IMG-LOGO

2025 නොවැම්බර් මස 06 වන බ්‍රහස්පතින්දා


‘කාන්තා පරපුර ශක්තිමත් කිරීමට වැඩසටහනක් ගේනවා‘

(*** අංජුල මහික වීරරත්න)

කොරෝනා වසංගතය නිසා ඇති වූ ආර්ථික අර්බුදයෙන් වැඩිපුරම පීඩාවට පත් වූයේ මෙරට කාන්තා පරපුර යැයි ද කාන්තා පරපුර ශක්තිමත් කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂය අංගසම්පූර්ණ සුවිශේෂී වැඩසටහනක් ඉදිරිපත් කරන බවද එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කොළඹ දී පැවසීය.

ඇඟලුම් කර්මාන්තයේ නිරත කාන්තාවන්ගේ මෙන්ම මැදපෙරදිග ගොස් සිටින කාන්තාවන්ගේ ද රැකියා කොරෝනා වසංගතය නිසා අවදානමට ලක් වී ඇති බව කී රනිල් වික්‍රමසිංහ මහතා ඔවුන්ගේ ජීවිත සුරක්ෂිත කිරීමේ සැලසුම් ඇතුළත් වෙනමම ප්‍රතිපත්ති ප්‍රකාශයක් එක්සත් ජාතික පක්ෂය ඉදිරියේදී එළිදක්වතැයිද සඳහන් කළේය.

එක්සත් ලක් වනිතා කාන්තා සමුළුවේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වෙමින් රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේය. පිටකෝට්ටේ - සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේදී සමුළුව පැවැති අතර එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද කීවේය.

“කාන්තාවන් සම්බන්ධ ප්‍රධාන වැඩ කටයුතු අප ඉටු කළා. ඒ බව අපට නොබියව කිව හැකියි. පළමු වරට පළාත් පාලන ආයතනවල සියයට 25ක නියෝජනය කාන්තාවන් සඳහා දීමට අපට හැකියාව ලැබුණා.

අනාගතයේදී මෙරට කාන්තාවන්ටත් ප්‍රධාන ප්‍රශ්නයකට මුහුණ දෙන්න වෙනවා. ඒ කොරෝනා වයිරසයයි. ඉන් ඇතිවන ප්‍රශ්න කාන්තාවට මෙන්ම මුළු රටටම පොදුයි.

රටේ ආර්ථිකය ගොඩනැගිය හැක්කේ කොරෝනා වයිරසය පාලනය කළහොත් පමණයි. නවතම වාර්තා අනුව කොරෝනා වයිරසයෙන් වැඩිපුරම බලපෑම් ඇතිවන්නේ කාන්තාවන්ටයි. මේ නිසා කාන්තාවන් බොහෝ පිරිසකගේ රැකියා අහිමි වීමට ඉඩ තිබෙනවා. මේ වනවිටත් කාන්තාවන් බොහෝ පිරිසක් රැකියා කරන ඇඟලුම් කර්මාන්තය අනතුරට ලක්ව තිබෙනවා. කර්මාන්තශාලා වැසී ගිහිල්ලා. ඇතැම් කර්මාන්තශාලා නැවත විවෘත කිරීමට හැකියාවක් නැහැ.

මැදපෙරදිග කාන්තාවන්ට රැකියා අහිමි වෙලා. බොහෝ ආයතනවල ස්ථිර නොකළ සේවකයන් ඉවත් කරනවා. ඒ අතුරින් වැඩි පිරිසක් කාන්තාවන් බව කිව යුතුයි. අර්බුදයේ දැඩි බලපෑම කාන්තාවන්ට කෙළින්ම දැනෙනවා.

රැකියා ලක්ෂ 10ක්වත් අහිමි වනු ඇතැයි ගණන් බලා තිබෙනවා. ඔවුන් සඳහා රුපියල් 10,000 බැගින් මසකට දීමට අප කටයුතු කරනවා. රැකියා අහිමි වෙන කාන්තාවන් සඳහා වෙනත් ආදායම් මාර්ග බිහි කිරීමට කටයුතු කරනවා. එමෙන්ම රැකියාවලින් ඉවත් කෙරෙන කාන්තාවන් සඳහා වන්දි මුදලක් ද දීමට ක්‍රියා කරනවා. අපේ බලාපොරොත්තුව එයයි.

කාන්තා ස්වයං රැකියා ක්ෂේත්‍රය දියුණු කිරීම සඳහාත් අපගේ මූලික අවධානය යොමු වී තිබෙනවා. මේ වනවිටත් රැකියා අහිමි වූ කාන්තාවන් ස්වයං රැකියා අරඹලා. ඇඟලුම් කර්මාන්තවල රැකියා අහිමි වූ කාන්තාවන් මුව ආවරණ මැසීමේ ව්‍යාපාර ආරම්භ කර තිබෙනවා.

නවීන වගා කටයුතු, ආහාර කල් තබාගැනීම සඳහා ශීතාගාර පිහිටුවීමට ආදී ක්ෂේත්‍රවල රැකියා සඳහා කාන්තාවන් යොමු කළ හැකියි. එමෙන්ම කුඩා වනාන්තර හෙවත් හරිත වගා ක්‍රමයක් අප මෙවර ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් හඳුන්වා දුන්නා. අක්කර භාගයක වනාන්තරයක් වගා කළහොත් ආණ්ඩුව ඊට මුදල් දෙනවා. ඊට දායක වී කාන්තාවන්ට මුදල් ගත හැකියි.

