(ඩයනා උදයංගනී)
එක්සත් ජාතික පක්‍ෂය 2020 මැතිවරණයේදීත් ජාතික ආණ්ඩුවක් ඇතිකරන බවට ප‍්‍රකාශ කර ඇතත් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ බලාපොරොත්තුව තනිව එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුවක් බිහිකරගැනීම බව එම සන්ධානයේ මහ ලේකම්, අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.
කෙසේ වෙතත් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය සමඟ එක්ව ආණ්ඩු කළ හැකිය යන ස්ථාවරයක එක්සත් ජාතික පක්‍ෂය සිටීම ගැන මෙන්ම ඔවුන්ගේ ඒ කැමැත්ත ගැන සතුටට පත්වන බව ද අමරවීර මහතා කියයි.
ජාතික ආණ්ඩුවක් ගොඩනැගීමේදී බලාපොරොත්තු වූ අරමුණු 2020 වන විට ඉටුවේ යැයි තමන් සිතන බව ද අමරවීර මහතා පවසයි.
ඒ මහතා මේ බව පැවසුවේ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මූලස්ථානයේදී අද (7)පැවති මාධ්‍ය හමුවකදී ය.
ජාතික ආණ්ඩුවක් 2020 දීත් පිහිටුවීමට බලාපොරොත්තු වන බවට එක්සත් ජාතික පක්‍ෂ මහලේකම් අමාත්‍ය කබීර් හෂීම් මහතා කර ඇති යෝජනාව පිළිබඳ මාධ්‍යවේදියකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඒ මහතා මේ බව කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔන්න තවත් කරන්න බැරි වැඩක්, දැන් යන විදිහට ශ්‍රී.ල.නි.ප, එජාප හවුලටත් තනියම 2020 දී ආණ්ඩු හදන්න බැරි තත්වයක් තිබෙන්නේ
මෙයා දවල් හීන දකිනවා. 2020 දී ශ්‍රීලනිප ආණ්ඩුවක් පිහිටුවීම කෙසේ වෙතත් තමුන් ජනතා ඡන්දයෙන් පත් වෙන්න බලන්න. මේ යන විදියට ඒකත් බැරි වෙයි.
ශ්‍රී.ල.නි.ප, එජාප සමගිය බිදෙන කතා හොද නැත 2020 ගැන සිතීමට පෙර මේ වසර තුන ජනතාවට සෙත සලසන්න.
2020 දී ජාතික ආණ්ඩුවත් නැත. ඔයත් දේශපාලනයේ අතීතයට එක්වී ඇත.
2020ට ඉස්සර බස් එක යන්න ටිකට් ටික කඩන්න...
ඔන්න ඉතින් ඇමතිතුමා බයිලා කියනවා. ඔබලාට තියා වෙන කාටවත් තනියෙන් බැහැ. හැබැයි පා.ම. මහින්ද මහතා නම් ලබනවර විරුද්ධ පක්ෂයේ නායකයා වෙනවා වෙනවාම තමයි.
අපරාදේ, හොඳට හිටපු මෙතුමාත් දැන් යහපාලන දියවන්නාවේ කවට අන්දරේ කෙනෙක් වෙලාද? මෝහයෙන් අගතියට ගිහිල්ලා වාගේ...
දැන් ඕකට චන්දෙ දෙන්න ඕනේ නැද්ද එතකොට?
ආ.. එහෙමද ආස ?