IMG-LOGO

2025 ඔක්තෝබර් මස 26 වන ඉරිදා


‘අගමැතිව නිකමෙක් කර-පාර්ලිමේන්තුව රබර් මුද්‍රාවක් කරගන්න යනවා’

(නිමල කොඩිතුවක්කු)
 
අගමැතිවරයාව නිකමෙකු කර, පාර්ලිමේන්තුව රබර් මුද්‍රාවක් බවට පත්කරන 20 වැනි සංශෝධනය පරාජය කිරීමට ප්‍රජාතන්ත්‍රවාදය අගය කරන සියලු දෙනා පෙළ ගැසිය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී මනූෂ නානායක්කාර  මහතා කොළඹදී අද (25) පැවසීය.
 
රටේ ජනතාවගේ ජීවන ප්‍රශ්නයට, රැකියා ප්‍රශ්නයට, ආර්ථික සංවර්ධන වැඩපිළිවෙලට විසඳුමක් නැති වත්මන් ආණ්ඩුව ඒකාධිපතියකු බිහිකිරීම වෙනුවෙන් විසිවැනි සංශෝධනය පස්සේ දිවයන බව ද මන්ත්‍රීවරයා කීය.
 
කොළඹ, මාකස් ප්‍රනාන්දු මාවතේ විපක්ෂනායක කාර්යාලයේ  පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්  ඔහු පැවැසීය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී මනූෂ නානායක්කාර  මහතා මෙසේද කීය.
 
“ජීවන වියදම වැඩිවීම ඇතුළු රටේ ජනතාවගේ සියලුම ප්‍රශ්න හමුවේ මේ ආණ්ඩුව විසිවැනි සංශෝධනය  ඉදිරි පත්කර තිබෙනවා. විසිවැනි සංශෝධනය මගින් රටේ ප්‍රජාතන්ත්‍රවාදයට නිදහසට සිදුවන මරු පහර පිළිබඳව ජනතාව අද හොඳ අවබෝධයකින් කටයුතු කරනවා.
 
මාධ්‍ය, සිවිල් සංවිධාන වගේම සියලු ආයතන, රාජ්‍ය සේවකයන් 20 පිළිබඳව අද වැඩි අවධානයක් යොමු කළ තියෙනවා. 20 මගින් නීතියට, අධිකරණයට සිදුවන බලපෑම පිළිබඳ නීති විශාරදයන් පවා මත ඉදිරිපත් කරලා තියෙනවා. නීතිය, අධිකරණය, පොලීසියට සහ රටේ ප්‍රජාතන්ත්‍රවාදයට සිදුවන විස්සේ බලපෑම පිළිබඳ නීතිඥ සංගමයේ අදහස අපි දැනගන්න කැමතියි. ඒ අය මේකට එකඟ වෙනවාද වෙනවාද නැද්ද කියලා හරි රටට ප්‍රකාශ කළ යුතුයි. නීතියට ගරු නොකර තම අභිමතාර්ථ ඉටුකර ගැනීම සඳහා අවශ්‍ය වටපිටාව ආණ්ඩුව අද සකස් කරමින් යනවා. එහෙම නැතුව රටේ ජනතාව වෙනුවෙන් මේ ආණ්ඩුව කිසිවක් කරලා නැහැ.
 
මරණ දඬුවම නියම වූ ප්‍රේමලාල් ජයසේකර පාර්ලිමේන්තුවට ගෙන ඒම දක්වා කටයුතු කළ මේ ආණ්ඩුව පසුගිය දවසේ දී පිල්ලෙයාන්ට සම්බන්ධීකරණ කමිටුවක සභාපතිත්වය පිරිනමා තිබෙනවා. මේ විදියට තමයි අද ආණ්ඩුව රටේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්සා කරන්නේ.
 
මේ ආණ්ඩුව ප්‍රජාතන්ත්‍රවාදය පැත්තකින් තියලා තමන්ට ඕන ඕන විදියට අධිකරණය නීති හසුරුවන්න කටයුතු කරමින් සිටිනවා. එක නීතියක්, එක රටක් යැයි පැවසුවත් අද රටේ එවැනි තත්වයක් නැහැ. විසිවැනි සංශෝධනය ගෙන ඒමේ ආණ්ඩුවේ බලාපොරොත්තුව ඒකාධිපති ගමනක නිරත වීමයි. දහ නමයෙන් රටට හිමිවූ ප්‍රජාතන්ත්‍රවාදය ආපස්සට හරවා ජනතාව ඒකාධිපති ගමනකට යන්න සූදානම් ද කියලා මේ ආණ්ඩුව  විස්සෙන් ලිට්මස් පරීක්ෂාවක් කරන්න හදනවා.

