
(රංජිත් රාජපක්ෂ)
රටේ ආරක්ෂාව පිලිබදව යළිත් අවදානමක් මතු වි ඇති බව ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා පැවසිය.
මෙරට තනාධිපති කාර්යාල, ජාත්‍යන්තර බුද්ධි අංශ, සංවිධාන සමග සම්බන්ධ වෙමින් කටයුතු කර රටේ ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය එකතු කරගනිමින් ආරක්ෂාව තර කර මහජනතාව මෙන්ම මෙරටට පැමිණෙන සංචාරකයන්ද ආරක්ෂා කළ යුතුයි.
සියළුම ජාතින්ගේ සංස්කෘතිය සමග කටයුතු කළ හැකි එකම දේශපාලන පක්ෂය ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණ බවත්, නුවරඑලිය දිස්ත්‍රික්කයේ එලවළු ගොවින්ගේ සහ පාරිභෝගිකයන්ගේ ගැටළු විසදිමට රජය මැදිහත් විය යුතු බවද නාමල් රාජපක්ෂ මහතා වැඩිදුරටත් පැවසිය.
නාමල් රාජපක්ෂ මහතා ඒ බව කියා සිටියේ අද දින ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණෙන් මහ මැතිවරණයට නුවරඑලිය දිස්ත්‍රික්කයෙන් තරග කරන අපෙක්ෂකයන් හදුන්වාදිම සදහා හැටන් නගරයේ පෞද්ගලික උත්සව ශාලාවක පැවති රැස්විමකදිය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආරක්ෂාව අවදානම් තමයි අර ඩුබායි වල හංගල තියෙන කෝටි ගණං රටේ සල්ලි ආපහු ගෙන්න ගන්න එක නේ.
ඇත්තද ? බේබි , ඉස්සෙලම මුස්ලිම් බිල්ල නම් අවා , අලුත් චිත්‍රපටියේ වද කොත්තු ජවනිකාව එන්නේ පස්සෙද ? මේ පාර කැළණි ගඟේ නයා එහෙම නැද්ද ?
වඳ කොත්තුවක්වත් කැවිලද….?
විරුවෙක් ඕනෑ කර තිබේ.
රටේ ආරක්ශාව අනේ උඹලා කාලා හොඳට ම කලා උඹලා අපේ රටට පොඩි මිනිහට කන්න නැතුව බෙල්ලෙ වැල දාන් මැරෙන රටක් උඹලා අන්තිමට ඉතුරු කලේ උඹලා සුර සැප විදිමින් තව එනව කියවන්න. ඕවා උඹලගේ ගෙදර උන් එක්ක කියෝපන්.
මේ වගෙ දෙයක් ඉස්සෙල්ලම වුණාම කරන්නේ සියලු පක්ෂ එකතුවෙලා රට බේරගන්න හඳනවා. අපේ උන් කරන්නේ මිටින් තිය තිය මිනිස්සු උසිගන්නවනවා. අම්මපා මේ වගේ දේශප්‍රේමී නායකයෝ?
මෙයා කටින්ද දන්නෑ මේවා කියන්නේ?
ඔයාගේ බාප්පාට නැවතත් රට භාර ගන්න කියමුද? නිකං යන්ඩ මහත්තයා යන්ඩ. බොරු කයිවාරු .
මේ මෝඩ හරක් හරියට කළා වගේ. මුන් ඔක්කොම කරලා දැන් බොරුවට කෑ ගහනවා. ඔයාලගේ දේශපාලනේ දැන් ඉවරයි. උඹලගේ සාදය හමාරයි .
රාජපක්ෂලා නැතුව ලංකාව ආරක්ෂා කරන්න බැහැ. ඔය අදෝනාව ඉතින් අඩුම තව අවුරුදු 5ක් වත් අහන්න වෙනවා.
ගිය පාර පල්ලිවලට ගහලා මිනිස්සු සිය ගානක් මරලා රට රකින අපේ විරුවෙක් ගෙනාවා. මේ පාර සංචාරකයෝ මරලා ලෝකෙම අවදානෙ අරගෙන ආයෙත් රාජපක්ෂලා නැත්තං රට ඉවරයි කියන්න වගේ හදන්නේ.
කරුණාකරලා මේ ආණ්ඩුව ඉක්මනට රාජපක්ෂලා ෂිෂෙල්ස්වල හා උගන්ඩාවේ හංගපු සල්ලි ගෙනල්ල ණය ගෙවලා ජනතාවට සහන දෙන්න ඕන. එතකොට මේ දැගලිල්ල අඩු වෙයි.
රටේ ආරක්ෂාව ගැන කතා කරන්න හරිම කෙනා තමයි. රටයි, රටේ ආරක්ෂාවයි නැතිකළේ තමුන්ලගේම පවුලේ අයනේ... දැන් බබාලා වගේ ඉන්නේ. කෝ සුනාමි ආධාර...? ලැජ්ජයි...!
