IMG-LOGO

2023 සැප්තැම්බර් මස 30 වන සෙනසුරාදා


මගේ පැත්තෙන් සාක්ෂි ඇතිව කරුණු කීවම බැසිල් මහත්තයා පළිගත්තා

ආන්දෝලනාත්මක හඬපටය ගැන
සමන් ලාල් ප්‍රනාන්දු කතා කරයි 

  • අපට​ එදා අරලියගහ මන්දිරයට එන්න කියා මුහුණු පොතේ (FB)  ආරාධනයක් තිබුණා
  • පිට අයට අපේ රැස්වීම වීඩියෝ කරන්න බෑ ඇතුළේ කෙනෙක්මයි  කරන්න ඇත්තේ

 

 

 අරලියගහ මන්දිරය අසල ‘මයිනා ගෝ ගම’ යනුවෙන් හඳුන්වා ගෙන ගිය විරෝධතාවට සහ ගාලුමුවදොර විරෝධතා පැවැති භූමියට කඩා වැදී පහරදීම ගැන හිටපු මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ සහ මොරටුව හිටපු නගරාධිපති සමන් ලාල් ප්‍රනාන්දු යන මහත්වරුන් අතර හුවමාරු වූ හඬපටයක් ඉකුත්දා ප්‍රචාරය විය. මෙහිදී බැසිල් රාජපක්ෂ මහතා සමන් ලාල් ප්‍රනාන්දු මහතා වෙත ආවේගාත්මකව අදහස් දක්වන බව එම හඬ පටයෙන් ශ්‍රවණය විය.   

ඒ සම්බන්ධයෙන් මොරටුව හිටපු නගරාධිපති සමන්ලාල් ප්‍රනාන්දු මහතා සමග කළ සාකච්ඡාවක් මෙහි පළවේ. 


ප්‍ර:ගිය මැයි නව වැනිදා මයිනා ගෝ ගමට ප්‍රහාර එල්ල කිරීම ගැන බැසිල් මහත්තයා ඔබට තරයේ දොස් පැවරුවේ ඇයි? 

 
පිළිතුර - ඔය ඉදිරිපත් කරලා තියෙන්නේ බැසිල් මහත්තයාගේ කතාවේ අවසානය නෙවෙයි. රැස්වීමේ අවසානයත් නෙවෙයි. මම කරුණු කිව්වට පස්සේ චෝදනාව වැරදියි කියලා එතුමා තේරුම් ගත්තා.   


ප්‍ර:ඔබ පිරිසක් එක්ක එදා ම එතැනට ගියේ මොකටද?   


පිළිතුර - මුහුණු පොතෙන් අපට එන්න කියලා තිබුණා. අපි ගියේ ඒ නිසා. මම විතරක් නෙමෙයි පක්ෂයේ විශාල පිරිසක් ඇවිත් හිටියා. අපි ගහගන්න ගියේ නෑ. කවුරු හරි කෙනෙක් බැසිල් මහත්තයා එක්ක තිබුණු සාකච්ඡාවේදී ඔය ටික විතරක් උකහා දක්වලා තියෙනවා. කතාවකදී තියෙන්නෙ ඒ ටික විතරක් නෙමෙයිනේ. කතාවක් දිගට ගලාගෙන යනවා. එහෙම වෙලාවට කතා කරන ස්වරූපය වෙනස් වෙනවා, හඬ උස් පහත් වෙනවා. ඒක අහගෙන ඉන්න පුද්ගලයන්ට වෙනසක් වගේ පේනවා ඇති. නමුත් කතාවක ස්වරූපය වෙනස් වෙනවා වගේම කතාවත් දිගට ඇදිලා යනවා. එතුමා පස්සේ සත්‍ය නිරවුල් කර ගත්තා. පරීක්ෂණවලදී ඇහුවෙත් ඔය සම්බන්ධවමයි. මුහුණු පොතෙන් ලැබුණු ආරාධනාව අදටත් එහෙම්මම තියෙනවා.   

 

සමහරු හිතනවා ඇති සමන්ලාල් මේක කරන්න ඇති කියලා. තවත් අය හිතනවා ඇති සමන් ලාල්ට මෙච්චර හයියක් කොහෙන්ද කියලා. බැසිල් මහත්තයා දැන් නිවැරැදි අවබෝධයක ඉන්නේ. එතුමා කාගෙවත් කේළම් අහන කෙනෙක් නෙමෙයි. කාටවත් අන්දන්නත් බැහැ.


