(විනීතා එම් ගමගේ)
අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාට එරෙහිව එකාබද්ධ විපක්ෂය ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාව දේවාශිර්වාදයක් යැයි බුද්ධශාසන අමාත්‍ය ගාමිණි ජයවික‍්‍රම පෙරේරා මහතා ප‍්‍රකාශ කළේය.
ඔහු මේ බව කියා සිටියේ කටුගම්පල -පන්නල ප‍්‍රාදේශීය සභාවට එක්සත් ජාතික පක්ෂයෙන් පත් වු මන්ත‍්‍රීවරුන් දිවුරුම් දීම සඳහා කුරුණෑගල බෝපිටිය ශ‍්‍රී සුදර්ශනාරාම පුරාණ විහාරස්ථානයේදී පැවති රැස්වීමකදී ය.
පොදු ආණ්ඩුවක් පිහිටුවාගෙන තිබුණ ද කකුල් දෙක දෙපැත්තක තබා ගෙන කටයුතු කරන සමහරුන් නිසා කැබිනට් මණ්ඩලය තුළ පවා නිවැරදී තිරණ ගැනීමේ නොහැකියාවක් තිබූ බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
ස්ථිර සංවර්ධන වැඩපිළිවෙළ කරගෙන යාමේදී කඹ ඇදිමක් පැවති බවත් එය රටේ සංවර්ධනයට එල්ලවු බ්රේක් පහරක් බවත් සඳහන් කළ අමාත්‍යවරයා පෙරේරා මහතා නරි හම් පොරොවාගෙන සිටින අයට එළියට පැමිණීමට මෙම විශ්වාසභංගයේදී අවස්ථාව උදාවී ඇති බවද කියා සිටියේය.
අගමැතිවරයාට විරුද්ධව ඡන්දය ලබා දෙන අය වහාම ආණ්ඩුවේ තනතුරු වලින් ඉවත් විය යුතු බව ඔහු සඳහන් කළේය.
හෙළ උරුමය, මුස්ලිම් කොංග‍්‍රසය, රිෂාඞ් බදුර්දින් අමාත්‍යවරයාගේ පක්ෂය ආදි පක්ෂ එක් කර දැඩි ප‍්‍රතිපත්තික සිට රටේ සංවර්ධනය වැඩපිළිවළ කිරීමට ඉදිරි මාස 18 හොදටම ප‍්‍රමාණවත් බවද පැවසු අමාත්‍යවරයා මින් ඉදිරියට මේ රට තුළ අන්තවාදයට ඉඩක් නොමැති බවද අවධාරණය කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රට කාබාසිනියා කරන ගමන් දේවාශිර්වාද ගැන කතා කිරීම විහිළුවක් ඇමතිතුමෝ ...
මේ අපේ මහජන නියෝජිතයන් ලෙස පත්වුණ මිනිසුන් කියන කතාද ?
ඒක වෙන්න ඇති අර අත්සන් එකතු කරන්නේ.... නේද?
අගමැතියි ඉවත් වෙන්න ඕනේ? මොනවද මේ කියන්නේ.. බුද්ධ සාසනේ අනතුරේ වැටෙන්නේ මේකනේ ..