IMG-LOGO

මහ පක්ෂ දෙක බෝලය පාස්කරගන්නේ නැතිව පළාත් පාලන ඡන්දය පවත්වන්න

 (නාලක සංජීව දහනායක)


මැතිවරණය පැවැත්වීමේ හැකියාව තිබෙන්නේ ආණ්ඩුවට බැවින් ආණ්ඩුකරන ප්‍රධාන පක්‍ෂ දෙක එකිනෙකාට බෝලය පාස්කර නොගෙන ඉතාම ඉක්මනින් පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට ක්‍රියාකළ යුතුයැයි පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා ඉකුත් 24 වැනිදා පැවසීය.

එමෙන්ම ගෞරවනීය ලෙස සේවයෙන් සමුගැනීමට අවශ්‍යනම් මැතිවරණ කොමසාරිස්වරයාද ජනතා අවශ්‍යතාවන් වෙනුවෙන් පෙනී සිටිය යුතු යැයිද කීය.

පාර්ලිමේන්තු සංකීර්ණයේදී ඒකාබද්ධ විපක්‍ෂය විසින් ඉකුත් 24 වැනිදා පවත්වන ලද මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.

එහිදී මන්ත්‍රීවරයා මෙසේද පැවසීය.     

රටේ ප්‍රධානතම මූල්‍යමය ආයතනයේ සිදුවූ මහා වංචාව නිසා රටට කිසිම ආයෝජකයෙක් එන්නේ නැහැ. ඒ නිසා රටේ ආර්ථිකය කඩාගෙන වැටුණා. ඒ අලාබය කොපමණදැයි ගණනය කරන්න සමත් විද්වතෙක් තවමත් අපේ රටේ බිහිවී නැහැ. එම වංචාවේ උරුම වූ දුක්කන්දරාව මේවනවිට ජනතාව විඳිමින් ඉන්නවා. මේ ආණ්ඩුව හොරු එක්ක පෝලිමේ ඉන්නවා.

මේක සුභ හා යස එකතුවෙලා හදපු ආණ්ඩුවක්. මේ යහපාලන ආණ්ඩුව බිහිකරන්න විවිධ පුද්ගලයන්, කණ්ඩායම්, දේශපාලන පක්‍ෂ, සංවිධාන එකට එකතුවුණා. ඒ අයගේ ප්‍රතිපත්ති, අදහස් එකකට එකක් ගැළපෙන්නේ නැහැ. ආණ්ඩුවට අවුරුදු තුන සම්පූර්ණ වීමත් සමඟම දැන් ගැටුම් ආරම්භවී තිබෙනවා. එකට හොරකම් කළත් දෙන්න තරහවුණාම එකිනෙකා විවේචනය කරගන්නවා. ඒ තත්ත්වය මේ ආණ්ඩුවෙත් දකින්න ලැබෙනවා. මේ ගැටුම රටට අන්තිම අහිතකරයි. ඒ නිසා එකිනෙකාගේ වගතුග දැන් එළියට එනවා.

බැඳුම්කර කොමිසම පත්කිරීම නිසා එක්සත් ජාතික පක්‍ෂය විනාශවන බව සමහරු කියනවා. ඒ කොමිසම නිසා එක්සත් ජාතික පක්‍ෂය විනාශ වෙන්නේ කොහොමද?. ඒ පක්‍ෂය සම්බන්ධ නැත්නම් කොමිසම්වලට යන්නේ මොකටද? පහුගිය කාලයේදී රටේ දැවෙන ප්‍රශ්න යටපත් කිරීමට ආණ්ඩුව කටයුතු කළා. බැඳුම්කර සිද්ධියත් යටගහන්න මොවුන් උත්සාහ ගන්නවා. නමුත් ඒකාබද්ධ විපක්‍ෂයේ අපි ඉන්නකම් බැඳුම්කර සිද්ධිය යටපත්වෙන්න දෙන්නේ නැහැ. අපි ඒ වෙනුවෙන් අපේ වගකීම උපරිමයෙන්ම ඉටුකරනවා.       

