
(රංජිත් රාජපක්ෂ සහ ආර්.එෆ්.එම්.සුහෙල් )
ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් පිහිටුවිමෙන් පසු පළමු අයවැයෙන් රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩි කරනවාත් සමග වතු කම්කරුවන්ට සාධාරණක් ඉටු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසිය.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඒ බැව් කියා සිටියේ ජාතික ජන බලවේගයෙන් මහ මැතිවරණයට නුවරඑලිය දිස්ත්‍රික්කයෙන් තරග කරන අපෙක්ෂකයන් හදුන්වාදිම සදහා නුවරඑලිය ග්‍රේගරි වැව පළමු අදිර පරිශ්‍රයේ පැවති රැස්විමකදිය.
මෙම රැස්විමේදි අදහස් දැක් වු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කියා සිටියේ
එළඹෙන අයවැයෙන් රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩි කරනවා, හිටපු ජනාධිපති කියනවා රාජ්‍ය සේවකයින් වැටුප් වැඩි කරන්න අනුමැතිය ලබාගෙන තිබුණලු, සල්ලි තිබුණලු, ඉතින් දෙන්න තිබුණනේ.
රාජ්‍ය සේවකයන් වැටුප් වැඩි කරන්න කියලා උද්ඝෝෂණ කළා, එතකොට සද්දයක් නැ, විශ්ව විද්‍යාල අනද්‍යන කාර්ය මණ්ඩලය වැඩ වර්ජනය කළ, විශ්ව විද්‍යාල වැහිලා තිබුණා, දැන් පැරදිලා ගිහින් කියනවනවා.
වතු කම්කරුවන් රැටවිමකට ලක් කලා, මැයි දින කොටගලදි කිව්වා රු 1750 ක් දෙනවා කියලා, තවමත් කිසිදු වතු කම්කරුවෙකුට 1750 ක් ලැබිලා නැ.
අන්න එහෙම තමයි ඒ අයගේ වැටුප් වැඩි කිරිම්, අපි සාධාරණ වැටුපක් වතු කම්කරුවන්ට ලබාදෙන්න කටයුතු කරනවා.
හැමදාම ආණ්ඩුවෙන් ජනතාව යැපෙන්න අවශ්‍ය නැ, ආර්ථිකය ස්ථාවර වනතුරු අප ජනතාව රැක බලා ගන්නවා, ඉන් පසු ජනතාවට ඔවුන් කරන රැකියාවලින් හොද ආදායමක් උපයා ගන්න පුළුවන්, ජනතාවට හොදින් ජිවත් වෙන්න පුළුවන් සමාජයක් ජාතික ජන බලවේගය ස්ථාපනය කරනවා.
කොතරම් කාලයක් අපි මේ සිහිනය දැක්කද? ජනතාව ගොඩ දාන්න කොතරම් සිහින දැක්කද? දැන් අපිට ඒ අවස්තාව උදා වෙලා තියෙනවා.
අපි දශක කිහිපයක් සටන් කළා නමුත් රට ගොඩ නගන්න අපිට අවස්තාව ලැබුණේ නැ, නව ව්‍යාවසායකයින් බිහි කිරිමට ප්‍රාග්ධනය යෝජනා ක්‍රමයක් අපි හදනවා.
මෙතෙක් තනාපතිධුර සදහා යවලා තියෙන්නේ දේශපාලඥයින්, ඔක්කොම ආපසු කැදවන්න තිරණය කලා, තනාපති කාර්යාල වල වැඩි පිරිසක් වැඩ කරන්නේ දේශපාලඥයන්ගේ දරුවන් ඒ අය වහාම කැදවුවා.
නුවරඑලිය ජනාධිපති මැදුර වටා විශාල ඉඩමක් තියෙනවා, එම ඉඩමේ කාබනික පොහොර භාවිතා කරලා සාර්ථික එලවළු වගාවක් සිදුකරනවා, එම එලවළු වගාවෙන් සෑම සිකුරාදකම එලවළු කිලෝ 60 ක් ජනාධිපති ලේකම් කාර්යාලයට යවනවා.
