IMG-LOGO

2025 ඔක්තෝබර් මස 15 වන බදාදා


ඉන්දියානු ඔයිල් සමාගමට මුළු රටම තෙලෙන් බදින්න හැකිවෙලා

(ජයන්ත සමරකෝන්)

ඉන්ධන බෙදා හැරීමේ ඒකාධිකාරයෙන් තුනෙන් එකක් පමණක් විජාතිකකරණයට ලක්කිරීමේ අනිටු ප‍්‍රතිඵල කොතෙක්ද කියනවා නම් අද ඉන්දියානු ඔයිල් සමාගමට මුළු රටම තෙලෙන් බදින්නට හැකිවී තිබෙනවා යැයි ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්තී‍්‍ර බන්දුල ගුණවර්ධන මහතා ඊයේ (7) පැවැසීය.

මෙය ඉදිරියේදී ගෙන ඒමට සැලසුම් කරන එට්කා ගිවිසුමේ අනතුර මුළු රටටම කියාපාන්නක් යැයිද, මහින්ද රාජපක්ෂ එදා ප‍්‍රභාකරන් විනාශ නොකළා නම් අද ඒ තෙල් නැවත් අල්ලාගෙන මුළු රටම පාලනය කරන්නේ ප‍්‍රභාකරන් යැයිද පුංචි බොරැල්ල වජිරාශ‍්‍රම බෞද්ධ මධ්‍යස්ථානයේ පැවැති ප‍්‍රවෘත්ති සාකච්ඡාවේදී මන්ත‍්‍රීවරයා කීය.

ඒකාබද්ධ විපක්ෂයේ ආර්ථික පර්යේෂණ ඒකකය මෙම ප‍්‍රවෘත්ති සාකච්ඡුාව සංවිධානය කර තිබේ.

එහිදී තවදුරටත් අදහස් දැක්වූ මන්ත‍්‍රීවරයා මෙසේද පැවසීය.

අද මේ ආණ්ඩුවට තෙල් ටිකවත් බෙදාගන්න බැහැ. රට තුළ මාස 3ක තෙල් සංචිතයක් නැහැ. තෙල් ගෙනියන්න මුදල් නැහැ.

2012, 2013 වසර වලදී එදා ලෝක තෙල්මිල අහස උසට නැඟලා තිබුණේ. මහින්ද රාජපක්ෂ ආණ්ඩුවට තෙල් සඳහා පමණක් ඇමෙරිකන් ඩොලර් බිලියන 5ක් වියදම් කරන්නට සිදු වුණා.

ලෝකයේ දරුණුම මිලේච්ඡුතම ත‍්‍රස්තවාදිය සමඟ සටන් කරමින් තමයි මේ ආර්ථික අර්බුදවලට අපි මුහුණ දුන්නේ.

දැන් මොනවද වෙලා තියෙන්නේ. ලෝක ආර්ථික අර්බුදයක්, ලෝකයේ ඉන්ධන මිල ඉහළයාමක් නැහැ. එහෙම නම් තෙල්වලට වැය කළ ඇමරිකන් ඩොලර් බිලියන 5ට මොකද වුණේ.

ආර්ථික සංවර්ධනයක් තියා තෙල් ටිකවත් ගෙනත් බෙදන්නට හැකියාවක් අද ආණ්ඩුවට නැහැ.

සංවර්ධනය හා ණය බර කියමින් රටේ සම්පත් කුණු කොල්ලයට විකුණනවා. එදා මහින්ද ආණ්ඩුව තෙල්වලට වියදම් කළ ඇමරිකන් ඩොලර් බිලියන 5ට මොකද වුණේ. ඒ මුළු මුදලම ඉතිරිවෙලා.

හම්බන්තොට වරාය විකුණලා, ඇමරිකන් ඩොලර් බිලියන 1.1ක් ලබාගන්නවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් වසර 3කට ඇමරිකන් ඩොලර් බිලියන 1.5ක් ලබාගන්නවාට විදේශ ණය ඇමරිකන් ඩොලර් බිලියන 3යි.

තෙල් අර්බුදයෙහි අද රටම අඩපණයි. තාමත් රජයට විසඳුමක් දෙන්නට බැරිවලා. ආණ්ඩුවට වගේ වගක් නැහැ. ඉන්දියානු සමාගමට බැණ බැණ ඉන්නවා. මෙහෙම ආණ්ඩු මොකටද? ඉන්දියානු තෙල් සමාගම ආණ්ඩුව පාලනය කරනවා නම් මේක ජාතික අනතුරකට අත වැනීමක්.

මේ අතර එට්කා ගිවිසුම ගෙනෙන්නට ඇගමැතිවරයා උත්සාහ කරනවා. රජයේ තෙල් ඒකාධිකාරයෙන් 1/3ක් අයි. ඕ.සී. එකට දීලා. මෙහෙම නම් එට්කා ගිවිසුම අත්සන් කළොත් මුළු රටම ඉවරයි.

ප‍්‍රභාකරන්ගේ යුදනැව් පිටින් එදා විනාශ කර රට බේරාගන්නේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයායි. ඔහු නොසිටින්නට ප‍්‍රභාකරන් එක තෙල් නැවක් අල්ලාගෙන අද මුළු රටම පාලනය කරන්ට ඉඩ තිබුණා.

තෙල් පෝලිම්වල දින ගණන් දුක් විඳින ජනතාව කියන්නේ, මේ ආණ්ඩුව වහාම ගෙදර යා යුතු බවයි. හරිනම් ආණ්ඩුව මේ  වනවිට ඉල්ලා අස්විය යුතුයි.

