා දැමිය යුතුයි. 

මහනුවර ගැටුම ආණ්ඩුවට නොහිතපු වෙලාවක ඇදිච්චි ලොතරැයියක් වගෙයි. තමන්ට එරෙහිව පක්ෂය තුළින් ආපු විරෝධතාව යට ගහන්න අගමැතිට ඒ ලොතරැයිය උපකාරී වුණා. ඒ වගේම ජනාධිපතිට තමන්ගේ පක්ෂයේ ඇමැතිවරුන්ගේ විරෝධය යට ගහන්න ඒකෙන් හයියක් ලැබුණා. 

දැන් කවුරුත් විශ්වාසභංගය ගැනවත් නිදහස් පක්ෂයේ නොකෙරෙන සංශෝධනය ගැනවත් කතා කරන්නේ නැහැ. වෙන එකක් තියා දැන් කාටත් අර්ජුන් මහේන්ද්‍රනුත් අමතකයි. මහ බැංකුව මහ දවාලේ කොල්ල කාපු අර්ජුන් මහේන්ද්‍රන් බේරගන්නත් අගමැතිට මේකෙන් හයියක් ලැබුණා. 

ආණ්ඩුව අහිසංක මිනිස්සුන්ගේ ජීවිත බිලිගනිමින් රටේ ප්‍රශ්න අමතක කරවන්න කටයුතු කරපු පළමු අවස්ථාව මේක නෙමෙයි. මීට පෙරත් රටේ යම් යම් තීරණාත්මක අවස්ථා එළඹෙන කොට ආණ්ඩුව මේ වගේ සිද්ධි ඇති කරලා තමන්ගේ බලය රැකගන්න කටයුතු කරපු හැටි මිනිස්සුන්ට අමතක නැහැ. 

රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාට නම් මේවා අලුත් දේවල් නෙමෙයි. එතුමාගේ මාමා තමයි මේ වාගේ වැඩවල නිර්මාතෘවරයා. එදා මාමා අසූ තුනේ කළු ජූලිය මවලා තමන්ගේ බලය තහවුරු කරගත්තු ආකාරයටම අද බෑනා තමන්ගේ බලය තහවුරු කරගන්නවද කියන සාධාරණ සැකය අපිට තිබෙනවා. 

එක්සත් ජාතික පක්ෂයේ මැර වැඩවලින් පීඩාවට පත් වූ  ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් අද රනිල්ගේ වැඩවලට උදවු උපකාර කරනවා. නිදහස් පක්ෂයෙන් පාර්ලිමේන්තුවට ගිහින් සිරිකොතට වෙලා කටු ලෙවකමින් ඉන්න ඇමැතිවරුන් රැළ දැන් රනිල් හාමුගේ හුරතල් බලූ කුක්කෝ ටික වගේ නිහඬයි. 

රට මෙච්චර අර්බුදයකට යන කොටත් තමන්ගේ වාසිය තකා රනිල්ගේ ඉඳුල් කකා ඉන්න පුළුවන් නිවටයන් රැළකට පමණයි. තවදුරටත් ඒ නිවට රැළේ ඉන්නවද එහෙමත් නැත්නම් රටත් ජාතියත් වෙනුවෙන් නිවැරැදි පැත්තේ හිටගන්නවද කියන එක දැන් නිදහස් පක්ෂයේ ඇමැතිවරුන් තීන්දු කළ යුතුයි. 

වර්තමාන ආණ්ඩුව බලයට ආවේ තරු පහේ ප්‍රජාතන්ත්‍රවාදයක් ගැන කියවමින්. හැබැයි දැන් තිබ්බ ප්‍රජාතන්ත්‍රවාදයත් නැති වෙලා ඒකාධිපති වියරුවකට රටම හසුවෙමින් යනවා. ජාතිවාදය ඉස්මතු කරනවා කියලා සමාජ මාධ්‍ය අවහිර කිරීම ඒකේ ප්‍රධාන පියවරක්. ආණ්ඩුවට ලොකු වුවමනාවක් තිබුණා මේ සමාජ ජාලා තහනම් කරන්න.

