IMG-LOGO

2025 නොවැම්බර් මස 21 වන සිකුරාදා


රටටම වතුර දෙන වැඩසටහන කඩිනම් කරයි

(අංජුල මහික වීරරත්න)

රටේ සියලු ජනතාවගේ පානීය ජල අවශ්‍යතාව සපුරාලීමේ ඉලක්කය ජය ගැනීම සඳහා ප්‍රජා ජල ව්‍යාපෘති ඉදිකිරීම කඩිනම් කර තිබෙන බව ජල සම්පාදන රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා පැවසීය.

ශ්‍රී ලංකාවේ පවුල් අතුරින් ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය මගින් ජල සැපයුම් ලබා ගැනීමේ අවශ්‍යතාව පිළිබඳ ඇස්තමේන්තුව 85%ක් බව ගණන් බලා තිබෙන බවත් එම අවශ්‍යතාවයෙන් 62%කගේ පානීය ජල අවශ්‍යතාව සපුරාලීමට මේ වන විට කටයුතු කර ඇති අතර ඉතිරි ඉලක්කය ද නුදුරු අනාගතයේදීම සම්පූර්ණ කර ගැනීමට පියවර ගනිමින් සිටින බව රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

එමෙන්ම පවතින ආර්ථික අසීරුතා හමුවේ යථාර්තයට මුහුණ දෙමින් රජය විසින් ගත් ප්‍රතිපත්තිමය තීරණ හමුවේ ජල ගාස්තු ඉහළ දැමීමට සිදු වූ බවත්, ජලය ඉතාමත් අරපිරිමැස්මෙන් භාවිතා කිරීම තුළ රටටත් ජනතාවටත් සහනයක් උදාකර ගත හැකි බවත් රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

ජල සම්පාදන රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා මෙම අදහස් පළ කර සිටියේ 'ස්ථාවර රටකට සැවොම ඒක මඟකට' මැයෙන් ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ අද (01) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක් වෙමිනි.

 



අදහස් (11)

රටටම වතුර දෙන වැඩසටහන කඩිනම් කරයි

Anonymous Friday, 01 September 2023 07:45 PM

සනත් නිශාන්ත අපේ ඇමැතිතුමාට ජයවේවා...!

:       31       8

AnuraSaturday, 02 September 2023 07:32 AM

මල් නෙලමු...

:       0       10

බද්රානි Friday, 01 September 2023 09:01 PM

"ඔක්සිජන් කන්නද?" කියලා අහපු මදාවි ගෝලයාගේ මහ එකා නේද මේ...? කැලේ විනාශ කෙරුවාම කොහෙද මේ මහපොළවේ ජලය ඉතුරු වෙන්නේ...? මේ රටේ ජල සම්පත විනාශ කරපු එවුන්ම දැන් ජල ව්‍යාපෘති කරනවා කියලා ඇහුණාම, අපිට නම් අර කොහෙන්ද මන්දා හිනා යනවා බන්.... මේ වගේ එවුන්ට ඡන්දෙ දීපු පුත්තලම් බූරුවන්ට වතුරත් නැතිවෙන්න ඕනෑ කියලයි මම නම් ප්‍රාර්ථනා කරන්නේ...!!!

:       4       39

සල්ලි Saturday, 02 September 2023 06:31 AM

මේ අය මේ අරකයි, මේකයි කියාගෙන ආයිමත් මිනිස්සු රවට්ටනවා. ස්ථාවර රටක් හදන්න ඕනෑ නම් මොලේ තියන මිනිස්සුන්ට නායකත්වය දීපල්ලා. ඔය දැන් ඉන්න ගොන් නාම්බන්ට පිටරටවල උපාය මාර්ග එක්ක හැප්පෙන්න බෑ...

:       2       17

Hafeel Saturday, 02 September 2023 06:43 AM

මෙයා පත්කළ රනිලුත් දිනපතා කියනවා, කරනවා, පටන් ගන්නවා කියලා මිස කරපු දෙයක් නැහැ. දැන් මෙයාත් එයා වගේමයි. මාධ්‍ය සංදර්ශනය නැතුව, නිකම් මයික් තලන්න නැතුව වැඩ කරන්න...

:       2       16

Bamunuarachchi Saturday, 02 September 2023 09:23 AM

ඉස්පිරිතාලෙක පණ ඇද්දත් මේ හාදයාට ඔක්සිජන් නම් දෙන්න එපා. මෙයාට ඔක්සිජන් ඇලර්ජික්.

:       2       22

විජේ Sunday, 03 September 2023 06:33 AM

"වතුර කන්ඩද ඕයි" කියලා අහන්න එකෙක් නෑනේ...

:       1       9

Lalla Sunday, 03 September 2023 01:32 PM

මේ බොරුව කාටද කියන්නේ...? ප්‍රජා ජල සම්පාදන ව්‍යාපෘති අසාර්ථකයි. නඩත්තුව නෑ. අපිරිසිදු ජලය බෙදනවා.. ජල මූලාශ්‍ර අපවිත්‍ර වීම නවත්තන්න ක්‍රම නෑ. මහාපරිමාණ ජල ව්‍යාපෘති මෙන් නොව කුඩා යෝජනා වලට යොදන මුදල් නිශ්ඵලයි. ගසාකෑම වැඩියි.

:       1       8

fairoos Monday, 04 September 2023 12:51 PM

පුත්තලමේ බූරුවාටත් රාජ්‍ය ඇමතිකමක් දීලා නේ ?

:       1       7

LGP. JATHUNARACHCHI. Wednesday, 04 October 2023 06:32 AM

මේ දිනවල ශ්‍රී ලංකාවට අධික වර්ෂාවක් ආරම්භ wee atha

:       0       0

වීර Sunday, 08 October 2023 08:18 PM

කාලකන්නින්ගෙ හොර ලයිට් බිල් ගෙවන්නත් සල්ලි තියනවා. ඒතරම් සල්ලි තියනවානම් විගණනය කරන්න ඔන..

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 114 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 959 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2564 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site