IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


‘මේක වැඩ බැරි ආණ්ඩුවක්‘

(*** අලුත්ගම - තුසිත කුමාර සිල්වා)

ලෝක වෙළඳපොළේ තෙල් මිල ශීඝ්‍රයෙන් අඩුවී ඇතත් ශ්‍රී ලාංකික ජනතාවට ඒ සහනය ලබාදී නැතැයි ද අගෝස්තු පස් වැනිදායින් පසුව පිහිටුවන ජනතාවාදී ආණ්ඩුව යටතේ ඉන්ධන මිල සම්බන්ධ උපරිම සහනය ජනතාවට ලබා දෙන්නේ  යැයිද සමගි ජනවේගයේ නායක සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා බේරුවලදී ඉකුත්දා පැවැසීය.

වත්මන් ආණ්ඩුව පොරොන්දුවලට පමණක් සීමා වී ඇති බව කී සජිත් ප්‍රේමදාස මහතා කොරෝනා සමයේ ජනතාවට ලැබුණු ජල හා විදුලි බිල දුටුවිට ජනතාවගේ සර්වාංගයම රත්වී ඇති බවත් පැවැසීය.

සමගි ජන බලවේගයේ බේරුවල ආසන බලමණ්ඩලයේ රැස්වීම අමතමින් තවදුරටත් අහස් දැක්වූ සජිත් ප්‍රේමදාස මහතා මෙසේද කීය..

මතකද මාර්තු මාසයේ විදුලිබිල, ජලබිල අහෝසි කරනවා කිව්වා. දැන් හැමෝටම  සර්වාංගෙම රත් වෙලා තියෙන්නෙ මැයි මාසේ බිල බැලු‍වාම. මාර්තු, අප්‍රේල්, මැයි බිල දඩ පොලිය, රතු නිවේදනයි සේරම එකට. දැන් තියෙන්නේ වැඩ බැරි ආණ්ඩුවක්.

 නොවැම්බර් 16 ඔවුන් ව්‍යාජ චිත්‍රයක් මවා රටට පෙන්නුවා. රට සුගතියට ගෙනියනවා කියලා කිව්වා. නමුත් මහපොළොවේ යථාර්ථය කිව්ව, එකක්වත් කරන්න බැරි වුණා. අද ආර්ථිකය කඩාවැටිලා සැමන්, පරිප්පු පාලන මිල දින පහළොවක් පවත්වාගෙන යන්න ආණ්ඩුවට බැරි වුණා. සහල් මාෆියාවට යටවෙලා ව්‍යාපාරිකයන් ඉදිරියේ දණින් වැටී සහල් මිල ඉහළ දැම්මා. කොරෝනාවේ දී ආණ්ඩුව කළේ රුපියල් 5000ක් දීම පමණයි. අපි බලයට පැමිණි පසු ජන ජීවිතය යථා තත්ත්වයට පත්වන තෙක් මධ්‍යම පාන්තිකයාගේ සිට සෑම දුප්පත් පවුලක් සඳහාම රුපියල් 20,000 බැගින් දෙනවා. මම එහෙම කියන කොට එහා පැත්තෙ අය සල්ලි කොහෙන්ද අහනවා. හෝමාගම ක්‍රීඩා පිටිය හදන්න ඩොලර් ලක්ෂ 400යි, ගල්කිස්ස වෙරළට ලක්ෂ 8900 යි. ඒවයින් හොඳින් පගා ගැහුව හැකි. නමුත් රුපියල් 20,000ක් දෙනකොට පගා ගහන්න බැහැ.

පසුගිය කාලය තුළ රාජිත සේනාරත්න මහතා සමග අප ඉතා සුහදශීලීව කතා කළා. මේ සමගි ජන බලවේගය තුළ හැමෝටම තැනක් තියෙනවා. හැමෝටම දොරගුලු‍ විවෘතයි. වංචාව, දූෂණය සමගි බලවේගය තුළ නැහැ. මුළු රටම ඉල්ලන්නේ මනුෂ්‍යත්වයයි. ඔය එහා පැත්තේ ඉන්න කාඩ්බෝඩ් වීරයෝ කිසිදාක පන්සලකට උදව් කරන්නේ නෑ. ජාතිවාදය, ආගම් භේදය වපුරන අය. කිසි දවසක ජාතිවාදය, ආගම්වාදය අන්තවාදය අපි කරන්නේ නැහැ. අගෝස්තු පහෙන් පස්සේ ඇරඹෙන කාලය තුළ අපි ආගම්වාදය අන්තවාදය නැති කරනවා. සාධාරණ ජාතිකත්වය, පිරිසුදු ජාතිකත්වය මේ රටේ සියලුම ජාතීන්ට සියලු‍ ආගම්වලට අයිති දෙයක්. එය භුක්ති විඳීමට සලසන බව මා ප්‍රකාශ කරනවා. රට ගොඩනගන්නට රට ආරක්ෂා කරන්නට ආර්ථිකය වර්ධනය කරන්න ඕන. නමුත් කොරෝනා අස්සේ මොකද කළේ ආගම් භේදය ඇවිස්සුවා. ජාතිභේදය ඇවිස්සුවා. ලොව්තුරා බුදුරජාණන් වහන්සේගේ නිර්මල බුදුදහම අපි ආරක්ෂා කරන්න ඕනෑ.

