IMG-LOGO

2024 ජුලි මස 27 වන සෙනසුරාදා


‘‘මේ රට විනාශයෙන් මුදවා ගැනීම අපේ අරමුණයි‘‘

(ක්‍රිෂාන් ජීවක ජයරුක්)

“මේ රට විනාශ කරපු මේ රට හිඟන තත්වයට ඇද දැමු දූෂිත පාලකයන් යටතේ පවත්වන අවසන් මැයි දින රැලිය මෙයයි. දූෂිතයන් යටතේ තවත් එක මැයි දිනයක්වත් මේ රටේ පැවැත්වෙන්නේ නෑ. එලඹෙන වසරේ මැයි දින රැලිය මේ රටේ පවත්වන්නේ ජාතික ජන බලවේගයේ ආණ්ඩුවකට යටතේයි.” යයි ජාතික ජන බලවේගයේ මැයි දින මාතර රැලියේ දී එම පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

අති විශාල ජනකායකගේ සහභාගීත්වයෙන් මෙම මැයි දින රැලිය අද (01) සවස මාතර මුහුදු වෙරල තීරයේ දී පැවැත්විණි.

මාතර රාහුල මංසන්ධියෙන් මැයි දින පෙළපාලිය ආරම්භ කළ අතර ඒ සදහා මාතර,ගාල්ල,හම්බන්තොට, අම්පාර, බදුල්ල, මොනරාගල හා රත්නපුරය යන දිස්ත්‍රික්ක නියෝජනය කරමින් පාක්ෂිකයන් සහභාගී වූහ.

මැයි දින රැලිය දී වැඩි දුරටත් අදහස් දැක්වු අනුර කුමාර දිසානායක මහතා මෙසේද කීය.

“ලක්ෂයකට අධික ජනකායක් අද මේ මැයි දින රැලියට සහභාගී වන්න මාතරට පැමිණ සිටිනවා. කොළඹ, අනුරාධපුර, යාපනය අපේ අනෙක් මැයි රැලි තුනෙන් මේ වගේම තමයි. ජනතාව අද එක බලාපොරොත්තුවකින් එක අරමුණකින් එක අපේක්ෂාවකින් අපේ මේ මැයි රැලි වලට පැමිණ සිටිනවා.

මේ රට යන විනාශයෙන් මුදා ගැනීම ඔවුන්ගේ අරමුණයි.දරුවන්ට වඩා හොද අනාගතයක් උදා කර ගැනීම ඔවුන්ගේ බලාපොරොත්තුවයි.මේ රටට වඩා හොද යුගයක් උදා වනු දැකීම ඔවුන්ගේ අපේක්ෂාවයි. මෙතනට ආපු පිරිසට වඩා වැඩි පිරිසක් එලියේ ඉදන් අපි දිහා බලා ගෙන ඉන්නවා. විදෙස්ගතව ශ්‍රී ලාංකීකයින් අපි දිහා බලා ගෙන ඉන්නවා. අපිට ආදරය කරන ඒ අය අපි දිහා බලාගෙන ඉන්නවා වගේම අපිට විරුද්ධ බලවේගත් අපි දිහා මේ වෙලාවේ වැඩිපුරම බලා ගෙන ඉන්නවා.



අදහස් (25)

‘‘මේ රට විනාශයෙන් මුදවා ගැනීම අපේ අරමුණයි‘‘

සාලිය​ Wednesday, 01 May 2024 11:08 PM

රට විනාශලු, මිනිස්සු හිඟන්නෝ වෙලාලු. පක්ෂ වලට කෝටි ගණන් ධනය ඇත​. ප්‍රචාරණයට කෙරෙන වියදම හිතන්නටත් බැරිය​. මෙය පුදුම පරස්පරතාවක්. සමහර නායකයෝ ජනතාව හිඟන තත්වයේ යැයි ප්‍රචාරණය කරමින් තම ඇඳුම් පැළඳුම්, විදේශ සංචාර​, ව්‍යාපාරික පංතියේ ගුවන් ටිකට් සඳහා විශාල පිරිවැයක් දරයි. මේ කියන දේ හා කරන දේ කොතෙක් ගැලපේ ද​?

