(*** අංජුල මහික වීරරත්න)
‘‘ආගම් භේදයෙන්, ජාති භේදයෙන් රට අවුස්සා ගිනි තියන්නට හදන්නේ සැබෑ බෞද්ධයන් නොවේ’’ යැයි සමගි ජල බලවේගය නායක සහ හිටපු විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා ත්‍රිකුණාමලය මුතූර්හිදී පැවසීය.
‘‘සමගි ජන බලවේගයේ රජයක් යටතේ ආගම්වාදය, ජාතිවාදය, අන්තවාදය මෙන්ම ත්‍රස්තවාදය ද ශ්‍රී ලංකාවෙන් අතුගා දමන’’ බව සජිත් ප්‍රේමදාස මහතා එහිදී අවධාරණය කළේය.
මහ මැතිවරණය වෙනුවෙන් සංවිධානය කෙරුණු ජනරැලියේදී තවදුරටත් අදහස් දැක්වූ සජිත් ප්‍රේමදාස මහතා මෙසේද කීවේය.
මේ ප්‍රදේශයේ ජනතාව ජීවත්වන්නේ ධීවර කර්මාන්තය මුල් කරගෙනයි. ඒ ජනතාවට ප්‍රශ්න රාශියක් තිබෙනවා. ඒ ප්‍රශ්නවලට වහාම කඩිනම් පිළිතුරු දිය යුතුයි. මේ ධීවර තීරය දියුණු කිරීමේ කටයුත්තට ප්‍රමුඛතාව දෙන්න අප පැකිලෙන්නේ නැහැ. ධීවර ජනතාව මුහුණ දෙන සියලු ගැටලුවලට උත්තර හොයන්න රජයක් ලෙස අප කටයුතු කරනවා.
අපි අපේ උපරිම කැප කිරීම කරනවා. ඒ එක්කම මුළු රට පුරාම තිබෙන රැකියා ප්‍රශ්නයට උත්තර සෙවිය යුතු වෙනවා. උපාධිධාරීන්ට, උසස් පෙළ සමතුන්ට රැකියා දීමේ කඩිනම් වැඩපිළිවෙළක් අප ආරම්භ කරනවා.
ඒ විතරක්ද නෙවෙයි, දේශපාලන පලිගැනීම්වලට ලක්වෙච්ච සියලු දෙනාට සහනදීම සහ ඔවුන්ට සාධාරණය ඉටුකිරීමේ වගකීම මා බාරගන්නවා.
ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ නව වී ගබඩා සංකීර්ණයක් ඉදිකර ඒ හරහා ගොවි ජනතාවගේ වී අස්වැන්නට හොඳ මිලක් දීමට අප කටයුතු කරනවා. ඒ විතරක් ද නොවෙයි, වෙරළබඩ තීරයේ ත්‍රිකුණාමලයේ ලුණු ලේවායක් ආරම්භ කිරීමට කටයුතු කරනවා.
අපි මේ මැතිවරණය ජයග්‍රහණය කරන්නේ රටේ ජීවත්වෙන සෑම ජන කොටසකටම එක හා සමාන සතුටින් සමාදානයෙන් ආත්ම අභිමානයෙන් ජීවත්වෙන්න පුළුවන් රටක් නිර්මාණය කරන්නයි මා ඒ රට නිර්මාණය කරනවා.
රණසිංහ ප්‍රේමදාස මැතිතුමා උසස් ශ්‍රේෂ්ඨ බෞද්ධයෙක් වූවා. එතුමා දැන් කාලේ ඉන්න සමහර බෝඩ් ලෑලි බෞද්ධයන් වගේ නෙවෙයි. අද ඉන්න සමහර කාඩ්බෝඩ් වීරයෝ තමයි, ජාතිවාදය අවුස්සන්නේ. ආගම්වාදය අවුස්සන්නේ.
ආගම් භේද තුළින් බලය තහවුරු කරන්න උත්සාහ කරන්නේ. රණසිංහ ප්‍රේමදාස මැතිතුමා දළදා හාමුදුරුවන්ට රන් වියනක් පූජා කළා. ගම් උදාවක් පාසා චෛත්‍ය නිර්මාණය කළේ මගේ පියායි.
