IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


103% තිබුණු ණය බර 70%ට අඩු කළා - මහින්ද

(මොහොමඩ් ආසික්)
 
‘වර්තමාන රජය අද  ණය බරයි ණය බරයි කිය කියා  කෑ ගැහුවත් මට රට බාර දෙන කොට සියයට 103 ක්  තිබුණ ණය බර නැවත  මම භාර දෙන කොට තිබුණේ සියයට 69 ක 70ක් පමණයි. ‘  යැයි හිටපු ජනාධිපති සහ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ ප්‍රකාශ කළේය.
 
අද 21 වැනිදා මහනුවර පූජාපිටිය නගරයේ පැවැති  ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ප්‍රචාරක රැළියක් අමතමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එසේ කීය. මෙහිදී තව දුරටත් අදහස් දැක්වූ හිටපු ජනිධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙසේද කීය.
 
‘‘මම රට බාර ගන්න කොට ණය බර සියයට එක සිය ගණනක් තිබුණා කියලා මමත් කිසි වැඩක් කරන්නේ නැතිව ණය බරයි ණය බරයි කිය කියා හිටියානම්  මොනව වෙලා තියෙයිද?  මම රට භාර ගන්න කොට ඒකසිය තුනට තිබුණ ණය බර මම  ආපසු භාර දෙන විට සියයට 69 යි 70 යි. ඉතින් මොකද්ද බරේ. අපි ණය ගත්තා තමයි මේ අයත් ගත්තා නමුත් ගත්ත දෙයින් මේ අය  කරපු දෙයක් නෑ. නමුත් අපි ණය අරගෙන රටට වැඩ කළා. පාරේ කාපට් දැම්මා, වරායක් හැදුවා,ගුවන්  තොටුපළත් හැදුවා. 
 
ලංකාවට පළමු වතාවට මහ මුහුදෙන් අක්කර 450 ක් එකතු කරලා කොළඹ නගරය පුළුල් කර හැදුවා. අක්කර සීයකට වඩා වැඩි ප්‍රමාණයක දූපතක් හම්බන්තොට හැදුවා. දරුවන්ට විද්‍යා අධ්‍යාපනය ලබන්න අපට මොනවද තිබුණ පහසුකම් ඉංග්‍රීසි අධ්‍යාපනය ලබන්න මොනවද තිබුණ පහසුකම් මේවට තමයි අපි මහින්දෝදය තාක්ෂණික විද්‍යාගාර 1000 ක් රට පුරා හැදුවේ. නමුත් මේ  අය ගිහින්ම හින්දෝදය කියන නම කපල දැම්මට ජනතාවගේ හදවගේ මහින්දෝදය නම හැමදාමත් තියෙනවා.‘ යැයි ද මහින්ද රාජපක්ෂ මහතා  කීය.



අදහස් (0)

103% තිබුණු ණය බර 70%ට අඩු කළා - මහින්ද

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 24 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 822 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site