එහෙම තමයි පැරණි අය ජිවත් වෙලා තියෙන්නේ, එගොල්ලෝ කාබනික එලවළු කාලා ජිවත් වෙනවා, රටේ ජනතාව රසායනික පොහොර භාවිතා කරපු එලවළු කැමට ගන්නවා.
මම ජනාධිපති වුණාට පස්සෙත් එහෙම එලවළු පාර්සල් කිහිපයක් ජනාධිපති ලේකම් කාර්යාලයට ආවා, මම ඒ ගැන සොයලා බැලුවා, මම කිව්වා ඒ එලවළු ආරක්ෂක අංශ නිලධාරින්ට ආහාර සදහා ලබාදෙන්න කියලා යනුවෙන් පැවසිය.


COMMENTS
රටක් දිනපු අප්පච්චිට පැරදුනා නම් කිසිම දෙයක් නොකරපු ඔබතුමා ගැන මොනවා කියන්නද?
ජනාධිපති ඌෂ්ණය ඔලුවට ආවාම තත්ත්වය භයානක වෙනවා. කරන්නේ මොනවද කියලා වටහාගන්න බැරිවෙයි. ජේ ආර් ජයවර්ධන මැතිතුමාටත් ඔය ලෙඩේ හැදුණා...
ජනතාව රවට්ටපු මහපාරට වැටෙන තැනට වැඩ සිද්ද කරපු, නූපන් දරුවන් පවා ලෝකෙටම ණයකාරයෝ කරපු, කාලකන්නි බලලෝභී බඩගෝස්තරවාදී දූෂිත දේශපාලුවෝ හැම කෙනෙක්ම මෙවර මහ මැතිවරණයෙන් සදහටම තුරන් කළ යුතුමයි.
දිගටම කයිය ගහගහ ඉන්න. එතකොට නිකම්ම වැටෙයි.
අනුර මේක මහමැතිවරණ පොරොන්දුවක් නේද? අලුතින් පොරොන්දු දෙන්න කලින් ජනාධිපතිවරනයේදී දුන්නු පොරොන්දු ඉටුකරලා ඉන්න. බලාගෙන ගියාම මාලිමාවත් තවත් එක පක්ෂයක් විතරයි වගේ. කෝ ඉන්ධන මිල අඩුකළාද? බිත්තර, හාල් කෝ? බඩුමිල අඩු කළාද? මේවා ජනාධිපති වුණු ගමන්ම කරනවා කිව්ව ඒවානේ. ස්ටේජ් උඩදි ගැලරිය පිනවලා ඡන්දේ ගන්න දෙන පොරොන්දු ප්‍රායෝගිකව ඩිලිවරි කළ නොහැකි බව දැන් නම් තේරිලා ඇති. ප්‍රශ්නය තියෙන්නේ ඒ පොරොන්දු වලට අහුවෙලා ඡන්දෙ දෙන මෝඩ මානවයින් අදින ඇදගැනිල්ල ගැනයි. ඔයාගේ ගෝලයෙක් අර ලාල් කාන්ත කියන මනුස්සයා කිසිම හිරිකිතයක් නැතිව කාන්තාවන්ට අපහාස කරනවා වේදිකා උඩ. ඒ මිනිහා කසිප්පු ගහලාද ඉන්නේ?
නියමයි ජනාධිපති අනුර... මාලිමාව තමයි ශ්‍රී ලංකාවේ අවසන් බලාපොරොත්තුව..!