ප්‍ර:මුහුණ පොතේ සටහන් වෙලා තිබ්බේ මොනවද? 

 
පිළිතුර - “අප සැමට පරමාදර්ශයේ ජනමූල නායක අතිගරු මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙන් එළැඹෙන නම වැනිදා අරලියගහ මන්දිරය අසලට එන්න.”   


 ප්‍ර:කවුද ඒ ආරාධනාව කරලා තිබ්බේ?   


පිළිතුර - පක්ෂයේ කෙනෙක්.   


ප්‍ර:පක්ෂයේ සාකච්ඡාවලට මීට පෙරත් මුහුණු පොත මගින් ආරාධනා කරලා තියනවද?   


පිළිතුර - ඔව්, ඒක පහසු සරල ක්‍රමයක්. මේ තාක්ෂණය දියුණු කාලයේ මුහුණු පොතෙන් පණිවිඩ හුවමාරුව මහා බරපතළ දෙයක් නෙමෙයි.   


ප්‍ර:ඔය කතාව වීඩියෝ කරලා මාධ්‍යයට දුන්නේ කවුද? 

 
පිළිතුර - ඒක නම් තාම දන්නේ නැහැ. පක්ෂ මූලස්ථානයෙන් පරීක්ෂණයක් පැවැත්වීමට තීරණය කරලා තියෙනවා. මම උදාහරණයක් කියන්නම්, නිවසක පවුලක විවිධ ගැටලු‍ කතා කරනවා, ප්‍රශ්න කතා කරනවා එ්ක සාමාන්‍ය දෙයක්. ඒ වගේ කතාවක් එළියට දාලා “අන්න, පවුලේ අය රණ්ඩු වෙනවා” කියලා කියන එක හරිද? පවුල පොඩි ප්‍රශ්නයක් කතා කරන එක මහා බරපතළ දෙයක් නෙමෙයි. මේකත් එහෙම දෙයක්. චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ කාලෙදිත්, මහින්ද මහත්තයාගේ කාලෙදීත්, මෛත්‍රීපාල මහත්තයාගේ කාලෙදිත් මේ වගේ උද්ගත වෙච්ච ප්‍රශ්න ගැන සාකච්ඡා කළා. ඒ චෝදනාවට ලක්වූ අය තමන්ගේ නිවැරදිභාවයක් තියෙනවා නම් නිදහසට කරුණු කිව්වා. අපේ පක්ෂය ඇතුළෙ තියෙන ප්‍රජාතන්ත්‍රවාදය එ්කයි. අපට විවේචනය කරන්න පුළුවන්. චෝදනා කරන්න පුළුවන්. ඒවා නිවැරදි කර ගන්න අවස්ථාවක් දෙනවා. මේකත් ඒ වගේ දෙයක්. මටනම් පක්ෂයෙන් කිසිම චෝදනාවක් තිබිලා නැහැ. විනය පරීක්ෂණයක් වෙලත් නැහැ. කිසියම් කරුණකදී අනවබෝධයක් ඇතිවිය හැකියි. බැසිල් මහත්තයා කළෙත් ඒ වගේ දෙයක්. මම සාක්ෂි ඇතුව මගේ පැත්තෙන් කරුණු කිව්වම එතුමා පිළිගත්තා. මයිනා ගමට පහර දෙන්න මට වුවමනාවක් තිබුණෙ නෑ. ප්‍රශ්නයක් තියෙනවනම් කෙළින් කතා කරන එක බැසිල් මහත්තයාගේ සිරිතක්. ඕනෑම කෙනෙකුට එහෙමයි.   


ප්‍ර:පක්ෂය ඇතුළේ ඔබට තරහ කාරයෝ ඉන්නවද?   


පිළිතුර - එහෙම නැහැ. කොහොමටත් පිටින් ආපු කෙනෙකුට ඕක වීඩියෝ කරන්න බැහැ. ඇතුළට ආපු කෙනෙක් ම තමයි කරන්න ඇත්තේ. දැන් පක්ෂයෙන් පරීක්ෂණයක් කරනවා නේ. අපි බලමු.   


