(බිඟුන් මේනක ගමගේ)
ඒකාබද්ධ විපක්ෂය ලද විශාලතම ජයග්‍රහණය වන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පිහිටුවා පළාත් පාලන මැතිවරණය ජයග්‍රහණය කිරීම යැයි ද එහි සම්පූර්ණ ගරුත්වය හිමිවිය යුත්තේ බැසිල් රාජපක්ෂ මහතාට යැයි ද දිගාමඬුලු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී විමලවීර දිසානායක මහතා පැවැසීය.
නොයෙක් පිරිස් 2020ට ඉදිරිපත් වන විවිධ නායකයන් ගැන කතා කළත් එවැනි සාකච්ඡා කිරීමට හෝ හැකි වාතාවරණයක් නිර්මාණය කෙරුණේ බැසිල් රාජපක්ෂ මහතා නිසා බව අමතක නොකළ යුතු යැයි ද දිසානායක මහතා අවධාරණය කළේය.
දහසයේ කණ්ඩායම ඒකාබද්ධ විපක්ෂය සමඟ සමගි සාකච්ඡාවලට අද පැමිණෙන්නේ පළාත් පාලන මැතිවරණයෙන් ලද ජය නිසා යැයි කී හෙතෙම එහි ප්‍රතිඵල අනෙක් පැත්ත හැරුණේ නම් ඔවුන් කිසි දිනෙක ආණ්ඩුවෙන් එලියන නොබසිනු ඇතැයි ද කීවේය.
විමලවීර දිසානායක යනු ශාඛා සමිතියේ සිට වසර 36 ක් තිස්සේ දහඬිය කඳුළු හෙලමින් පැමිණි තම දේශපාලන ගමනේදී මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙන් ඇමැතිකමත් සංවිධායකකමත් පරිත්‍යාග කළ කෙනෙකු යැයි ද එනිසා කිවයුත්ත කෙලින්ම කීමට කිසිවිටෙක මැලි නොවන්නේ යැයි ද දිසානායක මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
2025 ඔක්තෝබර් මස 08
1506
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1340
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
477
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
2020 ගැන කතා වෙන්නෙත් බැසිල් නිසයි