සෞභාග්‍ය දැක්ම ඉදිරිපත් කළේ පූර්ණ ව්‍යවස්ථා සංශෝධනයක් වෙනුවෙන්. ඒ සදහා පාර කපා ගැනීමට තමයි මේ විසි වන ව්‍යවස්ථා සංශෝධනය ඉදිරිපත් කර තිබෙන්නේ.අගමැතිවරයා නිකම්ම නිකම් නිකමෙක් කරලා පාර්ලිමේන්තුව රබර් මුද්‍රාවක් බවට පත් කරන්න තමයි විසිවන සංශෝධනය මගින් මේ අය සූදානම් වෙන්නේ.
ව්‍යවස්ථාදායකය, අධිකරණය තමන්ට ඕන විදියට හසුරවන්න ජනාධිපතිවරයාට බලය ලබාදීමට ද මේ රටේ ජනතාව මේ වෙනස කළේ කියලා අපි අහනවා. මේ ආණ්ඩුවට ඡන්දය දීපු ජනතාවගෙන් අපි යනවා දැන් සනීපයි ද කියලා.

විගණනය කරන්නෙ නැතුව ප්‍රසම්පාදනය කරන්නෙ නැතුව තමන්ගේ ගජ මිතුරන්ට සලකන්න තමයි මේ ආණ්ඩුව හදන්නේ.විදේශීය ශ්‍රමිකයන් ලංකාවට එද්දී ඔවුන්ව නිරෝධායනය කිරීමේ කටයුතු සඳහා ඇවන්ගාඞ් සමාගම නම් කරලා තියෙනවා. තමන්ට ආණ්ඩු ගන්න  වැඩ කරපු අයට අද මේ අය සලකමින් ඉන්නවා.

රැම්සා තෙත් බිම් විනාශ කරපු, කුරුණෑගල පුරාවස්තු විනාශ කරපු අයට නීතිය ක්‍රියාත්මක වුණේ නැහැ. දැනට මෙහෙමනං විසිවන සංශෝධනය සම්මත වුනාම කොහොම හැසිරෙයිද කියල අද ජනතාවට අවබෝධයක් තියෙනවා.මේ ආණ්ඩුව මේ විදියට හැසිරෙනවා නම් පාර්ලිමේන්තුවක් රටට අවශ්‍ය නැහැ''යි මන්ත්‍රීවරයා පැවසීය.



අදහස් (4)

‘අගමැතිව නිකමෙක් කර-පාර්ලිමේන්තුව රබර් මුද්‍රාවක් කරගන්න යනවා’

විජේ Saturday, 26 September 2020 05:03 AM

අවස්ථාවාදීන් නම් පිළිකුල් සහගතයි. දේශපාලකයෙක් ලෙස ඔබ ඉටුකර ඇති එකම එක යුතුකමක්වත් සඳහන් කරන ලෙස ඉල්ලා සිටිමි. ස්තූතියි...!!!

:       0       12

bamunuarachchi Saturday, 26 September 2020 01:36 PM

ඉන්න අගමැති ඒ ගැන ප්‍රශ්න කරන්නේ නැතිනම් ඔහේලාට තිබෙන අමාරුව මොකක්ද? ඔහේලා 3000ක් පමණ ආණ්ඩුවක් පිහිටුවා ගන්න පුළුවන් වුණොත් ඕවා වෙනස් කරගන්න.

:       0       6

චමින්දSunday, 27 September 2020 01:34 AM

අබමල් රේණවක තරමට මොළයක් නැති ගල්යුගයේ සිටින බමුණු අදහස් තියෙනවුන්ට නොතේරුනාට එකාධිපති පාලනයකට සූදානම් වෙනවා කියලා මොන්ටිසෝරි යන දරුවෙක් එයාගේ යාළුවට කියනවා මට ඇහුනා.

:       0       0

Senarath Sunday, 27 September 2020 03:29 AM

එතකොට ඔය කියන කිසිම බලයක් නොමැති අගමැතිද 2003 දී ප්‍රභාකරන් එක්ක ගිවිසුම් අත්සන් කලේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1429 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1300 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 469 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site