IMG-LOGO

2025 ඔක්තෝබර් මස 21 වන අඟහරුවාදා


සජිත්ගෙන් ඉල්ලීමක්

(නිමල කොඩිතුවක්කු)

මානුෂීය මෙහෙයුම හරහා තිස් වසරක යුද සාපය අවසන් වී රට සුරක්ෂා වූවා සේ දූෂිතයන්ගෙන් වංචනිකයන්ගෙන් මූල්‍ය ඝාතකයන්ගෙන් රට බේරා ගන්නා ඊළඟ මෙහෙයුමට නායකත්වය ලබා දෙන්න පෙරට එන්නැයි රණවිරුවන්ගෙන් ඉල්ලීමක් කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

රණවිරුන් ඔවුන්ට ලැබෙන විශ්‍රාම වැටුපට පමණක් සීමා නොවී රණවිරුවන් ද ව්‍යවසායකයකු ලෙස ජන සමාජයේ ඉහළ ආදායම් ලබන පුරවැසියකු ලෙස ප්‍රතිනිර්මාණය කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

දිස්ත්‍රික් මට්ටමින් රණවිරු සහන අරමුදලක් ගොඩනගා එහි පොලි ආදායමෙන් රණවිරු ප්‍රජාවට සහන ලබා දෙන නව වැඩසටහනකට මුල පුරන බවත් රත්නපුරයේ පැවැති සමගි රණවිරු බලවේගයේ 7 වැනි දිස්ත්‍රික් සභා රැස්වීම අමතමින් ඔහු පැවසීය.

ජනාධිපතිවරණය ජය ගෙන පැය 48ක් තුළ රණවිරුවන් වෙනුවෙන් විශේෂ ජනාධිපති කාර්ය සාධන බලකායක් ස්ථාපිත කර රණවිරුවන් මුහුණ දෙන ගැටලුවලට මාස 3ත් 6ත් අතර කාල සීමාව තුළ තිරසර විසඳුම් ලබා දීමේ කඩිනම් වැඩසටහනකට යොමු වන බවත් විපක්ෂ නායකවරයා කීවේය.

රටේ භෞමික අඛණ්ඩතාව, ජාතික ආරක්ෂාව, ස්වාධීනත්වය, ස්වාධිපත්‍ය සුරකින්නට කටයුතු කළ රණවිරුවන්ට උද්ඝෝෂණය කිරිම අවශ්‍ය නොවන බවත් ඔවුන්ට ගැටලුවක් ඇත්නම් සෘජුවම ජනාධිපති කාර්යාලයට පැමිණ රටේ සේනාධිනායකයාට ඉදිරිපත් කිරීමේ අවස්ථාව ලබා දෙන බවත් ඔහු සඳහන් කළේය.

වන් රෑන්ක් වන් පෙන්ෂන් වැඩසටහන ක්‍රියාත්මක කර වසර 5ක සේවා දායකයින් සහ වසර 12ක සේවා දායකයින්ට පාරිතෝෂිත දීමනා ක්‍රමයක් ආරම්භ කර සෑම දිස්ත්‍රික්කයකම ප්‍රධාන රෝහල් පද්ධතියේ රණවිරුවන් වෙනුවෙන් විශේෂ සෞඛ්‍ය සේවා ඇති කරන බවත් ප්‍රේමදාස මහතා පැවසීය.

රණවිරු සේවා අධිකාරිය දෙපාර්තමේන්තුවක් ලෙස ක්‍රියාත්මක කර සෑම ප්‍රාදේශීය ලේකම් බලප්‍රදේශයකම රණවිරු සහන සේවා විමධ්‍යගත කර ඔවුන් කාර්යාල වෙත එනවා වෙනුවට ප්‍රදේශීය ලේකම් කාර්යාල හරහා ස්ථාවර විසඳුම් ලබා දෙන ප්‍රායෝගික කාර්යක්ෂම වැඩසටහනක් සඳහා යොමුවන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ටෙන්ඩර් ක්‍රමවේදයෙන් බැහැරව ගිය මන්නාරයේ සුළං විදුලි බලාගාර ව්‍යාපෘතිය නිසා කෝටි ගණක මුදල් මංකොල්ලයක් සිදුව ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේය.

මෙගාවොට් 500ක සුළං විදුලි බලාගාරයක් සෑදීම සඳහා රාජ්‍ය ගිවිසුමක් කියා තරගකාරී ක්‍රමවේදයෙන් බැහැරව ඇ. ඩොලර් ශත 8.26ක මුදලකට එම ගිවිසුම ලබා දීමට රජය එකඟ වී ඇති බවත් ඔහු සඳහන් කළේය.

මෑත කාලයේ විවිධ වරදාන වරප්‍රසාද ගජ මිතුරන්ට ලබා දෙමින් රටේ දේපල රටේ සම්පත කුණු කොල්ලයට තරගකාරී ක්‍රමයක් නොමැතිව අලෙවි කරන බවත් බියර් පර්මිට් බාර් පර්මිට් ලබා දෙන බවත් ප්‍රේමදාස මහතා කීවේය.

රටේ සම්පත් හා දේපල මහදවල් අමු අමුවේ කොල්ලකෑ කණ්ඩායම් රාජ්‍ය රැකවරණය තුළින් අධි සුඛෝපභෝගී ජීවිත ගත කරන මොහොතක ලක්ෂ 220ක් ජනතාව කරපිට අසීමිත බදුබර පැටවීම රටේ බංකොලොත්භාවයට ප්‍රධාන හේතුව බවත් ඔහු සඳහන් කළේය.

රට තුළ සිදුව ඇති දූෂණ වංචාවලට අධිකරණය හමුවේ පිළිතුරු ලබා දිය යුතු බවත් රටට අහිමි වූ සම්පත් දේපල නැවත වරක් සමගි ජන බලවේග රජයක් තුළ රටට ලබා ගැනීමට කටයුතු කරනා බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය.

 



අදහස් (2)

සජිත්ගෙන් ඉල්ලීමක්

fairoos Tuesday, 02 July 2024 12:12 PM

දිනන්න ඉස්සෙල්ලා මේවා කිව්වට දින්නට පස්සේ ගෝටාභය වගේ වෙයිද දන් නෑ

:       0       4

රෝයි ෆෙඩ්රික්ස් Sunday, 21 July 2024 01:35 PM

අපොයි ඔයා වගේ ගොන් තඩියෙක්... එතකොට කොහොමද නංගි හොර සල්ලි අච්චු ගහන්නේ?

:       1       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1101 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1125 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 424 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site