(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
මිනිස්සුන්ට අරගල තිත්ත වෙලා යැයි පොදුජන පෙරමුණේ මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.
මේ රටේ මිනිස්සු දැන් නිදහසේ ටිකක් නිදා නිදාගන්න හුස්ම ගන්න කැමති බවද මන්ත්‍රීවරයා කීය.
ජනතා විමුක්ති පෙරමුණට උද්ඝෝෂණය කිරීමේ අයිතිය දිය යුතු බව කී මන්ත්‍රීවරයා ආණ්ඩුව වැරදි කරනවා නම් ඒකට විරුද්ධ විය යුතු අතර නමුත් හමුදාවේ චිත්ත ධෛර්යය වැට්ටීම සඳහා කටයුතු කරන්නට එපා යැයි ඉල්ලා සිටින බවද පැවසීය.
පොලිසිය පිළිබඳ ගමේ විශ්වාසය ටිකෙන් ටික ඈත් වෙමින් යන අතර පොලිසියට තිබූ ගෞරවාන්විත නාමය ,විශ්වාසය ජනතාවට ලබා ගැනීම සඳහා පුළුල් වැඩපිළිවෙලක් සඳහා අමාත්‍යාංශය මැදිහත් විය යුතු බව කීය.
COMMENTS
ලංකාවේ මිනිස්සු බහුතරයක් මෝඩ නැහැ. මිනිස්සු ඉවසලා ඉන්නේ ලබන වසරේ ඡන්දෙ එනකන්, ඡන්දෙ නාවොත් අරගලයක් නෙවෙයි එන්නේ සුනාමියක්...
අපිට නම් අරගලය වෙස්වලාගෙන ආපු ආශිර්වාදයක්. දූෂිත දේශපාලුවන්ට නම් අරගලය හොඳටම තිත්ත ඇති.. තම දිවිපරදුවට තබා සටන් කරපු වීරෝධාර රණවිරුවන්ගේ චිත්ත ධෛර්යය මොන ජගතෙකුටවත් වට්ටන්න බැහැ. පොහොට්ටුවේ ඉන්න දූෂිත දේශපාලුවන්ගේ චිත්ත දහිරිය නම් බින්දුවටම බැහැලා වගේ...
මෙයාට වම, දකුණ මාරු වෙලා... මිනිස්සුන්ට අරගල තිත්ත වෙලා නැහැ. ඔහෙලාවනම් අන්තිමටම තිත්ත වෙලා...!
මයිනාට පණ තියෙනකල් නටපල්ලා…!
මිනිස්සුන්ට තිත්ත වෙලා තියෙන්නේ... අරගලවත්, වෙන මොනවාවත් නෙමෙයි දිගින් දිගටම බලයේ සිටිමින් දිගටම රට විනාශ කරන ඔබලා වැනි දේශපාලකයින්ව...
නෑ එහෙම නෑ. අපි ඊළඟ එකට සූදානම් වෙනවා..!
ඒ නම් මෙයාට ගහයි කියලා බයට...
ඊට වඩා ඔබලාව තිත්ත වෙලා...
ඡන්දයක් තියන්නකෝ අපි තිත්ත ඇත්ත ඔය කබර සහිත අයට පේන්න...
අරගල නම් මිනිස්සුන්ට එපා වෙලා නැහැ. කාලකන්ණි දේශපාලකයින් නම් මිනිස්සුන්ට දැන් පේන්න බැරිවෙලා තියෙන්නේ. මොවුන් කෙලපු කෙලිල්ලට මිනිස්සුන්ට එදා වේල කන්න, බොන්න, හොයාගන්න මහන්සි වෙන්න වෙලා තියෙන්නේ අරගල කරනවාට වඩා. මොවුන්ගේ හිතේ ඒ අය කළා කියලා...!
රටේ ජනතාවට අරගල තිත්ත වෙන්නේ නැහැ... නාකි මයිනා සහ ඔහුගේ හොර නඩය පන්නන තුරු...!
අපිට නම් රටම හොරාකාලා විනාශ කරපු දූෂිත දේශපාලුවන් දකින එකත් හරිම පිළිකුල්...
කරපු දේවල් තිත්ත වෙලා හින්දා තමා මිනිස්සු අරගල කළේ. නැතුව ආසාවට නෙවෙයි...
මේකා ලංකාදීපේ ඔන්ලයින් කියවනවා නම් මෙලහකට සියදිවි හානි කරගෙන
තිත්ත වෙලා තියෙන්නේ මිනිස්සුන්ට නෙමෙයි... අරගලය නිසා බලය නැතිවුන අන්ත දූෂිත කාලකන්නි දේශපාලු හොරුන්ට.
අරගලයට ගිය කාලකන්නි දැන් ඒගැන කතාකොරන්නත් බයයි.
දැන් නම් එපා වෙලා... නොදකින්..!
අනේ යන්න.., ඔයා දන්න ජනතා සිතුවිලි... අපිට ඔබව නම් තිත්ත වෙලා...!
තිත්තවෙලා තියෙන්නේ අරගල කරන්නේ ඔහෙල වගේ එවුන්ව එළවන්නයි
එහෙම හිතෙනවාද?
තිත්ත වෙලා තියෙන්නේ අරගල නොවෙයි. ඔයාලා වගේ අය...!