IMG-LOGO

2025 ජුලි මස 05 වන සෙනසුරාදා


‘රට ගිනි තියන්නේ ත්‍රස්තවාදීන්ගේ ඒජන්තවරු’

(මනෝජ් හර්ෂික)
 
මේ මොහොතේ දී කෝලාහල ඇති කර රට ගිනි තැබීමට කවුරුන් හෝ උත්සාහ කරයි නම් ඔවුන් ත්‍රස්ත්‍රවාදීන්ගේ ඒජන්තවරුන් බව නිවාස, ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා අද (06) පැවැසීය.
 
අමාත්‍යවරයා මේ ඉව පැවැසුවේ පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයෙන් විනාශ වූ මීගමුව කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානයේ ප්‍රතිසංස්කරණ කටයුතුවල ප්‍රගතිය සොයා බැලීම සඳහා සහභාගී වෙමිණි.
 
ත්‍රස්ත්‍රවාදය පරාජය කර රට තුළ සාමය ඇති කිරීමට ත්‍රිවිධ හමුදාව හා පොලිසිය එක්ව කටයුතු කරන විට සාමකාමීව හැසිරී ආරක්ෂක අංශවලට සහයෝගය ලබා දීම පොදු ජනතාවගේ වගකීම බවද එහිදී අමාත්‍යවරයා සඳහන් කළේය.
 
කළකෝලහාල, වීදි සටන් සිදු කරමින් විවිධ කණ්ඩායම් කලහකාරීව හැසිරෙන විට සිදුවන්නේ සමූහ ඝාතන සිදු කළ ත්‍රස්ත්‍රවාදීන්ගේ න්‍යාය පත්‍රය ඉෂ්ඨවීම බවත් ත්‍රස්ත්‍රවාදීන්ගේ වුවමනාවන් ඉටුවන අයුරින් කටයුතු නොකරන ලෙස සමස්ත ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් කීය.

 



අදහස් (0)

‘රට ගිනි තියන්නේ ත්‍රස්තවාදීන්ගේ ඒජන්තවරු’

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 48 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 438 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 875 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site