 දරුවෙක් හම්බවෙන්නත් නියමිත මාස ගණනක් සපුරන්න ඕන. අඩුමාසෙන් ඉපදෙන දරුවෝ හදාගන්න අමාරුයි. මේ ආණ්ඩුවත් අඩුමාසෙන් ඉපදුණ දරුවෙක් වගෙයි. ආණ්ඩු වෙනස්වන ආකාරය අපි දැක තිබෙනවා. ඉතිහාසයේ ආණ්ඩු වෙනස් කළේ විපක්‍ෂයේ ප්‍රබල කණ්ඩායම් විසිනුයි. 2015 වසරෙදී ආණ්ඩුව වෙනස් වන විට අපේ රටේ ප්‍රබල විපක්‍ෂයක් තිබුණේ නැහැ. අහම්බෙන් කිහිප දෙනෙක් එකතු කරගෙන මහින්ද රාජපක්‍ෂ ආණ්ඩුව පෙරළුවා. දැන් රටේ හැමතැනම ප්‍රශ්න. මේ ඇතිවෙලා තිබෙන ප්‍රශ්න එක්ක ආණ්ඩුවට තවත් ඉස්සරහට යන්න බැහැ. ආණ්ඩුවට බණින්නෙ නැති කෙනෙක් හොයාගන්න බැහැ. අවුරුදු ගණනාවක් ඉදිරියට ගමන් කළ රටක් යහපාලන ආණ්ඩුව නිසා ආපසු හැරුණා. මේ ආණ්ඩුව නිසා රටත්, මිනිස්සුත් නන්නත්තාර වුණා.

මහින්ද රාජපක්‍ෂ මහතාගේ නායකත්වයෙන් ඒකාබද්ධ විපක්‍ෂයේ අපි ඕනෑම මොහොතක මැතිවරණවලට ලෑස්තිවෙලා ඉන්නේ. කයිවාරු ගැහුවට ආණ්ඩුව මැතිවරණවලට බයයි. ඒ නිසා එක එක උප්පරවැට්ටිදාලා මැතිවරණ කල්දමනවා. මැතිවරණ කල්දමන බාලගිරියෙක් ඉන්නා බව එක්සත් ජාතික පක්‍ෂයේ පසුපෙළ මන්ත්‍රීවරුන් ප්‍රකාශකරනවා. ඔවුන් එක බාලගිරියෙක් ගැන කියනවා. අනිත් බාලගිරියා කවුද කියා අපිත් හොයනවා. ගමේ පාක්‍ෂිකයන් එකට එකතුවෙලා ඉන්නේ මේ ආණ්ඩුව ගෙදර යවන්නයි. පාක්‍ෂිකයන් බෙදිලා නැහැ. මේ ආණ්ඩුව ගෙදර යවන්න මහින්ද රාජපක්‍ෂ මහතා පෙරට ඇවිත් තියෙනවා. මැතිවරණය දිනාගැනීම වෙනුවෙන් අපි ඕනෑම බලවේගයක් එක්ක අත්වැල් බැඳගන්නවා. මැතිවරණ පැවැත්වීමේ හැකියාව තියෙන්නේ ආණ්ඩුවටයි. ඒ නිසා මැතිවරණය පැවැත්වීම ගැන ශ්‍රී.ල.නි.ප.ප.ය හා ඒ.ජා.ප.ය එකිනෙකාට බෝලේ පාස් කරගෙන වැඩක් නැහැ. ගෞරවනීය ලෙස සේවයෙන් සමුගැනීමට අවශ්‍යනම් මැතිවරණ කොමසාරිස්වරයා ජනතා අවශ්‍යතාවන් වෙනුවෙන් පෙනීසිටිය යුතුයැයිද කීය.

පාර්ලිමේන්තු මන්ත්‍රී රමේෂ් පතිරණ මහතා මෙසේ පැවසීය.