ප්‍ර:පක්ෂය ඇතුළේ ගැටුම් තියෙන පාටයි නේද?   


පිළිතුර - තුන් හතර පැත්තකට මිනිස්සුන්ට හිතන්න පුළුවන්. සමහරු හිතනවා ඇති සමන්ලාල් මේක කරන්න ඇති කියලා. තවත් අය හිතනවා ඇති සමන් ලාල්ට මෙච්චර හයියක් කොහෙන්ද කියලා. බැසිල් මහත්තයා දැන් නිවැරැදි අවබෝධයක ඉන්නේ. එතුමා කාගෙවත් කේළම් අහන කෙනෙක් නෙමෙයි. කාටවත් අන්දන්නත් බැහැ. එදා සාකච්ඡාවෙ පොඩි කොටසක් උලු‍ප්පලා පෙන්නුවෙ හිතාමතා ඕනෑකමින්මයි. ඕනෑම දේකට දෙපැත්තක් තියෙනවනේ. මේ ඉදිරිපත් කරල තියෙන්නෙ එක පැත්තක්.   

 

මහින්ද මහත්තයා විශේෂයි. ඔහු කෙරෙහි ගෞරවාන්විත බැඳීමක් තියෙනවා. ඒ බැඳීම තව කෙනෙක්ට සමාන කරන්න කොහෙත්ම බෑ. බැසිල් මහත්තයා ආර්ථික සංවර්ධන ඇමැතිවරයා වශයෙන් සිටියදී පළාත් පාලන ආයතනවල සංවර්ධනයට ගම් මට්ටමෙන් වැඩ කරන්න විශාල වශයෙන් පහසුකම් දුන්නා. 


ප්‍ර:මැයි නව වෙනිදා මහින්ද මහත්තයා හමුවෙන්න ගියේ තනියමද? පිරිසක් එක්ක ද?   


පිළිතුර - මෛත්‍රීපාල සිරිසේන මහත්තයගෙ කාලෙදී මහින්ද මහත්තයා අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන්නා. නමුත් රනිල් මහත්තයා අරලියගහ මන්දිරයෙන් ගියේ නැහැ. ඒ පක්ෂ සාමාජිකයෝ ලංකාවේ හැමතැනින්ම අරලියගහ මන්දිරයට ඇවිල්ලා විශාල වශයෙන් රොක් වෙලා හිටියා. ඒ වගේ අපටත් අපේ නායකයා වෙනුවෙන් පෙනී හිටින්න අයිතියක් තියෙනවා. මේ රටේ 2/3 ක බහුතරයක් තියෙන පක්ෂයක්. මාත් එක්ක පක්ෂයේ හිතවතුන් කිහිප දෙනෙක් ගියා. ඒ ආවේ ඔවුන්ගේ කැමැත්තෙන්. මහින්ද මහත්තයා කියන්නේ මගේ නායකයා, මගේ තාත්තා වගේ. මගේ දේශපාලන ගුරුවරයා. එතුමාට ගෞරව දක්වන්න අපි ගියේ. අපි විතරක් නෙමෙයි හතර දිග් බාගෙන්ම විශාල පිරිසක් ඇවිල්ලා හිටියා.   
ප්‍ර:ඔබ හා බැසිල් අතර අමනාපයක් තියෙනවද?   


පිළිතුර - නැහැ එහෙම දෙයක් නැහැ. ඔය සිද්ධියට දින විසි එකක් මාව රිමාන්ඩ් කරලා හිටියා. කවුරුවත් දන්නෙ නැති ඇත්ත කතාව කියන්නම්. මහින්ද මහත්තයා හම්බවෙන්න ගිහිල්ලා එදා විනාඩි විස්සක්වත් රැඳිලා ඉන්න වුණේ නැහැ. ඇඟිල්ල ගහන්න බැරි තරම් සෙනගක් හිටියා. මම බොහොම අමාරුවෙන් මහින්ද මහත්තයත් එක්ක කතා කරලා ආපහු ආවා. ඒ එද්දි ඔය මයිනා ගෝ ගම කියන ස්ථානයේදි මට පහර දුන්නා. මම ප්‍රතිප්‍රහාර දෙන්න ගියේ නෑ. ඒ වෙලාවේ කියන්න කෙනෙකුත් නැහැ. අපි ගිය බස් එකෙන්ම ආපහු ආවා. ඒ බස් එකට කිසිම කරදරයක් වුණෙත් නැහැ. පළමුවෙන් පිච්චුවෙ මගේ ගෙදර. ජීවිතේ බේරගත්තේ බොහොම අමාරුවෙන්. පොඩ්ඩක් එහෙමෙහෙ වුණා නම් මාව මරනවා. ඒ පුච්චන්න කලින් ඩ්‍රෝන කැමරා එවලා අපි ඉන්නවද කියලත් බැලු‍වා.   