ඔව් ඔව් රටේ ආරක්ෂාව ගැන අවදානමක් තියෙනවා නුඹලා වගේ දාර හොරු එළියේ ඉන්න නිසා... ඉක්මනටම නුඹලාව කූඩු කරාම රටට කිසි අවදානමක් නැතිවෙයි...!
ඔබතුමා ඒ ගැන වද වෙන්න එපා. ඕක කිව්වා කියලා 1 ඡන්දයක් වැඩි වෙන්නේ නෑ...
උබලා නිදහසේ ඉන්නා තුරු රටේ ආරක්ෂාව අනතුරේ තමයි තියෙන්නේ..., ඒ නිසා තාත්තාලා, පුතාලා, බාප්පලා, මහප්පලා, අයියලා, මල්ලිලා සියල්ල හිරේට දැක්වූවාට පසුව රටේ අනතුරුදායක තත්වය මග හැරෙනු ඇත...!
ණය එහෙම ගන්න හැටි කියලා දෙන්නේ නැතෙයි... පාස්කු ප්‍රහාරය වගේ එකක් ගැනද කියන්නේ?
බලලා මල්ලෙන් එළියට පැන්නා. රටේ ජාතික ආරක්ෂාව තියෙන්නට නම් රාජපක්ෂවරු බලයට ගෙන ආ යුතුයැයි හැඟීමක් මහජනයා තුළ ඇතිකිරීම සඳහා මෙය සිදු කරන්නට ඇත...!
ඔයා බලයේ ඉන්නකොට අපිට අවදානමක් තියෙනවා.
පාස්කු ඉරිදා පල්ලි ගිය අහිංසක මිනිස්සුන්ව මරවලා බාප්පට බලය අරන් දෙද්දී අවදානමක් තිබුණේ නැද්ද?
රටේ දැන් ආරක්ෂාව තියෙනවා.. ඔබලා වගේ හොරු නැති නිසා..!
නින්දේද හිටියේ? ඔය කියපුවා රජය කරලා ඉවරයි. පාස්කු ප්‍රහාරය වගේ බලයට එන්න කුමන්ත්‍රණයක් කළොත් හැර ඕවා අපේ අයට වළක්වන්න පුළුවන්.., තමුන්ලා එකතුවෙලා යවපු රනිල් ඊශ්‍රායල් කාරයින්ට ආරුගම්බේ වල පල්ලි දාන්න නුදුන්නා නම් ඕවා වෙන්නේ නැහැ... අහක යන නයි රෙද්ද අස්සේ දාගෙක මේ රජයට දොස් කියන්න එපා...!
මේ කතාව නම් සහතිකම ඇත්ත. මොකද පසුගිය ජනාධිපතිවරණය දක්වා හිටපු සියලු ජනාධිපතිවරු ශ්‍ර්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිලා වුණත් වත්මන් ජනාධිපති ජාතික ජනබලවේගයේ නායක ජනාධිපති හැටියට තමයි ඉන්නේ ඒක මේ දවස්වල මැතිවරණ රැස්වීම් වෙනුවෙන් සවිකර තිබෙන බැනර් වලින් හොඳින්ම පේනවා. මේ ගැන දෑහිතකාමී ජනතාවගේ අවධානයට යොමුවේවා...!
නාමල්ගේ තුට්ටු දෙකේ කුහක කතා...
2019 පාස්කු ප්‍රහාරය කාලේ කවුද රටේ බලය ගන්නේ? ඔයාට මිනිස්සු ඡන්දෙ දෙන්නේ නෑ ආපහු...
2.5%
2019 සිදුවීම නැවත කරලියට ගෙන එන්න වගේ. ලේ නොදැක ඡන්ද කරන්න නොදන්න රාජපක්ෂ පවුල...
අනේ පව්... රාජපක්ෂවරුන්ට වුණු අපරාධය..!
රටේ ආරක්ෂාව නෙවෙයි ඔබේ ආරක්ෂාව... අවදානමේ... ඇති.. එක එක ඇතුළට... යනවනේ...!
තමුන්ගේ මහ අය කරපු හරිය ගැන දවසක් වුණත් කියන්න පුළුවන්. සුදුවෑන් ඝාතන අතුරුදහන් මිනීමෝරු කැළෑ නීතිය රජ කරවපු අය, පාස්කු ප්‍රහාරය එල්ලවන තැනට වැඩ සිද්ද කරලා ආරක්ෂාවට වගකියන නායකයෙක් කියලා බලයට ආපු බලලෝබී බඩගෝස්තරවාදී කාලකන්නි දූෂිත දේශපාලුවෝ ගැන ලෝකෙම දන්නවා.