ප්‍රතිපත්ති වශයෙන් එකිනෙකාට විරුද්ධ කණ්ඩායම් එකට එකතුවෙලා පහුගිය ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්‍ෂ මහතා පරාජයට පත්කළා. මේ පාලනය නිසා රට දවසින් දවස අගාධයට යනවා. ආණ්ඩුකරන ප්‍රධාන දේශපාලන පක්‍ෂ දෙකේ අභ්‍යන්තරයේ ඇතිවී තිබෙන නොයෙකුත් මත ගැටුම් නිසා අදවනවිට රටතුළ දේශපාලන අස්ථාවරබවක් නිර්මාණය වෙලා තිබෙනවා. මේ අස්ථාවරබව ආර්ථිකය ඇතුළු රටේ සෑම ක්‍ෂේත්‍රයකටම දැඩිව බලපා තිබෙනවා.

වර්තමාන ජනාධිපතිතුමා එක්සත් ජාතික පාක්‍ෂිකයන්ගේ ඡන්දයෙන් බලයට පත්වෙලා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ කොටසක් එකතුකරගෙන හදපු ආණ්ඩුවට අද ඉස්සරහට යන්න බැරිව එකතැන නතරවෙලා තිබෙනවා.

අදවනවිට මේ රට ආයෝජකයන්ට ඉතාම අහිතකර රටක් බවට පත්ව තිබෙනවා. අර්ජුන් ඇලෝෂියස් එක්ක ගනුදෙනු කළ සෑම කෙනෙක්ම අයුතු ලාබ ලැබූ උදවියයි. ඒ හැමෝගෙම කිල්ලෝටවල හුණු තියෙනවා. ඒ නිසා පර්පචුවල් ටේ‍රෂරීස් සමාගමට මෙන්ම බැඳුම්කර වංචාවට සම්බන්ධ සියලුම මහජන නියෝජිතයන්ට ජනාධිපතිවරයා විසින් දඬුවම් ලබාදේ යැයි අපි විශ්වාස කරනවා.

මන්ත්‍රීවරුන්ගේ දුරකතන තොරතුරු ලබාගැනීම සම්බන්ධ ප්‍රශ්නය වරප්‍රසාද කමිටුවට යොමුකරන්න කතානායකතුමා තීරණය කර තිබෙනවා. නමුත් ඒකාබද්ධ විපක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අත්අඩංගුවට පත්වනවිට වරප්‍රසාද කමිටු නැහැ. ඒ වෙලාවට කතානායකතුමත් නිහඬයි. කතානායකතුමා පක්‍ෂග්‍රාහීව කටයුතු කරන බව අපි පහුගිය වසර දෙක පුරාවටම කිව්වේ මේ නිසයි. එතුමා පක්‍ෂග්‍රාහීව කටයුතු කරන බවට සුජීව සේනසිංහ ඇමැතිවරයා කරන ප්‍රකාශය සමග අපිත් එකඟ වෙනවා.    

 



අදහස් (4)

මහ පක්ෂ දෙක බෝලය පාස්කරගන්නේ නැතිව පළාත් පාලන ඡන්දය පවත්වන්න

Shan Monday, 27 November 2017 07:12 AM

පරණ හොරකම් කරගන්න බැරුව හරි අමාරුවෙන් ඉන්නවා ඇත්තේ නේද?

:       0       6

saman Monday, 27 November 2017 12:03 PM

මේක තමයි රාජපක්ෂ පරාජය කලේ... මේ වගේ කෙනෙක් පාර්ලිමේන්තුවේවත් නැහැ. කන්නට වේල නැතිව හිටපු කෙනා දෙන කතාවලට මරු නගිනවා. දැන්නම් පරම්පරා 20කටවත් හම්බකරලා තියෙන්නේ.. වැඩිය කියවන්නේ නැතිව ඉන්න.

:       0       21

පිටිගල මිලානෝ Monday, 27 November 2017 02:19 PM

මේ ඔයා දැන් හදන්නේ අපිව පාලනය කරන්න එන්නද?

:       0       9

Bamunuarachchi Tuesday, 28 November 2017 12:06 AM

මාල කැඩීම අපේ රටේ තවම සිද්ධවෙනවා...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 256 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 781 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1201 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site