IMG-LOGO

2025 ඔක්තෝබර් මස 25 වන සෙනසුරාදා


‘ ආණ්ඩුවෙන් සිද්ධ වුණ අපරාධ වහගන්න ඇතැමුන් ආගමික නායකයින්ට දොස් කියනවා ‘

(අනීෂා මානගේ)
 
තමන්ගේ ආණ්ඩුවෙන් වුණ හොරකම් වංචා, මිනීමැරුම්, ත්‍රස්තවාදී ක්‍රියාවන් වහගන්න අද ඇතැමුන් ආගමික නායකයන්ට දොස් කියන බව හම්බන්තොට දිස්ත්‍රීක් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවැසීය.
 
නාමල් රාජපක්ෂ මහතා මෙසේ පැවසූයේ අද(23) වීරකැටිය විතාරන්දෙණිය බැදිගම ප්‍රදේශයේදී පැවැති ජනහමුවකට සහභාගී වෙමිනි. 
 
වැඩිදුරටත් අදහස් දක්වමින් නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා මෙසේද කීවේය. 
 
එක්සත් ජාතික පක්ෂයක්, එක්සත් ජාතික පක්ෂයෙන් සජිත් මහත්තයා එක්ක කඩාගෙන ගිය කණ්ඩායමත් කරන්නේ පහත් දේශපාලනයක්. අපි දැක්කා මංගල සමරවීර ඇමැතිතුමා එදා සජිත් ප්‍රේමදාස මහත්තයාගේ මැතිවරණය මෙහෙයවනකොට බෞද්ධ භික්ෂූන්වහන්සේලාට අගෞරව කළා. මහා සංඝරත්නයට බැන්නා, චෝදනා කළා. 
 
අද හරීන් ප්‍රනාන්දු මහත්තයා සජිත් ප්‍රේමදාස මහත්තයාගේ මැතිවරණය මෙහෙයවනකොට කාදිනල්තුමාට අපහාස කරනවා. කතෝලික සභාවට චෝදනා කරනවා. මේක තමයි සජිත් ප්‍රේමදාස මහත්තයාගේ දේශපාලනය. අපි කාරුණිකව ඉල්ලන්නේ ආගමික නායකයන්ට අගෞරව කරන එක නවත්වන්න. ඔබ කරන වැඩෙන් සිදු වෙන්නේ  මේ රටේ ජන සමාජය ආගම කෙරෙහි තිබෙන විශ්වාසය බිඳ වැටීමයි. 
 
ඔබේ දේශපාලනය ඔබ කරන්න. හැබැයි ආගමික නායකයන් මේ රටට කරන සේවය අගෞරව වන විදියට දේශපාලන වේදිකාවේ ප්‍රකාශ ඉදිරිපත් කිරීම අපි හෙලාදකිනවා.  
 
අපි ගෞරවයෙන් ඉල්ලනවා කරුණාකර මේ පහත් දේශපාලනය දැන්වත් නවත්වන්න. තමන්ගේ ආණ්ඩුවෙන් වුණ හොරකම් වංචා, මිනීමැරුම්, ත්‍රස්තවාදී ක්‍රියාවන් වහගන්න අද මොවුන් ආගමික නායකයන්ට දොස් කියනවා යැයිද කීවේය. 



අදහස් (4)

‘ ආණ්ඩුවෙන් සිද්ධ වුණ අපරාධ වහගන්න ඇතැමුන් ආගමික නායකයින්ට දොස් කියනවා ‘

සමන්ත Tuesday, 23 June 2020 11:58 AM

හරියට මැරිලා ඉපදිලා වගේනේ කතා කරන්නේ? 2005 ඉඳලා 2015 වෙනකොට මේ රටට ඔබතුමාලා කල දේවල් වාර්තා ගත වෙලා තියෙන්නේ. ඩුබායි බැංකුවල තිබු සල්ලි මේ රටේ මිනිස්සු හොරකම් කරපුවද? තාජුදීන්ලා, ප්‍රගීත් එක්නැලිගොඩලා, ලසන්ත වික්‍රමතුංගලා, තාරකී වගේ මාධ්‍යවේදීන් ඝාතනය කළේ කවුද? අපිද? අසාධාරණයට විරුද්ධව කතා කරපු රොෂේන් චානකලා, රතුපස්වල වතුර ඉල්ලපු මිනිස්සු මැරුවේ අපිද? සියයට දහයේ කොමිස් ඉල්ලමින්,රටේ සම්පත් මංකොල්ල කමින්, බලය යොදාගනිමින් තැනින් තැන නිධන් හාරමින් , අග විනිසුරුවරිය පන්නමින්, නීති විද්‍යාල විභාග වංචා කරමින් ජනතා පරමාධිපත්‍ය නැතිකර දැම්මේ අපිද? අන්තිමේ 18වෙනි ව්‍යවස්ථා සංශෝධනය මගින් තමන්ගේ බල තණ්හාව නිසා අසිමිත බලයක් ආරෝපණය කරගෙන ජීවිතකාලයටම බලයේ ඉන්න හදාගන්න හැදුවේ කවුද? ඇයි මේ දැන් යහපාලනය අල්ලාගෙන පට්ට බොරු කියමින් මිනිස්සු රවට්ටන්නේ? යහපාලනයට ගව පාලනය කියලා කුමන්ත්‍රණ කරේ අපිද?

:       114       155

සමන්ත Tuesday, 23 June 2020 11:59 AM

එදා මල්වත්තේ මහානායක හාමුදුරුවන්ට බෝම්බ ගහනවා කියලා බය කරලා මාලිගාව වටේ රේස් පැද්දේ අපිද? අපේ රටේ මහජනතාව අන්දන ඔහෙලා වගේ මිනිස්සු පිරිසක් ලබන්න හරිම අවාසනාවන්තයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විනාශ කරලා පවුලේ ප්‍රජාතන්ත්‍රවාදයක් හදපු මිනිස්සු ඔහෙලා. රටේ මිනිස්සුන්ගේ නිදහස නැති කරලා තමන්ගේ නිදහස රැකගන්න වැඩ කරපු මිනිස්සු ඔහෙලා. කරපු හොඳ හෝ නරක එකම දේ අනිත් මිනිස්සු ඇදගෙන ආපු යුද්ධය දහස් ගණනක් මිනිස්සු මරලා හරි ඉවර කරපු එක විතරයි. ඒකත් චම්පික රණවකලාට, සරත් ෆොන්සේකලාට පින් සිද්ධ වෙන්න. එහෙම නැතුව මේ ඔහෙලා වීරයෝ නිසා නෙමෙයි. අතීතය අමතක මිනිස්සුන්ට අනාගතයක් නැති බව මතක තියාගන්න. කොහොමත් මිනිස්සු හැමදාම වහල් භාවයේ ඉන්නේ නැහැ. අවබෝධ කරගන්න. එදාට නැවත ප්‍රජාතන්ත්‍රවාදය සහ නිදහස රජවෙනවා. ඒක ඔහෙලට නවත්වන්න බෑ.

:       113       137

Raveendra Tuesday, 23 June 2020 12:21 PM

අනුන්ගේ කුණු හෝදන්න යන්නේ නැතිව තමන්ගේ තියෙන කුණු හෝදගත්තා නම් හොඳ නැද්ද?

:       102       155

Rata Perata Tuesday, 23 June 2020 02:11 PM

හාමුදුරුවරුන්ට අපහාස කරනකොට ඔයා බබාද? නිකන් සංදර්ශන දාන්නේ නැති ඉන්න හලෝ...

:       205       321

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1413 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1295 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 465 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site