අද රටට වෙන්නේ මොකක්ද කියලා කවුරුවත් දන්නේ නැහැ. තෙල් අර්බුදයට මුහණ දෙන්නට බැරිව තෙල් ඇමැතිවරයා ජනතාවනේ සමාව ඉල්ලනවා.

ප‍්‍රමිතියෙන් තොර තෙල් නැව තවමත් ත‍්‍රිකුණාමලේ බලපෑම් තිබෙන බවට ඇමැතිවරයාම කියනවා. ඩොලර් කාක්කන්ට යටවෙලා බවයි පෙනෙන්නේ. මේ නැවේ තෙල් නැවතත් රටටම ඒමේ අවදානමක් තිබෙනවා. ඒක ඇමැතිවරයාම පිළිඅරන් ඉවරයි.

මේ ප‍්‍රමිතියෙන් තොර තෙල් නැව අබිරහසක්. හරවා යැව්ව නැවක් දින ගණනාවක් තිස්සේ ත‍්‍රිකුණාමලේ නැංගුරම්ලා තිබීම ඊට හේතුවයි. අද මේවාට උත්තර දෙන්නට ආණ්ඩුවේ මැති ඇමැතිවරුන්ට හැකියාවක් නැහැ. ඩොලර්වලට යටවෙලා.

අගමැතිවරයා මේ රටේ ඉතිරි තෙල් ටැංකි ටිකත් ඉන්දියාවට දෙන්නට යන්නේ. මෙවැනි අර්බුදයක් පවතින ඇතිවන බව දැනගෙනයි.

එදා කරූ ජයසූරිය ඇමැතිවරයා තෙල් පිරවුම් හල්වලින් 1/3ක් ඉන්දියානු ඔයිල් සමාගමට දුන්නා. අද ඇතිවී තිබෙන තෙල් අර්බුදයෙන් එහි ප‍්‍රතිඵල මුළු රටටම දැනෙනවා. අද ඒ සමාගමට මුළු රටම පාලනය කරන්නට හැකිවෙලා.

ජනාධිපතිවරයාට කියනවා කිරිපිටි සමාගම් එක්ක ඇමැතිවරුන් ඉන්නවාලූ. එහෙමනම් මේ තෙල් මාෆියාවට ඩොලර්වලට යට වුණු ඇමැතිවරුන් නැහැයි කියන්නට පුළුවන්ද? තෙල් ඇමැතිවරයාගේම ප‍්‍රකාශවලින් ඒ බව පැහැදිලි වෙනවා.

මේ රට විජාතිකරණයේ බූවල්ලන්ට යටවෙලා අවසන්. විජාතිකරණ බූවල්ලා රටම ගිලගෙන. මෙ උපද්‍රවයෙන් රට බේරාගන්නට බැරිවෙනවා.

මොන මැතිවරණය ඉදිරියේදී ආවත් ජනතාව ආණ්ඩුවට නියම උත්තරය දෙන බව ආණ්ඩුව දන්නවා.

එන හැම මැතිවරණයක්ම ආණ්ඩු විරෝධී මැතිවරණ බවට පත්වෙන එකනම් වළක්වන්නට බැහැ.

දැන් මේ ආණ්ඩුව තුළ ඉන්නේ හීලෑ විපක්ෂය හා ඞීල් විපක්ෂය පමණයි.

මන්ත‍්‍රීවරුන් 55 දෙනෙක් සිටිනවා. සැබෑ විපක්ෂයට වඩා මන්ත‍්‍රීවරුන් 19ක් සිටින විපක්ෂයත් ලෝකයේ කොහේවත් නැහැ. මේක ආණ්ඩුවක් නොවෙයි. සියඹලාණ්ඩුවක්.

අපේ මේ අවනඩුව පොදු රාජ්‍ය මණ්ඩලයීය පාර්ලිමේන්තු සංගමයට ගෙනගියේ ඒ නිසයි. මේ පුදුමය බලන්නටයි. එම සංගමයේ නියෝජිත කණ්ඩායමක් එකොළොස්වැනිදා එන්නේ.

ගම්පහ දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඉන්දික අනුරුද්ධ මහතා අදහස් දක්වමින් මෙසේ කීය.

අයි. ඕ.සී. සමාගම ප‍්‍රමිතියෙන් තොර තෙල් නැව හරහා යැව්වා කිව්වට තාමත් ත‍්‍රිකුණාමලය ජැටියේ නැංගුරම්ලා තියෙන්නේ දින ගණනාවක් තිස්සේයි.

මේක අබිරහසක්. ඩොලර් කුට්ටිවලට යටවෙලා මේ තෙල් ටික නැවතත් පිරිපහදු කර රටට ගෙන ඒමේ අවදානමක් මතුවෙලා.

ඇයි මේක හොයන්නට බැරි? ජී.පී.එස්. තාක්ෂණය තිබෙනවා නම් මේ බාල තෙල්නැව තුළදීම පිරිපහදු කරන එක හොයන්නට බැරි ඇයි? මේවා ඔක්කොම ඞීල්. ඇමැතිවරයාම ඒ බව කියනවානම් තවත් මොන කතාද?

ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී නීතීඥ සිසිර ජයකොඩි මහතාද මෙහිදී අදහස් දැකවූයේය.



අදහස් (1)

ඉන්දියානු ඔයිල් සමාගමට මුළු රටම තෙලෙන් බදින්න හැකිවෙලා

bamunuarachchi Wednesday, 08 November 2017 01:14 PM

1995 කාලේ මේ අය කරපු අදූරදර්ශී වැඩ නිසා තව ටික දවසකින් ඉන්දියානු ඔයිල් සමාගම්කරුවෝ අපිව ඒ අයගේ තෙල් වල බදිනවා වගේ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 743 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 901 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 375 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site