IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


20 ආවොත් පාර්ලිමේන්තුව තැපැල් කන්තෝරුවක් වනවා

(*** ජයන්ත සමරකෝන්)

‘දහ නව වැනි සංශෝධනය  තුළින් ජනාධිපතිවරයාට රට පාලනය කිරීමේ කිසිදු බාධාවක් නැතැයි ද ඒ නමුත් 20 වැනි සංශෝධනය  ගෙන ඒමෙන් පාර්ලිමේන්තුව තැපැල් කන්තෝරුවක් බවට පත්වීමක් යැයිද’ සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ සභාපති හිටපු කතානායක කරු ජයසූරිය මහතා ඊයේ (17) පැවසීය.

විසිවැනි සංශෝධනය ගෙන ඒමෙන් වන අනතුර ජනතාව දන්නවා නම් 69 ලක්ෂයක් ආණ්ඩුවට ඡන්දය දෙන්නේ නැතැයිද පිටකෝට්ටේ සෝලිස් උත්සව ශාලාවේ පැවැති මාධ්‍ය හමුවේදී ජයසූරිය මහතා කීවේය.

වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු කතානායකවරයා, අද වනවිට රටේ ආර්ථිකය කඩා වැටී, ජීවන වියදම අහස උසට නැග ඇතැයි ද, දකුණු ආසියාවේ ඉහළම ජීවන වියදම තිබෙන්නේ ශ්‍රී ලංකාවේ යැයිද කියා සිටියේය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා  නරක පුද්ගලයකු යැයි කියන්නේ නැතැයි ද 20න් ගෙනෙන බලතල තුළ යම් විදියකින්  ඉදිරියේදී පත්වන ජනාධිපතිවරයා උන්මන්තකයකු වුවහොත් යකා නටනු ඇතැයි ද හෙතෙම සඳහන් කළේය.

20 වැනි සංශෝධනය ගෙනෙන්නට මේ රටේ කලබලයක්  ඇයිදැයි නොදන්නා බවද වසරක් තුළ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට මෙමගින්  ජනාධිපතිවරයාට පැවරෙන බලතල නිසා මහ මැතිවරණයකට වියදම් වූ රුපියල් බිලියන 8ට වෙන්නේ කුමක්දැයි ඔහු ප්‍රශ්න කළේය.

කරු ජයසූරිය මහතා මෙසේද කීවේය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අහෝසි කර බලයක් නැති පාර්ලිමේන්තු සභාවක් පිහිටුවීම තුළින් ස්වාධීන කොමිෂන් සභා සඳහාත් අගවිනිසුරු, නීතිපති, පොලිස්පති ඇතුළු අධිකරණයේ ඉහළ ධුරයන් පත් කිරීමේ නිෂේධ බලයක් ජනාධිපතිවරයාට හිමි වනවා.

විසි වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත මගින් විගණන සේවා කොමිෂන් සභාව අහෝසි වීමෙන් විගණන සේවය අක්‍රිය වී විගණන පනතේ ප්‍රතිපාදන පිළිබඳව අර්බුදයක් මතු වනවා. විදේශයක සුරවැසිභාවය හිමි ශ්‍රී ලාංකික පුරවැසියකුට ජනාධිපති අපේක්ෂකයකු ලෙස ඉදිරිපත්වීමටත් මන්ත්‍රීවරයකු ලෙස පාර්ලිමේන්තුවට එන්නටත් අවස්ථාවක් හිමිවනවා.

ධවල පත්‍රිකාවක් මගින් ව්‍යවස්ථා සංශෝධනයක් සඳහා ජනතාවගේ අදහස් ගන්නා ලෙස රජයෙන් ඉල්ලා සිටිනවා. 19 වැනි සංශෝධනය අරුමපුදුම විකෘතියක් ලෙස හුවාදැක්වීමට දරන උත්සාහය තරයේ හෙළා දකිනවා.

මෙම ධවල පත්‍රිකාව 2000 ව්‍යවස්ථාව හැදූ මහාචාර්ය ජී.එල්. පීරිස් මහතාට භාර දෙමු. එවිට හොඳ ව්‍යවස්ථාවක් ගෙන ඒමට හැකියාව ලැබෙනු ඇත.

හරිදේට හරි කියන්නත් වැරදි දේට වැරදි කියන්නත් බය නැහැ. කරුණු 24ක් යටතේ 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත පිළිබඳව මූලික වෙනස්කම් දකිනවා.

20 තුලින් ජාතික ප්‍රසම්පාදන කොමිෂන් සභාව අහෝසි වනවා. ජනාධිපතිවරයාට වගකීමක් වූ ‘ආණ්ඩුක්‍රම’ ව්‍යවස්ථාව අනුගමනය කරන බවට සහ ආරක්ෂා කරන බවට වන වගකීමත් ඉවත් කරලා.

මෙමගින් ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට වගකිවයුතු බවට වූ ප්‍රතිපාදනය ඉවත් කර ජනාධිපතිට එරෙහිව මූලික අයිතිවාසිකම් නඩු පැවරීමට ඇති අවස්ථාව අහිමි කරලා.

තවද පාර්ලිමේන්තුව විසින් ප්‍රතික්ෂේප කරන ලද පනත් කෙටුම්පත් ජනමත විචාරණයකට ලක් කර සම්මත කිරීමේ බලය ජනාධිපතිට පැවරීම, ජනාධිපති අපේක්ෂකයකුගේ අවම වයස අවුරුදු 30 දක්වා අඩු කිරීම, ජාතික පොලිස් කොමිෂන් සභාවේ බලතල අඩු කිරීම, රාජ්‍ය සමාගම් විගණකාධිපතිවරයාගේ අධීක්ෂණයෙන් ඉවත් කිරීම ඇතුළු සංශෝධන ගණනාවක් 20 තුළින් එළියට එනවා.

මේ අවස්ථාවට සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ මහාචාර්ය රොහාන් සමරජීව, ආචාර්ය පාක්‍යසෝනි සරවනමුත්තු, ජාවිඩ් යුසුප්, නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ සුනිල් ජයසේකර යන මහත්වරුද සහභාගි වූහ.



අදහස් (1)

20 ආවොත් පාර්ලිමේන්තුව තැපැල් කන්තෝරුවක් වනවා

Bamunuarachchi Friday, 18 September 2020 03:49 PM

ජේ. ආර්.ගේ ව්‍යවස්ථාවේ තිබුණාට වඩා දෙයක් මේ ව්‍යවස්ථාවට වඩා යමක් එකතු වෙන්නේ නැහැ නේද? එහෙනම් ඔය කතා 1978දී කිව්වේ නැත්තේ මොකද? ඒ කාලේ කට අරින්න බයයි නේද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 553 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 276 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1077 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site