නොවැම්බර් 16 වැනිදා ජනාධිපතිවරණයට ඡන්දය දෙන්න ප්ලේන් හයර් කරගෙන ආවා. ඒ ‘වෙනසක්‘ ඇති කරන්නට ආවේ. ඒ වෙලාවේ ආව ඇත්තන්ට කිව්වේ ”‍රටවිරුවෝ ”‍ කියලා. මාස අටක් ගියේ නෑ. රට විරුවෝ කිව්ව කොට්ඨාසයට කොරෝනා හැදෙන කොට ඒ අය දැන් කොරෝනා බෝම්බකරුවෝ වෙලා.

මිත්‍රවරුනි බලන්න අත් උස්සන්න මේ සභාවේ කවුරුහරි එක්කෙනෙක්වත් ඉන්නවද කියලා 4% පොලියට ණය ගත්ත කවුරුහරි ඉන්නවනම්? මම අද කලවානට, අගලවත්තට, මතුගමට ගියා. කිසි කෙනෙක් ඒ සභාවල හිටියේ නෑ. දැන් බේරුවලත් නැහැ. මෙන්න මේවා තමයි වැඩ බැරි ආණ්ඩුවේ ලක්ෂණ. බොරුවට ඇඩ් එක විතරයි.

මෙම රැස්වීමේදී බේරුවල ප්‍රාදේශීය සභාවේ පොදුජන පෙරමුණේ කලු‍වාමෝදර කොට්ඨාශය නියෝජනය කළ ප්‍රාදේශීය සභා මන්ත්‍රී රවී නලින් කුමාර ද සිල්වා මහතා පොදුජන පෙරමුණ අතහැර සමගි ජන බලවේගයට එක් විය.

පොදුජන පෙරමුණේ හිටපු  අමාත්‍ය කළුතර දිස්ත්‍රික් සමගි ජන බලවේග මැතිවරණ අපේක්ෂක කුමාර වෙල්ගම මහතා ද, රාජිත සේනාරත්න, අස්ලාම් හජ්ජියාර්, ඉෆ්තිකාර් ජෙමීල්, නිශාන්ත  ශ්‍රී වර්ණසිංහ  මහත්වරුන්ද  සභාව ඇමතූ අතර කිත්සිරි කහටපිටිය, රවීන්ද්‍ර යසස්, කීර්ති  කාරියවසම් යන මහත්වරුන්ද හිටපු පළාත් සභා ප්‍රාදේශීය සභා නියෝජිතයන් ඇතුළු පිරිසක් ද සහභාගි වූහ.

 



අදහස් (3)

‘මේක වැඩ බැරි ආණ්ඩුවක්‘

Raveendra Tuesday, 30 June 2020 11:45 AM

පළමුව 225 ම රටට කිසිඳු වැඩක් නැත. දෙවනුව හරි මේ ආණ්ඩුවේ ඉන්න අයට වැඩ බැහැමයි කියමුකෝ... එතකොට විපක්ෂෙද මොන අටමගලේද ඉන්න අයට වැඩ පුළුවන් කියල නේද මෙයා තටමතටම කියන්නේ...? අනුන්ට වැඩ බැරිය මට පමණක් වැඩ පුළුවන්ය. මෙච්චර කල් මේ සේරම අල්ලපු රට හදලා තියෙන්නේ.. දැන් තමයි තමන් උපන් රට හදන්න බලය ඉල්ලන්නේ... ඉස්සෙල්ලාම ගෙදරින් වැඩ පුලුවන්ද, බැරිද කියලා පෙන්නලා ඉන්නකෝ.. සජි මල්ලි නිකන් බයිලා නොදොඩා ...

:       271       401

Raveendra Tuesday, 30 June 2020 12:54 PM

වැඩ බැරි අය කියමින් අඬබෙර ගැහුවාට... ගේ, දොර කුඹුරු, වතුපිටි දුටුවිට එය පැහැදිලියි.. මොන බොරු කියලා හරි යන්නට පට්ටියට.. යනවා යනවාමයි මංගල මම සජිත්ය..

:       18       71

kavinda Wednesday, 01 July 2020 08:59 AM

වැඩබැරි කාලකණ්ණි පාර්ලිමේන්තු එවන්න එපා කියලා තමයි එතුමා කියන්නේ... ජනතාවට ඒක හොඳටම තේරෙනවා කියලා මට හිතෙනවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 660 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 321 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1110 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site