2015 මහින්ද රාජපක්ෂ මැතිතුමා පරාද කරන්න ආණ්ඩුවට උපකාරී වුණ ෆේස්බුක් වැනි සමාජ මාධ්‍ය වැඩිකලක් යන්නට පෙරාතුව ආණ්ඩුවට එරෙහි වීම නිසා ඒ ගැන ලොකු වෛරයකින් සිටින බවක් පසුගිය කාලයේ පෙනුණා. දැන් මහනුවර සිද්ධිය පිටින් දාලා ආණ්ඩුව සමාජ ජාලා අවහිර කරලා තියෙන්නේ අන්න ඒ වෛරය පිරිමහ ගන්නයි. 
එදා යුද්ධ කාලෙවත් නොතිබ්බ තහනම් දැන් ආණ්ඩුව ක්‍රියාත්මක කරමින් යනවා. තව ටික දවසකින් අනෙක් මාධ්‍යවලටත් වාරණ පැන වෙයි. ලබ්බට තිබ්බ අතම තමයි පුහුලටත් තියන්නේ කියලා අපි මතක තබා ගත යුතුයි. මේ ඒකාධිපති ගමන නතර නොකළොත් අපේ රට විනාශ වෙන එක වළක්වන්න බැහැ යැයි ද ඔහු කීය.

 



අදහස් (6)

අාණ්ඩුව දැන් ඒකාධිපති ගමනකට ලෑස්ති වෙනවා

sa,m Friday, 16 March 2018 05:40 AM

පවුලත් එක්ක එකතුවෙලා අර අනුන්ගේ ඉඩ මෙන් මංකොල්ල කාපු කෝටි ගානක කප්පමට මොකක්ද දෙන නම.? කප්පම් කියන්ඩද? ලෝතරැයියක් කිය මුද මචෝ...................

:       1       33

sam Friday, 16 March 2018 07:54 AM

ඔබතුමාගේ කෙරුවාවන් අර මීතොටමුල්ලේ ඉඩම් නඩුවෙන් එලි උනේ දැන් දින දෙකකට පෙර නේද ??

:       107       25

rocky Friday, 16 March 2018 01:43 PM

තමා කවුදැයි තමාගෙන්ම අසා ගත්තා නම් හොඳයි නේද මහත්තයෝ?

:       0       25

Chandra Saturday, 17 March 2018 02:00 AM

ඔබලා ආණ්ඩුව කරගෙන ආවේ කොයි විදියටද? ඒකට කියන නම මොකද්ද? දැනුත් යන්නේ කොයි විදියටද? රට කාබාසිනියා කරගෙන බලය ලබා ගන්න... මොකද දූෂණ නඩු වලින් බේරෙන්න.

:       464       691

Rathna Saturday, 17 March 2018 09:00 AM

ඕකට තමයි ප්‍රජාතන්ත්‍රවාදය කියලා කියන්නේ...

:       0       0

Namal Monday, 19 March 2018 12:22 PM

පාර්ලිමේන්තුවේ විශ්වාස භංගේ ගේන්න! මිනිස්සු නෙමෙයි විපක්ෂය ඒක කරන්න ඕනේ... පාලකයෝ .. ඔබලයි කියලා අමතකද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

දේශපාලන

‘ලූනූ බිකටත් පොර බදින්නේ නැතිව රට හදන්න එක්වන්න‘
2025 මැයි මස 02 400 3

ලූනු බිකටත් පොර බදින්නේ නැතිව රට ගොඩ නගන ගමනට එකතු වන්නැයි වෘත්තිය සමිති ව්‍යාපාරයට ආරාධනා කරන බව ජාතික ජන බලවේගයේ නායක ජනාධිපති අනුර කුමාර දිසානායක


‘‘ආර්ථිකය ආරක්ෂා කරන්න අපි සහාය දෙනවා‘‘
2025 මැයි මස 01 1585 10

වේදිකාවල බොරුවට කෑ මොර නොදී ඇමරිකා බදුවලින් රටේ කම්කරුවාට වන බලපෑම්වලට සහනයක් ලබාදෙමින් ශ්‍රමිකයන් ඇතුළු, රටේ ආර්ථිකය ආරක්ෂා කරන්න අපේ සහාය ලබාදෙනවා



වර්තමාන ආණ්ඩුව ජනතාවට බරක් නොවන බව ඔප්පු කළා
2025 අප්‍රේල් මස 17 954 9

වර්තමාන ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය සහ මැති ඇමතිවරු රටට සහ ජනතාවට බරක් නොවී වැඩ කළ හැකි බව ඔප්පු කරමින් සිටින බවත් දූෂණය, වංචාව සහ නාස්තිය නතර කර ඇති බව සියය


පච දේශපාලනය රජ වෙලා
2025 අප්‍රේල් මස 17 1205 23

මාලිමා ආණ්ඩුව යටතේ ගොවියා රජ කරවීම කෙසේ වෙතත් පච දේශපාලනය නම් රජ වී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.


ජනපතිට ජපානයෙන් ආරාධනයක්
2025 අප්‍රේල් මස 11 7428 8

මේ වන විට ආණ්ඩුව ශක්තිමත් ජාත්‍යන්තර සබඳතා හදා ගෙන තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අක්කරපත්තුවේ ජන රැළියකදී පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 504 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 134 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1154 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site