IMG-LOGO

රටේ ප්‍රජාතන්ත්‍රවාදය රැකගන්න එජාපය ශක්තිමත් කරනවා

(*** අංජුල මහික වීරරත්න සහ *** ක්‍රිෂාන් ජීවක ජයරුක්)

උගත් පාඩම් උපකාරී කර ගනිමින් රටේ ප්‍රජාතන්ත්‍රවාදය රැකීම උදෙසා එක්සත් ජාතික පක්ෂය නැවත ශක්තිමත් කරන බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා දික්වැල්ලේදී පැවසීය.

එක්සත් ජාතික පක්ෂය නැවත ගොඩනැගීමේ කාර්යය සඳහා තමා නායකත්වය දෙන බවද රුවන් විජයවර්ධන මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

මාතර – දික්වැල්ල, වැවුරුකන්නල රජමහා විහාරස්ථානය වැඳ පුදා ගැනීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ ප්‍රකාශයක් කරමින් වැඩිදුරටත් අදහස් දැක්වූ රුවන් විජයවර්ධන මහතා මෙසේද කීවේය.

එක්සත් ජාතික පක්ෂය, පාක්ෂිකයන් මෙන්ම සියලු ජනතාව දිනා ගත හැකි අයුරින් නව්‍යකරණයට ලක් කළ යුතුයි. පසුගිය කාලවකවානුවේ පාක්ෂිකයන්ට වූ අසාධාරණය වෙනුවෙන් සමාව අයදින අතර ඒ අතපසුවීම් ආපසු ඇති නොවන අයුරින් කටයුතු කරමින් පාක්ෂිකයන් ආරක්ෂා කර ගැනීම සඳහා කටයුතු කරනවා.

කුමන අභියෝග මධ්‍යයේ වුවද එක්සත් ජාතික පක්ෂය ජනතාවත් රටත් වෙනුවෙන් විශාල කාර්ය භාරයක් ඉටු කළා. එවැනි වටිනා දේශපාලන පක්ෂයක් නිකරුණේ විනාශ වී යාමට මා කිසිසේත් ඉඩ දෙන්නේ නැහැ. මෙවැනි වටිනා පක්ෂයක් විනාශ වී යාමට ඉඩ දීම ජාතික අපරාධයක් බව කිව යුතුයි.

අවශ්‍ය ප්‍රතිසංවිධාන කටයුතු කරමින් පක්ෂය හැර ගිය සියලු කණ්ඩායම් පක්ෂය සමග එක් කර ගැනීමට කටයුතු කරනවා.
වත්මන් රජයේ ක්‍රියා කලාපය සමග රටේ අනාගතය අවිනිශ්චිත තත්ත්වයකට පත්ව තිබෙනවා. විසි වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හරහා එක් පුද්ගලයකුට බලය දෙමින් රටේ ඒකාධිපති පාලන ක්‍රමවේදයක් නිර්මාණය කිරීමට වත්මන් රජය කටයුතු කරමින් සිටිනවා. මේ තත්ත්වය හේතුවෙන් ආණ්ඩුවේ අභ්‍යන්තරයේද ගැටුම් නිර්මාණය වී තිබෙනවා.

රටේ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීමේ අරමුණින් එක්සත් ජාතික පක්ෂය හඳුන්වා දුන් දහ නව වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අහෝසි කර වත්මන් රජය ඉදිරිපත් කිරීමට සූදානම් වන විසි වැනි ආණ්ඩුක්‍රම  සංශෝධනය රටේ ගැටලු රැසක් නිර්මාණය කරමින් තිබෙනවා.
එමෙන්ම ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීම වෙනුවෙන් පසුගිය රජය ගෙන ගිය මාර්ගය සම්පුර්ණයෙන් ආපසු හැරවීමට වත්මන් රජය සුදානම් වන බව කිව යුතුයි.

ස්වාධීන කොමිෂන් සභා අහෝසි කරමින් විගණකාධිපතිවරයාගේ බලය අහෝසි කරමින් රට නීතියක් නැති තත්ත්වයට රට පත් කරමින් සිටිනවා. මේ වනවිට ඇතැම් ඇමැතිවරුන් පොල් ගස් උඩ සිටිමින් මාධ්‍ය සාකච්ඡා පැවැත්වීමට කටයුතු කරන අතරවාරයේ ජනතාවට වට ප්‍රමාණය මනිමින් වෙළෙඳ පොළෙන් පොල් මිලදී ගැනීමට සිදුව තිබෙනවා.

ආයතන සංග්‍රහය, චක්‍රලේඛ සහ රාජ්‍ය සේවයේ ක්‍රමවේද පිළිබඳ කිසිදු දැනුමක් නැති අයුරින් ජනාධිපතිවරයා පවා හැසිරීමට පටන්ගෙන තිබීම බරපතළ කරුණක්.

මෙම අභාග්‍යසම්පන්න තත්ත්වයෙන් රට බේරා ගැනීම සඳහා එක්සත් ජාතික පක්ෂය ශක්තිමත්ව ගොඩනැංවීම අත්‍යවශ්‍යයි.



අදහස් (2)

රටේ ප්‍රජාතන්ත්‍රවාදය රැකගන්න එජාපය ශක්තිමත් කරනවා

abc Friday, 02 October 2020 12:06 AM

එකසත් ජාතික පක්ෂය කෙසේවත් විනාශ කරන්නට බැරිය . සත්‍ය වශයෙන්ම සිදුවුයේ පක්ෂයේ සිටි කිහිපදෙනෙකු තරුණයන් කියාගන්න සෙට් එකක් පක්ෂය විනාශ කිරීමේ අසාර්ථක කුමන්ත්‍රනයක වසරගනනාවක සිට ක්‍රියාත්මක කළේය. බලයට සහ තනතුරු බලාපොරොත්තුව එසේ කලත් වර්තමාන නායක තුමා නිසා පක්ෂය ආරක්ෂවිය. වෙනත් කෙනෙකු නායකයාව සිටියේනම් අද එක්සත් ජාතික පක්ෂය පොහොටුවේ කොටස් කරුවෙකි.

:       0       1

vinivida Friday, 02 October 2020 12:11 AM

එක්සත් ජාතික පක්ෂයේ අරඹය සිදුවූ ආකාරය සහබාගි වුවන් කවුරුන්ද සහ නිදහස් සටන පිලිබදව රටවැසියා නොදන්නා කරුණුද ඇතුලත් වාර්තා චිත්‍රපට වැඩසටහනක් කිරීමට අත්‍යවශ්‍යවේ. ඩි එස් සේනානායක මැතිතුමා මුලිකත්වය ගෙන ලංකාවේ සිදුවූ සියල්ලක් එක්කොට එතුමාගේ කුඩා අවදියෙසිට මරණය දක්වා සිදුවූ සියල්ලක් වාර්තා වැඩසටහනක් සේ සකස් කොට එදා එතුමාගේ කාලයේ සිටි වර්තමානයේ ජීවත්ව සිටින ග්‍රාමීය මෙන්ම නාගරික අයවලුන්ගේ අදහස් ඔවුන්ගේ වචනයෙන්ම ඇතුලත් කොට වර්තමාන පරපුරට දැනගැනීම පිණිස සහ අතීතය සිහි කිරීමක් වසයෙන් කිරීමට හැකිනම් වර්තමානයේ සිටින පක්ෂ දේශපාලන ඉතිහාසය නොදන්නා බොහෝ දෙනෙකුට වැදගත් වනු ඇත.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 243 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 766 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1188 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site