අපි ඔබට සහාය දෙමු, නමුත් කළ යුතු නිවැරදි දෙය රජයේ සේවකයන්ගේ ආදායම වැඩි කිරීම නොවේ... ජීවන වියදම අඩු කිරීම කෙරෙහි ඔබ අවධානය යොමු කළ යුතුය. ඒක නිසා හැමෝටම ප්‍රතිලාභ ලැබේවි.... රනිල් වැටුප් වැඩි කරන බවට පොරොන්දු වූ නමුත් එය ඡන්ද ලබාගැනීමට කළ මැතිවරණ උපක්‍රමයක් බව අපි දනිමු. ඔහුගේ බොරු මත ක්‍රියා කිරීමට ඔබ බැඳී සිටිය යුතු නැත.
අනුර සහෝදරයා .ලංකාවට අවශ්‍ය ප්‍රමනෙට වැඩිය 3 ගුණයක් පමණ රජයේ සේවකයෝ සිටිනවා .නමුත් ඔවුන්ගෙන් ගුණාත්මක සේවාවක් ජනතාවට හෝ ආර්ථිකයට ලැබෙන්නේ නැහැ , හොඳම උදහරණ මෝටර් රථ දෙපාරතමේන්තුව , මේක හොර ගුහාවක් .ගෝටගේ කාලයේ සිට කලට වෙලාවට රියදුරු බලපත්‍රයක් ජනතාවට පගාව නොදී මේකෙන් ගන්න බැහැ මේ ප්‍රශ්නේ වසර 4-5 සිට තිබෙනවා , ඊළඟට බලන්න පාස්පෝර්ට් පෝලිම් .මේවත් තව මාස 6-7 ගියත් විසදගන්න බැහැ , රජයේ වියදම දවසකට රුපියල් බිලියන 6ක්. මේ වියදම් වලින් වැඩි හරියක් මේ නිලධාරීන්ට වැටුප් සහ දීමනා ගෙවන්න , බදු ආදායම දවසකට රුපියල බිලියන 5 ක් , හැම දවසකම රුපියල් බිලියනයක පාඩුවක් අපේ ණය කන්දට එකතු වෙනවා , රේගු , ආදායම් බදු , සුරාබදු දෙපාර්තමේන්තු වැඩ කරන ආකාරය ගැන අමුතුවෙන් ලියන්න අවශ්‍ය නැහැ , මේ නිලධාරීන්ට පඩි වැඩි කරනවා කියන්නේ අපිට මේ ණය කරගහන්න වෙනවා , ඔබ මේක කරනවා නම් අපිට ඔබට චන්දෙ දෙන්න දෙපාරක් හිතන්න වෙනවා ,
වැඩ කරන්නේ නැති හොරාකන උන්ට පඩි වැඩි කරනා එකම රට
ඡන්දයක් ළඟ එන බව කයියෙන්ම පෙනේ... නැවතත් කට උල්වීමේ ප්‍රවණතාවයද වැඩිවී ඇත. අර කැබ් එකක් පුරවලා තිබ්බ ෆයිල්වලට මොකද දන්නේ නෑ වුණේ... මෙව්වා මෙයාටවත් මතක නැනේ... ඔව් ඉතින් මතකය උපරිම සති දෙකනේ...!
පච නම් පච ලොවෙත් නැහැ...!
බලන් යනකොට මෙයත් කරන්නේ ඉස්සර උන් කරපු කොරුවාවම තමයි! රජයේ සේවකයින් කියලා ඉන්න වංචාකාරීව පහසුවෙන් ජීවත්වෙන හොරුන්ට තවත් බෙදලා බංකොලොත් වෙලා හොම්බෙන් යන තැනට කටයුතු කිරීමම තමයි!! මේ පෙන්වන්නේ රටට ආදරේ ද? ඡන්ද මංකොල්ල කෑමට රටේ අනාගතය නැතිකර දැමීම ද?
තවත් කට උල් කර කර පච කෙලිනවා.
දැන් ඔය එළවලු 60kg වලින්ද රටහදන්න යන්නේ .එහෙම නෙමෙයි අනුර සහෝදරයා අපි ඔයිට වඩා කරවත් යමක් ඔබලාගෙන් බලාපොරොත්තු වෙනවා
කයිය තමයි