:       58       116

chandima Thursday, 02 May 2024 01:02 AM

මේ ඉන්නේ සෙනඟ

:       112       59

විජිත් Thursday, 02 May 2024 03:08 AM

අපේ අනාගත ශ්‍රී ලංකික දරු පරපුරට වාසනාවන්ත රටක් උදාකරදීම සඳහා ඔබ විසින් කරන ලද උදාරතර කැපකිරීමට ජාතියේ ඉහලම ප්‍රණාමය ජාතික ජනබලවේගයට හිමිවේවා !!!

:       116       77

දසුන් Thursday, 02 May 2024 06:20 AM

ට්‍රාන්ස්පෝපෝමර් පුපුරවල බස් ගිනිතියල මිනී මරල බොරු වර්ජන රැලි හදල, මනිස්සුන්ට බොරු කියල ඔහේල රටට කරපු හානිය හොදටම ඇති. ආයෙත් එන්නෙ කැලෑ නීතිය ගේන්නද අර ලාල් කාන්ත කිියනවා වගේ.

:       81       111

විදුර Thursday, 02 May 2024 07:51 AM

ජයවේවා. මගේ ඡන්දේ ඔබේ පක්ෂයට

:       97       79

චින්තක Thursday, 02 May 2024 08:25 AM

කලකට පෙර ලංකාවෙ රසවාහිණී කියලා සගරාවක් පලවුනා සමහර දෙනෙකුට මතක ඇති ඉන්දියාවේ සත්‍ය සායි බාබා කියලා පූජකවරයකු හිටියා ඉතින් ලංකාවෙ බොහොමයක් පිරිස් එතුමා ඇදහීම කලා ඒ වෙනුවෙන් ඉංදියාවට ගොස් එතුමා හමුවෙලා තියෙනවා එතුමා බොහෝ උපදේශාත්මක කතා කියලා ජනතාව යහමගට ගැනීමට කටයුතු කලා ඉතින් මම මුලින්ම කියූ සගරාවක එතුමාගේ උපදේශාත්මක කතාවකින් කියනවා එක රටක දරුණුම හොරෙක් හිටියා කියලා ඒ හොරා මර්දනය කරන්න රජතුමා අපොහොසත් වුනාම රජතුමා හොරාට රජයේ වගකිවයුතු රැකියාවක් දුන්නලු ඉතින් එදා සිට එම හොරාට හොරකම් කරන්න ඔහුට විරුද්ධව සිටි මිනිස්සු මරන්න වෙලාවක් නැතිවුණා එනිසා එදා සිට මිනිහා යහපත් කෙනෙක් වුනාලු මම කියන්නෙ හැට ගණන් වල සගරාවක තිබුන කතාවක් .ඒක බලන්න අවශ්‍ය කෙනෙකුට ජාතික ලේඛණාරක්ෂක දදෙපාර්තමේන්තුවෙන් පුළුවන් වේවි නුවනැත්තෝ සිතත්වා

:       13       14

චන්දන Thursday, 02 May 2024 08:40 AM

ආ ඇත්තද? එතකොට 89දි රටට කරපු විනාසය? අද හමුදාවෙ විශ්‍රාම ගිය මිනිස්සු ලංකරගෙන.ඒත් එදා හමුදවේ පවුල් මැරුවා.අද ගොවිය රජකරන්න කියවන්නෙ 89දි ගොවිජන මධ්‍යස්ථාන ගිනිතියල.ට්‍රාන්ස්ෆෝමර් ගිනිතියල,බස් පුච්චල, මිනිස්සු මරල එ මිනිය දනිස්සෙන් පහල එල්ලගෙන යායුතු බවට නීතියක් දැම්මා.මේවා මතකද?

:       71       105

ජෙප්පන්ගෙන් බැටකෑ එකෙක් Thursday, 02 May 2024 10:37 AM

චන්දන කියන්නෙ සියයට දාහක් නිවැරදි අදහසක් තමයි ඒ කාලයේ හමුදාවට ගියොත් එම පවුලේ අයටත් මරණ දඩුවම දෙන්න ජෙප්පො කටයුතු කලා උන්දැලා 88-89 කාලයේ විතරක් නොවෙයි 1971 කාලයේ වුනත් තේ කම්හල් රාශියක් විනාශ කරල කුඩා තේ වතු හිමියන්ට ජීවත්වෙන්න මාර්ග නැතිකලා තවත් එහෙම විනාශ කිරීම් කෙළවරක් නැහැ අතීතය අමතක එවුන් සමඟ මානසික රෝගීන්ට ජෙප්පො කලේ මොකක්ද දැනට වුණත් කරන්නෙ මොකක්ද කියලා තේරුම් ගන්න බැහැ උදාහරණයක් හැටියට නිතර නිතර ප්‍රතිකාර සදහා යන රෝගීන් වර්ජන නිසා විදින අපහසුතාව දන්නවා එහෙම තියෙද්දි තවත් ජෙප්පො වෙනුවෙන් කටයුතු කරන්න යහපත් මානසික තත්වයක් තියෙන කෙනෙකුට නම් කොහොමවත් බැහැ