පාස්කු ප්‍රහාරයත් සමග ජාතික ආරක්ෂාව ගැන දොඩවලා බාප්පා බලය ඩැහැ ගත්තා වගේ නාටකයක් නටන්නද මේ දඟලන්නේ..? ඊශ්‍රායල් ජාතිකයින්ගේ "චබඩ් හවුස්" ලෝකයේ රටවල් සියයක පමණ තියනවා.. අසල්වැසි ඉන්දියාවේ පවා තියනවා.. එතකොට කොහොමද ලංකාවට පමණක් මෙවැනි ප්‍රහාරයක් එල්ල කිරීමට සැලසුම් කරන්නේ..? අනික ආරුගම්බේ "චබඩ් හවුස්" එක ආරම්භ කලේ 2018 වසරේදී.. කොළඹ හික්කඩුවේත් තියනවා... එදා සිටම ජාතිවාදය, ආගම්වාදය අවුලවමින් මේ රටේ බලය ලබාගෙන මේ රට විනාශ කල හොර කල්ලිය තමයි මේ සැලසුම පිටුපස සිටින්නේත්.. ප්‍රහාරයක් සිදු නොවුනත් සංචාරක කර්මාන්තයට මෙයින් වෙන හානිය අති විශාලයි.. එදා සහරාන් යොදාගෙන බෝම්බ ප්‍රහාර එල්ල කළා මෙන් අදත් උත්සාහ දරන්නේ, මේරට පුද්ගලයින් යොදාගෙන යම්කිසි ප්‍රහාරයක් එල්ල කර බලය ලබා ගන්නයි.. මේ ත්‍රස්තයින්ට බෝම්බ තාක්ෂණය හා මුදල් ලබාදෙන්නේ කවුද? නුඹලා මේ රටට කරන අපරාධයට පරම්පරා පිටින් හැඳි ගෑවිලාම යන්න ඕනෑ!! කරුණාකර මේ ගැන පුළුල් විමර්ශනයක් සිදුකොට මේ මහමොලකරුවන්ට මරණ දඬුවම දිය යුතුයි..
මොකද ඔයාගේ 2.5% අනතුරේ නොවේද? මීළඟ මහ මැතිවරණයේදී? ඔයා ගැන කණගාටුයි සහෝ...!
රටේ ආරක්ෂාව ගැන අවදානමක් තියෙන්නේ බලලෝබී බඩගෝස්තරවාදී දූෂිත පවුල් පාලනේ උන්ගෙන් කියලා අපිට අමුතුවෙන් දෙයක් නැහැ.අතීතයේ කියපු කරපුවා කවුද නොදන්නේ? උන් හිතාගෙන හිටියේ අපේ රට උන්ගේ බූදලේ කියලා?
බයත් හිතෙනවා, සූ ගාලා මීටිමට පස්දෙනෙක් විතර ඉන්නවා..
“ජාතික ආරක්ෂාව“ මාතෘකාවක් වශයෙන් ආණ්ඩුවක් පෙරලා දැමීමට හොඳ දේශපාලන අවියකි. එහෙත් ලංකාවේ ඒ හා සම්බන්ධ සිදුවීම්වල, අදාල තොරතුරක හෝ ප්‍රවෘත්ති මූලාශ්‍රයක අන්තර්ගතය කුමක් වුවද එය දේශපාලන සටන් පාඨයක් වශයෙන් ඉතිහසයේ බාල්දු වූ තුරුම්පුවකි. නැතහොත් සටන් පාඨයක් වශයෙන් ජාතික ආරක්ෂාව යනු ආණ්ඩු පෙරලීම, ජනතාව බියගන්වා පාලනය කිරීම, ඔවුන් රවටා නැවත ආණ්ඩු පිහිටුවීම හෝ එම රැවටූ ජනතාව මර්දනය කර ආණ්ඩුව පවත්වාගන යාම අරමුණු කරගෙන භාවිතයට ගනු ලැබූ ජනතාවගේ ලේ තැවරුණු උපක්‍රමයක් බව පුනපුනා කිවයුතු නැත. ඒ ගැන රටේ ජනතාවටත් මෙම ආණ්ඩුවටත් හොඳ අවබෝධයක් පවතියි.
ලැජ්ජයි...!
රැස්වීමට පැමිණි සෙනග දිහා බැලුවිට ඔබ සමඟ විශාල ජනතාවක් ඉන්න බව පෙනෙනවා. කියන්න අපි මීලඟට මොකද කරන්න ඕනේ ? මීලගට එන උවදුර කුමක්ද ? නතර කරගන්න අපට අවශ්‍ය වෙන්නේ කවුද ? මීලඟ රට රකින විරුවා ඔබද ?
බාල්දු වූ දේශපාලන තුරුම්පු නැවත යොදා ගැනීමට උත්සාහ කිරීම බංකලොත් දේශපාලනයේ ලක්ෂණයක්, එමෙන්ම පිළුනු බුද්ධි තොරතුරක් ප්‍රවෘත්ති ලෙස නැවත තෙම්පරාදු කිරීමෙන් ලැබෙන ප්‍රචාරක වාසිය දේශපාලන වශයෙන් පැය 48ක් වත් අල්ලාගෙන සිටිය නොහැකි.
ආව් ආව්
බල්ලෝ උඩු බිරුවට කඳු පාත් වෙන්නේ නැහැ බන්
තමුන් එළියේ ඉන්න එකනං ආරක්ෂාවට තර්ජනයක් තමයි.