IMG-LOGO

2025 සැප්තැම්බර් මස 10 වන බදාදා


‘‘21 වැනි සංශෝධනය වෙනුවට ජාතික ලැයිස්තු සංයුතිය වෙනස් කළ යුතුයි‘‘

(බිඟුන් මේනක ගමගේ) 

පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ මහතා පරිපාලන දිස්ත්‍රික්කයක් සඳහා මන්ත්‍රීවරයෙකු තෝරා ගැනීමේ ඡන්ද ප්‍රතිශතය 5% සිට 12.5% දක්වා ඉහළ දැමීම අන්තර්ගත වන පරිදි යෝජනා කර ඇති 21 වැනි සංශෝධනය ප්‍රායෝගික නැතැයි ද ස්ථාවර ආණ්ඩුවක් නිර්මාණය කිරීම සඳහා කළයුත්තේ මහමැතිවරණයකදී ජයගන්නා දේශපාලන පක්ෂයට වැඩි බෝනස් ආසන සංඛ්‍යාවක් ප්‍රදානය කිරීම යැයි ද ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වැඩ බලන උපකුලපති සීමා නිර්ණය කමිටුවේ සාමාජික ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුදන්ත ලියනගේ මහතා ‘ලංකාදීප’ යට අද(6) පැවැසීය.

ජාතික ලැයිස්තුවෙන් පත්වන මන්ත්‍රී සංඛ්‍යාව තීරණය කරන අවම ඡන්ද සීමාව 5% දක්වා ඉහළ දැමීමෙන් මෙම කාරිය කළ හැකිය යැයි ද එවිට ජාතික ලැයිස්තුවට හිමි මන්ත්‍රී ධූර 29 න් 9 ක්ම ජයග්‍රාහී පිලට ලබාදීමට අවස්ථාව උදාවන්නේ යැයි ද ලියනගේ මහතා කීවේය.

ජයග්‍රාහී දේශපාලන පක්ෂයට බෝනස් ආසන 9ක් ලබාදෙන ක්‍රමයක් පිහිටු වූ සැනින්ම සුළු ජාතික හා සුළු පක්ෂ ප්‍රධාන දේශපාලන පක්ෂ සමග සන්ධානගත වනු ඇතැයි ද එවිට රජුන් තනන්නන්ගේ භූමිකාව වෙනුවට මිත්‍රශීලී දේශපාලන සංස්කෘතියක් කරා යා හැකි වනු ඇතැයි ද මහචාර්යවරයා අවධාරණය කළේය. 

19 වැනි සංශෝධනය තිබුණත් නැතත් සුළුතර ආණ්ඩු බිහිවිය හැකි යැයි කී හෙතෙම අවම ඡන්ද සීමාව 12.5% දක්වා ඉහළ දැමුවහොත් ජනතා විමුක්ති පෙරමුණ, ටී.එම්.වී.පී, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය හා ඊ.පී.ඩී.පී වැනි සුළු ජාතික හා සුළු පක්ෂ දැඩි අර්බුදයකට ගොස් අලුත් ප්‍රශ්නයක් නිර්මාණය වනු ඇතැයි ද අනතුරු ඇඟවූයේය.

ලංකාවේ දැනට ක්‍රියාත්මක සමානුපාතික ඡන්ද ක්‍රමය ද ලෝක පරිමාණයෙන් ගත්විට සුවිශේෂී යැයි ද ඊට හේතුව ජයග්‍රාහී අපේක්ෂකයා බලගැන්වීමට යම් යම් ක්‍රියාමාර්ග ගෙනතිබීම යැයිද මහාචාර්ය ලියනගේ මහතා වැඩිදුරටත් සඳහන් කළේය. 

මහාචාර්ය සුදන්ත ලියනගේ මහතා මැතිවරණ ක්‍රමය සංශෝධනය සම්බන්ධයෙන් දීර්ඝ කාලයක් තිස්සේ මැදිහත්වීම් කළ ප්‍රාමාණිකයෙකි. 

 



අදහස් (1)

‘‘21 වැනි සංශෝධනය වෙනුවට ජාතික ලැයිස්තු සංයුතිය වෙනස් කළ යුතුයි‘‘

Warnakulasuriya Wednesday, 08 January 2020 04:26 AM

සැප විඳින දූෂිත කණ්ඩායම් දෙකක් අතර පවතින බලය තවදුරටත් ශක්තිමත් වීමක් සිදු නොවිය යුතුයි. අඩුම වශයෙන් අද ජ.වි. පෙරමුණ පාර්ලිමේන්තුවේ නොසිටියා නම් මේ කණ්ඩායම් දෙක මාරුවෙන් මාරුවට අපහසුවක් නොමැතිව සැපවිඳීමේ ක්‍රියාවලියට යම් හෝ බාධාවක් ඇති නොවේ. මේ කණ්ඩායම් දෙකේ දූෂිත ක්‍රියාවලිය ඉවසන්නේ නැති ජනතාවක්ද රටේ සිටිති. විශේෂයෙන් උතුරේ ජනතාවක්ද එසේ සිටිති. විසඳුමක් නොමැති ප්‍රශ්නයක් වෙනුවෙන් යම් ජනතාවක් සන්නද්ධ අරගල සිතුවිල්ලකට යාම සාමාන්‍ය සිදුවීමකි. එය මහා විනාශයකි. එවැනි විනාශ අපි ඉතිහාසයේ දුටුවෙමු. ධනවාදී පාලකයෙක් වුණත් ජේ.ආර්. ජයවර්ධන මහතා මෙම තත්වය තේරුම් ගත් නායකයෙකි. මේ අනුව ඉහත මහාචාර්යතුමාගේ පැහැදිළි කිරීම ඉතා අගය කොට අපි සළකමු.

:       13       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 629 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17609 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 725 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site