:       28       38

Ajantha Thursday, 02 May 2024 08:44 AM

ඔබලා රටට දිනවන්න කටයුතු කරමු

:       81       57

රදලියද්දේ විජේපාල Thursday, 02 May 2024 08:56 AM

උඹල රට විනාශ නොකර හිටියා නම් ඇති.. ඒක තමයි රට බේරගන්න තියෙන හොඳම ක්‍රමය.. පිං සිද්ධ වෙයි දැන්වත් මේ රටට ගොඩ යන්න දියබල්ලා. රනිල් ලස්සනට වැඩේ කරගෙන යනවා. කයිය ගැහුවම රට හැදෙනව නම් බැරියැ..

:       68       87

Kumara Thursday, 02 May 2024 09:01 AM

මාලිමාවට ජය වේවා

:       91       68

සාලිය​ Thursday, 02 May 2024 09:28 AM

රට විනාශලු, මිනිස්සු හිඟන්නෝ වෙලාලු. පක්ෂ වලට කෝටි ගණන් ධනය ඇත. ප්‍රඡාරණයට කෙරෙන වියදම හිතන්නටත් බැරිය. මේ කියන දේ හා කරන දේ කොතෙක් ගැලපේ ද?

:       35       73

අරවින්ද මොනරවිල Thursday, 02 May 2024 10:03 AM

මාරුවෙන් මාරුවට හොරා කලා රට හපයක් බවට පත් කල නිල් කොල දේශපාලනයට තිත තියලා රට ගොඩ නගන්න, හොරුන්ට දඩුවම් කරන්න සහ රටතුල නීතියේ ආධිපත්‍යය පිහිටුවලා, සමාජ දේශපාලන හා ආර්ථික වශයෙන් රට ලෝකය තුල ඉහලට ඔසවා තබන්න හැකි වෙන්නේ ජාතික ජනබල වේගයට පමණය.

:       79       52

සිල්වා Thursday, 02 May 2024 02:01 PM

චන්ද්‍රකා මැතිනිය සිට රාජපක්ෂ , සිරිසේන ජනාධිපතිවරයා දක්වා සියලුම දෙනා බලයට ගෙනාවේ ජවිපෙ දහඩිය මහන්සියෙන් බව මතක තබාගන්න.

:       11       46

Manjula Pradeep Thursday, 02 May 2024 10:18 AM

ජේවීපී කියලා එකක් හැට නවයේදී බිහි නොවන්න වෙනත් රටවලින් අපේ රටට උසස් අධ්‍යාපනයට සෞඛ්‍යට වෙනත් රටවලින් එන, සිංගප්පූරුවට වඩා උඩින් තියෙන ව සංවර්ධිත රටක් බවට පත් වෙන්නට ඉඩ තිබුණා

:       40       76

sena Thursday, 02 May 2024 10:36 AM

මේ සැරේ ජෙප්පො රට හදනවා ඒක හොදටම විස්වාසයි

:       38       20

වි ජි සජිත් නිලන්ත Thursday, 02 May 2024 11:13 AM

අපි මිලිමාවට

:       36       20

මැක්ස් Thursday, 02 May 2024 11:37 AM

උමා ඔයේ හිල, හම්බන්තොට වරායේ ගල, හයි වේ හදන්නේ ඇඹුල් තියල් ගෙනෙන්න, පෝට් සිටියෙන් පස්සේ ලංකාවේ ගල් ඉවරයි, උගන්ඩාවේ ඩොලර්, කුමාර් ගුණරත්නම් මං නොදනී, ලම්බෝගිනි 18, රත්තරන් අශ්වයා, ඩුබායි මෙරියට් හෝටලය, සිරී පාදේ ගන්ටාරේ වැනි සහගහන බේගල් ඇද බා, කොම්පනිවලින් කප්පම් ගත්, වැසිකිලි ඇතුලේ කප්පම් මුදල් ගත්, රිජීම් චේන්ජ් වෙනුවෙන් ඇමරිකාවෙන් දුන් මුදල් ගත්, රටේ විනාසයම තවමත් ප්රාතනා කරන, විශ්ව විද්‍යාල වධකාගාර බවට පත් කළ, කාලයෙන් කාලයට විවිධ දේශපාලන පක්ෂවලට කඩේ ගිය සහ තවමත් යන, සිංහල බොදු විරෝධී කය්යනායකවරු කල්ලියක් රට විනාසයෙන් මුදවා ගන්නවා වැනි විහිළුවක් තවත් තිබේද??