ප්‍ර:ඔබ රාජපක්ෂ වාදියෙක් වගේ?   


පිළිතුර - ඔව්. ඒක එහෙම්මම තමයි. මහින්ද මහත්තයා විශේෂයි. ඔහු කෙරෙහි ගෞරවාන්විත බැඳීමක් තියෙනවා. ඒ බැඳීම තව කෙනෙක්ට සමාන කරන්න කොහෙත්ම බෑ. බැසිල් මහත්තයා ආර්ථික සංවර්ධන ඇමැතිවරයා වශයෙන් සිටියදී පළාත් පාලන ආයතනවල සංවර්ධනයට ගම් මට්ටමෙන් වැඩ කරන්න විශාල වශයෙන් පහසුකම් දුන්නා. මහින්ද මහත්තයා කියන්නේ මේ රට බේරගත්ත වීරයා. ඒක නැහැ කියලා කාටවත් කියන්න පුළුවන්ද. පාරට බහින්න බැරි යුගයක් තිබුණු බව දැන් අමතක වෙලා. බෝම්බ බය මරාගෙන මැරෙන කොටි ඒවා අමතක වෙලා. අද මිනිස්සු නිදහසේ පාරට බැහැලා ගමන් යනවා. ඒ මහින්ද මහත්තයා නිසා. එතුමා යුද්දෙ නතර කළා. අධිවේගී මාර්ග හැදුවා. විදුලි බලාගාර, ගුවන්තොටුපල, වරාය හැදුවා. මහින්ද මහත්තයා නැවත ඔසවා තබන දිනය ළඟ ළඟම එනවා. ඒක අරුමයක් නෙමෙයි.   


ප්‍ර:මයිනා ගමට ප්‍රහාරයක් එල්ල කිරීමත් බැසිල් ඔබට දොස් පැවරීමත් අතරතුර මාස ගානක් ගතවෙලා තියෙනවා. ඇයි දැන් ඕක ඇදුණෙ?   


පිළිතුර - මේ ලබන මැයිවලට අවුරුද්දක් වෙනවා. යමක් කතා කරන්න කාල පරිච්ඡේදය අදාළ නෑ. යමක් කතා කරනකොට අතීතය අනාගතය වර්තමානය මේ කාල තුනටම ගැළපෙන දේවල් කතා කරනවා. අදාළ වන දේවල් කතා කරනවා. ඒක කොතනකදීත් එහෙමයි. යාළු‍වෝ දෙන්නෙක් හම්බවුණත් කතා කරනවා. පාර්ලිමේන්තුවේදීත් එහෙමයි.   

 

සටහන   
දයාසීලි ලියනගේ   

 

 



අදහස් (0)

මගේ පැත්තෙන් සාක්ෂි ඇතිව කරුණු කීවම බැසිල් මහත්තයා පළිගත්තා

ඔබේ අදහස් එවන්න

දේශපාලන

රටේ වගකීම බාර ගන්න සජිත් සූදානම්
2023 සැප්තැම්බර් මස 12 792 26

සමගි ජන බලවේගය ඕනෑම වෙලාවක මැතිවරණයකට සූදානම් බවත් රටේ වගකීම බාර ගැනීමට සජිත් ප්‍රේමදාස ප්‍රමුඛ සමගි ජන බලවේගය සූදානම් බවත් එහි මහ ලේකම් පාර්ලිමේන්ත