මාලිගාවිල ගරා වැටිලා තිබුණ බුද්ධ ප්‍රතිමාව විස්මයජනක විදියට ප්‍රතිනිර්මාණය කිරීමට කටයුතු කළේ එතුමායි.
බුද්ධශාසන අමාත්‍යාංශය ආරම්භ කළෙත් එතුමායි. අපිත් එහෙමයි. පසුගිය කාලේ සොළොස්මස්ථානය, අටමස්ථානය, දීඝවාපිය ඇතුළු විහාරස්ථාන ගොඩනැංවීම වෙනුවෙන් කටයුතු කළා. ඒවා ප්‍රතිසංස්කරණය දියුණු කිරීම වෙනුවෙන් කැපවුණා. තවත් විහාරසථාන ගොඩනැගුවා. දහම් පාසල් පද්ධතිය ශක්තිමත් කිරීම වෙනුවෙන් අපේ සහයෝගය දුන්නා. වර්තමාන පාලකයන් එක එක්කෙනා දම්මලා ඒවාට චෝදනා කරනවා. විවේචනය කරනවා. මඩ ගහනවා.
පිරිසුදු බෞද්ධයකු හැටියට මා චෛත්‍යක් හදනවා. පන්සල් ගොඩනංවනවා. වෙහෙර විහාරස්ථානවලට උදව් උපකාර කරනවා. මා දහම් පාසල් හදන බෞද්ධයෙක්. මා විහාරස්ථානවලට උදව් උපකාර කරන බෞද්ධයෙක්.
බොරුවට බෞද්ධකම බෝඩ් ලෑල්ලක් විදියට පාවිච්චි කර ජාතිභේදය, ආගම් භේදය, වර්ගවාදය, ත්‍රස්තවාදය ඇතිකරන්න මා කටයුතු කරන්නේ නැහැ. ඒවාට උඩ ගෙඩි දෙන්නෙත් නැහැ.
මා ආගම් භේදයෙන්, ජාති භේදයෙන් රට අවුස්සා රට ගිනි තියන බෞද්ධයකු නොවෙයි.
රට කොතනටද මේ ගෙනියන්නේ? එහෙම කරලා බලය අරගෙන පුළුවන්ද රට දියුණු කරන්න? පුළුවන්ද රට ඉදිරියට ගෙනියන්න? මොනවද මේ කරන්නේ?
පස්වැනිදාට දුරකතන දිනවන තීන්දුව ගන්න. ආගම්වාදය, අන්තවාදය, ජාතිවාදය, ත්‍රස්තවාදය රටෙන් අතුගා දමන වැඩපිළිවෙළක් මා ක්‍රියාත්මක කරනවා.
මේ ආණ්ඩුවේ අලුත්ම න්‍යාය පත්‍රය කුමක්දැයි දන්නවාද? රටට විශාල කීර්තියක් ගෙනාවේ ක්‍රිකට් ක්‍රීඩාවෙනුයි. ක්‍රිකට් ක්‍රීඩාව නිසා අපේ රට කීර්තියක් අත්කර ගත්තා. නමුත් මේ ආණ්ඩුව අද කරන්නේ ඒ ක්‍රිකට් ක්‍රීඩකයන්ටත් මඩ ගහන එකයි.
ඒ ක්‍රිකට් ක්‍රීඩකයන්ට චෝදනා කර ඔවුන් ගෙන්වලා පොලිසිය ලවා ප්‍රශ්න කර විශාල ව්‍යසනයක් ඇතිකරලා තියෙනවා.
ආණ්ඩුව චෝදනා කරන ඒ තරගාවලියේ ශ්‍රී ලංකාව අවසාන මහා තරගයට ආවා. අවසාන මහා තරගයේදී ඉතාම ලොකු තරගයක් දී පරාජයට පත් වුණා. ජය පරාජය ක්‍රීඩාවේ ස්වභාවයයි. ආගම්වාදයෙන්, අන්තවාදයෙන් යන ගමන සාර්ථක ගමනක් නොවෙයි.
ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන් බුදුදහමට ප්‍රමුඛතාවක් දී තියෙනවා. ඒ එක්කම ඒ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්ම සෙසු ආගම්වලට රැකවරණය දිය යුතුයි කියලත් සඳහන් කර තිබෙනවා. අප ඒ ප්‍රතිපත්තිය අකුරට ඉටු කරනවා.
පසුගිය වකවානුවේ කොරෝනා ව්‍යසනය ආපු වෙලාවේ ආණ්ඩුව ඉතාම පහත් විදිහට ජාතිවාදය, ගෝත්‍රවාදය, අන්තවාදය පාවිච්චි කළා. රටට කොරෝනා ව්‍යසනය රැගෙන ආවේ මුස්ලිම් ජාතිකයන් කියන තරමට ඔවුන්ගේ දේශපාලනය පටු පහත් ජාතිවාදී කොනකට තල්ලු වෙලා තිබුණා.
මේ වැඩ බැරි අසාර්ථක, ආණ්ඩුව පලවාහරින ගමනට එකතු වෙන්න කියලා තමුන්නාන්සේලාට ආරාධනා කරනවා.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉදලක් අරගෙනද - කොස්සක් අරගෙනද?
ඕවා කියලා වැඩක් නැහැ... ලංකාවේ ඉන්න බයියන්ට ඕවා තේරෙන්නේ නැහැ... අනිවාර්යයෙන් ඔබ මෙවර පරාජය වෙනවා. ලබන සැරේවත් ආගම්වාදය සහ ජාතිවාදය ගෙනෙන්න. ඔබ දිනනවා සිකුරටම... විශෞෂයෙන්ම දකුණේ...!!!
හලෝ ඔබලා ආගම්වාදීන්ට අවනත නොවුණොත් ඔවුන් ඔබලාව අතුගා දමන බව දන්න නිසා නේද ඔය කෑගැහිල්ල.. ඔබලා කවලම් වුණාට... අපි සිංහල ජාතිවාදියෝ... ඒක නවත්වන්න කාටවත් බැහැ.
ඔව් ඔව්... අපිට මතකයි ප්‍රේම් අයියා මැද කොළඹ ඡන්ද ගොඩ බලාගෙන නියෝජිත ප්‍රතිශතය ඉතාමත්ම කෙටි කාලෙකින් සම්මත කරගත්ත විදිය.. ඒ කරේ මොකටද කියලා සජි පුතාට මතක නැතිව ඇති නේද? ජාතිවාදය ගැන හිතලා වෙන්න ඇති නේද අහිංසක නිරායුධ පොලිස් නිලධාරින් සිය ගණනකට ම්ලේච්ඡ කොටින්ට අවිඅායුධ දුන්නේ.. ඔට්ටුතාන් සෙල්ලම් කරන්න වෙන්න ඇති නේද? අනේ හැබෑටම සජි මල්ලියේ ඔහේ කොහෙන්ද කතා කරන්නේ?
අපේ ආගමික න්‍යායට අනුගත වෙනවා නම්, පුරාවිද්‍යා සංකල්පය අතුගා දමනවා නම් අපේ ඡන්දය ඔබතුමාට රටේ නායකයන් පත්කරන්න අපට ජනබලය තියෙනවා.
ඔන්න අහගන්න... උපාධිදාරී, අතිගරු සජිත් ප්‍රේමදාස මැතිතුමන් කියපුවා...
මහත්තයෝ, ඔය අතුගාන්න ගන්න කොස්ස මහජන මුදලින්ද ගන්නේ.?
ඔබ තුමා මොනතරම් සේවයක් මේ දක්වා රටට කරලා තියෙනවද.?
ගෙයක්, දොරක් අතුගා ගත්තානම් හොඳයිනේ... ඔබතුමාගේ 30 වසරක දේශපාලන දිවිය තුළ මේ රටට කළ සේවය කුමක්ද කියලා කියන්න පුළුවන්ද?