:       19       58

RamaniThursday, 02 May 2024 05:26 PM

ඔයා බොරු වපුරන්නේ නැතිව ඉන්න එක ඇඟට ගුණයි.

:       6       32

ANURA ROME Thursday, 02 May 2024 12:24 PM

දැන් ලපයලා දිනල ඉවරයි....චන්ද ප්‍රතිපල ආවාම 7% යි. ඕක තමයි ප්‍රතිපලය

:       22       55

Vithana Friday, 03 May 2024 09:15 AM

ස්වීඩනේ ගිහින් ඇවිත් මහන්සිය නිවා ගන්නවත් වෙලාවක් තිබුනේ නෑ නේද? ආහ් මහන්සි නැතුවත් ඇති ව්‍යාපාරික පන්තියේ ආසනේකනේ ගියේ. කෑවේ බිව්වේ අදි සුඛෝපභෝගී විදියටනේ. ඉතින් කොහේද මහන්සියක්. හැබෑටම ඩොලර් කීයක් හොයාගෙන ආවද? දැනට පක්ෂ අරමුදලේ බිලියන කීයක් තියෙනවද? බැරිද එයින් සොච්චමක් ඔය කන්න නැතුව බොන්න නැතුව අඳින්න නැතුව ඇවිල්ලා රස්තියාදු වෙන සාමාජිකයන්ට බෙදලා දෙන්න. ඒවා අපි හොයාගත්තුවා උඹලට එව්වා දෙන්නේ නෑ ඒවා අපේ සහ අපේ පවුල්වල සුබසාධනයට පමණයි නොකියා ඔය අසරණ මිනිස්සුන්ටත් කීයක් හරි දෙන්නකෝ සහෝදරවරුණී.

:       9       35

Nishan Saturday, 04 May 2024 04:45 AM

ඔයාලට මේ රට සැබෑවටම විනාශයෙන් මුදවා ගන්න උවමනාවක් තියෙනවා නම් කරන්න තියෙන එකම දේ ගෙදරට වෙලා ඉන්න එකයි මොකද 1965 ඉඳන් ඔයාලා තමයි මේ රටට ලොකුම විනාශය කරපු කට්ටිය.

:       8       8

Bamunuarachchi Sunday, 05 May 2024 02:41 AM

රටවල් දියුණු වුනේ කොමියුනිස්ට් වෙලා නොවෙයි. ලෝකේ රටවල් 195 කොමිනිස් රටවල් තිබෙන්නේ 5 යි. කොමිනිස් ක්‍රමය ලෝකෙට දීපු රුසියාවේත් අද කොමිනිස් ක්‍රමය නැහැ. මේ රට තවත් Cuba වක් කරන්න එපා. රට ජෙප්පන්ට ගියොත් ආපහු ගන්න බැහැ.

:       8       8

fairoos Tuesday, 07 May 2024 01:41 PM

ලංකාවේ වහල්ලු ඉන්නකල් රට ගොඩ ගන්න බෑ

:       3       8

ramani gamage Sunday, 19 May 2024 12:15 PM

මේ කලිසම ගහලා ඉන්නේ අර ධනපති මැඩම් නේද?පේනවා නේද ම,ඒ මේ මැඩම් ගේ ධනපති භාවය .කොන්ඩේ පොල්තෙල් දැම්මට කපලා ඉන්න ධනවාදී මැඩම් මේ අය එක්ක කොහෙද අනේ සමාජවාදී ගමනක් .ගෑනු ඔක්කොම කිව්වට ඉන්නේ එක්කෙනයි .පේනවද තරම.මේ මැඩම්ට සහෝදරි කියන්න කවුරුත්ම නැහැ