රටටම වතුර දෙන වැඩසටහන කඩිනම් කරයි
2023 සැප්තැම්බර් මස 01 923 9

රටේ සියලු ජනතාවගේ පානීය ජල අවශ්‍යතාව සපුරාලීමේ ඉලක්කය ජය ගැනීම සඳහා ප්‍රජා ජල ව්‍යාපෘති ඉදිකිරීම කඩිනම් කර තිබෙන බව ජල සම්පාදන රාජ්‍ය අමාත්‍ය සනත් නි


‘අපි ජනතාවගේ මුදල් හොරාකාලා නෑ’
2023 අගෝස්තු මස 24 507 6

රටක මුදල් ආයෝජනය කිරීමක් සම්බන්ධයෙන් මේ දිනවල ප්‍රචාරයක් ගෙන යනු ලබන මුත් තමන් හෝ තම පක්ෂයේ කිසිවෙකුත් මෙරට ජනතාවගේ මුදල් සතයක් හෝ සොරකම් කර හෝ නාස්ති


මෙම පාලනය පිටු දැකීමට හැමෝක එක් විය යුතුයි
2023 අගෝස්තු මස 21 221 5

මේ රටේ අසංවේදී අත්තනෝමතික රනිල් වික්‍රමසිංහ පාලනය පිටු දැකීම සඳහා සියලු ප්‍රජාතන්ත්‍රවාදී බලවේග එක ධජයක් යටතේ ඒකරාශී විය යුතුයි. තක්කඩින්ගේ සහ චෞරයන


‘‘රනිල් - සජිත් එකතු විය යුතුයි‘‘
2023 අගෝස්තු මස 15 3458 21

රනිල්-සජිත් එක්ව මේ මොහොතේ ගමනක් යා යුතු යැයි ජනතාව යෝජනා ඉදිරිපත් කරන බව මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිනී රෝහිණී කවිරත්න මහත්මිය පැවැසුව


රජය අයි නාලිකාව විකුණන්න හඳනවා
2023 අගෝස්තු මස 14 502 5

ජාතික සම්පත් බහුතරයක් වත්මන් රජය විකුණා දැමීමට සූදානම් බවත් එහි එක් පියවරක් ලෙස රූපවාහිනී සංස්ථාවට අයත් චැනල් අයි නාලිකාව නුදුරේදීම විකුණා දැමීමට ස


මේවාටත් කැමතිවනු ඇති

උත්සාහය හා දැඩි කැපවීම නිසා ක‍්‍රිකට් දිවිය ජයගත් එෂාන් මාලිංගගේ අපූරු කතාව 2023 සැප්තැම්බර් මස 06 1997 0
උත්සාහය හා දැඩි කැපවීම නිසා ක‍්‍රිකට් දිවිය ජයගත් එෂාන් මාලිංගගේ අපූරු කතාව

දැඩි ආශාව හා කැපවීම මුණගැසෙන ක‍්‍රිකට් වැනි ක්ෂේත‍්‍රයක් තුළ, එෂාන් මාලිංග පැමිණි ගමන් මග නම් එතරම් ආශ්වාදජනක එකක් නොවේ. ඔහුගේ පන්දු යැවීමේ වේගය හා දක

දරු පැටියාට සුරක්ෂිත ලොවක් තනමු 2023 අගෝස්තු මස 28 765 0
දරු පැටියාට සුරක්ෂිත ලොවක් තනමු

නිවසේ දී වැටීම් හා පිළිස්සීම්වලින් දරුවන් ආරක්ෂා කිරීම දෙමව්පියන්ගේ යුතුකමකි. දරුවන් නිවසේ දී ඇද වැටීම්වලට ලක් වීම සාමාන්‍ය දෙයකි. වගකීම් සහගතව නිවැ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් - ආයතනික වටිනාකම් කේන්ද්‍ර කරගත් අනාගතයට පිය නගන  සේවා ස්ථානයක්. 2023 අගෝස්තු මස 24 436 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් - ආයතනික වටිනාකම් කේන්ද්‍ර කරගත් අනාගතයට පිය නගන සේවා ස්ථානයක්.

දේශයේ රක්ෂකයා වන ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් :ීඛෂක්‍* මෙරට විශාලතම රාජ්‍ය හිමිකාරිත්වය සතු රක්ෂණ ආයතනය වන අතරල හැකියාවෙන් පිරිපුන් දක්ෂ කාර්යමණ්ඩලය ශ‍්‍

Our Group Site