කොරෝනා සමයේදී තවත් ප්‍රශ්නයක් ඇති වුණා. ඒ කාන්තාවන්ට විරුද්ධ ප්‍රචණ්ඩ ක්‍රියා වැඩිවීමයි. කාන්තාවන්ට විරුද්ධ ප්‍රචණ්ඩ ක්‍රියා නතර කිරීම පිළිබඳවත් මගේ අවධානය යොමු වී තිබෙනවා.

අපගේ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශයට අමතරව කාන්තාවන් උදෙසා වන ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙනවා. පළාත් සභා සඳහාත් සියයට 25ක කාන්තා නියෝජනයක් දිය යුතුයි.

එමෙන්ම රජයේ ආයතන සහ සංස්ථා පාලක මණ්ඩලය සඳහා අනිවාර් යෙන් කාන්තා පිරිසක් ඇතුළත් කළ යුතු බවටත් කොටස් වෙළෙඳපොළෙහි ලියාපදිංචි කර තිබෙන සමාගම් සඳහාත් කාන්තා අධ්‍යක්ෂවරියක හෝ දෙදෙනකු හෝ ඇතුළත් කිරීමට කටයුතු කරනවා.
එක්සත් ජාතික පක්ෂයේ බලවත්කම නැවත නැවතත් ඔප්පු වෙමින් තිබෙනවා. එක්සත් ජාතික පක්ෂයේ බලය තහවුරු කරමින් දිස්ත්‍රික් උසාවියේ දී නඩු තීන්දුවක් දුන්නා.

පක්ෂයට එරෙහිව පැවරූ නඩු සියල්ලට වූයේ කුමක්ද? තවත් අවශ්‍ය නම් නඩු කියන්නම්. අපට ප්‍රශ්නයක් නැහැ. එක්සත් ජාතික පක්ෂය අප බවට අධිකරණය තීන්දු කළ පසුව තවත් කීමට ඇත්තේ කුමක්ද” යැයි රනිල් වික්‍රමසිංහ මහතා එහිදී ප්‍රශ්න කළේය.


එක්සත් ජාතික පක්ෂ යාපහුව ප්‍රධාන සංවිධායක අචිනි ලොකුබණ්ඩාර මහත්මිය:
“කාන්තා පරපුරට මේ මැතිවරණයේ දී සුවිශේෂී වගකීමක් පැවරෙනවා. අතීතයේ සිටම අප පක්ෂය කාන්තාවන් වෙනුවෙන් සේවය කළා. අපට මේ මැතිවරණය ජය ගන්න බාධා තිබුණත් එය කළ හැකියි. මැතිවරණයේදී අපි එක්සත් ජාතික පක්ෂ කාන්තාවන්ගේ ශක්තිය පෙන්වමු.”

එක්සත් ජාතික පක්ෂ මහනුවර දිස්ත්‍රික් කණ්ඩායම් නායිකා ශාන්තිනී කෝන්ගහගේ මහත්මිය:
“පක්ෂ නායකතුමා ඉතා දූරදර්ශී ලෙස අපේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කර තිබෙනවා. පැදුරෙන් බිමට වැටුණු ලංකා ආර්ථිකය ගොඩනැංවීමට ප්‍රතිපත්ති ප්‍රකාශය සමත් බව කිව යුතුයි. වර්තමානයේදී ජනාධිපතිවරයා ඉන්නේ අත වනා යන්න පමණයි. රට ගොඩනගන කිසිම ප්‍රතිපත්තියක් ඔවුන් ඉදිරිපත් කර නැහැ.”

එක්සත් ජාතික පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂිකා සුනේත්‍රා රණසිංහ මහත්මියද මෙහිදී අදහස් දැක්වූවාය.
එක්සත් ජාතික පක්ෂ උප නායක රවී කරුණානායක, හිටපු අමාත්‍ය දයා ගමගේ යන මහත්වරු මෙම අවස්ථාවට සහභාගී වූහ.



අදහස් (4)

‘කාන්තා පරපුර ශක්තිමත් කිරීමට වැඩසටහනක් ගේනවා‘

Raveendra Thursday, 23 July 2020 11:50 AM

ඔව් ඔව් දැන් තමයි " මේ ඔක්කෝටම" අපේ රටේ කළයුතු වැඩසටහන් පිළිබඳව "කෙකර ගාන්නේ" ඒ කියන්නේ මෙතෙක් කල් "පට්ටියේ හරකුන් 225 ම අල්ලපු රටේ තමයි වැඩසටහන් කරලා තියෙන්නේ.. බලු පොරය කිට්ටු වෙන්න.. කිට්ටු වෙන්න "මේ ඔක්කෝටම " ජලය පේන්නම බැහැ වගේ ජලභීතිකාව උපරිමයෙන් හැදිලා නේද..?

:       100       39

Raveendra Thursday, 23 July 2020 02:27 PM

බ්‍රේස්ලට්, වයිෆයි හොම්බට ඇන ඇන දුන්නනේ... වොක්ස්වැගන් කුලියාපිටියෙන් හෝල්සේල් දුන්නේත් මෙයානේ.. මහබැංකුව බිමටම සමතලාකරේ මෙ අපේ කෙනානේ... ගැහැණුන්ටත් ශක්තිය කියන්න පැනගෙන එන්නේ රනිලානේ...

:       0       10

vinivida Thursday, 23 July 2020 11:54 PM

මෙවර මහා මැතිවරණයට ඡන්දය ලබා දෙනවනම් එක්සත් ජාතික පක්ෂයේ ඡන්ද දායකයන් දෙවරක් සිතිය යුතුවේ.

:       0       0

Bamunuarachchi Thursday, 23 July 2020 11:59 PM

රවින්ද්‍ර, ගේ ප්‍රකාශ එතරම් ගණන් ගැනීමට අවශ්‍ය නැත.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 196 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2073 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1590 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site