:       0       1

ඔබේ අදහස් එවන්න

දේශපාලන

සජිත්ගෙන් ඉල්ලීමක්
2024 ජුලි මස 01 381 2

මානුෂීය මෙහෙයුම හරහා තිස් වසරක යුද සාපය අවසන් වී රට සුරක්ෂා වූවා සේ දූෂිතයන්ගෙන් වංචනිකයන්ගෙන් මූල්‍ය ඝාතකයන්ගෙන් රට බේරා ගන්නා ඊළඟ මෙහෙයුමට නායකත්ව


මාතරින් නව දේශපාලන ගමනක් ඇරැඹුවා
2024 ජුනි මස 30 3866 21

අද තිබෙන්නේ පුද්ගලවාදය හෝ පක්ෂවාදය නොව, රට පෙරට තබා සියලුදෙනා පොදු එකඟතාවකින් ඉදිරියට යාම බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.


අනුර - දෙමළ මන්ත්‍රිවරු අතර හමුවක්
2024 ජුනි මස 11 1673 5

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා අද (11) යාපනයේ සිදු කළ සංචාරය අතර තුර තමිල් අරසු කච්චි පක්ෂ කාර්යාලයේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එම්


‘‘නව නායකයාට අලුත් දැක්මක් තිබිය යුතුයි‘‘
2024 ජුනි මස 01 1239 7

ඉදිරි ජනාධිපතිවරණයෙන් රටේ නායකත්වයට පත්වෙන ජනාධිපතිවරයාට රටට අවශ්‍ය අලුත් දැක්මක් ලබා දිය නොහැකි නම් ජනතාවගේ අවශ්‍යතා සපුරාලිය නොහැකි වුවහොත් ඔහුට


’’ඡන්දෙ කල්දාන සෙල්ලම් අපි එක්ක බෑ’’
2024 මැයි මස 28 2657 18

ජනතාවගේ ප්‍රශ්න වලට ඇත්ත උත්තර ලබා දුන්නා නම් රටට මෙවැනි ඉරණමක් අත් නොවන බවත් එම නිසා මේ රැවටීමේ දේශපාලනයට තිත තැබිය යුතු යැයි ජාතික ජන බලවේගයේ නායක පා


‘‘මැතිවරණය කුමක් දැයි අපට අදාල නෑ‘‘
2024 මැයි මස 19 1417 17

ප්‍රථමයෙන් පවත්වන්නේ ජනාධිපතිවරණයද? මහ මැතිවරණය ද? යන්න කුමක් වුවත් ඒ දෙකටම මුහුණ දීමට ජාතික ජනබල වේගය සූදානම් යැයි එම පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ගංවතුරින් විපතට පත් ප‍්‍රදේශවල පවුල් 1100කට ආධාර ලබාදෙයි 2024 ජුලි මස 23 167 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ගංවතුරින් විපතට පත් ප‍්‍රදේශවල පවුල් 1100කට ආධාර ලබාදෙයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සහ ජෙනරල්, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සමඟ එක්ව පසුගියදා ඇති වූ ගංවතුර තත්ත්වය හේතුවෙන් ගම්පහ, රත්නපුර සහ මාතර දිස්ත‍්‍ර

වැලිබල් ෆිනෑන්ස්, ශක්තිමත් මූල්‍ය ප‍්‍රතිඵලයක් වාර්තා කරයි 2024 ජුලි මස 13 221 0
වැලිබල් ෆිනෑන්ස්, ශක්තිමත් මූල්‍ය ප‍්‍රතිඵලයක් වාර්තා කරයි

වැලිබල් ෆිනෑන්ස් ගෙවුණු වසර 17ක කාලය පුරාවට ශ‍්‍රී ලංකාවේ මූල්‍ය ආයතනයන් අතර ප‍්‍රමුඛස්ථානයක් හිමි කර ගනිමින් 2023/24 මූල්‍ය වර්ෂයේදී සිය මූල්‍ය විශිෂ්ටත

ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම” 2024 ජුනි මස 20 1157 1
ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම”

බුදුරජාණන්වහන්සේගේ, ශිව දෙවියන්ගේ, ආදම්ගේ සහ ශාන්ත තෝමස් අපෝස්තුළුතුමාගේ පා සටහන යනාදී වශයෙන් විවිධ ආගමික සම්ප්‍රදායන් මුල් කරගනිමින් ශ්‍රී පාද ස්ථ

Our Group Site